ඔබත්_වස_කන්නේ_අනුමත_කර_ඇති_ප්‍රමාණයෙන්ද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබත්_වස_කන්නේ_අනුමත_කර_ඇති_ප්‍රමාණයෙන්ද_?

    ඔබත් වස කන්නේ අනුමත කර ඇති ප්‍රමාණයෙන්ද ?

    04-40.jpg

    අපගේ ශරීරය ක‍්‍රියාකාරිත්වයට අවශ්‍යය සියලූම දේ අපට සොබා දහම විසින් උරුම කර දී ඇත. සොබා දහමේ නියමයන්ට අනුව අතීත ජීවත් වූ අපේ මුතුන්මිත්තන්හට ඉහෙන් බහින රෝගයක් අහාර නිසා වැලඳුනේ නැත. මනුස්ස ශරීරයේ යහපැවැත්මට, මිනිසා විසින් සුදුසු ආහාර වර්ග ගැනීම අවශ්‍යම කරුණකි. ඒ කුමක් හෝ ආහාරයක් නොව, එය ශරීරය පවත්වාගෙන යාමට බාධාකාරී නොවෙන ආහාර විය යුතුමය. එබඳු ආහාර නොලැබුනහොත් මිනිස් ශරීරයේ කොටස් හරිහැටි ක‍්‍රියාත්මක නොවීම නිසා රෝගාබාධවලට මෙන්ම ඇතැම් විට මරණයට ද මුහුණ දීමට සිදු විය හැකිය.

    ඉතින්, අපගේ ශරීරයේ යහපත් පැවැත්මට අප විසින් ගන්නා අහාර කෙතරම් වැදගත් වනවාදැයි මා ඔබට අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැත. එහෙත් අප ආහාර වශයෙන් ගන්නේ වස නම්, අපගේ ශරීරයට සිදු වන්නේ කුමක් ද?

    08-23.jpg

    නවීන යැයි කියා උදම් අනනා කෘෂි කර්මාන්තය විසින් අපට කන්නට දෙන්නේ වස බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. අප ආහාරයට ගන්නා බොහොමයක් එළවළු වර්ඟ, පලතුරු වර්ඟ, ධ්‍යන්‍ය වර්ඟ සහ අනෙකුත් නොයෙකුත් ආහාරමය ද්‍රව්‍ය වගා කරනු ලබන්නේ කෘත‍්‍රිම රසායනික පොහොර වර්ඟ සහ කෘමි නාශක වර්ඟ භාවිතයෙනි. මේ සියළුම කෘත‍්‍රිම රසායනයන් වසය. මිනිස් සිරුරට වස නොවෙන කිසිම රසායන ද්‍රව්‍යයක් අපට දක්නට නොමැත.

    දැන දැනම අපට වස කෑම සඳහා ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන් අපට හොඳ සාධාරණීකරණයක් ලබා දී ඇත. එනම්, අප ශරීරයට වස වලින් හනියක් ඇති වන්නේ අපගේ ශරීරයට ඒවා ඇතුළුවෙන ප‍්‍රමාණය මතය යන්නයි. වස හෙවත් විෂ පිළිබඳ විද්‍යාව Toxicology නමින් හඳුන්වනු ලබන අතර විෂ පිලිබඳ පරීක්ෂණ කරන විද්‍යඥයින් සමාජයේ මුල් බැසගත් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

    06-28.jpg

    විද්‍යාත්මක යැයි කියා ගන්නා මෙම විග‍්‍රහයට මූලික පදනම් වන්නේ 16 වන සියවසේ ජීවත් වූ වෛද්‍යවරයෙකු ඉදිරිපත් කළ මතයකි. එනම් "සියලූ දේ වසය. එහෙත් එහි හානිදායක බව තීරණය වන්නේ අප ශරීරයට ඇතුළුවන ප්‍රමාණය අනුවයි.” යන්නයි. ඒ අනුව නවීන විද්‍යාඥයා ඒ මතය අනුව යමින් පවසන්නේ රසායනික ද්‍රව්‍ය ඉතා අඩු ප්‍රමාණයක් ශරීරගත වූවාට ඉන් ශරීරයට හානියක් නොමැති බවය. මෙම මතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද අනුමත කැර ඇති ඇතර, ඕනෑම ආහාර වර්ඟයක තිබිය හැකි වස ප‍්‍රමාණය පිළිබඳ ප‍්‍රමිතියක්ද එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

    එම මතය තහවුරු කිරීම සඳහා විද්‍යාඥයන් අපුරු ක‍්‍රමවේදයක් භාවිතා කරනු ලැබේ. ඔවුන් තෝරා ගත් සතුන්ට මෙම විෂ රසායනික ද්‍රව්‍යයන් විවිධ ප‍්‍රමාණවලින් ශරීරගත කරනු ලබන අතර. යම් ප‍්‍රමාණයක් ශරීරගත කළ පසු පෙනෙන මට්ටමේ ශරීර හානියක් එම සතුන් තුළ පෙන්නුම් නොකරන්නේ නම් එම ප‍්‍රමාණය ආරක්ෂිත මට්ටම ලෙස ඔවුන් සලකනු ලබන අතර, එම "ආරක්ෂිත" ප‍්‍රමාණය අපගේ දෛනික ආහාරයට ඇතුළත් වූවාට ඉන් හානියක් නැතැයි බව ඔවුන් විසින් නිර්දේශද කරනු ලැබේ.

