දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?

    Me Gena Islam kumakda kiyanne kiyala api Balamu Good Comments are welcome :)
    මේ වසරේ එනම් මේ දෙසැම්බර් මාසයේ 21 වෙනි දින ලෝකය අවසන් වීමට සියල්ල සූදානම් කර තිබේ. මෙසේ ලෝක විනාශය සඳහා දින වකවානුව පවා නියම කර ඇති බැවින් අපි සියළු දෙනා මෙම ජීවිතයට සමුදෙන්නට ලහියේ ලහියේ ලකලෑස්තිවී සිටින්නෙමු.


    අපි මෙතෙක් දුරට පැමිණෙමින් ඉතා අමාරුවෙන් සියළු බාධක මැද ගොඩ නගාගත් අපගේ පරිසරය අපගේ ගේදොර මහපොලොවේ මාලිගාවන් ඇතුළු අහස් මාලිගා පමණක් නොව අපට උරුමවූ සම්පත් සේසත ප්‍රමුඛ යාන වාහන සමග අපගේ ආදරණීය දෙමව්පියන් සහ සෙනෙහසින් හදා වඩාගත් අපගේ දූදරුවන් බිරිඳෑවරුන් සියල්ල සුනු විසුනුවී යෑමට ඉතා ආසන්නය. ඉතිං ලබන වසරේ හෝ අනාගතය පිළිබඳව කිසිදු සැලස්මක් ඇති කරගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඇති නොවන බව දැන් ඒත්තු ගොස් හමාරය.

    මේ ලෝක විනාශය පිළිබඳව මේ පෘථිවිය ඇතුළු ලෝකය සදහටම විනාශවීමට සැරසෙන්නේ පුරාණ ශිෂ්ඨාචාරයට හිමිකම් කියනවා යැයි කියනු ලබන මායාවරුන්ගේ ශිෂ්ඨාචාචාරයට අනුව සකස්කරන ලද කැලැණ්ඩර‍යේ අවසාන දිනය ලෙස නියම කර තිබෙන්නේ දෙසැම්බර් 20 වෙනිදා දක්වා පමණක් බැවින් ඉන් ඔබ්බට ගමන් කිරීමේ හැකියාවක් මේ‍ ලෝකයට නොමැති බව ඇති කරන ලද විශ්වාසය අනුව මේ ලෝකයට අවසන් හුස්ම ගන්නට හැකියාව ලැබෙන්නේ මෙ‍ම දෙසැම්බර් මාසයේදී දවස් 20 දක්වා පමණක් බවයි.

    මෙසේ අපි සියළු දෙනා විනාශවී යෑම කිසිසේත් වැලක්විය නොහැකි බව මායාවරුන්ගේ මායාවට බිලිවූ ලෞකිකවාදී ශාස්තෟන් හෝ පණ්ඩිතයින් හෙවත් මෝඩ සාතන්ලා දැනටමත් ශාස්ත්‍ර කියා ලෝක මිනිසුන්ගේ මනස අවුල් කර ඇති බව සමහර සිද්ධීන් වලින් අපට මොනවට පැහැදිලිවේ. මෙය ඉතාමත් කාලීන මෙන්ම ජනප්‍රිය මාතෟකාව නිසාවෙන්ම මේ පිළිබඳ ඉස්ලාමය ඇසින් යමක් දැනගැනීම කාලෝචිත යයි අපි සිතුවෙමු. මෙම ලෝක අවසාන භීතිකාව හමුවේ ඉන්දියාවේ සමහරු තමන්ගේ ජීවිතය මල්මල් යෞවන වයසේදී දැනටමත් නැතිකරගෙන හමාරය. සමහර රටවල්වල මෙ‍ම ලෝක ව්‍යසනයෙන් බේරීම සඳහා භුගත බංකර් සාදාගෙන සිටින බවද අපි ජනමාධ්‍ය මගින් දැනගැනීමට හැකිවිණ.

