ලෝකවිනාශය_ දැන්මනෙමෙයි..
2012 ලෝක විනාශය ගැන ගොඩක් අය කතා කරනවනේ. එළකිරි එකෙත් මේ ගැන ගොඩක් ත්‍රෙඩ් දාල තිබුන මම දැක්ක.
මටත් හිතුන මේක ගැන හොයල බලන්න. ඉතින් මම ගියා මේ මාතෘකාව ගැන කරුණු හොයන්න තියන විශ්වාසනීයම වෙබ් අඩවියට.
ඒ තමයි නාසා( නාසා එකත් ලෝක විනාශය ගැන කරුණු හංගනවා කියලයි සමහරු කියන්නේ. ඒක ගැන නම් මම වගකියන්නේ නැහැ.)
සිංහලට පරිවර්තනය කලේ මම B_i_n_g_o
නාසා වෙබ් අඩවියේ තිබුනා නිතරම මිනිස්සු එයාලගෙන් අහන ප්‍රශ්න වගයකට පිළිතුරු. ඒ ප්‍රශ්නත් ඒවාට නාසා එකෙන් දීපු පිලිතුරුත් තමයි පල්ලෙහා තියෙන්නේ.
ප්‍රශ්නය : 2012 දී ලෝකයට ඇතිවිය හැකි තර්ජන තිබෙනවද? අන්තර්ජාලයේ බොහෝ වෙබ් අඩවි මගින් ප්‍රචාරය කරලා තිබෙනවා 2012 දෙසැම්බර් මාසයේදී ලෝකය විනාශයට පත්වන බව.
පිළිතුර : ලෝකවිනාශයක් 2012 දී සිදුවන්නේ නැහැ.වසර බිලියන 4ක් තිස්සේ අපේ ග්‍රහලෝකය යහතින් තිබුනා. 2012 සම්බන්දයෙනුත් කිසිම තර්ජනයක් ගැන ලෝකය පුරා සිටින විශ්වාසකටයුතු විද්‍යාඥයින් කිසිවක් සොයාගෙන නැහැ.
ප්‍රශ්නය : 2012 දී ලෝක විනාශයක් සිදුවන බවට අනැවකි පලකිරීමට මුල් වුයේ කුමක්ද?
පිළිතුර : මේ කතාවට මුලික උනේ සුමෙරියානුවන්{Sumerians(මෙසපොතේමියාවේ සිටි පැරණි ජනකොට්ටාශයක්)} විසින් සොයාගත් බව කියන නිබිරු(Nibiru) ග්‍රහයා පෘථිවිය දෙසට එල්ලවී පවතින බව ප්‍රකාෂකිරීමත් සමගයි. මේ විනාශය වෙන බවට පළමුවෙන්ම අනාවැකි පළකර තිබුනේ 2003 මැයි මාසයේදී.
එත් එදා මුකුත් උනේ නැති නිසා ලෝක විනාශ දිනය 2012 දෙසැම්බර් මාසයට කල් දමා එය මායාවරුන්ගේ දිනදර්ශනය අවසන්වන දවසත් සමග සම්බන්ධ කළා. ඒ නිසා තමයි ලෝකවිනාශ දිනය 2012-12-21 බවට පත්ව තිබෙන්නේ.
ප්‍රශ්නය : මායාවරුන්ගේ දිනදර්ශනය 2012 දෙසැම්බරයෙන් අවසන් වෙනවද?
පිළිතුර : ඔබේ කුස්සියේ බිත්තියේ එල්ලා තිබෙන දිනදර්ශනය දෙසැම්බර් 31න් අවසන් වෙන්නේ නැහැ වගේ මායාවරුන්ගේ දිනදර්ශනයත් 2012-12-21න් අවසාන වන්නේ නැහැ.
මේ දිනය මායාවරුන්ගේ ගණනය කිරීමේ පිළිවෙතට අනුව එක් කාලපරිචේදයක අවසානයක්. නමුත් ඔබේ දිනදර්ශනය නැවතත් ජනවාරි පළමුවෙනිදා ආරම්භවන්නාක් මෙන් මායාවරුන්ගේ දිනදර්ශනයේත් අලුත් කාලපරිචේදයක් ඇරඹෙනවා.
ප්‍රශ්නය : ග්‍රහලෝක එකට පෙළගැසීමක් මගින් පෘථිවිය සමග ඝට්ටනයක් ඇතිවීමට පුලුවන්ද?
