ඔබත්_ගොනාට_ඇන්දාද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබත්_ගොනාට_ඇන්දාද_?

    ඔබත් ගොනාට ඇන්දාද ?

    01-49.jpg

    අපේ රට එහෙමත් නැත්තන් ශ්‍රී ලංකාද්වීපයයද ඇතුළුව මේ මිහිතලයේම ජීවත් වන මානව වර්ගයාට දැනට ටික කලකට පෙර සිට ඉතාමත් දරුණු ලෙස විවිධ ඌණතා වලින් පිඩා විදින බව ඔබ නෙයෙකුත් ප්‍රචාරක මාධ්‍ය වලින් දැක ඇතිවාට කිසිදු සැකයක් නොමැත. විශේෂයෙන් කාන්තාවන් හා ළමයින්ට වගේම පිරිමි අපිටත් නොයෙකුත් ඌණතාවයන් ඇතැයි කියා නොයෙකුත් වර්ගයේ අහාරමය ද්‍රව්‍ය අපට විකුණා අපව එම ඌණතාවයන්ගෙන් මුදවා ගැනීමට ඔවුන් නොගන්නා උත්සහයක් නොමැත. එහෙත් එහි යතාර්තය නම් අපට වස විස කවා උන් පොහොසත් වීම මිස වෙන කිසිවක් නොවන බව ඔබට කිසි විටකත් වැටහුනාද ?

    ඔබ දන්නා තරමින් කාන්තාවන් අති භයානක ලෙස කැල්සියම් ඌණතාවයකින් පෙළෙනවා ද? ඔබගේ දරුවන් අති භායානක ලෙස මොලය අඩුකමකින් පසුවෙනවාද ? එහෙමත් නැමති නම් ඔවුන් ක්‍රියාශීලී නොමැතිව අලසකමකින් පසු වෙනවාද ? මෙලොව එලිය දකින්නට සිටිනා ඔබගේ දරුවාගේ මොළය වර්ධන අඩු කමක් තියෙනවාද ? සමහර විට ඔබ මේ සියල්ලටම දෙන පිලිතුර වන්නේ "ඔව්" යන්නයි. එසේනම් දැනට අවුරුදු 30කට 40කට පමණ පෙර කාලයේ ඉපිද මේ ලොකය මෙතරම් තාක්ෂණික වශයෙන් සහ අනෙකුත් සැම අකාරයෙන්ම දියුණුකල අතීත මානවා ඉහත සඳහන් ඌණතාවලට ලක්වූ වන් විය යුතුමය. නැත අතීත මානවයා ඒ කිසිදු ඌණතාවයකට ලක් වුයේ නැත. අතීතයේ සිටි හා වර්තමානයේ සිටිනා මහා දාර්ශණිකයන්, විද්‍යාඥයන්, සහ ජව සම්පන්න ක්‍රීඩකයන්ට ඔය කිසිදු ඌණතාවයක් තිබුනේ නැත. ඔවුන්ගේ මව්වරුන් ඔවුන් කුසයේ පිලිසිද ගත් දවසේ සිට අහාරයට ගත්තේ ස්වාභාවික ආහාර මිස කෘතිම ආහාර නොවන බව ඔබට සමහර විට අමතක වී ඇතුවාට සැක නැත. එම මව්වරු දරුවන්ගේ මොලය වැඩීමට විවිද නම් වලින් එන කිරි වර්ග පානය කලේ නැත, ඔවුන් එම දරුවන්ට කුඩා කල ශක්ති ජනක අඩංගු අහාර කැමට මිශ්‍ර කර දරුවන්ට ලබා දුන්නේද නැත. දැනට ලොකයේ ජීවත්වන වයස්ගතම මිනිසුන් කැල්සියම් අඩංගු කිරි වර්ග තරුණ කාලයේ සිටම පානය කලේද නැත.