    ලෝකය අවසානයක් වෙනවා නම් භුගත බංකර් නොව අහසේ පාවෙන ආකාරයේ මාලිගාවල් සාදාගෙන සිටියත් එයින් ගැලවීමක් නොලැබෙන බව කිව යුතු නැත. හරි! මේ කතාන්දරය මෙසේ දිග හැරෙන අතර මේ පිළිබඳව ඉස්ලාම් දහම යමක් කියාපෑමට අමතකවී ගියේදැයි සමහර මුස්ලිම් නොවන්නන් ප්‍රශ්න කිරීමටත් බැරි නැත. මන්ද මුස්ලිම් නොවන්නන්ගෙන් වැඩි දෙනෙකු මෙම ලෝක විනාශය සිදුවන්නේ ඉස්ලාම් දහම කියා ඇති පරිදි බව නොදැනුවත්ව සිටින බැවිනි. අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාණන්ගේ දේශනයන් මෙම ලෝක විනාශය පිළිබඳව පැහැදිලි චිත්‍රයන් අපට ලබාදී තිබේ.

    මෙය දීර්ඝ වශයෙන් පැහැදිලි කළයුතු කරුණක්වූවද කෙටියෙන් මෙම ලෝක විනාශය සිදුවීමට පෙර ලෝකයේ සිදුවිය යුතු අනිවාර්‍ය සිදුවීම් පෙලක් පිළිබඳව පමණක් අපි අපගේ අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අපට හැඟින. මන්ද ලෝක විනාශය සිදුවන දිනය හෝ වේලාව තීරණය කරනු ලබන්නේ එය මවා පාලනය කරන්නාවූ අල්ලාහ් හැර උන්වහන්සේගේ මැවීම් වන අප විසින් නොවේ. මේ ලෝකයේ ආරම්භක දිනය නොදන්නා අපට මෙහි අවසානය ගැනද කියන්නට අපට හැකියාවක් ඇත්තේම නැත.

    මේ පිළිබඳ දැනුම හෝ ඥාණය අල්ලාහ් විසින් තම අවසන් වක්තෘ වරයාණන් වන මුහම්මද් නබිතුමාණන් හට පවා ලබා නොදී ඇති අතර ලොව විනාශය පිළිබඳ ඥාණය පවතින්නේ තමන් සතුව පමණක් බවක් අල් කුර්ආනයේ 100 යට අධික වැකි වලින් ඒ පිළිබඳ සහතිකයන් අපට දැක ගත හැකිය. “යව්මුල් සාඅහ්” හෙවත් අවසන් පැය හෝ හෝරාව පිළිබඳව අල්ලාහ් අල්කුර්ආනයේ දේශනා කරන වැකි කිහිපයක් ගෙන හැර බලමු.

    “මා මෙම අවසන් හෝරාව ඔබලාගෙන් සඟවා තබා ඇත්තේ සෑම ආත්මයක්ම තමන් කළ ක්‍රියාවන් වෙනුවෙන් ඔවුන් හට ප්‍රති උපකාර කිරීම සඳහාය” –
    (අල්-කුර්ආනය 20: 15).
    තවද “එම ලොව විනා‍ශය පිළිබඳව ඔබ නොදන්නා බව දැනගෙනත් ඒ සම්බන්ධව ඔබගෙන් ප්‍රශ්න කරන අයට කියන්න ඒ පිළිබඳ ඥාණය ඇත්තේ මාගේ දෙවියන් සතුව පමණක් බවත් ඔහු හැර වෙන කිසිවෙකුත් එය නොදන්නා බවත් එම මොහොත ක්ෂණිකව ඔවුන් වෙත පැමිණන බවත්” –
    (අල්-කුර්ආනය 7: 187)

    මේ ආදී වශයෙන් අල්කුර්ආනයේ අනන්ත අප්‍රමාණ වැකියන් දැකගත හැකිය.
    ලොව විනාශවන දිනය නබිතුමාණන් නොදන්නා නමුත් එම දිනයට පෙර ලෝකයේ සිදුවීමට නියමිත සිදුවීම් කිහිපයක් (පෙර නිමිති) පිළිබඳව දැනුම දේව ඥාණයෙන් එතුමන් වෙත ලබාදී තිබෙන බව අපට එතුමාගේ දේශනා මාලාවෙන් අපට උපුටා දැක්විය හැකිය. එම පෙරනිමිති අතුරින් සුළු සහ මහාපරිමාණ පෙර නිමිති යනාදී වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි බව එතුමා වදාරා තිබේ.


