වෙන්දේසිකල ජීවිතය...........
හිරු අවරින් ගිලී යන්න වෙර දරනා නිමේෂයක
රත්වූ ගිනියම නිවන්න සඳකිරණට ඉඩ නොදීම
පුයරදමා කෝමලවුන තරු පායයි අඳුරු කොනක
දවසම බඹසර රැකලා සමයන්වුන මිනිස්සුන්ට.........
අඩනිරුවත් නිතඹ සලයි වළාපොටක් දවටාගෙන
ළැම වටකොට තරු පොකුරක් යාන්තමින් එල්ලාගෙන
කෝළ කොමල බැලුම් හෙලයි බඹසර රැකි ශ්රීමතුන්ට
බැමි බැඳ ඇති ඝෝර විසැති සර්පතොමෝ මුදාගන්න..........
බඹරෙකුහට රොන් පුදදී බඹර විසෙන් මියැදුණුකල
අතකින් අතකට පාවෙයි පෙති ගිලිහුන සේව්වන්දිය
ඕජස් සොයසොය රැස්කන කාකයන්ට පැරදුනකල
මළවුන් අතරින් නැගිටී අභිසරුලියකගේ වෙස්ගෙන...........
වෘකධෙනුව ඇයයි කැනහිලුන් මත් කරන
හෙට්ටුවෙයි සලෙලුන්ට හිරිකිතය නැති ලෙසට
හිරිවැටුණු ශිෂ්ටකම මියැදෙද්දී අසම්මතයමත
අඳුරු වීදිය සරණබැඳී ආයිත්තම ඇයයි... වෙන්දේසියක.........