    10-17.jpg

    රසායනික ද්‍රව්‍යයන් විකුණන සමාගම්වලට නම් මෙම මතය හොඳ තුරුම්පුවකි. කෙතරම් වස අප ආහාරයට සහ පරිසරයට එකතු කළත්, වස කෑමේ ආරක්ෂිත මට්ටමක් තිබෙන නිසා ප්‍රශ්නයක් නැතැයි සිතාගෙන අපි තුන් වේලටම වස කෑමට ගන්නෙමු. කෘෂි රසායන සමාගම් පසුගිය දිනවල මහත් අන්දෝලනයකට තුඩු දුන් වකුගඩු රෝගකාරකයක් වූ ආසනික් සහ කැඞ්මියම් අඩංගු රසායනික ද්‍රව්‍යයන් විකිණීම කෘෂි රසායන සමාගම් සාධාරණීකරණය කළේ මේ නියමයන් අනුවය.

    ලෝකයේ ප‍්‍රධාන ම විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයන් සහ අධ්‍යයනයන් වාර්තාව අනුව, අප අනුභව කරන ආහාරවල තිබිය හැකි වස අනුමත ප‍්‍රමාණයටත් වඩා අඩු වුවත් අපගේ සිරුරේ ඇති හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථිවලට දැඩි බලපෑමක් එමඟින් එල්ල වන බව සොයාගෙන ඇති අතර මෙම අධ්‍යයන වාර්තාව විද්වත් මණ්ඩලයකින්ද පිළිගෙන ඇත.

    07-24.jpg

    මිනිසුන් සහ සියළුම සත්වයින්ගේ සාමාන්‍යයෙන් ශරීරවල ක‍්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන්නේ ශරීරයේ ඇති හෝමෝන නිපදවන ග‍්‍රන්ථිවලින් නිකුත් කරන හෝමෝනමය ශ‍්‍රාවයන්ගෙනි. ප්‍රජනනය සඳහා අවශ්‍යය ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට‍්‍රජන්, ටෙස්ටොස්ටරෝන් වගේම, ජීවත් වීමට අවශ්‍ය රසායනික ක‍්‍රියාවන් පාලනය කරනු ලබන තයිරොයිඩ සහ ඩොපමේන්, ඉන්සියුලින් හෝමෝන උදාහරණ ලෙස දැක්විය හැකිය. ඊට අමතරව තවත් බෝහෝ හෝමෝන වර්ඟ ඇති අතර පැළෑටි ඇතුළුව සෑම පන ඇති ජීවියෙකුගේම නිසි පැවැත්ම සඳහා එම හෝමෝන නියමිත ප‍්‍රශස්ත මට්ටම්වලන් පැවතිය යුතුමය. ස්වභාව ධර්මයට අනුව, පැලෑටි ඇතුළුව ජීවීන්ගේ සිරුර නිරෝගීව පවතින්නේ මෙම ප‍්‍රශස්ත මට්ටම්වල පමණි.

    09-19.jpg

    සමහරක් කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍යයන් මඟින්, අපගේ ප‍්‍රජනන පද්ධතියට බලවත් හානි පමුණුවන බව යම් යම් පරීක්ෂණ මඟින් සොයා ගෙන ඇත. එයට හේතුව වී ඇත්තේ එම රසායනික ද්‍රව්‍ය අපගේ ශරීරය හඳුනා ගන්නේ ඊස්ට‍්‍රජන් හෝර්මෝනය ලෙස වීමය. මෙය ඉතා දරුණු තත්වයකි. මෙම බොරු ඊස්ට‍්‍රජන් හෝර්මෝනයේ බලපෑම නිසා, ශුක‍්‍ර තරලවල ඝනත්වය ඉතා ඉහල මට්ටමකින් අඩුවීම, උපදින දරුවන්ගේ ප‍්‍රජනන ඉන්ද්‍රිය ප්‍රජනන පද්දතිය සහ මුත‍්‍රාශයේ යම් යම් විකෘති වීම්, පියයුරු, මුත‍්‍ර මාර්ග, වෘෂණ කෝෂ, ගර්භාෂ හා ස්ත‍්‍රී ප්‍රජනන පද්ධතියේ පිළිකා ඇති වීම ප‍්‍රධාන වශයෙන් සිදු විය හැකිය.