    මෙම සුළු පෙර-ලකුණු අතර බේබදුකම, කාම අපචාරය, ජනගහනය අනුව කාන්තාවන් බහුලවීම, අහස් උසට ගොඩනැගිලි ඉදිවීම ගොපළුවන් සුඛෝපභෝගී යාන වාහන වලින් ගමන් කිරීම ස්ත්‍රී පක්ෂයේ විළිබිය හෝ විනීතභාවය තුරන්වීම ඇතුළු පෙර නිමිති කිහිපයන් එතුමන් වදාළා ඇත. මෙම පෙර නිමිති වල කියූ පරිදි දැන් බොහෝමයක් සිදුවෙමින් පවතින අතර සමහර ලොව විනාශ පෙරමං සලකුණු සමහරක් අතීතයේදී සිදුවී ඇති බවටද කියනු ලැබේ. නමුත් මෙයින් මහ පෙර නිමිති සිදුවන තුරු මෙම ලෝකය අවසන් නොවන බවද ඉස්ලාමය අපට කියා දෙන පාඩම්ය. මේ පිළිබඳව පූර්ව දැනුමක් ලබාගැනීම මිනිසුන් වශයෙන් අපට ඇති වගකීමක් බව කිව යුතුයි.

    එම මහ පෙර නිමිති නම්:

    1 – සවුදි අරාබියාවේ දකුණු කලාපයෙන් එනම් යෙමන් රටේ මහා ගින්නක් හටගෙන එය බටහිර ලෝකය දක්වා පැතිරී යෑම. මෙය කිසිදු බලවේගවලටත් පාලනය කළ නොහැකි වන්නේය.

    2 – මුළු ලොවම වෙලාගන්නා දුමාරය (කිසිවෙකුත් නොපෙනෙන ආකාරයේ දුමකි) දවස් ගණනකට පවතින මෙම දුමාරයෙන් ජනයා පීඩාවට පත්වේ.

    3 – දාබ්බත් යන අමුතු සතෙකු පහලවීම මෙය ලෝකයේ දැනට ජීවත්වන්නාවූ සතුන්ට වඩා හාත්පසින් වෙනස්වූ සතෙකි.

    4 – මහ්දි (අලෛ) නම්වූ මුස්ලිම් ශ්‍රේෂ්ඨ උතුමෙකුගේ පැමණීම. මෙතුමා ගති ගුණවලින් නබිතුමාණන්ට සමානවූවද නබිවරයෙකු නොවේ. බිහිසුණු පාලකයින් නිසා ලොව ඇතිවන අසාධාරණ පාලනයන් හා ප්‍රචණ්ඩත්වයෙන් හා දුරාචාරයන් වලින් පිරුණු ලෝකයේ මෙතුමාගේ පැමිණිමත් සමග සාධාරණය ඉටුවීම හා සරුසාර සම්පත්වලින් හෙබි ලෝකයක් බිහිවීමට හේතුවන්නේය.

    5 – දජ්ජාල් යන බිහිසුනු චරිතයක් ඇති පුද්ගලයෙකුගේ පැමිණීම (මොහු කරන සියළු කාර්යයන් ආශ්චර්ය සම්පන්න බැවින් සියළුම ජනතාව (සමහර මුස්ලිම් අය පවා) ඔහු දෙවියෙකු යැයි සිතා ඔහුව විශ්වාස කරති. මොහු පැමිණෙන්නේ අෆ්ඝානිස්ථානයේ කුරාසාන් නම් ප්‍රදේශයෙන් හෝ ඉරානයේ ඉස්ෆහාන් නම් ප්‍රදේශයෙන් බවද කියනු ලැබේ). මොහුගේ ක්‍රියාකාරකම් නිසා එකම දෙවියන්වූ අල්ලාහ්ව අමතක කිරීමට තරම් ජනයින් පෙළඹෙති.

    6 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.

