ශ්‍රී දළදා මාළිගාව

dhanushkact

Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    ශ්‍රී දළදා මාළිගාව

    ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
    ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි.
    දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
    දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
    මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
    දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය

    මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

    දළදා මාළිගයේ ඉතිහාසය
    මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

    දියවඩන නිළමේ තනතුර
    දියවඩන නිලමේ
    පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.

    දියවඩන නිළමේවරු/වර්ෂය
    කපුවත්තේ අධිකාරම් නිළමේතුමා 1814-1824
    දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා 1825-1827
    කුඩා මොල්ලිගොඩ නිළමේතුමා 1827-1828
    කුඩා දෙහිගම නිළමේතුමා 1828-1835
    මුල්ලේගම අධිකාරම් නිළමේතුමා 1835-1842
    දුල්ලැව අධිකාරම් නිළමේතුමා 1842-1848
    .ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා 1848-1862
    .කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා 1862-1882
    කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා 1882-1897
    සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා 1897-1901
    කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා 1901-1916
    පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා 1916-1937
    ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා 1937-1947
    කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා 1947-1961
    හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා 1961-1964
    හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා 1964-1974
    ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා 1975-1985
    නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා 1985-2005
    ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා 2005 සිට

    සිව් මහා දේවාල
    දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

    1. නාථ දේවාල
    දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

    2. ශ්‍රි විෂ්ණු දේවාල
    පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.

    3. ශ්‍රි කතරගම දේවාල
    14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

    4. ශ්‍රි පත්තිනි දේවාල
    දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.

    දළදා මාලිගාවේ මංගල්‍යයන්
    සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
    1. අලුත් සහල් මංගල්ලය
    2. අලුත් අවුරුදු මංගල්ලය
    3. ඇසල මංගල්ලය
    4. කාර්තික මංගල්ලය

    දළඳා මාළිගාවේ ඇත් පන්තිය
    සිංහ රාජා
    ඒකදන්තයා
    ඉන්දි රාජා
    සුමන
    විජය රාජා
    ජය රාජා
    කදිරා
    නාලක
    මියන් රාජා
    බුරුම රාජා
    මිගාර
    කාවේරි
    නවම් රාජා
    කණ්ඩුල

    කෞතුකාගාරය
    දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැම්පත් කර ඇත.
    සමාදි පිළිමය
    පැරණි ධාතු කරඬුව
    සිරි පතුල
    රිදි කලය
    කැටයම් කරනලද ඇත්දත් දෙක
    මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
    කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
    ලේන්සු
    හේමකඳ

    මෙම නගරයේ ශ්‍රී ධාතු මන්දිරය,මල්වතු අස්ගිරි උභය මහා විහාරය විෂ්ණු , කතරගම, පත්තිනි.නාථ යන දේවාල හා කිරි සයුර නම් මහනුවර වැව හේතුවෙන් ලෝක උරැම නගරයක් බයට පත්ව ඇත.


    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    The Dalada Procession of Kandy

    The month of Asala (July), during which period this annual pageant is usually held, had been considered a month of celebrations and festivity, both among Indians and Sri Lankans. Even from the lifetime of the Buddha in the 6th century BC, the Asala festival was held to commemorate the Buddha’s Conception, his Renunciation and the First Sermon. Asala is also considered to be the beginning of the raining season (Vassana) when the monks commence their Retreat. Also, this month is considered to be the period when ritual performances to the protective divinities are held, (eg Pattini puja) as recorded in the text ‘Pattini-Halla’. Being considered a ‘chaste’ month, the period is held sacred for the availability of water, hence prosperity.

    Several records have been left behind by dignitaries and other visitors to the island such as Robert Knox, John Davy, etc. The description of the perahara. These accounts provide much evidence as to the constitution and organization of the present day perahara. Yet many features seem to have been added and some changed to suit the time and the available resources and conditions.

    The earliest record maintained on the Kandy annual pageant was by Robert Knox, an Englishman who lived in the court of Kandy for many years as a prisoner during the time of Rajashimha II (1636-1684). According to Knox, the Kandy perahara was conducted purely to honor the Devale divinities, Alutnuvara (Uppalavanna), Kataragama and Pattini. The Natha Devale, however, though the oldest shrine in Kandy, was not mentioned by Knox. During the time of King Kirti Sri Rajasimha the Natha Devale too is mentioned in the processions of the four Devales. The most important feature that occurred at this time was the addition of the Tooth Relic procession to the processions of the four Devales. It is said that the king himself placed the Relic casket in the ‘Ransivige’ fixed on to the back of the tusker. The Mahavamsa further records that the procession held by King Kirti Sri Rajasimha with all splendors assumed the form of a national festival.
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    There are Fourteen Elephants in Dalada Maligawa
    sinha_raja.jpg

    ekadanthaya.jpg

    indiraja.jpg

    sumana.jpg

    vijaya_raja.jpg
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    පෙරහර මංගල්ලය

    වර්ෂයේ ජූලි හෝ අගෝස්තු මාසයේදී ඇසළ පෙරහර මංගල්,ය සිදුකෙරේ. දෙස්විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ නෙත්සිත් පිනවන මෙම පෙරහර මංගල්ලය ලෝපුරා පරෙය කටය. පිළිවෙලින් නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සතර දේවාලයන්හි පෙරහර ද ශරීල දළදා පෙරහරට සම්බන්ධ වේ. ජූලි හෝ නිකිණි මාසයන්හීදී සිදු කෙරෙන දේවාලයන්හි කප් සිටුවීම හා දේවාල අභ්යසන්තර පෙරහර පහක් ද කුඹල් පෙරහර පහක් ද රන්දෝලි පෙරහර පහක් ද මධ්ය ම රාතරිදේවයේ ගෙඩිගේ විහාරයට පෙරහර කර`ඩුව වඩමවන පෙරහරක් ද දහවල් පෙරහරක් ද ඇතුළත් ඇසළ පෙරහර මංගල්ලය වීදි සංචාර කොට පූජා පවත්වයි. ඇසළ පෙරහර ලොව විචිතරපෙ පෙරහර මංගල්ලයකි.