    සමහරක් කෘතිම රසායනික ද්‍රව්‍ය හෝමෝන මඟින් ක්‍රියාත්මක වන සෛල කොටස් සමඟ ප්‍රතික්‍රියා කොට ශරීරයට අවෂෝශණය නොවී, එම සෛල කොටස් තුලම රැදී, එම සෛල අවරණය වන සේ පටළයක් අකාරයට තැන පත් වීම නිසා ශරීරය මගින් නිපදවන හෝමෝන පවා එම සෛල කොටස් විසින් ගණන් නොගන්නා තත්ත්වයක් ඇති විය හැකිය.

    03-46.jpg

    හෝර්මෝන මඟින් ක්‍රියා කරන සෛල කොටස් වට සමහරක් රසායනික ද්‍රව්‍යයන් තැන්පත් වූ පසු එමගින් හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථි පද්ධතියට වැරදි සංඥා නිකුත් කිරීම නිරායාශයෙන්ම අරම්භවේ. එවිට සිදුවන්නේ සෛල කොටස් මඟින් හෝමෝනය අනුකරණය කිරීම හෝ හෝමෝනයට විරුද්ධව ක‍්‍රියා කිරීමයි, එසේත් නොමැතිනම් එමඟින් හෝමෝනවල සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට බාධා ඇතිකිරීමට හැකියාව ඇත. අවසානයේ හෝමෝන පද්ධතියේ සංඥා නිකුත් කිරීමේ ක්‍රියාවලියයට බාධා ඇතිවීම මඟින් හෝමෝන නිපදවන ග්‍රන්ථි වල ක්‍රියාවලිය ඇණහිටිනු ඇත.

    01-48.jpg

    ඉහත සඳහන් කල කරුණු වලට අනුව අපට පහත සඳහන් නිගමනවලට එලබිය හැකිය.

    1. ආරක්ෂිත ප්‍රමාණයට වස අහාරයට ගැනීම අප පිළිගන්නේ කෙසේ ද?

    2. එම වස ද්‍රව්‍ය මඟින් හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථිවලින් සිදුවන ක්‍රියාවලියට බාදා ඇති කිරීම නිසා අපට නොයෙකුත් රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව මනාව පැහැඳිලිවේ. දියවැඩියාව, අඩු ප‍්‍රජනන ශක්තිය, තරබාරුකම, ලිංගාශ‍්‍රිත පිළිකා වැනි ඒවා ඉන් ප්‍රධාන වේ.

    3. රසායනික වස වර්ඟ වලට ආරක්ෂිත මට්ටමක් නොමැත. අපගේ පියවි ඇසට පෙනෙන රෝග ඇති නොවුණද ඉහත සඳහන් කල අකාරයට හෝමෝන පද්ධතියේ යහපත් ක්‍රියාවකියට ඒවා මඟින් බලපෑමක් නොමැති බව පරික්ෂා කර 100 % ආරක්ෂිත යැයි තහවුරු කර නොමැත. ඉහත සඳහන් අධ්‍යයනය කළ විද්‍යාඥයන් ඉතා වැදගත් කරුණක් ප්‍රකාශ කරනු ලබයි, රසායනික ද්‍රව්‍ය එනම් වස අඩු ප‍්‍රමාණයක් අහාරයට ගතහොත් එය හානිකර නැතැයි නිර්දේශ කළ නොහැක. එබැවින් රසායනික ද්‍රව්‍ය ඉතා අඩු ප‍්‍රමාණයක දී වුවද අපට සිතාගැනීමටවත් නොහැකි මට්ටමේ හානි අපගේ ශරීරයේ යහපත් ක්‍රියාවලිඔයට සිදු විය හැකිය.

    02-47.jpg

    දැන් අප කල යුත්තේ කුමක්ද ?

    අනුමත ප‍්‍රමාණයේ වස ආහාරයට ගැනීම මඟින් අපගේ ජීවිතවලට හානියක් නොමැති නිසා තව දුරටත් එසේම සිතනවාද ?

    වස එනම් රසායනික ද්‍රව්‍ය ඉතා අඩු ප‍්‍රමාණයක් අහාරයට එකතු වූ වාට ඉන් හානිය නොමැති බව ඔබත් පිළිගන්නවාද ?

    අප සහ පරිසරය විනාශ කර දමන මෙම අනුමත් ප්‍රමාණයෙන් වස නැමති මලපුඩුවෙන් මිදීමට වෙනත් විකල්පයක් ඇද්දැයි සොයා බලනවා ද ?

    05-33.jpg

    මොහොතක් සිතන්න . . .
    තීරණය ඔබ අතේ . . .