    05-34.jpg

    වෙළෙන්දන්ගේ බොරු පුරාජේරු කථා, ආල වට්ටන් යොදා මාධ්‍ය මඟින් ලොකයාගේ දෑස් අන්ධ කර උන්ගේ අරමුණු ඉටුකරවා ගැනීම සඳහා අපව ගොනාට ඇන්දවීමේ මහා සත්කාරය ඉතාමත් වගකීමෙන් යුතුව ඉටු කරන අකාරය ඔබ අනන්තවත් දැක අත. ලොකයේ බොහෝ දෙනෙකු තම ශරීර සෞඛ්‍යට ගැන තීරණය ගැනීම වෙළෙන්දන්ට බාර දී, ඒ පිලිබඳව සිතීමේ ක‍්‍රියාවලියෙන් බැහැර වී ඇති බව ඉතාමත් කනගාටුවෙන් වුවත් කිව යුතුමය. මේ වෙළඳ දැන්වීම්කරුවන් ඉතාමත් හැගිම්බර ලෙස බොරු බේගල් ඇදබාමින්, ලොකයා බියට පත් කරමින් පෝෂණ ගුණයෙන් අඩු, රසායනික ද්‍රව්‍ය වලින් පොහොසත් පොෂණ ගුණයෙන් ඉතා ඉහල යයි කියා ගන්නා වෙළඳ භාණ්ඩ කන්දරාවක් උදේ ඉදන් රෑ වෙනකල් අපේ ශරීරගත කිරිමේ ජාතික මෙහෙවරට සැදීපැහැදී කටයුතු කරන ආකාරය ඔබට නොයෙක් විට දැක ඇත. මෙහි ඇති භයානකම පැත්ත වන්නේ ස්වාභාවික ආහාර අනුභවය කිරීම කිසිදු වැදගැන්මකට නැති මෝඩ ක‍්‍රියාවක් බවත්, නිසි පෝෂණයක් ලබා ගැනීමට නම් තම නිෂ්පාදන පිළිබඳව විශ්වාස තබන ලෙසත් පැවසීමයි.

    03-46.jpg

    අපේ රටේ හැදෙන ආහාර වර්ග වල සියලූ ම පෝෂ්‍ය පදාර්ථ සහ ප්ලෙවනොයිඩ, පොලිෆීනෝලික සංයෝග වැනි පිළිකා වළක්වන ප‍්‍රතිඔක්ෂිකාරක ඇතුළු සියළුම ගුණාන්ගයන්ගෙන් පිරිපුන් වුවත්, ඇතැම් කී‍්‍රඩකයන්, නිළියන් සහ මිසිස් පෙරේරලා කියන කියන විදියට අප කන බොන දේවල් පිළිබඳ ව තීරණ ගන්නා ඇත්තන්ට මේ කිසිවක් නො ලැබී යන්නට පුළුවන්. චුටියාගේ බංඩිය චණ්ඩි වීම කෙසේ වෙතත් චුටියා ලෙඩ වීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් සුශ‍්‍රැත ඍෂිවරයා පැසසූ අකාරයට ‘‘රටක ජනතාවකට ලැබෙන හොඳම ආහාර නම්, ඒ රටේ මහ පොළොව ඔවුන්ට ලබා දී ඇති ආහාරයි”.

    02-47.jpg

    ඇත්තටම මේ වෙළඳ දැන්වීම්වලින් කියන කතාව ඇත්තක් ද? අපේ රටේ, විශේෂයෙන් කාන්තාවන් හා ළමයින්, අති භයානක ලෙස කැල්සියම් ඌණතාවයකින් පෙලෙනද ? අපට කැල්සියම් තියෙන කෑම ජාති බෙහෙතකටවත් සොයා ගන්න බැරි ද?

