මිණි මෙවුල් දම 18 +++++++
උපුටා ගැනීම රජස් blog අඩවියෙනි
http://rajaus.blogspot.com/2012_09_01_archive.html
අතිවිශිෂ්ට නිර්මාපකයා යට ස්තුතිය ,කට්‌ටිය මේ කේ එති රි ලිපි පෙළත් කියවන්න
මිණි මෙවුල් දම
සිංහල රජ සිරිත හා බැදි ගෙතී තිබු අති රහස්‍ය රහස වුයේ රාජ බිසව හා සබැදි රාජ රහස්ය. රජකිරුළ දරන පුරුෂ කුමරු සැම විට උභය කුල පාරිශුද්ධ රාජ කුමරියක් සරණ පවා ගැනීමම රජ සිරිත පූර්ණ කිරීමේ චිරාගත විනය නියමය ය. රජ තෙමේ රජ කිරුළද, මගුල් කඩුවද, මගුල් ඇතු ද, මංගල බිසව ද, පෙරැස් මුද්ද ද, රාජ කකුධයන් ද, ජය කොන්තය ද, රන් පන්හිද ද, රාජ අසුන ද, හිමි කර ගත යුත්තේ පාරිශූද්ධවය ය. මේ කිසිවක් කිළිටි වු වස්තුන් නොවිය යුතු ය. මේ රාජ මංගල වස්තුන් අතර ජීව මංගල වස්තුන් වන්නේ දෙකකි. එනම් මංගල බිසව සහ මගුල් ඇතු ය. පාරිශූද්ධත්වය උපරිමයෙන් අනූන විය යුත්තේ ද මංගල බිසව සහ මගුල් ඇතු අරඹයා ය. එහීදී රාජ උරුම කුමරුට හෝ කුමරියට උපත දෙන මව් කුස වන බැවින් මංගල බිසව වු කලී සතර උභය කුල පාරිශූද්ධව විය යුත්තේය. එමෙන්ම ඇගේ කුමරි ඹබසර රාජ වෙදාණන් විසින් සිද්ධාත්තිකව සනාථ කර ‘‘මිණි මෙවුල් දම’’ පළදවා සහතික කර තිබිය යුතු ය.
සිංහල මංගල බිසව සමග තවත් රහස් භාණ්ඩයක් සිංහල රජ සිරිතින් බිහිව ඇත්තේ එලසිනි. එබැවින් ‘‘මිණිමෙවුල් දම’’ හෙවත් ‘‘මිණි මෙවුල’’ දෙස ඉතිහාස පිය සටහන් සොයා බලන්නට සිත් දුනි. සිංහල රාජ බිසවගේ කුමරි ඹබසර සමග බැදී මෙකී අති රහස සිංහල රාජ සිරිත විෂයෙහි ගූඨම රහස් වන්නේය. මංගල බිසවගේ කුමරි බඹසර මංගල සිරියහනේ දී රජ තෙමේ තම පුරුෂ රහසගින්පරික්‍ෂා කර සනාථ කළ යුතු ය. නමුත් එයට මත්තේ රාජ වෙදතුමාණන් එය පරික්‍ෂා කළේ කෙසේද යන්න විමසා බැලීය යුතු ය. ඒ පිණිස ඉතිහාසයට වැද දිගු ගමනක් පියමැන යන්නට වුවෙමි. එකල්හි රාජ කුමරියගේ බඹසර සිරිත් හා බැදී වේලි ගිය අතීත රසමුසූ රස ගුලා කතාලතා නෙත ගැටී සිත අසිරිමත් සිහින අතර සැරිසරන්නට විය. මේ කුමරි බඹසර සැරිසරණීය සමග සිත වැදී තිබු විමංසා තතු නිමිත්ත වුයේ ‘‘මිණි මෙවුල් දම’’ හෙවත් ‘මිණි මෙවුල’ වටහා ගැනීමය.