    7 – යඃජූජ් සහ මඃජූජ් (Agog and Magog ) නම්වූ ලොව එකල ජීවත්වූ මිනිස් වර්ගයාගේ පැමිණීම

    8 – බටහිර ලෝකයේ සහ නැගෙනහිර ලෝකයේ ඇතිවන්නාවූ දැවැන්ත භූමි කම්පාව

    9 – නැගෙනහිරින් පායා එන ඉර බස්නාහිරින් පායා ඒම (ඉන් පසු මිනිසුන් විසින් දෙවියන් ඉදිරියේ අයදී සිටින සමාවක් දෙවියන් භාරගනු නොලබන බව කියනු ලැබේ)

    10 – මැද පෙරදිග හටගන්නා මහා භුමි කම්පාව

    මේ ආදී ඉහත සඳහන් පෙර නිමිති හෝ පෙර ලකූණු සිදුවන තුරු ලෝක විනාශය සිදු නොවන බව අප සියළු දෙනා මතක තබාගැනීම අත්‍යවශ්‍ය කරුණක්වේ. එම නිසා මිනිසුන් රවටන ප්‍රෝඩාකාරී නක්ෂස්ත්‍රවාදීන්ගේ බේගල් වලට අසුනොවී සැබෑ ලෙස ලොව අවසානය පිළිබඳව දැනගැනීම වැදගත් බව කිව යුතුවේ. ඉහත සඳහන් කරුණු අංක අනුපිළිවෙලින් සිදුවන කාර්යන් නොවන බවද කරුණාවෙන් සලකන්න.

    කෙසේ වෙතත් යම් දිනක මෙම ලොව විනාශවෙන බව නම් අපි සියළු දෙනා විශ්වාස කරන්නෙමු‍. එය හෙට සිදුවිනැයි අප කිව නොහැකි නමුත් ඉහත ක්‍රියාවන් සිදුවූ පසු ඒ ආසන්න කාලයක බව නම් අමතක නොකරන්න.


    M. Ossan Salam – Doha
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ඇයි බන් අල්ල මේ ලොකෙ විනාස කරන්නේ? ඒ උර ට බැරි ද මේක නවත්තන්න :frown:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    කියවන්න ඕනේ නෑ. මට මේක කියපන්. අල්ල ලෝකේ මැව්ව නම් ඇයි දැන් විනාස කරන්න හදන්නේ? අල්ල ඇයි උබලව බේරලා අපිව විතරක් මරන්නේ නැත්තේ. මෙච්චර දවසට 5 පාරක් වදින උබලට මෙහෙම කරන එක සාදාරන නැ නේද මචං :lol:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    1 – සවුදි අරාබියාවේ දකුණු කලාපයෙන් එනම් යෙමන් රටේ මහා ගින්නක් හටගෙන එය බටහිර ලෝකය දක්වා පැතිරී යෑම. මෙය කිසිදු බලවේගවලටත් පාලනය කළ නොහැකි වන්නේය.

    දැන් අල්ලට කරන්න බැරි දේවලුත් තියෙනවා ද බං?
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    කවුද යාලුවා කුරානෙ තියෙන දේවල් විශ්වාස කරන්නෙ ?
    කුරානෙ තනිකරම ලියවුනේ මොහොමඩ්ගෙ උවමනාවට මිසක් කුරානෙ ඇති දේව වචනයක් නම් නෑ යාලුවා ..
    උබලා මචන් හොඳටම මුලා වෙලයි ඉන්නෙ..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කවුද යාලුවා කුරානෙ තියෙන දේවල් විශ්වාස කරන්නෙ ?
    කුරානෙ තනිකරම ලියවුනේ මොහොමඩ්ගෙ උවමනාවට මිසක් කුරානෙ ඇති දේව වචනයක් නම් නෑ යාලුවා ..
    උබලා මචන් හොඳටම මුලා වෙලයි ඉන්නෙ..

