මුල්ලකට විසිකල ජීවිතය.....






දිරපු අත්පා වියලි ඇටමස
ඉදුණු කෙහෙරැලි නොකැපු රැවුලද....
වේදනාවෙන් දෙනෙත තෙත්වුන
මනුසතා ඇත මරණයේ දොරඅග....
විසිරිලා ගිය සිතේ සවියත්
වියලිලා ගිය ඇටසැකිල්ලත්....
එකට එක්කොට තැනුනු සිරුරක්
හොවා ඇත සයනයේ.. උඩුමුවින්...
පෙරද සවියෙන් අඹුව රැක්කත්
පුතුන්ගේ බඩකට පිරෙව්වත්....
වියෝදුක දුන් පසු පතිනියත්
තනිකමත් නැහැ තනිරකින්නත්....
මුණුපුරන්ගේ කුසගිනි නිවන්නට
දරුවනුත් අද දුවති පිය මග....
දිරපු මිනිහගේ තනිරකින්නට
කිසිවකුත් නැති උනානේ අද.....
කාලයේ කිසි නිනව්වක් නැති
මරුත් වසගෙට ගන්න එන්නැති...
මුල්ලකට විසිකල ජීවිතය අද
සිටියි මරණෙට ඇඟිලි ගැනගැන...






දිරපු අත්පා වියලි ඇටමස
ඉදුණු කෙහෙරැලි නොකැපු රැවුලද....
වේදනාවෙන් දෙනෙත තෙත්වුන
මනුසතා ඇත මරණයේ දොරඅග....
විසිරිලා ගිය සිතේ සවියත්
වියලිලා ගිය ඇටසැකිල්ලත්....
එකට එක්කොට තැනුනු සිරුරක්
හොවා ඇත සයනයේ.. උඩුමුවින්...
පෙරද සවියෙන් අඹුව රැක්කත්
පුතුන්ගේ බඩකට පිරෙව්වත්....
වියෝදුක දුන් පසු පතිනියත්
තනිකමත් නැහැ තනිරකින්නත්....
මුණුපුරන්ගේ කුසගිනි නිවන්නට
දරුවනුත් අද දුවති පිය මග....
දිරපු මිනිහගේ තනිරකින්නට
කිසිවකුත් නැති උනානේ අද.....
කාලයේ කිසි නිනව්වක් නැති
මරුත් වසගෙට ගන්න එන්නැති...
මුල්ලකට විසිකල ජීවිතය අද
සිටියි මරණෙට ඇඟිලි ගැනගැන...