    අස්ථිවල ඝණත්වය අඩු වීමෙන්, අස්ථි දුර්වල වී, බිඳී යාමට පවා ලක් විය හැකි, "ඔස්ටියෝපොරෝසිස්" කියන රෝගයත් බොහොමයක් නවීන රෝග මෙන්ම අපගේ ආහාර පරිභෝජන රටාවෙන් සහ චර්යා රටාවෙන් අපට ලැබුණු තෑග්ගකි. අතීතයේ ඔබගේ හතරවරිගේ කිසිවෙකුට මෙහෙම "ඇට කටු කඩන් වැටෙන රෝගයක්" තිබුනාද ?. තවමත් අපේ රටේ අති බහුතරයක් ආච්චි අම්මලා, වයස අවුරුදු හැත්තෑවේ අසූවේ දී පවා කොන්ද කෙළින් තබාගෙන යස අගේට ඉන්නවා නේද. ඒ, කෘත‍්‍රිම "කිරි පිටි වර්ග" හෝ "කෘතිම කෑම" නො කෑමේ ආනුභාවයෙන් බව සඳහන් කළ යුතුමය. දවසේ වැඩපලවල දී හොඳින් ශරීරයට ව්‍යායාම ලැබුණු, නැවුම් වස විස නැති කෑම ජාති ආහාරයට ගත්තු ගමේ ගොඩේ උදවිය මේ රෝගය හැදුණේ නෑ නේද ?

    ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් බේරීම සඳහා ඔවුන් නිෂ්පාදනය කර ඇති කිරි වර්ග පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස අපට උපදෙස් දෙන වෙළෙන්දන්ගේ බේගල් වලට ඔබත් රැවටී සිටිනවා නම්, ඔබගේ දැන ගැනීම පිණිස අපේ රටේ සුලභ ආහාර වර්ග කිහිපයක ග්‍රෑම් 100ක් ඇති කැල්සියම් ප‍්‍රමාණයන් පහත දක්වා ඇත.

    03-44.jpg

    01. කිරි ගොඩයා - 6025
    02. කූණිස්සා - 4384
    03. තල ඇට - 1450
    04. කතුරු මුරුංගා - 1190
    05. මුකුණුවැන්න - 510
    06. මුරුංගා කොළ - 440
    07. කෙලවල්ලා - 440
    08. කුම්බලාවා - 440
    09. හාල්මැස්සන් - 429
    10. කුරක්කන් - 334
    11. කඩල - 287
    12. කොල්ලු - 287
    13. තම්පලාවල - 240
    14. කරවිල - 230
    15. මීකිරි - 210
    16. ගොටුකොළ - 224
    17. දිවුල් - 130
    18. රට ඉඳි - 120

    06-29.jpg

    දැන් අපගේ ශරීරයට දිනකට අවශ්‍ය කැල්සියම් සලකා බලමු.

    01. වැඩිහිටි ගැහැණු (අවුරුදු 50ට වැඩි) - මිලි ග්රෑම් 1200
    02. ආර්ථවහරණය ළං වූ කාන්තාවන් - මිලි ග්රෑම් 1000
    03. ගැබිනි සහ කිරිදෙන මව්වරුන් - මිලි ග්රෑම් 1000
    04. පිරිමි ළමුන් (අවුරුදු 10-18 අතර) - මිලි ග්රෑම් 600
    05. ගැහැණු ළමුන් (අවුරුදු 07-18 අතර) - මිලි ග්රෑම් 600
    06. ළදරුවන් - මිලි ග්රෑම් 500
    07. ගැහැණු ළමුන් (අවුරුදු 05-07 අතර) - මිලි ග්රෑම් 500
    08. වැඩිහිටි ගැහැණු (අවුරුදු 35-50 අතර) - මිලි ග්රෑම් 500
    09. වැඩිහිටි පිරිමි - මිලි ග්රෑම් 400
    10. වැඩිහිටි ගැහැණු (අවුරුදු 18-35 අතර) - මිලි ග්රෑම් 400

    වෙළඳ දැන්වීම් වලට අනුව, දවසකට කැල්සියම් කිලෝ ගණනින් අවශ්‍ය වනු ඇතැයිද ඔබට සිතුණත්, අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය වන කැල්සියම් ප‍්‍රමාණයන් තමයි මේ.