    අපි විස්වාස කරනවා ඒ වගේම අද බටහිර ලෝකයත් විස්වාස කරලා ඉස්ලාම් දහම පිලිගන්නවා
    මොහොමඩ් කුරානය ලිව්වේ නෑ ......කෝ පෙන්නන්න බලන්න ඒම ලිඋඅපු එකක් .?
    .
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    6 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.
    ලොල් . උබලට පිස්සුද මචන් ? ජේසුස්වහන්සේ ඉස්ලාම් අදහන්න පොලොවට එනවා කියලා කියන්නෙ ?:lol::lol:
    යාලුවා ජේසුස්වහන්සේට ඉස්ලාම් අදහන්න එන්න උවමනාවක් නෑ..:rofl:
    ජේසුස්වහන්සේ කියන්නේ දෙවියන්වහන්සේගෙ පුත්‍රයා, තවත් විදිහකින් කියනවනම් ජේසුස්වහන්සේ කියන්නේ දෙවියන්වහන්සේමයි. උන්වහන්සේට ආගම්වලින් වැඩක් නෑ.
    ජේසුස්වහන්සේ අනිවාර්යයෙන්ම දවසක පොලොවට එනවා තමයි . ඒ එන්නේ ඉස්ලාම් ආගම අදහන්න නම් නෙමෙයි . උන්වහන්සේගේ සභාව (උන්වහන්සේව පිලිගත් සෙනඟ) ඔසව ගන්න.(ගෙනියන්න):) .

    (කුරානෙන් පෙන්නන්නේ කිතුනු අපි අදහන ජේසුස්වහන්සේව නම් වෙන්න බෑ . කුරානෙන් කියන්නෙ වෙන ජේසුස් කෙනෙක්වද කොහෙද :eek:..)
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    අපි විස්වාස කරනවා ඒ වගේම අද බටහිර ලෝකයත් විස්වාස කරලා ඉස්ලාම් දහම පිලිගන්නවා
    මොහොමඩ් කුරානය ලිව්වේ නෑ ......කෝ පෙන්නන්න බලන්න ඒම ලිඋඅපු එකක් .?
    .
    ඕහ් ඇත්තද ?
    හැබැයි වෙන්නෙ නම් ඕකෙ අනිත් පැත්ත . අද කොච්චර නම් මුස්ලිම් මිනිස්සු ඉස්ලාම් අත්හැරලා ක්‍රිස්තියානි ආගමට එනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.;)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලොල් . උබලට පිස්සුද මචන් ? ජේසුස්වහන්සේ ඉස්ලාම් අදහන්න පොලොවට එනවා කියලා කියන්නෙ ?:lol::lol:
    යාලුවා ජේසුස්වහන්සේට ඉස්ලාම් අදහන්න එන්න උවමනාවක් නෑ..:rofl:
    ජේසුස්වහන්සේ කියන්නේ දෙවියන්වහන්සේගෙ පුත්‍රයා, තවත් විදිහකින් කියනවනම් ජේසුස්වහන්සේ කියන්නේ දෙවියන්වහන්සේමයි. උන්වහන්සේට ආගම්වලින් වැඩක් නෑ.
    ජේසුස්වහන්සේ අනිවාර්යයෙන්ම දවසක පොලොවට එනවා තමයි . ඒ එන්නේ ඉස්ලාම් ආගම අදහන්න නම් නෙමෙයි . උන්වහන්සේගේ සභාව (උන්වහන්සේව පිලිගත් සෙනඟ) ඔසව ගන්න.(ගෙනියන්න):) .

    (කුරානෙන් පෙන්නන්නේ කිතුනු අපි අදහන ජේසුස්වහන්සේව නම් වෙන්න බෑ . කුරානෙන් කියන්නෙ වෙන ජේසුස් කෙනෙක්වද කොහෙද :eek:..)

    අපේ විස්වාසේ හැටියට ජේසුස් කියන්නේ මෙසෙන්ජර් කෙනෙක් අපි එයාව පුත්‍රයා හැටියට ඇක්සෙප්ට් කරන්නේ නැත ...
    ...කුරානයේ කියන්නේ ජේසුස් තුමා ගැන මෙයට ශාක්සි ..

