Get Ready For University Entrance..කැම්පස් යන්න ලෑස්ති වෙමු.....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Get Ready For University Entrance..කැම්පස් යන්න ලෑස්ති වෙමු.....

    මගේ ලග ලගම එන 3000 වෙනි පෝස්ට් එකට සමගාමිව ටිකක් වෙනස් එකක් ගැන දාන්න හිතුනා.....

    tumblr_m8qy40lIXl1qdreato1_500.jpg


    දැන් ඉතින් මීට අවුරුදු දෙක තුනකට කලින් A/L ලියපු උන් දෙවියනේ කියලා කැම්පස් යන්න ලෑස්ති වෙනවා ඇතිනේ....

    z163.jpg


    ඉතින් උන්ට පොඩි දේවල් ටිකක් කියන්න හිතුනා.....

    මුල ඉදන්ම ලෑස්ති වෙමු....
    මම ආර්ට්, කොමස් ගැන නම් වැඩිය දන්නේ නෑ,
    ඒත් මේව කාටත් වැදගත් වෙයි....


    දැන් තව ටික දවසකින් කට්ටියව කැම්පස් ගන්න ලිස්ට් දානවලු...
    ඊට කලින් ඔයාල UGC පොතක් පිරෙව්ව මතකද?

    University-Grants-Commission-Sri-Lanka-logo.jpg


    අන්න ඒ පොත පුරවද්දි පොඩි සීන් වගයක් තියෙනව,
    මේ පාර පුරවපු එවුන්ට නම් දැන් පරක්කු වැඩි,
    ඒත් ලබන පාර උන් හරි මේක කියවයිනේ....


    මෙහෙමයි සීන් එක...
    මුලින්ම මම නම් කියන්නේ s 3 තිබිලා, yes කියලා ආපු හැම එකාම අනිවා පොතක් පුරවලා දාන්න...
    මොකද ඉදල හිටලා කනා චාන්ස් එනව...
    මුලින්ම ඒ පොත අරන් තමන්ගේ විශය මාලාවට අදාලව යන්න පුලුවන් පාටමාලා ටික බලන්න...
    තමන් දිස්ත්‍රික්කයේ පලවෙනියා උනත්, ඒ පොතේ medicine, engineering විතරක් දාන් නැතුව 10ක් විතර අනිවා දාන්න,,,
    ඒ කිව්වේ maths එවුන් නම් E1, E2, QS, IT, ඒ වගේ ඒව,,
    බයෝ එවුන් නම් dental, wet, molicular, agri වගේ ඒවා....
    මොකද අද කාලේ ශුවර් නෑ,
    කරුමෙට හරි රෑන්ක් එක පල්ලෙහාට ගිහිලා,
    ඉල්ලලා තියෙන්නේ දෙකයි නම් කිසිම එකකට යන්න බැරි වෙනවා....

    ටිකක් පස්සෙන් ඉන්න උන් උනත් engineering/medicine වලින් පටන් අරන්
    පහලට එනකල් ඔක්කොම දාගෙන එන්න.,...


    ඊලගට කැම්පස් එක තොරද්දිත් කැම්පස් 5ක් විතර දාන්න....
    මොකද ඉල්ලලා තියෙන්නේ 2ඉ නම්,
    ඒ දෙකට දාන්න බැරිනම්,
    UGC එකෙන් දාන්නේ උන්ට කැමති එකට.....

    ඔන්න ඔහොමයි පොත පුරවන්න ඕනේ....

    දැන් කැම්පස් යන්න ලෑස්ති වෙමු.....

    මොන කැම්පස් එකට ගියත්, හැම එකේම මුල කාලේ එක වගේමයි...
    ගිහින් මාස දෙක තුනක් යනකල් ඉංග්‍රිසි හා පරිගනක තමා....
    ඒ කාලෙදි තමයි වාතය හම්බ වෙන්නේ...
    මම නම් කියන්නේ අනිවා කැම්පස් එකේ වාත් වෙන්න...
    හැබැයි වාත වෙනව කියන්නේ ගොන් පාට් දාන එක නෙමෙයි,
    හොද වාතයක් විතරයි,
    ඒ කිව්වේ ඇත්තටම අපිට යමක් ගන්න පුලුවන් වාතයක්......


    කැම්පස් යන්න අවහම මුලින්ම කට්ටිය කරන්නේ ඇදුම් ගන්න එක,,,

    srilankan%20shopping.jpg


    ඒ ගද්දි තමන්ගේ කැම්පස් එකේ හැටි පොඩ්ඩක් දැන ගෙන ඇදුම් ගන්න...
    මොකද සමහර ඒවගේ ඩෙනිම අදිනව,
    සමහර ඒවගේ ශර්ට් යට කරලා අදිනවා....
    කොහොමත් මම නම් කියන්නේ මුල කාලේ ඇදුම් 3 ,4 කට වඩා ගන්න එපා,,,,
    පස්සේ ගමු,
    නැත්නම් ගත්තට වැඩක් නෑ....


    ඊලගට කට්ටිය යන්න කලින්ම ලොකු ගානක් වියදම් කරලා පොත් ගන්නවා....

