පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද..?

    1701160286c89f8f309efc1ece108a14ba91daf6.jpg



    පිටසක්වල ජීවීන් ලංකාවටත් ඇවිල්ලා, හැම තැනම නිල් පාට ආලෝකධාරා, පියාඹන පීරිසි පේනවා, එයාලා මෙහෙට ඇවිත් පර්යේෂණ කරනවා ඇති. මෙහේ ගහකොළ, සතා සිව්පාවා එයාලා එයාලගෙ ලෝකෙට අරගෙන යනව ඇති. කොයි වෙලේ අපිට ප්‍රහාර එල්ල කරයිද දන්නෑ.


    දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මිනිසුන් පිටසක්වල ජීවීන් පිළිබඳ අනියත බියක් ඇති කරගන්නේ වරින් වර ප්‍රදේශ කිහිපයක දර්ශනය වූ ආලෝකධාරා යා පියාඹන ආකාශ වස්තු හේතුවෙනි.

    වසර කිහිපයක් පුරාම දිගින් දිගටම මෙවැනි අත්භූත සිදුවීම වාර්තා වද්දී පසුගිය මාස කිහිපය තුළ දිඹුලාගල, මහියංගණය, වැල්ලවාය, මොනරාගල ප්‍රදේශවලටද මෙම ආලෝක ධාරා පෙනී නොපෙනී ගියේ මිනිසුන් භීගියට පත් කරවමිනි. එම තත්වය මඳක් සමනය වත්ම මෙම පිටසක්වළ භීගිකාව නැවත ඇතිවන්නේ 2012.11.27 දින හලාවත ඉරණවිල ප්‍රදේශයේ ජනතාව අලුයම අහසෙන් මතුවූ අධිබලැති අලෝක කදම්බයක් දැකීමත් සමඟය. මෙම අබිරහස් ආලෝකය සියැසින්ම දුටුවෝ කිහිප දෙනෙකි. ඒ අතුරින් ප්‍රබල සාක්ෂිය ඉදිරිපත් කරන්නේ ඉස්සන් වගාකරුවෙකු වූ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තාය.

    එදින අලුයම 5.30ට පමණ ප්‍රියන්ත ඉස්සන් ගොවිපොළට පැමිණ තිබුණේ තම ඉස්සන් කොටුවල තත්වය දැන ගැනීමේ අටියෙනි.

    හදිසියේම වැටුණු ආලෝකයෙන් ප්‍රියන්තගේ දෑස් ගිණි කණ වැටී ගියේය. දෑස් දෙඅතින් ආවරණය කොටගෙන ඔහු ආලෝකය වැටුණ ඉහළ අහස දෙස බැලුවේය. දැඩි ආලෝකය මැද ඔහු දුටුවේ කළු පැහැ යානයක් ඒ මැද තිබූ ආකාරයයි.
    “මං එකපාරට එළියක් දැක්කා. මගෙ ඇස් ගිණිකන වැටිලා ගියා. අර බලන්න අර තියෙන්නෙ..”

    ඔහු සෙසු සේවක පිරිසට පෙන්වූයේය. වික්ෂිප්ත වී සිටි සේවකයෝද එම ආලෝකයට දෙසට විදුලි පන්දම් අල්ලන්නට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ පරිදි ආලෝක කදම්බය විදුලි පන්දම් එළියත් සමග බිමට පාත්වීමයි.
    ඉරණවිල ඉස්සන් කොටුවේ මතු වූ අබිරහස් ආලෝකය හා අත්භූත යානය පිළිබඳ ප්‍රියන්ත සිය අදහස් දිග හැරියේ මේ අයුරිනි.

    “මං වෙනද වගේ පාන්දර ගොවිපොලට ගියා. සාමාන්‍යයෙන් මං ගොවිපොළට ගියාම ඉඩම වටේම ඇවිදිනවා. එකපාරටම මගේ ඇස් නිලංකාර වෙලා ගියා. ආලෝකයත් එක්ක. ඒ එළිය ගොඩක් ප්‍රබලයි. මං මගේ ගොවිපොලේ සේවකයින්ට කතා කළා. එයාලා ඇවිත් ටෝච් එළි ගැහුවා. හිතා ගන්න බැරි වුණා. ටෝච් එළිය දිගේ ආලෝකය අස්සෙන් අපි දැක්කෙ යානාවක්..