    යේසූස් වහන්සේ පිළිබඳ මුස්ලිම්වරු තුළ පවතින ආකල්පය කුමක්ද?:


    මෙලොවට පැමිණුනු ශාස්තෘවරු අතුරින් යේසූස් වහන්සේද එක් ශාස්තෘවරයෙකු බව මුස්ලිම්හූ විශ්වාසකරති. මුස්ලිම්හූ යේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ නොසළකති. එය මහත් පාපයක් වශයෙනුත් බුද්ධිගෝචර නොවන සංකල්පයක් බවත් ඉස්ලාම් පවසයි.


    මරියා තුමියගේ පුත් අභිෂේක ලත් ශාස්තෘවරයෙකු මිස (ස්වාමීන් වහන්සේ හෝ ඔහුගේ පුත්‍රයෙක්ද) නොවේ. ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් ශාස්තෘවරු උකත්වූහ. ඔහුගේ මවද සත්‍යවන්තිනියකි. මේ දෙදෙනාද ආහාර අනුභව කළෝය. (ශාස්තෘවරයානනිæ) අපි (මේ) සලකුණුවලින් ඔවුන්ට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි සළකා බලන්න. පසුව ඔවුහු (සතයේ‍යන්) කොපමණ දුර ඈත්වී ගියෝදැයි ඔබ සළකා බලන්නæ (ශ= අල්කුර්ආනය 5: 75).


    මිනිසුන්ට ඇති සාමාන්‍ය අවශ්‍යතාවන්ගෙන් පිරිපුන් යේසු තුමන් හා එතුමන්ගේ මව කෙසේ දෙවිවරු විය හැක්කේ දැයි ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් ප්‍රශ්නකරයි.


    තවද අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —අහස් හා පොළෝ කිසිදු ආකෘතියකින් තොර නිර්මාණය කළ අල්ලාහ්ට සහකාරියෙක්ම නොමැති තත්ත්වයක ඔහුට කෙසේ දරුවන් විය හැක්කේ? ඔහු සියල්ලෙහි මැවුම්කරු, තවද ඔහු සියල්ල දනි˜ (ශ= අල්කුර්ආනය 6: 101).


    —අසීමිත දයාවන්තයා දරුවන් ඇතිකරගත් බව ඔවුන් පවසයි. ඔබලා චෝදනාවම රැගෙනාවේය. අසීමිත දයාවන්තයාට දරුවන් යැයි ඔවුන් තෙපලීමෙන් අහස් හා පොළෝ පිපිරි, පර්වතයන් විනාශවෙන්නට යයි. දරුවන් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය අසීමිත දයාවන්තයාට නැත˜ (ශ= අල්කුර්ආනය 19: 88- 92).


    —එකම දෙවියන් හැර (වැඳුම් පිඳුම් කිරීමට) අන් දෙවියෙක් නැතිව සිටියදී අල්ලාහ් තිදෙනාගෙන් එක් කෙනෙක් යැයි කියූ අය ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝ ම වෙයි. ඔවුන් කියන දැයින් නොවැළකී සිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්ට වේදනීය ද~ුවම් ලැබීම නියතය˜ (ශ= අල්කුර්ආනය 5: 73).


    මර්යම්ගේ පුත් මසීහ් තමයි අල්ලාහ යැයි පැවසූවන් (ඒකීය දෙවියන්ව) ප්‍රතිෙක‍ෂ්ප කළෝය. මර්යම්ගේ පුත් මසීහ්, ඔහුගේ මව, පෘථීවියෙහි සියල්ල විනාශකරන්න අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (එය වළක්වන්න) අල්ප බලයක් හෝ තිඛෙන්නේ කාහටද? යැයි (ශාස්තෘවරයානනිæ) ඔබ අසන්නæ අහස් හා පොළෝ ඒ දෙක අතර පවතින සියල්ලලෙහි පාලනය ඔහුට හිමිය˜ (ශ= අල්කුර්ආනය 5: 17).


    ජේසූස් වහන්සේගේ උපත පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —සැබවින්ම අල්ලාහ් ඉදිරියෙහි ජේසූස් වහන්සේට උපමාව ආදම් තුමාගේ උපමාව බඳුය. ඔහු ආදම්ව මැටියෙන් ඇඹ පසු එයට (මිනිසා) වව යැයි කීවේය. ඔහු කෙණෙහිම විය˜ (ශ= අල්කුර්ආනය 3: 59).