    වෙසක් දිනයේදී වෙසක් පෙරහැර මංගල්ලය පැවැත්වෙන අතර එදිනම වාහලනාග උපසම්පදා පෙරහැර ද ආරම්භ වේ. උපසම්පදා පෙරහැර පෝය දින පහක් තුළ පැවත්වේ. මල්වතු මහා විහාරයෙන් සාමනේර වරු පස්නමක්ද අස්ගිරි මහා විහාරයෙන් සාමනේර භික්ෂූන් පස්නමක්ද උපසම්පදා පෙරහැර මංගල්,යට සහභාගී කරවා ගනිති. මෙවැනි උපසම්පදා පෙරහර පහක් පමණ පැවැත්වීම සිදුවේ. එදා රජවාසල විසින් පිරිකර පූජා කරන ලදී. අද දියවඩන නිලමේ තුමා විසින් වාහල නාග නම් ඔටුන්න පැළඳවීම (දියවඩන නිලමේතුමා නොමැති අවස්ථා වලදී කාරිය කරවන කෝරාළ විසින් මෙම චාරිතර වාය ඉටුකරනු ලබයි.* හා අට පිරිකර පූජා කිරීම සිදුකෙරේ. එසේම පොසොන් පොහෝ දිනයේදී දර්ශනීය පොසොන් පෙරහර මංගල්ලය වීදි සංචාරය කරනු ලබයි.
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    දළදා තේවාව
    ද්‍රවිඩ භාෂාමය "තේවෙයි" යන වචනයෙන් නිපන් තේවාව යන පදය සේවාව, මෙහෙය යන අරුත්හි ගැනේ. ඊටම තේවය, තේව යනු ද භාවිතා වේ. බුද්ධෝපස්ථාන, බුදු පුද, පුද සිරිත්, පූජා චාරිත්‍ර, පූජා විධි, පුද පිළිවෙත් යනාදී ආමිස පූජාමය බුදු පුද දැක්වීමේදී තේවාව යන අරුතින් ද ඈත එපිට උඩරට පිටිසර ගම්මානයන්හි සේවය යන අරුතින් ද තේවාව යන පදය භාවිතා කෙරේ.

    දළදා වහන්සේ රාජ්‍ය උරුමයෙහි සංකේතය වූයෙන් දළදා තේවාව රජ මාලිගාවේ සේවාවන්, වතාවත් හා සමග සම්මිශර පදණය වී රාජකාරි ස්වරූපය ගෙන වර්ධනය වී ඇත. වර්තමානයෙහි පවත්නා බොහෝ දළදා තේවා විධි සිව්වන පරාක්‍රමබාහු රජු දවස කෙරුණු දළදා සිරිතෙහි එන ව්ය්වස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. නායක්කර්වංශික රජවරු යටතේ ඇතැම් හින්දු ආගමික පුද සිරිත් ලක්ෂණ ද, වර්තමාන දළදා පුද සිරිත් වලට එක්වී ඇති බවක් දක්නා ලැබේ. රජ මාලිගාවේ රජුට ඉටු කෙරෙන බොහෝ සේවාවන්ට සමාන සේවාවන් දළදා වහන්සේ විෂයෙහි ද ඉටුකළ බව අද දක්වාත් පැවතගෙන එන දළදා තේවා විධි තුළින් අනාවරණය වේ. පෙර රජ දවස දිනපතා ශීරෙහි දළදා මාලිගාවෙහි පැවැත්වෙන අමුතු මුල්තැන් බුද්ධ පූජාව රජ මාලිගාවේ මුල්තැන්ගෙයි සම්පාදනය කොට හේම කදක තබා රජු විසින්ම දළදා මාලිගාව වෙත පයිංඩ කළ බව කියැවේ. දළදා සිරිතේ නව වන ව්යකවස්ථාවේ "මහරජු දළදා ගෙට ගොස් වඳනා කල සියලූ පිරිවර පිටත රඳවා පිරිසිදුව ආදර බුහුමන් ඇතුව ගෙට වැද මුසුන් ගෙන ගෙය ඇමැද අත් දෙව රුවන් හා මල් ආදිය පුද නව අරහාදි බුදු ගුණ මෙනෙහි කැර පුද වැඳ පන්සිල් සමාදන් විය යුතුය." "රජවරුන්ගෙන් පොහොයක් පාසා පොහොතලියක් පූජා කළ යුතුය." "රජ ඇමතියන් තමන්ගේ තරාතිරමට අනුකූලව මාණ්ඩලික තලිය ඇතුළුව දවස එක් කෙනෙකු බැගින් බත් පාතර.ැඳ පූජා කළ යුතුවිය. මේ කරුණු තුළින් දළදා තේවා සම්බන්ධයෙන් රජුගේ සබැ`දියාව මනාව පැහැදිලි වේ.


    දළදා තේවා බුද පුද වත් පිළිවෙත්
    ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අගරෙන් උපස්ථායක ලෙස කටයුතු කළේ ආනන්ද මහතෙරුන් වහන්සේය. උන්වහන්සේ විසිපස් වසරක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ලක් සේ පැවතෙමින් ගෞරවයෙන්, භක්තියෙන්, ස්නේහයෙන් සියලූ බුද්ධෝපස්ථාන බුදු පුද ඉටුකළහ. බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත සියලූ ධර්මය අසා දැන බහුශරැෙන තභාවයෙන්, ධාරණ ස්මෘතියෙන් අගයන්ගෙන් ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි දැක් වූ සෙනෙහස, ගෞරවය අපරිමිතය. පිවිතුරුය. කිසිදු ලාභ පර් වයෝජනයන් හෝ පරන් ශංසාවන් අපේක්ෂා නොකර ස්වකීය ජීවිතය බුද්ධෝපස්ථානයට කැපකළ ශරායන්වකයන් වහන්සේ නමකි.

    වර්තමානයෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා බුදු පුද දක්වනුයේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ මහනුවර වැඩසිටින ශීර් ව දළදා වහන්සේය. ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ ඉටුකළා වූ සියලූ චිරාගත සාම්පර‍න්දායික බුද්ධෝපස්ථාන බුුදු පුද, තේවා කටයුතු අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා පරාන මුඛ එම විහාර වාසී මහා සංඝ රත්නය වෙතය. වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත් කෙරෙන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනෙකුගේ පරන්වධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්්ධ කෙරේ.

    සාම්පරගේ දායික තේවා කටයුතු
    වාර්ෂිකව ඇසළ මාසයට එළඹෙන පසලොස්වක පෝය දිනයේදී මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහා නායක ස්වාමීන්දරසල යන් වහන්සේලා දෙනමගේ හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමාගේ පරිග ධානත්වයෙන් ශරීව දළදා තේවා මුර මාරුවීම සිදුවේ. එම අවස්ථාවේදී ඉහළ මාලයේත්ල පල්ලේ මාලයේත්ල පත්තිරිප්පුවේත්ල තේවාභාර ස්වාමීන් වහන්සේලා වැඩසිටින පන්සලේත් ඇති භාණ්ඩ ලේඛන ශරී දළදාමාලිගාවේ ලේකම් මොහොට්ටාල විසින් එකින් එක කියවා පෙන්වා භාණ්ඩභාරදීම සිදුකෙරේ. අනතුරුව එම ලේඛන අතිගරු මහානායක ස්වාමීන්දුයන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා අත්සන් තබා කෙටි අනුශාසනාවක් පවත්වා අදාල යතුරු භාරගැනීම හා භාර දීම සිදුකෙරේ. මෙසේ ශරීටි අ දන්තධාතූන් වහන්සේ උදෙසා දිනපතා තේවාකටයුතු ඉටු කිරීමේ භාග්යනය ලැබීම භික්ෂු ජීවිතයේ වාසනාවන්ත පින්බර අවස්ථාවක් සේ සැලකේ.