    තවද ගර්භනී මව්වරුන්ට අවශ්‍ය කැල්සියම් පෙති, රජයේ සායන මඟින් නොමිලේ ලබා දෙන බැවින්, අතිරේකව (ස්වාභාවික ආහාරවලින් හැර) කැල්සියම් අධිකව ලබා ගැනීම අනතුරුදායක විය හැකි බව තරයේ මතක තබා ගත යුතුය.

    ‘ඔස්ටියෝපොරෝසිස්’ රොගය වැළදෙන්නේ කැල්සියම් ඌණතාවය නිසා පමණක්මද?

    03-47.jpg

    ඔස්ටියෝපොරෝසිස් රෝගය කැල්සියම් ඌණතාවය පමණක් නිසා වැළඳෙන රෝගයක් නොවන බව මතක තබා ගත යුතුය, පහත සඳහන් හේතුද මේ සඳහා බලපානු ඇත.

    01. පවුලේ ඉතිහාසය (ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳුණු අය පවුල තුළ සිටීම)
    02. ආර්ථවහරණය සිදු වූ කාන්තාවක් වීම
    03. වයස අවුරුදු 45ට පෙර, ආර්ථවහරණය සිදු වූ කාන්තාවක් වීම
    04. සිහින් කෙසඟ සිරුරක් ඇති අයෙකු වීම
    05. දුම්පානය හෝ අක‍්‍රිය දුම්පානයට ලක්වන්නකු වීම
    06. ස්ටිරොයිඞ් කාණ්ඩයේ ඖෂධ නිතර ගන්නා අයෙකු වීම (උදා: ඇදුම,ආතරයිටිස් වැනි රෝග සඳහා)
    07. ශාරීරිකව ඔතෑනි, ව්‍යායාම අඩු අයෙක් වීම
    08. යෞවන වයසේ දී රෝගයකට ගොදුරුව මාසයකට වඩා වැඩි කාලයක් ඇඳට වී සිටි අයෙක් වීම
    09. යොවුන් වියේ දී නිතර ම අක‍්‍රමවත් ඔසප් චක‍්‍රයක් තිබූ තැනැත්තියක් වීම
    10. අස්ථි බිදීමකට ලක්ව, සුව වූ අයෙක් වීම
    11. "විටමින් D" ඌණතාවය
    12. "විටමින් C" ඌණතාවය
    14. "විටමින් K" ඌණතාවය
    15. යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබා නො ගන්නා අයෙක් වීම
    16. "ඔමේගා-III මේද අම්ලය" ඇති ආහාර සුලභව ලබා නො ගන්නා අයෙක් වීම.
    17. මානසික ආතතියෙන් අවපීඩනයෙන් නිතර පෙළෙන්නියක් වීම
    18. ක්ෂීර ප්‍රෝටීන් සහ මාංශ ආහාර වැඩිපුර පරිභෝජනය (කිරිපිටි බීමෙන්ද, ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳිය හැකි ය)

    කිරිපිටි සහ කිරි ආහාර නිෂ්පාදන කරනු ලබන ජාත්‍යන්තර සමාගම් විසින්, ඩොලර් බිලියන ගණන් වැය කරමින්, "ඔබට කිරි නො මැතිව ජීවත් විය නො හැක" කියා ඒත්තු ගැන්වීම සඳහා අති දැවැන්ත මාධ්‍ය ප‍්‍රචාරණ ව්‍යාපාර දියත් කළද කිරිපිටි ඇතුළු කිරි ආහාර පිළිබඳව ලොව පුරා කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇති තොරතුරු අනුව කිරි පිටි ඇතුළු කිරි නිෂ්පාදන සහ මාංශ ආහාර වැඩියෙන් අනුභව කරන කාන්තාවන්, ඉඳ හිට ඒවා ලබා ගන්නා කාන්තාවන්ට සාපේක්ෂව බලන විට "ඔස්ටියෝපොරෝසිස්" රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන බව නවතම පර්යේෂණවලට අනුව තහවුරු වී ඇත. කිරි ආහාරවල ඇති ක්ෂීර ප්‍රෝටීන මඟින් ආහාර ජීර්ණ පද්ධතිය තු දී "කැල්සියම්" අවශෝෂණය අවහිර කිරීම මෙයට හේතු වන බව වැඩිදුරටත් මෙම පරීක්ෂණ වලින් පැහැදිලි වී තිබෙනවා.

