CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self Part 1

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self Part 1

    8ch_kit-1-500x500.jpg


    අද මම කියලා දෙන්න යන්නේ හරියට වැඩේ අල්ල ගත්තොත් නියමෙට හම්බ කරන්න පුළුවන් වැඩ කැල්ලක් ගැන, මම කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා හැම දේම කියලා දෙන්නම් වැරදි අඩු පාඩු තියනවනම් පෙන්නලා දෙන්න. හරි හැමෝම දන්නවනේ ලංකාවේ මේ දවස් වල හොර හතුරු කරදර තියනවා ව්යාඩපාරයක් එහෙම කරන අයට සැහෙන වෙලාවක් වෙන් කරන්න වෙනවා තමන්ගේ ව්යා්පාරය පරිස්සම් කරන්නම ඉතින් ඒ වගේ වෙලාවට තමා අපි නවීන තාක්ෂනය බාවිතා කරලා අපේ කාලයත් මුදලුත් ඉතුරු කරගන්න ඕනි. මේ වගේ දෙයක් කරන්න යම් මුදලක් ආරම්බයේදීම වැය වුනත් මෙයින් වෙන කාර්ය ඊට වඩා බොහම වැඩි.

    මොකද්ද මේ CCTV කියන්නේ

    විකි එකේ තියන විදියට නම් Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම.

    CCTV පද්ධතියක අඩංගු මොනවාද

    cctv-camera-buy-5-get-1-free--2-640x480.jpg


    • කැමරාවක් හෝ කිහිපයක්,

    • DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට.


    CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද.

    • සොර සතුරන්ගෙන් ආරක්ෂාව.

    • සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම.

    • දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring)
    කොච්චර වියදමක් යයිද

    මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්රවශ්නේ, මම දැනට පිට කොටුවේ යන මිල ගණන් දාන්නම් මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්ර්ධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක්‌ හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්යs තැනකටම නම් කැමරා 4 තමා හයි කරන්නේ උපරිම ගන්නේ පොර්ට් 8 ඒක , ලොකු බිල්ඩින් වලට තමා ඊට වඩා ලොකු එව්වා යන්නේ. ඊලගට DVR එකේරෙකොර්ඩ් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් උඩනේ ඒ හාර්ඩ් ඒක අපි වෙනම ගන්න ඕනි සාමන්යෙන් 500 GB හාර්ඩ් එකකින් කැමරා ක් මාස තුනක් රෙකොර්ඩ් කරන්න පුළුවන්. පල්ලෙහින් දාල තියෙන්නේ DVR ගාන විතරයි හාර්ඩ් එකට වෙනම සල්ලි යනවා.

    DVR

    ගණන් අඩුම DVR ඒක රුපියල් 8000 මේකට කැමරා 4 ක් වෙනකම් හයි කරන්න පුළුවන්, නෙට්වර්ක් කරන්නත් පුළුවන්, හැබැයි මේක ටිකක් බේසික් DVR එකක් කොලිටි එකත් එච්ච්චර හොද නැහැ, ඔයාලා පිට කාට හරි කියලා කර ගත්තොත් මේක තමා දාන්නේ, මම මේකට එච්චර කැමති නැහැ,
    මම සාමන්යෙන් පාවිච්චි කරන්නේ 12000 ට තියනවා පොර්ට් 4 ටිකක් හොද DVR එකක් මේකේ විශේෂාංගය තමා මේකට ඩොන්ගල් ගහන්න පුළුවන් ඒ කියන්නේ SLT නැති තැනක වුනත් ඩොන්ගල් එකෙන් මේක නෙට්වර්ක් කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් මේකේ ඇඩ්වාන්ස් වැඩ කෑලි ටිකක් තියනවා ඒ ටික ඉස්සරහට කියලා දෙන්නම්


    කැමරා

    කැමරා කොලිටි කිහිපයකින් කැමරා වර්ග කිහිපයක් තියනවා ඒවා ගැන දීර්ග විස්තරයක් කරන්න මට වෙලාව මදි පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බැලුවනම් පැහදිලි විස්තරයක් ගන්න පුළුවන්, රුපියල් 3000 ඉදලා උඩට කැමරා වර්ග තියනවා, මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෝනි චිප්සෙට් තියන 6mm බුලට් කැමරා ඒක ඒක රුපියල් 4500 ට විතර ගන්න පුළුවන් මේක අවුට්ඩොර් හයි කරන්නත් පුළුවන් , කැමරා කඩේකට ගියාම එයාලා ලග තියනවා එව්වා ගහලා පෙන්නවා දෙක තුනක් බැලුවාම මොකද්ද හොද කියලා ඔයාලට තේරෙනවා මම කැමරා වල මිල ගණන ටිකක් සදහන් කරන්නම්

    1. CMOS CAM 3000-4000/= up

    2. VGA CAM Sharp chip set with night vision 4000/= up

    3. VGA CAM SONY chip set with night vision 4500/= up

    4. 720 CAM 8000/= up ( මෙන්න මේවා තමා දැනට පෙටා වල තියන හොදම කැමරා කොලිටි ඒක හොදයි)
    අමතර උපාංග

    ඕනි වෙන දේවල් වල මිල ලැයිස්තුවක් මෙන්න මෙන්න කැමරා ක සිස්ටම් එකකට යන දල වියදම අදහසක් ගන්න විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.