    එය පෙර පිනෙන් ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අදාල පාර්ශවය තේවා කටයුතු භාර ගැනීiමන් පසු දියවඩන නිලමේතුමා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා වස් වැසීම සඳහා ආරාධනා කරනු ලැබේ. අතිගරු මහානායක ස්වාමීන්දරවි යන් වහන්සේලා සතුව පවතින සාම්පරාධනදායික තේවා භාර කාරීත්වය තමන් වහන්සේ වෙනුවෙන් නියමිත වර්ෂය පුරා ඉටුකිරීම සඳහා එකී පාර්ශවයේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් යොදවා ගැනීම සිරිතයි. එම තුන් නම පත්කරනුයේ උඩමාලයට දෙනමක් හා පල්ලේ මාලයට එක්නමක් වශයෙනි. එභෙත් මෑතක දී සිට පත්තිරිප්පුව සඳහා තවත් ස්වාමීන් වහන්සේ නමක් පත්කිරීම සිදුවේ. බුදුරජාණන් වහන්සේට ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටුකළාවූ සියලූ බුද්ධ උපස්ථාන එසේම ශරීි දළදා තේවා භාර ස්වාමීන් වහන්සේලා ශරී නි දළදා වහන්සේ උදෙසා ද ඉටුකරති.

    තේවා කටයුතු නියමිත භික්ෂූන් වහන්සේලාට ගිහිභාරකාර දියවඩන නිලමේතුමා, කාරිය කරවන කෝරාව වට්ටෝරුරාළ, කත්තියන රාළලා දෙදෙනා, ගෙපරාළ, හක්ගෙඩි අප්පු, දොරේ ආරච්චි, පල්ලේමාල රාළ, මුළුතැන් රාලළා දෙදෙනා ආදී ගිහි සේවා කට්ටලයක සහාය ද ලැබේ.

    මීට අමතරව හේවිසි තම්මැට්ටම් ම`ගුල් බෙරය හොරණෑව ආදී භාණ්ඩ නියමිත තේවාමුර සඳහා වාදනය කිරීමට පනික්කි මුර හතරක සහාය ලැබේ. කවිකාර මඩුවල නානුමුර මංගල දිනවලල පෝය දිනවල හා වෙනත් උත්සව අවස්ථාවන් වල ශරීක දළදා ගුණ ගායනා කරති. උඩැක්කි දෙකයි පන්තේරු දෙකයි තාලම්පොටයි ඔවුන්ගේ වාද්යන භාණ්ඩ වේ. විශේෂයෙන් පෙරහැර දිනවලදී පෙරහර කරඬුව බැහැරට වැඩම වූ අවස්ථාවේ සිට පෙරහර ගෙවදී කරඬුව තැන්පත් කරන තුරු නොකඩවා ශරීිශේ දළදා ගුණ ගායනා කිරීම චාරිතරිට යක් වශයෙන් පැවැත්වේ.

    අති උත්තම දළදා බුදපුද තේවාවන් සඳහා භාවිතා කෙරෙන විවිධ පූජා උපකරණ වස්තූන් රාශියකි. ඒවා කෞතුක වශයෙන්ද, පූජනීය වශයෙන්ද ඉතා අගනේය. මෙම පූජනීය වස්තූන් අතර කීර්ති ශීරවා රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද ඉදිකටු හුලාව, කඩකැතිය (දැලිපිහිය* ආදිය ඇතුළත් අටපිරිකර, රනින් හා මැණිකෙන් නිමවන ලද අවාන, රන්මිටකින් නිර්මිත චාමරය, රන් වටාපත, මහරන් කෙණ්ඩිය කුඩා රන්කෙන්ඩිය, රනින් තැනූ මිනි ගෙඩිය, රනින් නිමවූ සඳුන් හෙප්පුව, කබරෝස මල කීර්ති ශීරිය රාජසිංහ රජුගේ මෑණියන් පූජා කළ අගනා මැණික් ඇල්ලූ දළුමුර තට්ටුව හා ඇහැලේපොළ අධිකාරම පූජා කළ මුදුනට ගලක් බැදි කෙණ්ඩිය, කැටයම් කළ රන් හෙප්පුව, රනින් කැටයම් කළ හුණු හැඳි, රිදී හුණු කිල්ලෝටය, රන් හඳුන් හෙප්පුව, රන් කපුරු පහන් තිර, රන් පාතරටුව, ශීර , විජය රාජසිංහ රජුගේ අගමෙහෙසිය පූජා කළ රන් පාතර මෑය, ආදිය අතිශයින් අගනේය.

    අලූයම 5.15 ට පමණ හේවිසි කරුවෝ අලූයම් දුරය අරඹති. ඒ හේවිසි පද ඇසෙත්ම තේවා භාර තෙරුන් වහන්සේලා හා ගිහි නිලකරුවෝ තේවා කටයුතු සඳහා සූදානම් වෙති. තේවාවෙහි නියුක්තවන තෙරුන් වහන්සේලා අඳනය ඇඳ, දෙපට සිවුරක් පොරවා, එය නොගැලවෙන සේ කරිසිමවත්ව පළල් පටියකින් බඳිනු ලැබේ. අනතුරුව සඟල සිවුර වම් උරමත දෙපැත්තට එල්ලෙන සේ දමා නැවත ද පටියකින් බඳී. මෙසේ පටි බැඳගෙන තේවා කටයුතු සඳහා සූදානම් වන්නේ දළදා වහන්සේ උදෙසා ඉටුකෙරෙන පූජා විධි කිසිම අවහිරයකින් තොරව ඉතා ගෞරවයෙන් සිදුකිරීම සඳහාය.

    උඩමාලේ ගිහි සේවක පිරිස ද තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසී නියමිත වේලාවට තේවා භාර නායක ස්වාමින්ද්ර යන් වහන්සේගේ ලැගුම් ගෙට පැමිණ සිටිය යුතුය.

    ඉන්පසු පට ලේන්සුවකින් එතූ යතුරු මිටිය තේවා භාර නායක ස්වාමින්ද්රවයන් වහන්සේ විසින් වට්ටෝරුරාළට භාරදෙනු ලැබේ. ඔහු මහත් ගෞරවයෙන් යතුරු මිටිය උරමත තබාගෙන වැඩසිටින මාලිගාව කරා යතුරු පයිංඩ කිරීම අරඹයි. උදෑසන තේවා මුරයේදී පන්දම්කරු අත් පන්දම රැුගෙන ඉදිරියෙන් පසෙකින් ගමන් කරයි. ඉන්පසු පළමුව යතුරු පයිංඩ කරන වට්ටෝරුරාළ ද, අනතුරුව පිළිවෙලින් තේවා භාර නාහිමිපාණන් වහන්සේ, දෙවන තේවා භාර හිමිපාණන් වහන්සේ, පල්ලේමාලේ තේවාභාර ස්වාමින්වහන්සේ, පත්තිරිප්පුවේ ස්වාමින්වහන්සේ හා ගිහිසේවක පිරිස ගමන් කරති.