    04-38.jpg

    විශේෂයෙන් මැදි වියේ පසුවන කාන්තාවන් සහ "ඔස්ටියෝපොරෝසිස්" රෝග අවධානමක් සහිත උදවිය පමණක් නොව, කවුරු කවුරුත් ව්‍යායාම කිරීම, නැවුම් එළවළු පලතුරු ආහාර අනුභව කිරීම, උදේ හිරු එළියට නිරාවරණය වීම (අවුව තැපීම) වැනි ඇවතුම් පැවතුම් ජීවිතයට වැඩියෙන් එකතුකර ගන්නවා වගේම, ගොවිපොළ සත්ත්ව නිෂ්පාදන වන, ෆාම් කිරි, ෆාම් බිත්තර සහ රතු මස් සහ බ්‍රොයිලර් මස් අනුභවය අවම කිරීමත් අනිවාර්යෙන්ම කල යුතුමය.

    අපේ රටේ බහුතරයකට තිබෙන රෝග තත්ත්වයන් වන හෘදයාබාධ, දන්තාබාධ, දියවැඩියාව, අංශභාගය, පිළිකාව, අධික රුධිර පීඩනය, "ඔස්ටියෝපොරෝසිස් රෝගය", මන්දපෝෂණය හා පෝෂණ ඌණතා රෝග, යන මේ කිසිම රෝගයක් අපේ ආච්චිලා සීයලාට තිබුණු බවක් අප අසා නැත. ඒ වගේම දැනටත් මේ කිසිදු රෝගාබාධයක් රතුගල, නිල්ගල වෙසෙන අපගේ ආදි වාසීන් අතර දකින්නට නොමැත.

    04-41.jpg

    කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්, උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි, සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද ? අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද ? කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර හෝ අහිතකරභාවය පිළිබද ඔබ මොහොතක් හෝ සොයා බැලුවාද ?

    මෙලොව එලිය දකින්නට පෙරුම්පුරන ඔබගේ කිරි කැටියාගේ මොළය වර්ධනයට කියා විශාල මුදලක් වියදම් කොට මව්වරු පානය කරන කිරිපිටි වලින් ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙනවාද ? එසෙත් නැතිනම් එම කිරිපිටි වල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා ඔවුන්ගේ කලලයට යම් යම් හානිවීම් හෝ විකෘති වීම් සිදු නොවන බව අප කිසිවෙකුටත් පැවසීය නොහැකිය.

    විවිධ නම්වලින් සහ ඇසුරුම් වලින් අපට වෙළද පොලේ දක්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකින් පමණි. එහෙත් මෙම ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණනු ලබන්නේ එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල්, පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව රසායනාගාර පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට විකුණනු ලැබේ. නොයෙකුත් පොෂණ ගුණයන් අන්තර්ගත යයි කියා විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත මාධ්‍ය ප්‍රාචාරණය මඟිනි. ඔබගේ හදවතේ සංවේදී තැන් ස්පර්ශ කරමින් දිනකට කෙතරම් වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් කිරිපිරි පිළිබඳව ඔබට අහන්න දකින්නට ලැබනවද ?