මිණි මෙවුල් දම රාජකීය වෙද උතුමාණන් විසින් උභය කුල පාරිශූද්ධ මංගල බිසව් කුමරිය වෙත පැළදීම මහත් රාජකීය රහස් උත්සවයකි. මිණි මෙවුල පැළදීම සදහා පැවති එම රාජකීය උත්සවය රාජ කුල ස්ත‍්‍රීන්ට පමණක් සිමා වු අතර, එයට එක් වන එකම පූරුෂයා වූයේ වෙදාණන් පමණී. රජ දු කුමරියගේ පියතුමාණන්ට පවා එකී මිණි මෙවුල් දම කුමර බඹසරයට ආරෝපිත කරන මංගල්‍ය තහනම් වේ. එත් අපූරුව සිංහල රාජ ස්ත‍්‍රීයගේ පාරිශූද්ධ රාජ සිරිත සදහා කිසිවිටක ස්ත‍්‍රී වෛද්‍යවරියක් භාවිත නොවීමේ පුදුම සිරිතය. ඒ ස්ත‍්‍රී වාදීත්වය නිසා ස්ත‍්‍රී වෛද්‍යවරියන් රාජ දු කුමරියන්ගේ කුමරි බඹසර පිළිබද සැබෑව වසන් කරනු ඇතැයි වු අනුමානය නිසා වුවා ද, නොවේනම් සිංහල වෛද්‍ය සිද්ධාන්ත හෝ නැකත් නියාම අනුව වූ පේ වීමක් වුවාදැයි නුතන අප නොදනිමු. කෙසේ හෝ නමුත් ‘‘මිණි මෙවුල් මංගල්‍යය’’ රහස් ඔසු සමූහයක් ද, රහස් පානයක් හා රහස් අවුළුපත් වලින් ද සුසැදී අමුතු මංගල්‍යයකී. සිංහල රාජ කුමරුට තම අභිනව බිසව මංගල බිසව ලෙස අභිෂේක කර ගැනීමට නිමිත්ත ලැබෙන්නේ මිණි මෙවුල් මංගල්‍යයට පසුවය. සිංහල රාජ බිසවගේ යෝනී නිමිත්ත හා සැබැදී ‘‘මිණි මෙවුල් දම’’ ගැන රසාලිප්ත ගී කවිය හමුවන්නේ කව්සිළුමිණෙහි ය. එහි මෙසේ වේ.
දවන රිසි තමා - පබවත දස්නට කලක්
පුළුලූකුළෙහි දිමුත් හර - මිණි මෙවුලෙ’ කැසැ රුදැවූ
රාජ කුමරියගේ කන්‍යාභාවය සනාථ කර ඇගේ රහසගට පළදවන මේ රාජකීය රහස් ආභරණය රනින් නිමවන්නකි. රාජ කුමරියගේ රසගයට පළදවන මිණි මෙවුල මධුර නාදයකින් හෙබි වූවකී. එනම් කුමරියගේ අගපසග යම් පුරුෂයකුට අත්පත් වන කල මිණි මෙවුල නාද දෙන ලෙස තැනූවකී. මෙකී රාජ භරණය කුමරියගේ ස්ත‍්‍රී නිමිත්ත සමග පළදන ආකාරය නුතන අපට වටහා ගැන්මට තතු ඇද්දැයි විමසන්න විමි. කව්සිළුමිණ පබවත කුමරියගේ මිණි මෙවුල අරඹයා ගොතා බැද ඇති පද ඇසුරෙන් වැටහෙන්නේ එය ඈ උකුලෙහි රදවා යෝනී රහසග හා බැදී තිබූ සේයාවකී.
