රාවණාගේ දුන්න කැඩුවේ කවුද........????

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    රාවණාගේ දුන්න කැඩුවේ කවුද........????

    රාවණාගේ දුන්න කැඩුවේ කවුද???


    MSQp.jpeg




    දිනක් එක්තරා විදුහලක අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන පරීක්ෂණයක් විය.. එහිදී එක්තරා පරීක්ෂක වරයකු එක් පන්තියක් පරීක්ෂා කරමින් එහි සිටි සිසුන්ගෙන් කෙනෙකු නැගිටවා ඉතිහාසය පිළිබඳ පැනයක් අසන්නට විය..


    ළමයාගේ නම නිමල්ය, පැනය " හොදයි නිමල් කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා"



    එවිට එම ළමයා බයෙන් වෙවුළමින් හඬමින් මෙසේ කීවේය " අනේ බුදු සර් මම ඔය වගේ වැඩ කරන්නේ නෑ ඒ කතාව බොරුවක් සර්"


    පරීක්ෂකයා අන්දුන් කුන්දුන්වී වට පිට බලා" එතකොට ඒක කිසි කෙනෙක් දන්නේ නැද්දයි ඇසීය... එවිට තවත් ළමයකු නැගිට " අනේ සර් අපේ නිමල් හරිම හොඳ ළමයෙක්.. එයා කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ යනුවෙන් පැවසීය..


    මෙයින් කේන්තියට පත් පරීක්ෂක වරයා පන්ති භාර ගුරුවරිය දෙසට හැරෙමින්.. " මෙහෙමද ඔබ තුමිය මේ පන්තිය පවත්වන්නේ..රාවණාගේ දුන්න කැඩුව කෙනා ගැන මේ අය දන්නේ නැද්ද" යනුවෙන් ඇසීය..


    එවිට එම ගුරුවරිය ඉතා යටහත් පහත්ව " අනේ සර් ඔය නිමල් මේ පන්තියේ ඉන්න දක්ෂම ළමයෙක්.. ඒ ළමයා කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. සර්ට කවුරු හරි බොරුවක් කියලා තියෙන්නේ.." යැයි පැවසීය..


    මෙයින් බොහෝ සේ කිපුන පරීක්ෂක වරයා වහාම විදුහල් පති කාමරයට ගොස් මෙම පන්තිය ගැන පැමිණිළි කරමින් දොස් පැවරීය.. විදුහල්පති වහාම එම පන්තියේ සිසුන් සමග ගුරුවරියද කැදවමින් ඇයගෙන් මේ පිලිබඳව විමසන්නට විය.. එවිට එම ගුරුවරිය ඔහුට තරයේම කියා සිටියේ නිමල් එවැනි වැරදි නොකරන බවය...


    එවිට විදුහල්පති පරීක්ෂක දෙසට හැරෙමින් " අනේ සර් මේ මිස් කියනවනේ ඒ ළමයා ඒ වගේ වැරදිකරන්නේ නෑ කියලා.. ඒ නිසා අපි ඒ ළමයට අපි සමාව දෙමු"යැයි පැවසීය...


    මෙම ප්‍රකාෂයෙන් තමාට උන් හිටි තැන් අමතක වූ පරීක්ෂක වරයා..වහා එම පාසලත් ගුරු මණ්ඩලයටත් විරුද්ධව පැමිණිලි කිරීමට අධ්‍යපන අධ්‍යක්ෂක වරයා හමු විය ඔහු ගොස් " බලන්න සර්.. අහවල් පාසලේ ළමයි ඉතිහාසය ගැන කිසිම දැනීම්ක් නැහැ..ගුරුවරුත් එහෙමයි..වැඩි දෙයක් තියා ඒ ළමයි රාවණාගේ දුන්න කැඩුවේ කව්ද යයි ඇසූ විට එයට උත්තර නොදුන් බව පැවසීය..


    මෙය ඇසූ අධ්‍යක්ෂක වරයා කේන්තියෙන් තම දුර ක්ථනයෙන් භාණ්ඩාගාරයට ඇමතුමක් ගෙන එම පාසලේ නම පවසමින් " ඕකුන් ඔය කැඩිච්ච දුණු කෑලි දෙක ගෙනත් දෙනකන් කිසිම බඩුවක් ආපහු දෙන්න එපා..." කීය.....