    දරුවෙකු මෙලොව එලිය දුටු පසු ඔහුට ලබා දෙන මව් කිරි වලට දෙවැනිවන තවත් කිරි වර්ගයක් මෙලොව නොමැත. දරුවාගේ ක්‍රියාකාරී වර්ධනයටත් මොලයේ වර්ධනයටත් අවශ්‍ය සෑම පොෂණ පදාර්තයක්ම මේ මව් කිරි වල අඩංගු වේ. අතීතයේ සිටි මහා දාර්ශණිකයන්, මහා විද්‍යාඥයින්, ගණිතඥයින් ඉපදීමට පෙර ඔවුන්ගේ මව්වරුන් විසින් තම දරුවාගේ මොළයේ වර්ධනයට අවශ්‍ය කිරි වර්ග පාණය කල බවට සාක්ෂි ඔබට ඉදිරිපත් කල හැකිද ? නොහැකිය කිසිදු සාක්ෂියක් ඔබට ඉදිරිපත් කල නොහැකිය. එසේ නම් අදික මුදලක් ගෙවා වස විෂ අඩංගු පිටි කිරි පානය කර ඉපදීමටත් පෙර ඔබගේ දරුවාගේ ශරීරයට වස විෂ ඇතුල් කරනවාද ? එසෙත් නොමැතිනම් ස්වාභාවික වෑහෙන සියළු පොෂණ ගුණයෙන් සපිරි මව් කිරි ඔබගේ දරුවා මෙලොව එලිය දුටු පසු ලබා දෙනවාද යන්න තීරණය කිරීම ඔබ සතුය.

    08-24.jpg

    මවූකිරි දීමේදී මවට අමතර වියදමක් දැරීමට සිදු නොවන අතර වෙනත් ආහාර හෝ පිටිකිරි වර්ග ලබාදීමේදී දරුවාට විෂ බීජ වර්ග ආදිය ඇතුළු වීමේ ඉඩ කඩ වැඩිය. එහෙත් මවූකිරි මගින් විෂ බීජ ඇතුල් වීමේ හැකියාවක් නොමැත. එය ඉතාම පිරිසිදුය. විශ්වාසදායකය. ඒ වගේම ඕනෑම අවස්ථාවක දරුවාට අවශ්‍ය වූ විට ලබා දිය හැකිය.

    තවද මවුකිරි දීම මගින් දරුවා ලැබෙන්නට සිටිනා කාලයේදී මව වැඩිපූර ආහාර ගැනීම නිසා වැඩි වශයෙන් ශක්තිය මවගේ ශරීරයේ තැන්පත් වේ. මේ වැඩිපූර ඇති ශක්තිය එහෙම නැත්නම් මේදය ශරීරයෙන් පිට කරන්නට මවට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස මවූකිරි දීම හඳුන්වන්නට පූළුවන්. තවත් කාරණයක් මවූකිරි වැඩි කාලයක් දුන් මවකට පියයූරු පිළිකා සෑදීමේ අවදානම අඩූ වේ.

    07-25.jpg

    ජීවන රටාව හා බැඳී තිබෙන කුමන රෝගාබාධයකට වුවත් හේතුවන ප‍්‍රධාන කරුණු කිහිපයක් ඇත. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක‍්‍රියාශීලී ජීවන රටාව මූලික වන බව තරයේ මතක තබා ගත යුතුය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපට අවශ්‍ය පෝෂණය යළි ලබා ගැනීම සඳහා ආහාර කර්මාන්තකරුවන්ගේ සහ වෙළෙන්දන්ගේ අති දැවැන්ත ප‍්‍රචාරණ උප්පරවැට්ටිවලට අසු නොවී හොඳ සිහියෙන්, බුද්ධිමත්ව කටයුතු කිරීම මඟින් අනවශ්‍ය කරදර වලින් අත් මිදීමට ඔබට හැකියාව උදාවනු ඇත.

     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තැන්ක්ස් මචං දැනුවත් කලාට ..
    රේප් දෙන්න වටේ ගිහින් එන්නලු.....