එමෙන්ම මිණි මෙවුල්දම හෙවත් මිණි මෙවුල කුමරියගේ වස්ත‍්‍රයට යටින් පළදින්න ඇති බව පැහැදිළිය. එනමුත් ‘මිණි මෙවුල් මංගල්‍යය’ පැවැත්වු කළ රාජ බිසව් අපේක්‍ෂක කුමරියගේ වස්ත‍්‍රය උඩින්ද මිණි මෙවුලක් පළදවා තිබු බෑව් අතීත තතු විත්ති අතර වේ. ඒ ඇය වඩාත් සූරක්‍ෂිත කිරීම පිරිස සමාජ සලකුණක් ලෙස වන්නට ඇත. මේ අනුව රාජ කුමරිය මංගල බිසව් වී මංගල සිරි යහනෙහි සැතපෙන්නේය. එවිට රාජ කුමරු සිරි යහනට සැපත් වන කළ රාජ කුමරිය සියල් වස්ත‍්‍ර උනා දමා මිණි මෙවුල් දමින් පමණක් සැරසී සිටින්නේය. රාජ කුමරු ස්වකීය මංගල කුමරියගේ සිරුර නිරුවත් කරන්නේ මිණි මෙවුල ඉවත් කර දැමීමේන්ය. රාජ කුමරුද රාජ කුමරිය ද සම්භෝග රතී සුව පහන් කළ පසු රාජ කුමර තෙමේ ඇය නාහවා සුවද පැන් ගල්වන්නේ ය. පසුව මිණි මෙවුල ‘‘මකරන්ද තෛලය’’ ගල්වා නැවත තම මංගල බිසවගේ රහසග පැළවීම රාජ රාග සිරිතය. එතැන් පටන් රජ තෙමේ ද, රාජ බිසව්ගේ ද රාග සිරිත බැදී පවතින්නේ මෙලසය. රාජ බිසව තම ස්වාමීයා නැති කල්හි සැම විට මිණි මෙවුල පළදවා තම රහසග සරසා තබා ගත යුතුය. එලසම මිණි මෙවුලින්රහසග සරසා නොතැබූ බිසව් නිසාවෙන් ලක් රාජ සිහසුන මහත් වියවුලට බදුන් වු අවස්ථාව ද වේ. එවන් කැත කතුන් නිසා සිංහල රජ සිරිත දුෂිතව වනචර වූ අතීතයක් ද ඇත්තේය.
සිංහල ඉතිහාසඥයන් මිණි මෙවුල අරභයා එළිපිට කතිකාවතකට රිසි නොවේ. මෙතරම් විවෘත ලෞකික සිරිතකින් සෝබමාන ජාතික සංස්කෘතිය ද එයට බැදී ඇති රාග සිරිත් සමුද්‍රායක ගෞරවණීය උරුම කරුවන් මෙලස නිහඩ වීමද පළකරන්නේ මවිතයකි.මිණි මෙවුල ද උභය රාජ කුමරිය ද බඹසර සිරිතද රාජ කුමරුගේ රාග සිරිත ද පිළිබද විමසා බැලීමකට අතීතවාදීන් බිය වී ඇති සේයාවක්ද පෙනේ. සිංහල පොළෝ ගැබ කැණ බොහෝ අතීත ආභරණය සොයා ගත් පුරාවිද්‍යාඥයන්ට මිණි මෙවුල් දමක් හමු නොවී ඇත්තේ මන්ද. විජය රජතුමාණන්ගේ සිට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා දක්වා අපට රාජ සිරිත් එකසිය අනූ හයදෙනෙක් වෙති. ඉන් අනුලා රැජීණ, සීවලී රැජීණ, ලීලාවතී රැජීණ, අත්හල විට පුරුෂ රජුන් එකසිය අනු තුනකී. එනම් ලක් රාජ ඉතිහාසයේ මිණි මෙවුල් මංගල්‍යයන් එකසිය අනූ තුනක් සිදු වී තිබිය යුත්තේය. ඒ අනුව සිංහල රජ කුමරියන් එකසිය අනූතිදෙනෙක් පැළදි මිණි මෙවුල් ලක් පොළෝ තලේ කොහි හෝ තිබිය යුතු ය. රජුද, බිසව ද, ඒ හා බැදුනු රාජ වෙදාණන් ද, මෙම සරාග ආභරණය තැනූ ශිල්පීයා ද, නිර්මාණකයන් ද, ඉතිහාසයෙන් නැගිටවා ගත හැක්කේ එවිටය. එබැවින් රජුද බිසව ද රාජ වෙදානන් ද, රාජ ශීල්පියා ද, රාජ නිර්මාණවේදීයා ද සුරක්‍ෂිත කළ මේ රාජකීය රහස් ආභරණය රන් ලෝහයෙන් තැනූ නීල මුතුහරයක් සහිත වුවකී. මේ සියළු මිණි මෙවුල් දම් සතුරු බල මුළු සොරා ගත්තා විය නොහැක. එබැවින් ඉතිහාස පොළෝ ගැබට වැද සොයා ගත යුතු අනගි රහස් භරණය මෙය ය.