    මාත් එක්ක හිටපු අය එකිනෙකා පෙරළගෙන දුවන්න පටන්ගත්තා. මං ආයෙත් ටෝච් එක ගහල බලද්දි ඒ යානාව ආපේ දිහාට එන්න ගත්තා.අපි දුවන්න පටන් ගත්තා. මං පස්ස හැරිලා බලන කොට ඒ යානය අපේ පස්සෙන් එනවා මං දැක්කා..
    මේ සියල්ල මං මගේ ජංගම දුරකථන කැමරාවෙන් පටිගත කරගත්තා. මං කවදාවත් මේ වගේ දෙයක් දැකල නැහැ..”

    ඉරණවිල අත්භූත ආලෝකය පිළිබඳ කතාවේ උණුසුම මැකී යන්නටත් පෙර 2012.12.05 දින රුහුණේ අම්බලන්තොට ප්‍රදේශයේ ඉහ අහසේ විශාල නිල්පාට අලෝක කඳම්බයක්දැක ප්‍රදේශවාසීන් විමතියට පත් වූහ. රාත්‍රී 7.00ට පමණ අහසෙන් මතු වූ දීප්තිමත් නිල් පැහැ ආලෝකය පැය කිහිපයකට පසුව ඈතට ගමන්කොට නිවී ගොස් තිබේ.

    එම ආලෝකය සියැසින් දුටු අම්බලන්තොට බෝලාන ප්‍රදේශවාසීහූ ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

    “ඒක මුලින්ම පෙනුනෙ හරියට ලොකු තරුවක් වගේ. අපි හිටියෙ උච්ඡාලික රජමහා විහාරයේ බෝධි පූජාවකට සහභාගී වෙමින්. පස්සෙ ටික ටික පුංචි වෙලා ඈතට ගියා. අපි ඇස් දෙකෙන් බලනකොට ඒක දැක්කෙ හරියට පහනක තිරයක් නිවි නිවී දැල්වෙනව වගේ. කැමරාවෙන් ඡායාරූප අරන් බැලුවම පෙනුණෙ නිල්පාට බෝලයක් වගේ.”

    අම්බලන්තොට ප්‍රදේශවාසීන් පවසන අන්දමට එය සැබැවින්ම අද්භූත සේ පෙනී නොපෙනී ගොස් තිබේ.

    මීඨ පෙරද දිවයින පුරා මෙවැන් අද්භූත සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. පසුගිය මාසයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ඇදහැලුනු රතු වැස්සද ඉන් ප්‍රමුඛස්ථානයක් දරයි. රතු වැස්ස සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර රට පුරා පැතිරෙද්දී බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළේද පිටසක්වල ජීවීන් වෙතටයි.

    මේ පිළිබඳ ගැඹුරින් පර්යේෂණ වල නිරත වුනු මහචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පැවසුවේ රතු වැස්ස 2008 වසරේ ඉන්දියාවේ කේරළයේ ප්‍රදේශයකට ඇද වැටුණ රතු වැස්සට බොහෝ සේ සමාන බවත් එය පිටස්තර ග්‍රහ ලෝකයකින් පතිත වූ වැස්සක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්ය.

    බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් කළ පිරිසක් පෙරවරු 7.30 පමණ දියතලාව අහසේ අද්භූත ආලෝකයක් දකින්නේද පසුගිය මාසයේ දිනකය. එම බස් රථයේ රියදුරා වශයෙන් සේවය කල තිස්ස කුමරාගේ මහතා තමා දුටු විස්මිත සිදුවීම පිළිබඳ ප්‍රකාශ කලේ මේ අයුරිනි.
    “මං දියතලාවෙ ඉඳලා වැල්ලවායට බස් එක අරන් යන ගමන් හිටියෙ.. උදේ 7.15ට විතර වගේ දියතලාව හපුතලේ වයි හන්දියට බස් එක ආවා. දෙපැත්තෙන්ම ෆයිනස් කැලේ විතරයි. මම නිකමට ඒ කැලෑව පැත්ත බලනකොට කැලේ අස්සෙන් විශාල ආලෝක ගුලියක් ආවා.