    ජේසූස් තුමාගේ උපත මුල්කොට ගෙනයි විවිධ මිථ්‍යා සංකල්පයන් බිහිවුනේ. එතුමන්ව දෙවියන් ලෙසත් දෙවියන්ගේ කුමාරයන් ලෙසත් සැළකීමට හේතුවුනේ එතුමන්ගේ උපතයි. එනමුත් ඊටත් වඩා ප්‍රාතිහාර්්‍යයකින් මවන ලද ආදම් තුමා දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ කිතු බැතිමතුන් නොසළක්නනේ මන්ද?



    මෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ගේ අද්විතීය ශක්තිය මොනවට පිළිබිඹු වෙයි. ඒ හැර මෙහි ජෙAසූස් වහන්සේට ආඩම්බරවීමට කිසි දෙයක් නැත.
    ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:


    ජේසු තුමාව අපි ඝාතනය කළෙමුයි ඔවුන් කීවෝය. එහෙත් ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. කුරුසියේ තබා අණගැසුවේද නැත. එහෙත් ඔවුන්ට එවැන්නක් මවා පෙන්වනු ලැබුවේය. ඇත්තෙන්ම, එහි මේ පිළිබඳව මතභේදවූ අය ඒ ගැන තවදුරටත් සැකයෙහිමය. සිතුවිලි අනුගමනය කිරීමක් මිස ඒ සම්බන්ධව ඔවුන්ට කිසිදු දැනුමක් නැත. එහෙත් නිශ්චය වශයෙන්ම, ඔවුන් ඔහුව නොමැරුවෝය. එහෙත් අල්ලාහ් (ජේසු තුමාව) ඔහුව තමා වෙතට එසෙව්වේය. අල්ලාහ් සර්ව බල සම්පන්නේය, සර්ව ඥානාන්විතය˜ (ශ= කුර්ආනය 4: 157- 158).


    ජේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දේව කුමාරයන් වශයෙන් හෝ විශ්වාස කළවුන්ට අවසන් විනිශ්ච දිනයෙහිදි අත්වන ඉරණම පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි : —අල්ලාහ් වෙනුවට ඔබ හා ඔබගේ මව දෙවියන් සේ සළකන්නයි ඔබ මිනිසුන්ට පැවසුවෙහිදැයි මරියතුමිගේ පුත් ජේසුතුමාගෙන් අල්ලාහ් අසන කල්හි ජේසු තුමා මෙසේ පිළිතුරු දෙයි. ඔබ සුවිශ=ද්ධය මා කිසිදාක මට අයත් නොවන දැයක් පිළිබඳව සඳහන් කිරීම මට යුතු නොවේ. මා එසේ කීවෙමි නම් ඇත්තෙන්ම, ඔබ එය දන්නෙහිය මන්ද ඔබ මාගේ සිත්තුල ඇත් දේ ගැන ඔබ දන්නෙහිය. ඔබේ සිත්හි දෙය මා නොදන්නෙමි. නිශ්චය වශයෙන්ම ඔබ අදෘශ්‍යමාන සියළු දේ දන්නෙහිය˜ (ශ= අල්කුර්ආන් 5: 116).


    එම අවසන් විනිශ්ච දිනයෙහිදී ජේසූ තුමා තමන්ගේ නිර්දෝශි භාවය අල්ලාහ් ඉදිරියේ කියා පා ඈත්වන විට ඔවුන්ගේ අනුගාමිකයින්ට ගැලවුම් කරුවෙකු නොවන්නේය. ඒ නිසාදෝ ශ=ද්ධවූ අල්කුර්ආනය වෙනත් ස්ථානයක මෙසේ සඳහන්කරන්නේ:


    —ඔහු (අල්ලාහ්)ද~ුවම් පමුණුවන විට, ලෝකයේ දී ඔවුන් අනුගමනය කළ ඒ නායකයන් හා මග පෙන්වන්නන් විසින්ම ඔවුන් හැර දමනු ඇත. එහෙත් ඔවුන්ට ද~ුවම් ලැබීම නියතය. ඔවුන්ගේ සියළුම බැමි කපා දමනු ඇත˜ (ශ= අල්කුර්ආනය 2: 166).