මිණි මෙවුල ලක් රාජ වංශයේ ස්ත‍්‍රී කතාවද අවදි කරන අපූරු නිමිත්තය. එමෙන්ම සිංහල වෙද ශාස්ත‍්‍රයේ ස්ත‍්‍රී වෙද රහස් හෙළි කරන තොතැන්න ය. එලසම සිංහල නැකත් කලාවේ නැකත් රහස් සොයා යෑමට උපතය. එබැවින් මිණි මෙවුල නොපමාව පරික්‍ෂාවට බදුන් විය යුත්තේ යැයි සිතමි. මිණි මෙවුල පිළිබද රහස ක‍්‍රි.ව. 1919 දක්වා ශේෂව ඇත්තේ ය. මෙරට සුවිශේෂී ප‍්‍රභූ කුමරියකට මිණි මෙවුල පැළැන්දු මිණි මෙවුල් මංගල්‍යයක් එම වසරේ දී සිදු වී ඇති බැවින්, ලක් රාජ රහස් ගොනුවේ ඇති මේ රාජ රහස සපුරා වටහා සොයා පාදා ගැනීම අසීරු ද නොවේ. මේ දක්වා විද්‍යාමාන වන වෛද්‍ය ග‍්‍රන්ථ ගණනාවක මිණි මෙවුල් දමට අදාල වෙද සිරිත ද ලියවී ඇත. ක‍්‍රි.ව. 1919 දී මෙරට සිදු වී ඇති මිණි මෙවුල්මංගල්‍යයට සම්බන්ධ අසිරිමත් වු සිදු වීමකී.එනම් එකී රාජකීය සිරිත පණ ගැන්වීමට සිංහල භික්‍ෂුන් වහන්සේ නමක් දී ඇති දායකත්වය ය. මිණි මෙවුලහා බැදුණු වෙද සිද්ධාන්ත පරපුරෙන් පරපුර හිමිව අවසානයේ හිමිව තිබී ඇත්තේ මෙකී වෙද පඩිවර හිමිපාණන්ටය. උන්වහන්සේ ක‍්‍රි.පූ. 547 දී ඇරඹී මිණිමෙවුල් මංගල්‍යය නොනැසී රැක ගැනීම උදෙසා ක‍්‍රි.ව. 1919 දී එක්ව ඇත්තේ සිය සිවුර හැර දමාය. උන්වහන්සේගේ වෙද පොත අදත් සුරැකිව ඇත්තේය. එනමුත් ශාස්ත‍්‍ර වංචනිකයන් ගැවසී ගත් රටක ශාස්ත‍්‍ර නිදහසක් අහිමි සමාජයක මේ අනගි දැනුමට කුමක් වේදැයි සිතුණ කළ හද කම්පා වේ.
අන් අතකින් සරාගය පහන් සුව සාධන විචිත‍්‍ර ශික්‍ෂීත සිරිත් විසිතුරක් කළ ජාතික උරුමයක නුතනයන් කුමරි බඹසර බිද වනචරයන් වී ඇති කළ මිණි මෙවුල් මංගල්‍යය ගැන කෙසේ වටහා දෙන්න ද? ‘‘මිණි මෙවුල් දම’’ ලක් බිමින් උස් මුදුනක ශාස්ත‍්‍ර කතා බහේ කේන්ද්‍රීය නිමිත්ත විය යුත්තේ එබැවිණි.