මුල්ලකට විසිකල ජීවිතය.....

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මුල්ලකට විසිකල ජීවිතය.....

    oldman.jpg




    :(:(:(:(:(:(


    දිරපු අත්පා වියලි ඇටමස
    ඉදුණු කෙහෙරැලි නොකැපු රැවුලද....
    වේදනාවෙන් දෙනෙත තෙත්වුන
    මනුසතා ඇත මරණයේ දොරඅග....

    විසිරිලා ගිය සිතේ සවියත්
    වියලිලා ගිය ඇටසැකිල්ලත්....
    එකට එක්කොට තැනුනු සිරුරක්
    හොවා ඇත සයනයේ.. උඩුමුවින්...

    පෙරද සවියෙන් අඹුව රැක්කත්
    පුතුන්ගේ බඩකට පිරෙව්වත්....
    වියෝදුක දුන් පසු පතිනියත්
    තනිකමත් නැහැ තනිරකින්නත්....

    මුණුපුරන්ගේ කුසගිනි නිවන්නට
    දරුවනුත් අද දුවති පිය මග....
    දිරපු මිනිහගේ තනිරකින්නට
    කිසිවකුත් නැති උනානේ අද.....

    කාලයේ කිසි නිනව්වක් නැති
    මරුත් වසගෙට ගන්න එන්නැති...
    මුල්ලකට විසිකල ජීවිතය අද
    සිටියි මරණෙට ඇඟිලි ගැනගැන...
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සියලුම සංස්කාර ධර්මයෝ අනිත්‍යයි - නැසෙන සුළුයි

    පෝය දවසේ ජීවිතේ අනිත්‍ය බව පැහැදිලි කරලා ලියපු ලස්සන කවියක්....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජීවිතය ගැන හොඳටම ඉගෙනගන්න පුලුවන් මේ කවියෙන්, අපි මොනාටද මේ සල්ලි හොයාගෙන, දවසම මැරිලා මැරිලා අවසානේ කසාද බැඳලා දරුවෝ හදලා උන්ව ලොකුමහත් කරලා උන්ගේත් දරුවෝ බලාගෙන අවසානේ කාත් කවුරුවත් නැති අනාතයෝ වගේ මැරිලා යනවා. මේකටද ජීවිතේ කියන්නේ. ජීවිතේ බැඳීම් ඇතිකරගෙන විනාස කරගන්නවාට වඩා ගැඹුරින් හිතන්න පුලුවන් නම් කොච්චර හොඳද
     
    • Like
    Reactions: goldstar