    මුළු විශ්වයටම මෛති්‍රයානන් වූ අවසන් ශාස්තෘවරයා:
    ඊසා (අෙලෙහි) (යේසුස් වහන්සේට) අවුරුදු 600 කට පසු මුළු විශ්වයම අපේක‍ෂාවෙන් සිටී අවදියක එම එළිය අරාබි කරයේ කි.ව. 570 වැනි වර්ෂයේ උදාවිය. මුළු ලොවම අන්ධකාරය වෙලාගත් එම අවදියෙහි, තිරිසන්නු වශයෙන් ජීවත් වූ මිනිස් සමාජය ශිෂ්ටාචරයෙන් පරිසමාප්ත සමාජයක් බවට පත්කිරීමට මඟපෙන්වීමක් අවශ්‍ය සමයෙහි නබි (සල්)තුමන් මුළු ලොවටම මඟ පෙන්වීමක් වශයෙන් එවනු ලැබූහ.


    ලොවට එවනු ලැබූ ශාස්තෘවරු හා මෙම ශාස්තෘවරයා අතර කැපි පෙනෙන විශේෂත්වයන් මොනවාද? විශ්වයෙහි උපත ලද සියළු ශාස්තෘවරු යම් කිසි සමාජයකට, ජාතියකට, නියමිත දේශයකට නියමිත රටකට එවනු ලැබූහ. නමුත් අවසන් වශයෙන් පැමිණුනු ශාස්තෘවරයා මුළු ලොවටම මගපෙන්වීම සඳහා එවනු ලැබූ ශාස්තෘවරයා විය. තවද එතුමන්ගේ ශාස්තෘ පදවිය අවසන් දිනය තෙක් වළංගුවෙයි. ශ=ද්ධවූ අල්කුර්ආනය පවසයි: —කව්රුන් ලියන්නට කියවන්නට බැරි අප දූතවරයා පිළිපදින්නේද, ඔවුන් තමන් සතුව තිඛෙන තව්රාත්, ඉන්ජීල් වැනි ග්‍රන්ථයන්හීද එතුමන් පිළිබඳ සඳහන් වී ඇති දේ දකින්නේය˜ (ශ= කුර්ආනය 7:157).


    —මුහම්මද්˜ නම් ශාස්තෘවරයානන් පිළිබඳ පෙර ශාස්තෘවරුන්ට අනාවරණයවූ ආගමික ග්‍රන්ථයන්හිද සඳහන් වී ඇති බව ශ=ද්ධවූ අල්-කුර්ආනය පවසයි. නමුත් පෙර පහළවූ ග්‍රන්ථයන් පහළවුනු ස්වභාවයෙන් නොතිබීම ශෝචනීය තත්වයකි. එම ග්‍රන්ථයන් මිනිස් අවශ්‍යතාවන්ට අනුකුලව සංස්කරණය කරනු ලැබීය, විකෘතිකරනු ලැබීය. මෙවැනි තත්ත්වයක් තුළද නබි (සල්) තුමන්ගේ පැමිණීම පිළිබඳ එම ග්‍රන්ථයන්හි අනාවැකි සඳහන්වී තිබීම පුදුමයට පත්විය යුතු කරුණකි. සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තිය මනාවට පෙන්නුම් කිරීමකිි.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕහ් ඇත්තද ?
    හැබැයි වෙන්නෙ නම් ඕකෙ අනිත් පැත්ත . අද කොච්චර නම් මුස්ලිම් මිනිස්සු ඉස්ලාම් අත්හැරලා ක්‍රිස්තියානි ආගමට එනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.;)

    බලමු බලමු ඉස්සහාරට මොකද වෙන්නේ කියලා බලමු ........පොඩ්ඩක් ගූගල් කරන්න ලෝකයේ වැඩියෙන්ම වyප්ත වෙන ආගම කුමක්ද කියලා..?

    මල්ලි කැතලික්ද.? :confused:;)