    හේවිසි මණඩපය අසලට ලඟාවූ විට පැන් බඳුනෙන් පා දෝවනය කරගෙන ඇත්දත් වාහල්කඩ ඉදිරියේ සඳගල අසලදී යතුරු මිටිය ලිහා පල්ලේමාලේ යතුර පල්ලේමාලේ රාළට භාරදෙයි. අනතුරුව වැඩසිටින මාලිගාවේ දොරවල් එකිනෙක විවෘත කර ගන්ධ කුටියේ දොර විවෘත කර අවසන් වූ පසු ඝංඨාරය නාදකරයි. තේවා භාර නායක ස්වාමින්ද්රවයන් වහන්සේ දොහොත් මුදුන්දී නමස්කාර කරමින් ධාතු මන්දිරයට ඇතුල්වේ. පත්කඩය එලා පසඟ පිහිටුවා වැඳ පහන් දල්වයි. ¥විලි පිස දමයි. නැවත දෑත් දෝවනය කරගෙන, බොල පැන පයිංඩ කරන තුරු තේවා උපකරණ සූදානම් කරගනී. මේ අතර ගෙපරාළ බොලපැන පයිංඩ කරගෙන උඩමාලයට පැමිනෙත්ම හේවිසි පූජාව නැවත ඇරඹේ.

    බොලපැන පයිංඩ කළ පසු රන් කෙණ්ඩි පුරවා තබයි. මල් ආසනයෙහි පරමල් ඉවතලා අලූත් මල් තබා තිර මෑත් කොට සුළු වේලාවක් වන්දනා කරුවන් සඳහා ඉඩ සලසා දෙයි. මේ අතර වාරයේ කත්තියනරාළ හේමකද පයිංඩ කරයි. මල්පූජා කිරීම අවසානයේ දොරවල් වසා පූජා කටයුතු අරඹති. තේවාභාර හිමිවරු ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටු කරනු ලැබුවා වූ මුව දෝවනය සංකේතවත් කිරීම සඳහා උණු පැන් කෙණ්ඩිය උඩට ඔසවා යළිත් පහත් කොට පූජාකරයි. අනතුරුව රන්මිට යෙ¥ දැහැටි පූජා කරයි. පූජාවෙන් පසු දැහැටිය ඉවත්කර රන්මිට ආසනය මත තැන්පත් කරනු ලැබේ. ඉන්පසු තුන්වරක් කාලංසියට පැන් වත් කරයි. මින් ශීර්කර මුඛය දෝවනය කිරීම සංකේතවත් කෙරේ. සේදීම සංකේතවත් කිරීමෙන් අනතුරුව තෙත මාත්තුව සිදුවේ. මෙම පූජා අවස්ථාවේදී ගාථා සජ්ජායන කිරීම සිරිතය. තුන් සිවුරු පූජාවෙන් පසු, පා දෝවනය කිරීම සංකේතවත් කරමින් කාලංසියට ජලය ඉවත් කිරීම සිදුවේ. ඉක්බිති ආසන පූජාව ද චාමරයෙන් පවන් සැලීම ද නිමකර මිණිගෙඩි නාද කර මිණි පූජාව පවත්වේ. කපුරු පහන් පූජාව සිදු කොට පසඟ පිහිටුවා වැඳ අවසන් වෙත්ම ඝංඨාරය තුන්වරක් නාදවේ. තේවාභාර හිමවරු නැවත දෑත් දෝවනය කරගෙන මල් පූජාව සිදු කරයි. ඉක්බිති සුළු වේලාවක් වන්දනා කරුවන්ට මල් පිදීමට ඉඩ සලසා දීමෙන් පසු නියමිත වේලාවට මල් ආසනය පිරුවටයකින් වසා ඒමත බුද්ධ පූජාව තැන්පත් කරති.

    උදෑසන බුද්ධ පූජාව සඳහා බතින් පිරවූ මහරන් පාතරද්ධය, කැඳ පාතරපිදය, බතින් පිරවු රිදී පාතරුරු දෙකක්, රිදී ව්යංුජන තැටි දෙකක්, අවුල්පත් භාජන දෙකක්, කුසලාන, බොලපැන පිරවූ රන් කෙණ්ඩිය ආදිය ආසනය මත කර් පමවත්ව, තැන්පත් කර ගාථා කියා ආහාර පූජා කොට තේවාභාර හිමිවරු මඳක් ගන්ධකුටයෙන් මෑත්වෙති. සුළු වේලාවකින් නැවත ගන්ධ කුටියට වැඩම කොට පූජා භාජන ඉවත් කරති.

    මෙසේ බුද්ධ පූජාව පවත්වා අවසන් වූ පසු නැවත වන්දනා කරුවන්ට මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

    තේවාවන් සඳහා නියමිත වේලාව අවසන් වූ පසු හක්ගෙඩිය පූගා ඝංඨාරය නාද කොට යළි දොරවල් එකිනෙක වසා පරීක්ෂා කොට පළමුව ගිහිපිරිස පිටතට පැමිණෙති. දෙවනුව තේවාභාර දෙවන හිමිද අවසානයේ තේවා භාර නාහිමි ද පහළට වැඩම කරති. පරණෙ ධාන රිදී දොර වසා අවසන් වී පල්ලේමාලේ යතුරු ද සඳගල අසලට පයිංඩ කළ පසු යතුරු මිටිය එකට ඔතා වට්ටෝරුරාළ විසින් පෙර පරිදි ලැගුම්ගෙට පයිංඩ කිරීම සිදු කරනු ලබයි. තේවාභාර ස්වාමින් වහන්සේලා ලැගුම්ගෙට වැඩම කළ පසු ගිහිසේවකයෝ උන්වහන්සේලාට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කර පිටවෙති. මේ අන්දමින් අලූයම තේවා කටයුතු අවසන් වීම සිදුවේ.

    දිනයේ පෙරවරු 9.30 ට ආරම්භ වන දහවල් නවපෑ බුද්ධ පූජාවේ මුල්ම පූජාව වෙන්වන්නේ රජතුමා වෙනුවෙන්ය. ඒ අනුව පළමු මහරන් පාතරල් ය රජතුමාට වෙන්වේ. කුඩා රන්පාතරවෙන වලින් එක් පාතරපරණයක් කාරිය කරවන කෝරාළට ද, වට්ටෝරුරාළට තවත් කුඩා රන් පාතරරජතයක් ද, තවත් රන් පාතරේඅසයක් ගෙපරාළට ද, කත්තියනරාළට රිදී පාතර අනයක් ද තවත් රිදී පාතරතරරයක් දොරේ ආරච්චිට ද, පිත්තල පාතරල්නයක් හක්ගෙඩි අප්පුට ද වෙන්වේ. පූජා පිළිවෙත් උදෑසන පූජා සිදු කළ ආකාරයටම ඉෂ්ට සිද්ධ වේ.