පිළිතුර : ඉදිරි දශක කිහිපය තුල ග්‍රහලෝක එකට පෙළ ගැසීමක් සිදුවන්නේ නැහැ. එසේ සිදුවුවත් එයින් පෘථිවියට සිදුවිය හැකි හානිය ගණනය කල නොහැකි තරම් සුළු එකක්. උදාහරණයක් ලෙස එක් ප්‍රධාන ග්‍රහලෝක පෙළගැස්මක් වාර්තා උනා 1962 දී.
තවත් එවැනි අවස්ථා 2ක් වාර්තා උනා 1982දී සහ 2000 යන වසර වලදී. සැම දෙසම්බරයකදිම පෘථිවිය සහ සුර්යයා එක පෙලට සිටිමින් ක්ෂිරපථයේ මධ්‍යයට සමීප වෙනවා. එය වාර්ෂිකව සිදුවන දෙයක් මිස කිසිම භයානක ප්‍රතිඵලයක් ගෙන දෙන්නක් නොවේ.
ප්‍රශ්නය : ධ්‍රැව මාරු වීමේ සිද්ධාන්තය යනු කුමක්ද? පෘථිවි කබොල එහි මධ්‍ය ලක්ෂය වටා අංශක 180ක භ්රමනයක් නිශ්චිත දිනගනනක් හෝ පැය ගණනක් තුල සිදුවන බව කියන්නේ ඇත්තද?
පිළිතුර : පෘථිවිය බ්‍රමනයේ වෙනස්කමක් ඇතිවීම විය නොහැකියි.මහද්වීප වල සුළු චලනය වීමක් තිබෙනවා(උදාහරණයක් ලෙස ඇන්ටාටිකාව වසර මිලියන 100කට පෙර තිබුනේ සමකය අසලයි)
නමුත් බ්‍රමණය වන ධ්‍රැවයන්ගේ වෙනස් වීමක් සිදුවන බව කියන්න එය හේතුවක් නොවෙයි. එහෙත් බොහොමයක් ආපදාවාර්තාකරණයේ යෙදී ඇති වෙබ් අඩවි මිනිසුන් රවටනවා. ඔවුන් ධ්‍රැවීය චුම්භක ක්ෂේත්‍රය සහ පෘථිවි බ්‍රමණය අතර අවිධිමත් ලෙස වෙනස්වන සම්බන්ධතාවයක් ගැන ප්‍රකාශකරනවා(මෙම වෙනස්වීමට සාමාන්‍යයෙන් වසර 400000ක් පමණ ගතවෙනවා).
අපි දන්නා තරමින් එවැනි චුම්භක ක්ෂේත්‍ර වෙනසක් නිසා පෘථිවියේ ජීවයට කිසිඳු හානියක් සිදුවිය නොහැකියි. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඉදිරි සහශ්‍ර කිහිපය තුල එවැනි වෙනසක් සිදුවීමේ හැකියාවක් නොමැති බවයි.
ප්‍රශ්නය : නිබිරු(Nibiru), X ග්‍රහයා(Planet X), එරිස්(Eris) යන නම් වලින් හදුන්වන ග්‍රහයෙක් හෝ ආකාශ වස්තුවක්(brown dwarf) පෘථිවිය දෙසට ලගාවෙමින් පවතිනවද? එසේනම් එයින් පෘථිවියට හානියක් විය හැකිද?
පිළිතුර : නිබිරු සහ පෘථිවිය දෙසට එන ග්‍රහලෝක පිලිබඳ අනෙකුත් කතා සියල්ල අන්තර්ජාලයේ පවතින බොරු කටකතා පමණයි. මේවාට කිසිම පදනමක් නැහැ. නිබිරු, Xග්‍රහයා කියන ඒවා ඇත්තක් නම් සහ ඒවා පෘථිවියත් සමග දෙසැම්බරයේ ගැටෙනවානම් තාරකා විද්‍යාඥයින්ට ඒවායේ ගමන් පථයන් අඩු තරමේ පසුගිය දශකය තුළදීවත් සොයාගත හැකිවිය යුතුයි.
සහ මේ වෙනකොට ඒවා අපේ පියවි ඇසට පෙනෙන්න ඕනේ. එනිසා නිසැක වශයෙන්ම එහෙම ග්‍රහලෝක පවතින්නේ නැහැ.Eris නම් ග්‍රහයා නම් සත්‍යයක්. එය ප්ලූටෝ ග්‍රහයාට සමාන අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පවතින ග්‍රහයෙක්.
නමුත් එයට පෘථිවිය වෙත ලගාවිය හැකි උපරිම දුර සැතපුම් බිලියන 4ක්.
ප්‍රශ්නය : 2012 දී පෘථිවියට උල්කාවක් කඩා වැටීමේ අවධානමක් තිබෙනවද?