    4 Ports DVR 12000
    Hard Disk 500GB 8000
    4 Cameras 4500*4 18000
    8 BNC jacks 60*8 480(කැමරාවට වීඩියෝ කේබල් හයි කරන්නේ මේ ජැක් එකෙන්)
    4 DC jacks 30*4 120 කැමරා වලට යන පවර් කේබල් එකට හයි කරන්න )
    5amp Power pack 1100
    Video Wire 1800 වයර් රෝලක්ම යන්නේ නැ ඒ වුනාට ගන්න වෙනවනේ )
    TT wire 1800

    Total 43300

    හරි ඕක තමයි දෙන්නපුළුවන් කෙටි හැදින් වීම දැන් අපි වැඩේ කරන්න යමු කොම්මෙන්ට් වැටෙන විදියට ඊලග පොස්ට් ඒක දාන්නම්,
    ප ලි .
    මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා

    2 වෙනි පාඩම

    http://www.elakiri.com/forum/showthread.php?p=14003803#post14003803
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් නෙට්වර්ක් ඔප්ෂන් නැති මිල අඩු ඒවා තියේද. ඇනලොග් උනත් අව්ලක් නෑ. දවසක් රෙකෝඩ් උනත් ඇති.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචන් නෙට්වර්ක් ඔප්ෂන් නැති මිල අඩු ඒවා තියේද. ඇනලොග් උනත් අව්ලක් නෑ. දවසක් රෙකෝඩ් උනත් ඇති.

    දැන් ඔය වගේ එව්වා හොයා ගන්න අමාරුයි මචන්, හැබැයි උබ කියන වැඩේට IP කැමරා අරගෙන කොම්පුටර් එකකට සෙටප් කර ගට්ටනම් හරි
     
    • Like
    Reactions: minipura

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් ඔය වගේ එව්වා හොයා ගන්න අමාරුයි මචන්, හැබැයි උබ කියන වැඩේට IP කැමරා අරගෙන කොම්පුටර් එකකට සෙටප් කර ගට්ටනම් හරි
    මගේ ෂොප් එකට බන්. රෑ විතරයි රෙකෝඩ් වෙන්න ඕනේ. අකුණු ගහන වෙලාවටත් ලයිට් නැතත්,වැඩකරන්න ඕනේ බන්. කොම්පියුටර් හරි යන්නේ නෑ බන්.8000හේ 4 පෝට් dvr ඒක බැටරි පවර් එකකුත් දෙන්න පුලුවන්ද. ඒක අරන් 40 හාඩ් එකක් දැම්මත් ඇති නේ. පෙන් වලට රෙකෝඩ් කරන DVR තියේද.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මගේ ෂොප් එකට බන්. රෑ විතරයි රෙකෝඩ් වෙන්න ඕනේ. අකුණු ගහන වෙලාවටත් ලයිට් නැතත්,වැඩකරන්න ඕනේ බන්. කොම්පියුටර් හරි යන්නේ නෑ බන්.8000හේ 4 පෝට් dvr ඒක බැටරි පවර් එකකුත් දෙන්න පුලුවන්ද. ඒක අරන් 40 හාඩ් එකක් දැම්මත් ඇති නේ. පෙන් වලට රෙකෝඩ් කරන DVR තියේද.


    බැටරි පවර් දෙන්නත් පුළුවන් අවුලක් නැ, උබට කැමති හාර්ඩ් එකක් ගහ ගන්න පුළුවන්, නැත්නුම් පෙන් ඒක ගහලා එකට රේකොඩ් වෙන්න හදන්නත් පුළුවන්, 8000 එකෙත් USB පොර්ට් එකක් තියනවා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බැටරි පවර් දෙන්නත් පුළුවන් අවුලක් නැ, උබට කැමති හාර්ඩ් එකක් ගහ ගන්න පුළුවන්, නැත්නුම් පෙන් ඒක ගහලා එකට රේකොඩ් වෙන්න හදන්නත් පුළුවන්, 8000 එකෙත් USB පොර්ට් එකක් තියනවා

    තැන්ක්ස් බන්