    සවස පරනර ධාන වශයෙන් ගිලන්පස පූජා දෙකක් පැවැත්වේ. දෙවන ගිලන්පස කීර්ති ශීර් ර රාජසිංහ රජතුමාගේ සමයෙහි සිට ආරම්භ වී ඇත. ශීර පූ දළදා වහන්සේ උදෙසා කෙරෙන බුද පුද තේවාවන් සඳහා රජතුමා ද සහභාගීවීම එදා පැවති සිරිතය. එක් දිනක් රජතුමා පරළදාමාධ වී පැමිණි අතර තේවාභාර නාහිමි නියමිත වේලාව අවසන්වූයෙන් දොරවල් වසා වැඩම කරන ලදී. මෙම සිදුවීමෙන් අනතුරුව රජතුමා විසින් කරන ලද ඉල්ලීමක පරසන තිඵලයක් වශයෙන් දෙවන ගිලන්පසක් පූජා කිරීම ඇරඹිණ.

    සවස ගිලන්පස පූජාවට සීනි, සූකිරි, අඹ, ඉඟුරු, මීපැණි, දොඩම්, අන්නාසි, උක්පැණි, හකුරු, මුද්රරප්පලම්, ඇල්තෙලිජ්ජ , ඉඟුරු දෝසි, ආදී ද්රීව්යඅ යොදා ගනී.

    අලූයම, දහවල්, හැන්දෑ, යන තුන්වරුවේදී පූජා සිදුකෙරන ආකාරයේ සුළු සුළු වෙනස්කම් දක්නට හැකිය. සමස්තයක් වශයෙන් ගත් කළ හේවිසි පූජාව, යතුරු පයිංඩ කිරීම, බොලපැන පයිංඩ කිරීම, හේම කද පයිංඩ කිරීම ආදී චාරිතරගත් වන්දනා කරුවන්ට දක්නට ලැබුනත් ගන්ධකුටිය අභ්යොන්තරයේ සිදුකෙරෙන වත් පිළිවෙත් බොහොමයක් රහසිගතව සිදුකිරීම සිරිතය.

    උඩමාලේ ගන්ධ කුටියේදී ශීරීම දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කෙරෙන වේලාවන්හිදීම පල්ලේමාලේ විහාරගෙහි ද තේවා කටයුතු සිදුකරනු ලබේ.

    තේවා කටයුතු සිදු කෙරෙන වේලාවන්
    නියමිත තේවාව පරණ වේලාවන්
    අලූයම තේවාව(හීල්දාන පූජාව) පෙ.ව. 5.30 - 7.00
    නව පෑ පූජාව(දවල් ආහාර පූජාව) පෙ.ව. 9.30 - 11.00
    හැන්දෑ තේවාව (සවස ගිලන්පස පූජාව) ප.ව. 6.30 - 8.00

    දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදුකෙරෙන සාම්පරද හදායික තේවා චාරිතරධප විධි පැරණි රජදවස ආරම්භ වූ ඒවාමය. එකල රජවාසලේ මුළුතැන් ගෙයි පිළියෙල කරන රාජ භෝජනයේ අගරෙරෙ කොටස අමුතු මුළුතැන් බුද්ධපූජාව නමින් හේමකදක (රන් කදක තැන්පත් කරවාගෙන රජතුමා විසින්ම ශරී අ දළදා මාලිගාවට පයින්ඩ කරන ලද බව පැවසේ. මහනුවර රජදවස අමුතු මුළුතැන් බුද්ධ පූජාව පයිංඩ කරන ලද හේම කද දැනට ශරී්මුළ දළදා කෞතුකාගාරයේ පරේව දර්ශනයට තබා ඇත.

    ශරීත දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදුකෙරෙන සාම්පරි‍නදායික තේවා චාරිතරදක විධි පැරණි රජදවස ආරම්භ වූ ඒවාමය. එකල රජවාසලේ මුළුතැන් ගෙයි පිළියෙල කරන රාජ භෝජනයේ අගරෙරෙ කොටස අමුතු මුළුතැන් බුද්ධපූජාව නමින් හේමකදක (රන් කදක තැන්පත් කරවාගෙන රජතුමා විසින්ම ශරී අ දළදා මාලිගාවට පයින්ඩ කරන ලද බව පැවසේ. මහනුවර රජදවස අමුතු මුළුතැන් බුද්ධ පූජාව පයිංඩ කරන ලද හේම කද දැනට ශරී්මුළ දළදා කෞතුකාගාරයේ පරේව දර්ශනයට තබා ඇත.

    හේවිසි පූජාව

    හේවිසි පූජාව සඳහා පනික්ක මුර හතරක් පත්කර ඇත. එම පණික්කමුර හතර නම් .

    1. ඉහළ දොළොස්පත්තුව. (කුරුණෑගල දිස්තරිඑම ක්කයේ මාවතගම ආදී පරශතුදේශ)
    2. පහල දොළොස්පත්තුව. (හිරියාල හත්පත්තුව ඇතුළු පරක් දේශ)
    3. දුම්බර.
    4. මාතලේ.
    යනුයි.