    Book-Store.png


    එහෙම කරන්න එපා,
    මුලින්ම අදුරන කෙනෙක්ගෙන් අහන්න මොනවද ඕනේ පොත් කියලා,
    ඊට පස්සේ pass out වෙච්ච අයගෙන් ඕන පොත් ඉල්ල ගන්න බලන්න,
    library එකේ තියෙන පොත් ගැන දැන් ඉන්න අයගෙන් අහන්න,
    ඒ කරලත් ඕනම පොතක් තියෙනවා නම් විතරක් ගන්න.
    ගොඩාක් පොත් කැම්පස් වලට ඇවිල්ල අඩුවට දෙනවා,
    ඒ නිසා බොරුවට කලින් පොත් ගන්න යන්න එපා,


    කැම්පස් සිලෙක්ට් වෙච්ච ගමන් අපේ එවුන් කරන්නේ ලැප්, කැල් ගන්න එක,

    satellite-l655-s5058-laptop.png


    අත්දැකීමෙන් කියන්නේ engineering එවුන්ට නම් first year ඉවර වෙනකල් ලැප් එකක් ලොකුවට ඕන වෙන්නේ නෑ,,,
    faculty computer center එකෙන් වැඩ කර ගන්න පුලුවන්,
    අනික කැම්පස් ගියාට පස්සේ අඩුවට ලැප් ගන්න පුලුවන් චාන්ස් සෙට් වෙනවා....
    කැල් එක උනත් ගන්න එපා,
    engineering එවුන්ට ඕන FX991ES or FX991MS කැල් එක,

    63052766.jpg
    Casio_FX_991_MS_Scientific_Calculator.jpg


    මේකක් කඩේ ගන්න ගියොත් 2300ක් විතර වෙනවා....
    කැම්පස් එකේ කට්ටිය සෙට් වෙලා ගන්න කොට 1600ට වගේ ගන්න පුලුවන්.....



    අනිවා බැංකු කාර්ඩ් එකක් හදා ගන්න,

    debit-card7.jpg


    මොකද ගෙදරත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ බැන්කුව හරහා......
    ඒ නිසා කැම්පස් එක ලග තියෙන බැංකුවක් බලලා කාර්ඩ් එකක් හදා ගන්න....



    අනික මුල්ම දවසේ යන කොට බඩු ගොඩාක් අරන් යන්න එපා,
    අවශ්යම බඩු විතරක් අරන් යන්න......

    5704-Woman-Pulling-A-Heavy-Bag-Clipart-Illustration.jpg


    ඉතුරුවා පස්සේ හෙමීට අරන් යමු.....




    කැම්පස් යන්න කලින් කඩ්ඩ (ඉංග්‍රිසි) පොඩ්ඩක් හදා ගත්තොත් නම් ටිකක් හොදයි,

    english-class-rules.gif


    ඒත් බොරුවට සල්ලි වියදම් කරලා එපා,
    මොකද අපේ සමහර එවුන් ඉන්නවා හෝඩිය බැරුව ඇවිත්, දැන් කඩ්ඩ ක්ලාස් කරන උන්......



    දැන් එන්නේ නිවාඩු කාලේ,
    ඒ කියන්නේ නෑදෑයෝ සෙට් වෙන කාලේ,

    present-giving.jpg


    කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න උන්ගෙන් නෑදෑයෝ අහනවා මොනවද ඔනේ කියලා,
    පුලුවන් තරම් සල්ලි ඉල්ලපන්,
    බොරු විච්චූර්න බඩු අරන් දෙන්න එපා කියපන්,
    සල්ලි දෙන්න බැරි නම් කැල් එකක් වගේ දෙයක් අරන් දෙන්න කියපන්......




    ඔය ටික ඇති කැම්පස් යන්න කලින්,
    අන්තිමට මේක කියන්න ඕන,
    අපි ඉස්කෝලේ කාලේ කරපු සමහර වැරදි වැඩ හෝ අඩුපාඩු නිසා ටිකක් අපහසුවෙන්, කොන්වෙලා
    වගේ ඉන්න ඇති,
    ඒත් කැම්පස් එකේදි හම්බ වෙන්නේ අලුත්ම යාලුවෝ ටිකක්,
    උන්ට පරන අප්සට් සීන් මොකුත් කියන්න එපා,
    කැම්පස් එකේදි අලුත්ම ජීවිතයක් පටන් ගන්න.....


    ඉතින් සියලු දෙනාටම සුබ පතනවා....
    මේක ලිව්වේ මමමයි.
    ඒ නිසා වැරදි තියෙන්න පුලුවන්,
    මේ මම දකින හැටි,,,,,,


    එහෙනම් මම කැපුනා,
    නිකන්ම යන්න එපා,
    මොනව හරි කියාගෙන යන්න.......

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    පට්ට වටින ත්‍රෙඩ් එකක්,:yes::)


    ඒත් ඉතින් මටනම් කැම්පස් යන්න බැරි උනා:(
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ela mamath campus dala thiyenne, e athare jobakuth set vena thathvayak thiyenne eka nisa dan depathtata vani vanee inne
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එලකිරි මචං
    Management අයට ප්‍රශ්ණ තියෙනවනම් මම හෙල්ප් කරන්නම් :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්...
    කැම්පස් යන්න කලින් හොද සූදානමක් ලබාගන්න පුලුවන් වෙයි මේක කියවන අයට...