    එකපාරටම මගේ අතින් බස් එකේ තිරිංග තද වුණා. බස් එක නතර වුණා. සේරම මිනිස්සු බස් එකෙන් බැහැලා ඒ ආලෝකය ඡායාරූප වලට නැඟුවා.. වීඩියෝ කලා.. අපිට පුදුම හිතුනා, උදේ 7.15ට ඉර මුඳුන් වෙන්නෙ නෑ කවදාවත්. ඒ වෙලාවට ඉර පායනවා.අපි කවදාවත් දැකල නෑ. ඒ පැත්තෙ විශාල කන්දක් තියෙන නිසා අපි ඉර දකින්නෙ 11.00ට විතර. අනිත් එක හොඳටම මීදුමක් තිබුණ වෙලාවකයි මේක සිද්ධ වුණේ. ඒ ආලෝකය අපේ ඔළුවලට උඩින් නැගෙනහිර අහසට ගියා. අපි බය වුණා. සේරම දුවලා ඇවිත් ආයෙත් බස් එකට නැග්ගා.”

    හපුතලේ අභිරහස් නිල් පැහැ ආලෝක ගුලිය පිළිබඳ හපුතලේ ප්‍රදේශවාසීන් එසේ පවසද්දී මොනරාගල ප්‍රදේශයෙන් වාර්ථා වන්නේ පිටසක්වල ජීවීන්ට සමාන අමුතු පුද්ගලයෙක් හා ඔවුන්ගේ අඩි සලකුණු පිළිබඳවය.

    එම සිදුවීම සියැසින්ම දැක තිබුණේ මොනරාගල ප්‍රදේශයේ විසූ 13 හැවිරිදි උදිත තරංග හා 17 හැවිරිදි උදේශිකා හා ඔවුන්ගේ වයෝවෘද්ධ මිත්තණියයි. උදිතත්, උදේශිකාත් මිත්තණියත් සමඟ උදෑසන 6.00 පමණ කිරිඳිඔයට ගොස් තිබුණේ දියනා ගැනීම සඳහාය. හදිසියේම කිරිදිඔය අසල තිබූ ලඳු කැලෑව සෙලවෙන හඬක් ඇසී ඔවුන් ඒ දෙස බලන විට දුටුවේ අඩි 2.5ක් පමණ උස කළු පැහැ අමුතු ස්තතු විශේෂයක් කැලය තුළට දිවයන ආකාරයයි.

    “අපි දැක්කා ඒ අමුතු මිනිස්සු කැලේ ඇතුලට දුවනවා. එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති. එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා.. කුඩාකටක් තිබුණා. කොල පාට දීප්තිමත් ඇස් තිබුණා. ඒ වගේ සත්තු ජාතියක් අපි කවදාවත් දැකල නැහැ. එයාලා අපිව දැක්කට පස්සෙ තමා කැලේ ඇතුළට දිව්වෙ. එයාලා අතුරුදන් වුණා.”

    මොනරාගල ප්‍රදේශයේම විසූ 20 හැවිරිදි චාමර නමැත්තාද මෙම අරුම පුදුම ජීවීන් සියැසින්ම දුටු අතර ඔවුන්ගේ පා සලකුණුද සියැසින්ම දැක බලා ගත්තේය.

    “මං පදිංචිවෙලා ඉන්නෙ තණමල්විල. උදේ 6.00ට විතර මං කිරිදිඔයට ගියා. කැලේ පැත්තට කළු පාට ගුලි වගේ දුවනව දැක්කා. උන්ට ලොකු ඔළු තිබුණා. ලොකු නිල් පාට ඇස් තිබුණා. උන් දුවපු අඩිපාරවල් ගාවට මං ගිහින් බැලුවා. මඩේ උන්ගෙ අඩි සලකුණු හිටලා තිබුණා. මං ඒවා ෆොටෝ ගත්තා. ඒවගේ සටහන් වෙලා තිබුණෙ තාරාවන්ගෙ කකුල්, ඇඟිලි තුනයි තිබුණෙ. ඒවා දැක්කම මට බය හිතුණා.”
    මොණරාගලට පැමිණි මේ අද්භූත සත්වයන් දුටු තවත් ගම්වාසීන් පැවසුවේ මෙම අඟුටු මිටි සත්ව විශේෂයට හිසකෙස් හා කැපී පෙනෙන නාසයක් හෝ සිරුරේ කිසිඳු වස්ත්‍රයක් නොතිබූ බවය.

    2011 වසරේ කඩුවෙල අහසේ මතු වූ අභිරහස් ආලෝකය හා මහියංගණයේ කෝවිල්යාය ප්‍රදේශයට සපැමිණි ආලෝකයත් තවමත් කතා බහට ලක් වෙමින් පවතී.

    මායාවරුන්ගේ දින දර්ශනයට අනුව 2012.12.21 ලෝකය විනාශ වීමට නියමිතය. ඔවුනට අනුව මේ ගෙවී යන්නේ පෘථිවියේ අවසන් දින කිහිපයයි. මායාවරුන්ගේ මෙම මතය පදනම් කොටගෙන ලොව වටා විවිධ පර්යේෂන කන්ඩායම් සිය පර්යේෂණ දියත්කොට ඇත.

    එම විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම් හා ප්‍රකට ජ්‍යෙතිශ්‍යවේදීන් පවසන්නේ මෙම අවසාන දින කිහිපය තුප පෘථීවියට පිහ ග්‍රහලෝක වලින් බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවකි.ඔවුනට අනුව පිටසක්වළ ජීවීන් හා ඔවුන්ගේ අද්භූත යානා හා අද්භූත වස්තූ පෘථීවි වැසියන්ට දෘශ්‍ය වීමට ඉඩ තිබේ. පිටසක්වල ජීවීන් පිළිබඳ විවිධ සොබා බැලීම් වල නිරතවන පර්යේෂකයන් පවසන්නේ පිටසක්වල ජීවීන් අභ්‍යවකාශයේ හා පොලෝ කුහරය යට සැඟවී පෘතුවියේ පැවැත්මට විරුද්ධව සටන් කිරීමට සැලසුම් දියත් කරමින් සිටින බවකි.

    දිවයින පුරා ප්‍රදේශවාසීන්ටවිටින් විට දර්ශණය වූ මෙම අබිරහස් පුද්ගලයන්, අබිරහස් කතා, අබිරහස් ආලෝකධාරා පිළිබඳ සලකා බලනව මෙම පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ මෙම සෑම සිඳුවීමක්ම පිටුපස අද්භූත පිටසක්වළ ග්‍රහවස්තුවක බලපෑම් ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණසේකර මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.

    “පෘතුවිය ආසන්නයේම තිබෙන ග්‍රහවස්තුවටත් ආලෝක වර්ෂ 14ක දුරක් තිබෙනවා.. ඒ තරම් දුරක් තරණය කරල මේ වගේ දේවල් කරනව කියන එක හිතාගන්නට බැහැ. ඇමෙරිකාවේ නාසා ආයතනයෙන්වත් සෙට් ආයතනයෙන්වත් පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණි බව තහවුරු කරල නැහැ.”


    -අරුණි මල්ලවආරච්චි-

     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    වැඩේ කියන්නේ මෙයාල සාක්ෂි ටික බලපුවම මට මන් බලපු ෆිල්ම් මතක් වෙන එකනේ.. එක්කෝ මෙයාල ෆිල්ම් එකක රගපානව එහෙම නැත්තන් ෆිල්ම් හදපු අය පිටසක්වල ජීවින් :nerd:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති.
    ජිප්සීස් සින්දුව වගේ

    එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා..
    මොලේ ලොකු නිසා

    කුඩාකටක් තිබුණා.
    කන්නේ නැති නිසා

    කොල පාට දීප්තිමත් ඇස් තිබුණා.
    නයිට් විසෝන්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති.
    ජිප්සීස් සින්දුව වගේ

    එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා..
    මොලේ ලොකු නිසා

    කුඩාකටක් තිබුණා.
    කන්නේ නැති නිසා

    කොල පාට දීප්තිමත් ඇස් තිබුණා.
    නයිට් විසෝන්

    :shocked::shocked::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම එකක් දකිනකන් විශ්වාස කරන්න අමාරුයි...

    Good post.... +
    :yes::yes::yes:

    :D:D

    ඔකුං එනවා නම් එයි බං
    අවම බලමු
    අනිවාර්යෙන්ම.. ඕකුන් ඔය කියන තරම් කැකිරියො නෙමේ වෙන්න ඇති බං.. ගොඩක්ම බයවෙලා තියෙන්නෙ ඔය ෆිල්ම් වල ඉන්න ඒලියන්සලා දැකලනේ.. අනික මට නම් සුවර් ඕකුන් එන්නෑ කියලා.. :lol:

    වැඩේ කියන්නේ මෙයාල සාක්ෂි ටික බලපුවම මට මන් බලපු ෆිල්ම් මතක් වෙන එකනේ.. එක්කෝ මෙයාල ෆිල්ම් එකක රගපානව එහෙම නැත්තන් ෆිල්ම් හදපු අය පිටසක්වල ජීවින් :nerd:
    ඕවා විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි නෙමේ කියලනේ කියල තියෙන්නෙ.. ඔය මගුල් ඔක්කොම බොරු.. කණ්ඩායම් පිටින් කරන වැඩ..

    එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති.
    ජිප්සීස් සින්දුව වගේ

    එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා..
    මොලේ ලොකු නිසා

    කුඩාකටක් තිබුණා.
    කන්නේ නැති නිසා

    කොල පාට දීප්තිමත් ඇස් තිබුණා.
    නයිට් විසෝන්
    ඕකෙ බලපං කෙල්ල කියන්නෙ නිල්පාට ඇස් තිබුණ කියලා.. ඊට පස්සෙ ඔය සීන් එකම දැකපු කොල්ලා කියන්නෙ කොලපාට ඇස් තිබුණා කියලා..

    Awa machan. ada udeth ekek awith magen watura ekak illuwa bonna
    එලස්.. මටත් ළඟදි හම්බවුණා එකෙක්.. :lol:

    Oriya apiwa beeragannawai qwwe :cool: ;)
    ජනාධිපති මාමද..?

    549690_460652567304457_641449580_n.jpg


    ගත්තේ මෙතනින්
    www.facebook.com/UFOSriLanka
    මොකාද එහෙම කිව්වෙ.. :growl: මම ගත්තෙ පත්තරෙන්.. ඔය යකා අරගෙනත් තියෙන්නෙ පත්තරෙන් තමා..

    Baya hithenawa:(
    සැලෙන්න එපා.. ඒලියන් කෙල්ලෙක් සෙට් කරගන්න ඕනි ට්‍රයි එකක් දීලා..
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මුලින්ම උඹට ලැබුන සම්මානයට සුභ පැතුම්.
    මමනම් ඕව විශ්වාස කරන්නේ නෑ, ඒත් බන් කරුමෙටවත් ඕක ඇත්ත වෙයිද? අනේ එහෙම උනොත් මහන්සි වෙලා ගිය සතියේ ලියපු exam එක වතුරේ. :(:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මුලින්ම උඹට ලැබුන සම්මානයට සුභ පැතුම්.
    මමනම් ඕව විශ්වාස කරන්නේ නෑ, ඒත් බන් කරුමෙටවත් ඕක ඇත්ත වෙයිද? අනේ එහෙම උනොත් මහන්සි වෙලා ගිය සතියේ ලියපු exam එක වතුරේ. :(:lol:
    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුලින්ම උඹට ලැබුන සම්මානයට සුභ පැතුම්.
    මමනම් ඕව විශ්වාස කරන්නේ නෑ, ඒත් බන් කරුමෙටවත් ඕක ඇත්ත වෙයිද? අනේ එහෙම උනොත් මහන්සි වෙලා ගිය සතියේ ලියපු exam එක වතුරේ.
    :(:lol:
    බොහොම ස්තුතියි මචෝ..

    සරත් ගුණසේකර මහත්තයා ඔය එකක්වත් පිළිගන්නෙ නැහැ මචං.. නාසා ආයතනයත්, සෙට් ආයතනයත් ඔය සම්බන්ධව පර්යේෂණ කරල තියෙනවනේ.. ඉතිං එයාලත් කියල තියෙන්නෙ ඕක බොරුවක් කියලා.. :yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    RePost බුවා;14019704 said:
    ada mawbima paththare oka giya....
    thanks 4 sharing....

    ane manda, dannam bayeth be... :D :D :D :D: :D
    +++
    ඔව්.. ඒ පත්තරෙන් තමා මචං ගත්තෙ.. :yes: අරුණි මල්ලවආරච්චි ලියපු ලිපියක් නොවෑ..

    බයවෙන්න කාරි නෑ බං.. පිලිගතහැකි සාක්ෂි නෙමේලුනේ.. :) සමහර විට පිටසක්වල එවුන් අපේ එවුන්ට වඩා හොඳ වෙන්න පුළුවන්..