    මෙමම පනික්කිමුර පැවත එනුයේ දඹදෙණි රාජධානියේදී හා මහනුවර රාජධානියේදී රජවරුන් විසින් පත්කරන ලද පරම්පරා අතුරිනි. පැරණියේදී මොවුන් රජතුමා විසින් පත්කරනු ලැබුවද වර්තමානයේ එම පත්වීම් කරනුයේ ශරීප දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසිනි. මෙකී පළාත් වලින් පත්කෙරෙන ශරීරක්ල්පීන් දක්ෂ පරම්පරාවලින් පැවත එන අය විය යුතුයි. මෙම රාජකාරිය නොකඩවා නිසිලෙස ඉටුකිරීම සඳහා ඔවුනට ගම්වර පවරා දී ඇත්තේය. ශරීු දළදා මාලිගාවේ හේවිසි රාජකාරි දිනපතා අලූයම් බුද්ධ පූජාව, නවපෑ බුද්ධ පූජාව, හැන්දෑ ගිලන්පස පූජාව යන තුන් අවස්ථාවලදීත් බදාදා නානුමුර මංගල්ලය හා පෝය දිනවලත් සතර මංගල්ලය යන අවස්ථාවන්හිදීත් ඉටුකිරීමට නියමිතය. පෙරහර මංගල්ලයන්හිදී අවශ්යත නැටුම් ශිල්පීන් සපයා දීම ද මෙම පනික්කිමුර හතරට පැවරේ. දිනපතා තේවාවන් සඳහා හේවිසි වාදන සිදු කෙරෙන්නේ හේවිසි මණ්ඩපයේ සිටයි. අලූයම 5.15 ට පමණ තේවාව භාර ස්වාමීන්වහන්සේලාට සූදානම්වීමට අලූයම් දුරය නමින් දුරය නමින් මුල් හේවිසි වාදනය සිදුකරයි. ඉන්පසු තේවාවේ එක් එක් අවස්ථාවන් වලට අනුකූල වන පරිදි හේවිසි පද මාරු කරමින් වාදනය සිදුකරයි. බදාදා දිනවල නානුමුර මංගල්ලය අවස්ථාවේදී හේවිසි පද තරමක් වෙනස්ය. බදාදා දිනවල නාගසින්නම්, තබ්බෝරුව හා කයිතාලම යන භාණ්ඩ විශේෂයෙන් වාදනය කර×ිඬ ඊට අමතරව වැඩසිටින මාලිගාව වටා තුන්විටක් කුඩා පෙරහැරකින් පැද කුණු කරයි. උඩමාලයේ හඳුන්කුඩමට දකුණුපස බරාදයේ සිට කවිකාර මඩුවේ හතර දෙනා උඩැක්කිල පන්තේරු හා තාලම්පොට වාදනය කරමින් දළදා ගුණ ගායනා කරති. මෙසේ තූර්ය භාණ්ඩ වාදනයෙන් පූජා පැවැත්වීම පෙර සිටම පැවත එන චාරිතරඳුනයකි. හේවිසි වාදනයට අමතරව උඩමාලයට මල් හත්සීයක්ද පල්ලෙමාලයට මල් හත්සීයක්ද සපයා දීම පනික්කි මුරයට භාරයි. එසේම දිනපතා දෙන්නෙක් මුර කළ යුතුයි. මේ අයට මල්මුර පාතර ම ය හා පෝයදාට පෝය පාතරික්ය ලැබෙයි.

    සවස ගිලන්පස පූජාවට අවශ්‍ය උපාංගයන් සමහරක්

    1. සීනි.
    2. සූකිරි.
    3. මුද්දරප්පලම්.
    4. අඹ.
    5. අන්නාසි.
    6. පැණිදොඩම්.
    7. බටර් හෝ මාජරීන්.
    8. ඉ`ගුරු.
    9. ඉ`ගුරු දෝසි.
    10. තෙලිජ්ජ හෝ සුදුසු කෝඩියල් විශේෂයක්.

    දවල් දානයට අවශ්‍ය දෑ සමහරක්

    1. තම්බපු හාල් සේරු 32.
    2. ව්යාංුජන - 32 ක් (එළවළු වර්ග 32 ක් එකකින් ගරෑදාටම් 750 ක් බැගින් පමණ ගෙන සකස් කෙරේ.)
    3. කැවිලි වර්ග - දැති කැවුම් කොණ්ඩ කැවුම් දිය කැවුම් (හැඳි කැවුම් අතිරස ආදිය පිළියෙල කළ යුතුය.)


    දෙවන ගිලන්පස පූජාව ආරම්භ වූ ආකාරය

    තේවා කටයුතු අවසාන වී වැඩ සිටින මාලිගාවේ දොරවල් වැසූ පසු කවරෙකු සඳහාවත් යළි දොරවල් විවෘත නොකිරීම චිරාගත සම්පර වැදායයි. එසේ එක් දිනක තේවාව අවසන් වී දොරවල් වැසූ පසු කීර්ති ශරීිය රාජසිංහ රජතුමා ශරීි දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණියේය. එභෙත් රජ අණ නිසාවත් එදා තේවාව භාර හිමිවරු නැවත දොරවල් විවෘත කළේ නැත. එදා සිට රජතුමාගේ විශේෂ ඉල්ලීමක් අනුව දෙවන ගිලන්පස පූජාවක් පැවැත්වීමේ සම්පරනැ දාය ඇරඹිණ. මෙම නියමය චාරිතරන ගයක් වශයෙන් අඛණ්ඩව අද දක්වාම පවත්වාගෙන එයි.
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    දියවඩන නිලමේ

    පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.

    කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .

    දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ.

    "කොට්ටෙ කළාලේ කිසිල්ලේ

    දත මැද ගෙන යන්න රාළේ"

    ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.

    පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.

    මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.

    මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.

    දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය.

    ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.

    දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.

    වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    ශ‍්‍රී දළදා මාළිගාවේ කාර්යාංශයන්

    බෞද්ධ පින්වතුන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන අයුරින් ශී‍්‍ර දළදා මාළිගාවෙන් ඉටුවිය යුතු ආගමික, ජාතික, සංස්කෘතික, සාමාජික සත්කාර්යයන් මනාව සැලසුම් කර වඩාත් ඵලදායි ලෙස ක‍්‍රියාවට නැංවීම සඳහා ශී‍්‍ර දළදා මාළිගාවේ කාර්යභාරයන් කාර්යාංශ වශයෙන් වෙන් කොට ක‍්‍රියාවට නැංවීමට වර්තමාන දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මැතිදුන් කටයුතු යොදා ඇත. එමගින් වඩාත් සැලසුම්ගත විධිමත් පරිපාලන රටාවක් මත සියලූ කාර්යයන් වඩාත් සාර්ථකව ඵලදායි ලෙස මෙහෙයවීමට හැකිවී ඇත්තේය.

    පැරණි ශ‍්‍රී දළදා මාළිගාවේ පරිවාර ගොඩනැගිලි අතර 2500 සම්බුද්ධ ජයන්තිය අනුස්මරණය කරනු වස් ගොඩනැගූ දෙපස ගොඩනැගිලි දෙක වැදගත් තැනක් ගනී. ඉන් වම් පස ගොඩනැගිල්ලෙහි තේවා කාරක භික්ෂුන් වහන්සේගේ ලැගුම් ගෙය පිහිටා ඇත්තේය.

    දකුණු පසින් පිහිටා ඇත්තේ දියවඩන නිලමේ තුමාගේ කාර්යාල සංකීර්ණයයි. කාර්යාල සංකීර්ණයේ උඩ මහලෙහි දියවඩන නිලමෙතුමාගේ කාර්යාලය පිහිටා ඇත. එම කාර්යාලයට යාව ඇත්තේ සුවිශේෂිත අමුත්තන් පිළිගන්නා කාමරයයි. එතුමාගේ කාර්යාලය තුළදී මෙතෙක් සිටි දියවඩන නිළමේ වරුන්ගේ ඡුායාරූප එකතුවක් දක්නට හැකිය.



    පරිපාලන කාර්යාංශය

    පරිපාලන කාර්යාංශය පහත මාලයෙහි පිහිටා ඇත්තේය.