පිළිතුර : දරුණු ඝට්ටනයන් ඉතා දුර්ලභ වුවත් පෘථිවිය කියන්නේ ඕනෑම වෙලාවක වල්ගාතරුවක හෝ උල්කාවක ගැටෙන්න පුළුවන් වස්තුවක්. අවසානයට වාර්තාවී ඇති දරුණුම ඝට්ටනය සිදු උනේ වසර මිලියන 65කට පෙරයි. ඩයිනෝසරයන් වඳවී යාමට එය හේතු උනා.
අද වනවිට නාසා තාරකා විද්‍යාඥයින් Spaceguard නමින් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා පෘථිවිය ආසන්නයේ ඇති විශාල ආකාශ වස්තු හදුනාගැනීමට. අපි දැනටමත් නිශ්චය කරගෙන තිබෙනවා පෘථිවියට ආසන්නයේ ඩයිනෝසරයන් වදවීමට හේතු වූ ආකාරයේ කිසිඳු තර්ජනාත්මක ග්‍රාහක නොපවතින බව.
මේ සියලුම ක්‍රියාකාරකම් සිදුකරන්නේ විවෘතව සහ සියලුම සොයාගැනීම් මේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. http://neo.jpl.nasa.gov/
ප්‍රශ්නය : 2012 දී සිදුවිය හැකි බව පවසන සුර්ය කුණාටුවක් පිළිබඳව තර්ජනයක් පෘථිවියට තිබෙනවද?
පිළිතුර : සුර්යයාගේ ක්‍රියාකාරකම් වලට විධිමත් චක්‍රයක් තිබෙනවා. එය උපරිමයට ලගාවන්නේ ආසන්න වශයෙන් සැම වසර 11කට වරක්. මේ කාලවලදී චන්ද්‍රිකා සන්නිවේදනයට බලපෑම් එල්ලවෙන්න පුළුවන් සුර්ය ගිනිදලු නිසා.
එහෙත් ඉංජිනේරුවරු මෙයට එරෙහිව ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න දන්නා නිසා එය ප්‍රශ්නයක් නොවෙයි. 2012 වසර සමග මෙහි කිසිඳු සම්බන්ධතාවයක් නැහැ.
ඊලග දැඩි සුර්ය කුනාටුව 2012-2014 කාල රාමුව තුල ඇතිවේවි සහ එය මිට පෙර ඉතිහාසයේ ඇතිවූ සුර්ය කුනාටු වැනි සාමාන්‍ය තත්වයේ එකක් වන බවයි අනාවකි පළකර තිබෙන්නේ.
ප්‍රශ්නය : 2012 ලෝක විනාශය පිලිබඳ කෙරෙන ප්‍රකාශ නාසා එකේ විද්‍යාඥයින්ට දැනෙන්නේ කොහොමද?
පිළිතුර : 2012 සිදුවන විනාශය ගැන කරන ප්‍රකාශ තුල විද්‍යාව තිබෙනවද? කෝ සාක්ෂි? කිසිවක් නැහැ. මේවා ප්‍රබන්ධ කියලා ස්ථිරවම කියන්න පුළුවන්.
මේ කතා හදලා තියෙන්නේ පොත්, චිත්‍රපට, ලේඛනගත වාර්තා, හෝ අන්තර්ජාලයෙන් අහුලගත්තු දේවල් වලින්. අපිට ඔයවගේ සරල දේවල් වෙනස් කරන්න බැහැ.
නාසා එකේ අය කියපු දේවල් වලටම තව දෙයක් එකතු කරන්නම් මම. මිට කලින් ලෝකේ විනාශ වෙනවා කියලා කි පාරක් නම් අනාවැකි පලකරලා තියනවා කියලද ඔයාල හිතන්නේ..
මට නම් ගණන් කරන්න කිසිම උවමනාවක් නැහැ. ඔන්න ලින්ක් එක ඔයාලම ගැනගන්න.
http://en.wikipedia.org/wiki/List_of_dates_predicted_for_apocalyptic_events
රෙපක් බම්ප් එකක් දීලා යමු. මෙන්න මම පරිවර්තනය කල ලිපියේ ඔරිජිනල් එකට ලින්කුව http://www.nasa.gov/topics/earth/features/2012.html#nibiru

http://en.wikipedia.org/wiki/List_of_dates_predicted_for_apocalyptic_eventsරෙපක් බම්ප් එකක් දීලා යමු. මෙන්න මම පරිවර්තනය කල ලිපියේ ඔරිජිනල් එකට ලින්කුව http://www.nasa.gov/topics/earth/features/2012.html#nibiru