    ශ‍්‍රී දළදා මාළිගාවේ කාර්යාලවලීන් වර්තමාන කාලීන අවශ්‍යතා අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී. එබැවින් පරිපාලන ලේකම් වරයෙකු යටතේ මෙම කාර්යාංශයේ කටයුතු වඩාත් විධිමත් කොට බැතිමතුන්ගේ පහසුකම් සලසා දීමටත් සේවක කළමනාකරණය නිසි පරිදි ඉටු කිරීමටත් පියවර ගෙන තිබේ.

    මූල්‍ය කාර්යාංශය

    ශ‍්‍රී දළදා මාළිගාවේ මූල්‍ය කටයුතු විනිවිද ස්වරූපයකින් විධිමත් මූල්‍ය කළමනාකරණ ක‍්‍රියා දාමයක් තුළින් ක‍්‍රියාවට නැංවීමට මෙම අංශය වග බලා ගනී. ආදායම් තත්ත්වය සුරක්ෂිත කොට සුදුසු අවශ්‍යතාවයන්ට නිසි පරිදි විය හියදම් කිරීම ඔවුන් සතු වගකීමකි. වාර්ෂික අයවැය ඇස්තමේන්තුව සකසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමාගේ අනුමැතිය ලබා නිසි ලෙස අයවැය පවත්වාගෙන යාම හා විගණන කටයුතු තුළින් මූල්යජ කටයුතු වල විනිවිදභාවය තහවුරු කොට සයමාසික වාර්තා සකස් කොට උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය ඇතිව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යභාරය ද මෙම අංශයෙන් ඉටුවේ.

    ඉඩම් කාර්යාංශය

    සිංහලයේ රාජ රාජ මහාමාත්‍යාදීන් හා වෙනත් දීමනා කරුවන් විසින් ශ‍්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජා කරන ලද කුඹුරු ඉඩ කඩම් මනාව පරිපාලනය කිරීම, නිසි ආදායම් ලබා ගැනීම, ඒවායේ අයිතිය සුරක්ෂිත කර ගැනීම, බදු කරුවන්ගේ අවශ්‍යතා සපුරා දීම, යනා දී කරුණු රාශියක් මෙම කාර්යාංශයෙන් ඉටු වේ.

    දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය

    ශී‍්‍ර දළදා මාළිගාවේ ආගමික උත්සව කටයුතු මනා ලෙස ක‍්‍රියාවට නැංවීම, දිවයිනේ රජමහා විහාර ඇතුළු සිද්ධස්ථානයන්හි සංවර්ධන කටයුතු වලට සහාය වීම, මහා සංඝ රත්නය උදෙසා සිව්පසය සැලසීමාදි කටයුතු අවශ්‍යතා හඳුනාගෙන ඉටුකිරීම, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් සලසාදීම, ගිහි බෞද්ධයන්ගේ සුභසාධන කටයුතු සඳහා හැකි අයුරින් දායක වීම. දහම් පාසල් අධ්‍යාපනය නගාලීම දිළිඳු බෞද්ධ ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ලබාදීම වැනි කටයුතු සැලසුම් කොට ක‍්‍රියාවට නැංවීම මෙම අංශයේ ප‍්‍රමුඛ කාර්යභාරයයි. වර්තමාන දියවඩන නිළමේතුමා මෙම අංශය තුළින් මහජන සත්කාරක සේවා, විහාරස්ථාන හා දහම්පාසල් සංවර්ධනය ආදි ව්‍යාපෘති සම්පාදනය කොට දැනටමත් ඉන් කීපයක්ම ඉතා සාර්ථක ලෙස ක‍්‍රියාවට නංවා ඇත.


    විදේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය

    ජාත්‍යාන්තර ප‍්‍රජාවට බුදු දහම හා ශ‍්‍රී දළදා මාළිගාව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන පිළිබ`ද නිවැරදි දැනුම හා යහපත් ආකල්පයන් ඇති කරලීමත් එමගින් ශාසනිකවූත් ජාතිකවූත්, සාමාජික වූත්, සංස්කෘතිකවූත් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හා ඒ ස`දහා ජාත්‍යාන්තර ප‍්‍රජාවගේ සම්බන්ධතාවය දිනා ගැනීම මෙම අංශයේ ප‍්‍රධාන කාර්ය භාරය වී ඇත්තේය. ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ අධ්‍යාපන කටයුතු අරඹා ඇති අතර, යෝජිත නේවාසිකාගාරය ගොඩනැගෙමින් පවතී. යෝජිත භික්ෂු රෝහල, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම, ජාත්‍යන්තර බෞද්ධ ශිෂ්ටාචාරය විදහා දක්වන කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම ආදි ව්‍යාපෘති සඳහා විදේශීය ප‍්‍රජාවගේ දායකත්වය දිනාගැනීමට මෙම කාර්යාංශය ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත.


    මාධ්‍ය කාර්යාංශය

    ශ‍්‍රී දළදා මාළිගාව හා අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබද යහපත් සංනිවේදන කාර්ය භාරයක් ඉටුකරලීම තුළින් නිවැරදි සත්‍ය තොරතුරු නව තොරතුරු තාක්ෂණය තුළින් මාධ්‍ය ක්ෂේත‍්‍රයට හා ශ‍්‍රාවක ප‍්‍රජාවට ලබාදීම මෙම අංශයේ මූලික අරමුණ වී ඇත.


    පෙරහර කාර්යාංශය

    ශ‍්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලය හා වෙනත් උත්සව මනාව සංවිධානය කොට පැවැත්වීම හා උඩරට නර්තන වාදන ශිල්පීන්ගේ කුසලතා වර්ධනයට අවකාශ සලසා දීම, චිරාගත සම්ප‍්‍රදායානුකූල පුදසිරිත් ආරක්ෂා කොට පවත්වාගෙන යාමට හැකි වන සේ සංස්කෘතික කටයුතු මනාව සංවිධානය කොට ක‍්‍රියාවට නැංවීම මෙම අංශය තුළින් ක‍්‍රියාත්මක වේ
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    ශ්‍රී දළදා කෞතුකාගාරය

    පළවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් සෙංකඩගලපුර රාජධානියෙහි ස්වකීය රජ මාලිගාව ආසන්නයේම ගොඩනගන ලද ඵෙතිහාසික ශීරතුම දළදා මාලිගාව හා සම්බන්ධ පුරාවිද්යාආත්මක වටිනාකම් ඇති පූජනීය පුරාවස්තු රාශියක් ඇත. පැරණි රජවරු, බිසෝවරු, අදිකාරම්වරු, දිසාවේවරු, අගමැතිවරු, ජනපතිවරු, මැතිඇමතිවරු හා විදේශීය ජනනායකවරුන් විසින් ශීරරජ දළදා වහන්සේට පූජා කරනු ලැබූ අනර්ඝතම පූජා වස්තු සමූහයක් ශීර, ජ දළදා මාලිගාවේ මහ අරමුදලේ ගබඩා කොට තිබුණි. බැතිමතුනට හෝ සංචාරකනයට හෝ ඒවා දැකබලා ගැනීමට අවකාශයක් නොවීය. ඵෙතිහාසික හා පූජනීය වශයෙන් අමිල වටිනාකම් ඇති මෙම පූජාවස්තු දෙස් විදෙස් බැතිමතුනට හා අනාගත පරපුරට දැකබලාගත හැකිවන පරිදි ශීරෙන් දළදා කෞතුකාගාරයක් ස්ථාපනය කොට එහි පරති දර්ශනය කොට තැබීමට කටයුතු කර ඇත. මෙම දර්ශනීය කෞතුකාගාරය අනාගත පරපුර සඳහා උරුම කොට දුන් අනර්ඝ බෞද්ධ සංස්කෘතික දායාදයකි. මෙහි තැන්පත් කර ඇති පූජනීය පුරාවස්තු දැකබලා ගන්නා අනාගත පරපුරේ හදවත් තුළ ශීර ද දළදා සංස්කෘතිය හා සාරධර්ම සවිමත්ව රෝපණය වනු නිසැකය.

    විශේෂයෙන් ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රභාෂ්වර සංස්කෘතිය කෙරෙහි අනාගත පරපුරේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම ඉලක්ක කොට මෙම කෞතුකාගාරය සැලසුම් කොට නිර්මාණය කර ඇත.
    ශ්‍රී දළදා මාලිගාව නව බුදුමැදුරට පිවිසි ඔබ එහි පිටත පටු ආලින්දය තුළින් පියගැටපෙළ දිගේ ඉහළට නැගි විට පළමුව පිවිසෙන්නේ ශ්‍රී දළදා කෞතුකාගාරයේ ඉහළම මාලයටයි. එහිදී ප්‍රදර්ශක භාණ්ඩ රාශියක් දර්ශනීය ලෙස තැන්පත් කර තිබෙන අයුරු ඔබට නැරඹිය හැකිය.

    සිරිපතුල
    කීර්ති ශීරදු රාජසිංහ රජු දවස (1753) සියම් දේශයෙන් (තායිලන්තයෙන්) ස්යා මෝපසම්පදාව ගෙන උපාලි මහතෙරුන් වහන්සේ පර ව මුඛ පිරිස අත එහි රජු විසින් ශීරේශය දළදා මාලිගාවට පූජා කර එවනු ලැබූ රන් නූලෙන් වියන ලද බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ අනුරුවකි.
    1.jpg

    කැටයම් කරන ලද ඇත්දත් දෙක

    ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇති මෙම ඇත්දත් ජෝඩුව බුරුමයෙන් ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේට පූජා කරන ලද්දකි. ශීර කර දළදා කෞතුකාගාරයේ ඉහළ මාලයේ ඉහත දැක්වෙන ආකාරයේ කෞතුක භාණ්ඩ වලට අමතරව දේශීය හා විදේශීය පැරණි කාසි වර්ග, උඩරට විවිධ ආභරණ වර්ග, ශ්‍රී ධාතුන් වහන්සේ වෙත පූජා කරන ලද නානාවිධ පූජා භාණ්ඩ, ශ්‍රී දළදා වහන්සේ උදෙසා කෙරෙන තේවා කටයුතු වලට යොදා ගන්නා තේවා භාණ්ඩ රාශියක් මනාව සැලසුම් කොට තැන්පත් කර ඇති ආකාරය නැරඹිය හැකිය. අනතුරුව ඔබ ඉහළ මාලයේ සිට දකුණට වැටී ඇති පියගැටපෙළ දිගේ පහළට ගමන් ගන්නා විට ශ්‍රී දළදා කෞතුකාගාරයේ දෙවන මාලයට පිවිසය හැකිය.

    2.jpg


    කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ඇඳුම් කට්ටලය
    මෙහි පර කවදර්ශනයට තබා ඇති කීර්ති ශීරෙන් රාජසිංහ රජතුමාගේ ඇඳුම් කට්ටලය මහනුවර යුගයේ රජවරුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හදාරන අයට අතිශයින් ප්‍රයෝජනවත් වේ.

    1. හිස්වැසුම - ඔටුන්න නොපලදින අවස්ථා වලදී පැළඳීම සඳහා භාවිතා කරන ලදී.
    2. කමිසය - කපු පිලියෙන් නිමකර ඇත.
    3. මන්තය - කර වටා ඇඳුම් වලට උඩින් පපු වැස්ම වශයෙන් ඇඳිනු ලැබූවකි.
    4. සරුවාලය - ඉන පෙදෙසේ සිට කලිසමක් පරිදි පාද දක්වා ආවරණය වන පරිදි මසා ඇත.
    5. කවනිය - සරුවාලයට උඩින් අදින කපු පිලියෙන් නිම වූ රන් නූලෙන් ගෙත්තම් කරන ලද්දකි.

    3.jpg

    ලේන්සු
    රජතුමා භාවිතා කළ ලේන්සු 05 ක් පරරීමදර්ශනයට තබා ඇත. පළමුවැන්න විශේෂ කටයුතු වලදී භාවිතා කළ ලේන්සුව. දෙවැන්න රජුගේ අත් ලේන්සුව. තෙවැන්න ශීරට ත දන්ත ධාතුන් වහන්සේ වෙත දානය පිළිගැන්වීමේදී පාතරසුවය තැබීම සඳහා භාවිත කළ පේය ලේන්සුව. සතරවැන්න රජතුමා හේමකඳ ගෙනයාමේදී කරවටා දැමූ ලේන්සුව. පස්වැන්න වැඳුම් පිඳුම් කිරීමේදී දණහිස තැබීමට භාවිත කළ ලේන්සුව යනුවෙනි


    4.jpg
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    E-සඟරාව

    http://www.sridaladamaligawa.lk/si/e-magazine-sin

    ලිපිනය

    ශ්‍රී දළදා මාළිගාව.
    මහනුවර.

    දුරකථන අංකයන් +94 812234226
    +94 812204867

    ෆැක්ස් අංකයන් +94 812236201
    +94 812236202
    ඊ මේල් ලිපිනයන්

    දළදා මාලිගාව [email protected]
    දියවඩන නිලමේ [email protected]
    පරිපාලන අංශය [email protected]
    ගිනුම් අංශය [email protected]
    ජාතික බෞද්ධ කටයුතු [email protected]
    අන්තර් ජාතික බෞද්ධ කටයුතු [email protected]
    අන්තර් ජාතික බෞද්ධ අංශය [email protected]
    පෙරහැර කාර්යාලය [email protected]
    මාධ්‍ය අංශය [email protected]
    ඉඩම් අංශය [email protected]

    http://www.sridaladamaligawa.lk

    http://www.facebook.com/sridaladamaligawa
    http://twitter.com/daladamaligawa
    http://vimeo.com/sridaladamaligawa
     
    Last edited: