You must be a fan of Android..! But What do U know about its History??

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    ඉස්සර Phone එකක් ගත්තාම අහන්නේ මොකක්ද වර්ගය, මොඩල් නම්බර් එක.. :D

    දැන් අහන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද?? :eek:

    මොකක්ද දුවන වර්ෂන් එක? :yes:

    මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්??? :confused:

    කියන්න නම් දෙයක් නෑ...!!

    හැමෝම දන්නවා.. බොහෝ දෙනා ළඟ තියෙනවා.. :D
    Chamikawpblogspotcom13-11.jpg

    ඒත් කමක් නෑ ඒ ගැන චාමිකයත් කියනවා.. “Elakiri” බලන ඒ ගැන දන්න නොදන්න හැමෝටම බලා කියා ගන්න එක්ක.. ;)


    ඇන්ඩ්‍රොයිඩ් ගැන ගොඩක් අය දන්න කියනවා වුනාට පහල තියෙන ඇන්ඩ්‍රොයිඩ් හදුන්වන සලකුණ ගැන වැඩි දෙයක් දන්නේ නම් නෑ! මුලින්ම ඒ ගැන කියලා ඉන්නම්... :eek:


    Chamikawpblogspotcom18-4.jpg

    ඔය උඩ තියෙන සලකුණ නිර්මාණය කලේ ගෑණු කෙනෙක්.. :shocked:

    ඔව්! එයාගේ නම Irina Blok. ඇය එකල Google හි වෙළඳ සන්නිවේදන අංශයේ සේවය කරනු ලැබුවා.. :)

    මේ පොඩි කොල පාට රො‍‍බෝ මුලින්ම හදුන්වලා තිබුනේ “Bugdroid” කියලා.. :D
    Chamikawpblogspotcom22-2.jpg

    පස්සේ ලේහෙසියට පහසුවට එය Android කියලා හදුන්වන්න වුනා. :)
    ඇය ඒක ඉදිරිපත් කලේ 2007 නොවැ 05 වැනිදා එනම් ගුගල් ආයතනය තම ප්‍රථම Android SDK නිකුත් කිරීමට දින 05 කට කලිනුයි. :D


    කතාව එහේම වුනත් ‍බොහෝ දෙනා කිව්වේ මේක ගුගල් ආයතනය 90 දශකයේ ජනප්‍රිය වුන Atari ආයතනයේ

    Gountlet:The Third encounter හි එක් චරිතයක් වුන එලෙසම Android නමින්ම හැදින්වු සලකුණම උපුටා ගෙන ඇති බවයි. :eek:
    Chamikawpblogspotcom19-6.jpg



    එලෙසම තවත් සමහරු කීවේ Star Wars චිත්‍රපටියේ රෝබෝ වරයකුගේ චරිතය උපු‍ටා ගෙන ඇති බවයි. :sorry:

    කොහෝම වුනත් Irina Blok නෝනා තවත් ඒ සදහා ඉදිරිපත් වු නිර්මාණකරුවන් දෙදෙනනෙකු පරදවා විනාඩි 05 ක් ඇතුලත ඇන්ද තමන්ගේ ප්‍රථම චිත්‍ර නිර්මාණය වුන මේ සලකුණ නොසිතු ලෙස අද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.
    Chamikawpblogspotcom17-6.jpg



    එය දුටු සැනින් එය Android සම්බන්ධ බව නොදන්න කෙනෙකු සීමීතයි.:D
    “නොකියා ටෝන් එකේ “ සත්‍ය කතාව‍ - The History Of the "Nokia Tune":D



    සලකුණ ගැන කිව්වා !
    11.gif

    දැන් පටන් ගන්නවා Android ගැන කතාව.... :D

    2003 ඔක්තෝම්බර් මාසයේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහි ප්‍රථම වරට පිහිටුවුයේ Android Incorporation ලෙසයි. ඒ එකල පරිගණක මෘදුකාංග, දුරකතන සම්බන්ධ නිපදවීම් සම්බන්ධ සමාගමක් වු Danger සමාගමේ සම නිර්මාතෘවරයකු වු Andy Rubin විසිනි. :)
    Chamikawpblogspotcom11-17.jpg

    ඔහු සමඟ Rich Miner (කලක් ඔහු T-Mobile සමාගමේ සභාපති ලෙස කටයුතු කර තිබුනා) එලෙසම Nick Sears, Chris White එහි රාජකාරි කරනු ලැබුවා.. :yes:

    පසුව සමාගම තුල ඇතිවු මුදල් ප්‍රශ්ණ එක්කම එතරම් ජනප්‍රිය තත්වයේ නොතිබුනු මෙම සමාගම 2005 අගෝස්තු මාසයේදී Google විසින් සම්පුර්ණයෙන්ම මිලදී ගත් අතර එහි රාජකාරී සදහා ගුගල් ආයතනය යටතේ ඔවුන්ගේම සේවය ලබා ගෙන ඇත. :D

    අන්තර්ජාලයට අධිපති “Google” දෙවියන්ගේ දේවාල ඇතුලට රවුමක් යමු ද? :shocked:

    2007 නොවැ 05 වැනිදා ගුගල් සමාගමේ ප්‍රධානත්වයෙන් පරිගණක,දුරකතන හා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන පිලිබඳ ලොව පිලිගත් ආයතන 86 කට ආසන්න ගණනක් එකතු වී ජංගම දුරකතන සඳහා එකම මෙහෙයුම් පද්ධතියක් යොදා ගැනීම පිළිබඳ සාකච්ජා කල අතර ඒ සඳහා එම මෘදුකාංගයේ දියුණු කිරීමේ පාදම ලෙස Linux Kernel 2.6 යොදා ගැනීමට එකග විය.

    එම රැස්වු කණ්ඩායම OHA හෙවත් Open Handset Alliance නම් වුනා.. :)
    Chamikawpblogspotcom10-18.jpg



    එහි රාජකාරී සමගින් 2007 නොවැම්බර් මස 12 වැනිදා Android Beta SDK හෙවත් Software Development Kit ලෙස විවෘත හා නිදහස් මෘදුකාංගයක් ලෙස මෘදුකාංගයේ දියුණු කිරීමේ පාදම ලෙස Linux Kernel 2.6 එහි කේත ‍අන්තර්ජාලයට එකතු කලේ Apache බලපත්‍රය මතයි.:D
    එමගින් තම අභිමතය කැමැත්ත පරිදි ඇප්ලිකේෂන්, ක්‍රීඩාවන් ඇතුලු ඕනෑම දෙයක් ඒ මත නිපදවිය හැකි ආකාරයටයි. ඒ සඳහා මුලීකව Java හා C++ යන පරිගණක භාෂා යොදා ගනු ලබයි. :D
    Chamikawpblogspotcom12-13.jpg



    2008 සැප්තැම්බර් 23 පලමු ඇනඩ්‍රොයිඩ් සංස්කරණ 1.0 ඇතුලත් කරමින් පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය ලෙස HTC Dream G1 දුරකතනය හදුන්වා දෙන ලදි. :eek:
    Chamikawpblogspotcom23-3.jpg

    එතැන් පටන් විවිධ සංස්කරණ ඇන්ඩ්‍රොයිඩ් සමාගම එළිදැක්වු අතර ඒවා සියල්ලටම වාගේ යොදා ගෙන ඇත්තේ ඉංග්‍රීසී C අකුරෙන් අරඹා එම අක්ෂර පිළිවෙල අනුව අතුරුපස වල නම් යොදමින් නම් කොට ඇති අතර මේ ඒ ප්‍රධාන මෙහෙයුම් පද්ධති ගැන හා එහි වැරදි අවම කරමින් සිදුකල සමහර සංස්කරණයන් හා එහි ඇතුලත් පහසුකම් පිලීබඳ කෙටි විස්තරයකි.
    11.gif


    2009 පෙබරවාරි 09 HTC Dream G1 දුරකතනය සඳහා පමණක් වන සංස්කරණයක් හදුන්වා දෙන ලදි. :yes:
    Chamikawpblogspotcom1-65.jpg

    2009 අප්‍රේල් 30 තම පළමු අතුරුපස මෙහෙයුම් පද්ධතිය
    “C” අකුරින් 1.5 - Cup Cake හදුන්වා දෙන ලදි.

    Chamikawpblogspotcom2-61.jpg



    ඒ සඳහා Linux Kernel 2.6.27 යොදා ගන්නා ලදි. :cool:
    එය ස්පර්ශක දුරකතනයක් වු HTC Magic තුල අන්තර්ගත කරන ලදි.
    Chamikawpblogspotcom21-4.jpg


    2009 සැප්තැම්බර් 15 වෙනිදා Linux Kernel 2.6.29යොදා ගනිමින් “D” අකුරින් 1.6 – Donut හදුන්වා දෙන ලදි. :yes:



    Chamikawpblogspotcom3-58.jpg

    2009 ඔක්තෝම්බර් 26 වෙනිදා Linux Kernel 2.6.29යොදා ගනිමින්ම “E” අකුරින් 2.0 – Éclair හදුන්වා දෙන ලදි.

    එය Nexus දුරකතනයකට ඇතුලත් කරන ලදි. :)

    2009 දෙසැම්බර් 03 Éclair2.0.1. ලෙස අලුත් සංස්කරණයක් හදුන්වා දෙන ලදි. :)
    Chamikawpblogspotcom4-56.jpg


    නැවතත් ‍2010 ‍ජනවාරි 12 වැනිදා 2.1 ලෙස සංස්කරණයක් නිකුත් කරන ලදි. :D


    2010 මැයි 20 වෙනිදා Linux Kernel 2.6.32යොදා ගනිමින්ම
    “F” අකුරින් 2.2 – Froyo හදුන්වා දෙන ලදි.
    Chamikawpblogspotcom5-50.jpg



    එය මුලින්ම ඇතුලත් කරන ලද්දේ Nexus 1 දුරකතන මාදිලියටයි. :cool:
    Chamikawpblogspotcom14-11.jpg



    2010 දෙසැම්බර් 06 වෙනිදා Linux Kernel 2.6.32යොදා ගනිමින්ම “G” අකුරින් 2.3 – Gingerbread හදුන්වා දෙන ලදි. ;)

    Chamikawpblogspotcom6-45.jpg

    වඩාත් ජනප්‍රියම හා වර්තමානයේත් බොහෝ දෙනා භාවිතා කරනු ලබන මේ මෙහෙයුම් පද්ධතිය මුලින්ම හදුන්වා දුන්නේ

    Samsung S වර්ගයේ දුරකතනයකටයි. :yes:

    Linux Kernel 2.6.35 ලෙස වෙනස් කරමින් 2.3.3 ලෙස සංස්කරණයක් 2011 පෙබරවාරි 12 වැනිදා නිකුත් කරන ලද අතර නැවතත් එදිනම Linux Kernel 2.6.36 ලෙස හා 3.0 ලෙස සංස්කරණයක් Honey Comb ලෙස නිකුත් කරන ලදි. :D

    2011 මැයි 10 වෙනිදා Linux Kernel 2.6.36යොදා ගනිමින්ම

    “H” අකුරින් 3.1 – Honey Comb හදුන්වා දෙන ලදි.
    11.gif

    එය ටැබ්ලට් හා විශාල තිර සහිත දුරකතන වලට විශේෂයෙන් සකසා ඇත.

    Chamikawpblogspotcom7-42.jpg

    එදිනම Google සමාගම තම අලුත් සංස්කරණය වන

    4.0 Ice Cream Sandwich ප්‍රකාශයට පත්කරන ලදි. :D

    2011 ජුලි 18 නැවත සංස්කරණයක් එලි දක්වන ලදි.

    2011 ඔක්තෝම්බර් 19 වැනිදා “I” අකුරින් 4.0 – Ice Cream Sandwich හදුන්වා දෙන ලදි.
    11.gif

    Chamikawpblogspotcom8-30.jpg


    එය මුලින්ම ඇතුලත් කරන ලද්දේ Motorola Droid RAZR දුරකතනයටයි. :)
    Chamikawpblogspotcom16-10.jpg



    වර්තමානයේ භාවිතා වන 4.1 –Jelly Bean මෙහෙයුම් පද්ධතිය
    “J” අකුර මුලීක කර ගනිමින් 2012 ජුලි 09 හදුන්වා දෙන ලදි.
    Chamikawpblogspotcom9-26.jpg

    එය Samsung Galaxy Nexus සදහා මුලින්ම ඇතුලත් කරන ලදි. :D
    Chamikawpblogspotcom20-5.jpg

    ඉන්පසුව තවමත් නිකුත් කිරීමට නියමිත අලුත් මෙහෙයුම් පද්ධතිය ගැන කිසිදු ආරංචියක් නැතත් එය “Key Lime Pie” ලෙස හදුන්වනු ඇතැයි ප්‍රකාශ වේ. :eek:

    Smart දුරකතන ලොව ඉදිරියෙන් සිටි Apple සමාගම හා දුරකතන ලොව හෙල්ලු Nokia සමාගමටද Android මෙහෙයුම් පද්ධතිය දැඩි තරඟයක් වු අතර වර්තමානය ඇමරිකාවේ වැඩියෙන්ම භාවිතා වන දුරකතන මෙහෙයුම් පද්ධතිය වෙද්දී මිලියන 400 වැඩි ප්‍රමාණයක් ලොව පුරා විහිද ඇති බව සදහන්‍ වේ. :shocked:

    ස්ටීව් ජොබ් ගරාජයෙන් පටන් ගත්ත ඇපල් සමාගම ගැන දැනගන්න මෙතනින් යන්න... :rofl:


    ඊට අමතරව දිනකට 8,50,000 කට අධික පිරිසක් අලුතින් එක්වන බවත් දැක්වේ. :shocked:

    මුදලට මෙන්ම නොමිලේ තම අවශ්‍යතාවය අනුව ලබා ගත හැකි විවිධ වර්ගයේ “ඇප්ලිකේෂන” ලබා ගැනීමට Google සමාගම සෑම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් එක්කම Play Store නැමති මෘදුකාංගය

    Chamikawpblogspotcom15-11.jpg

    එක්කොට ඇති අතර ඊට අමතරව තුන්වන පාර්ශව හරහාද තමන් කැමති දෑ එක්කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත. :)

    2012 පෙබරවාරි වන විට එහි 450,000 කට වැඩි ගණනක් ඇති බව ප්‍රකාශ වේ. :shocked:

    පසුගිය අවුරුදු 05 පුරාවට ඇන්ඩ්‍රොයිඩ් වලින්, මුලින් දුරඇමතුමකට පමණක් සීමාවු ජංගම දුරකතනය ගෙන ගොස් ඇත්තේ එහි සැතපුම් ගණනක් අනාගතයටයි. :cool:
    Chamikawpblogspotcom24-4.jpg





    කඩදාසියෙන් පටන් ගත්ත නොකියා වැඩපලේ අතීතය දැනගන්න මෙතනින් පුළුවන්...
    11.gif



    මේ යන විදිහට පහු පහු වෙන කොට මොනවා ඒවිද මන්දා තව ඉංග්‍රීසි අකුරු තියෙනවානේ හෝඩියේ... :eek:

    යාන්තම් මම නම් 2.3 – Gingerbread එකක් අරගෙන තියෙනවා...
    11.gif

    තව කාලයක් ඉදලා වෙන අකුරක “චීස් බටර්” කෑල්ලක් ගන්නවා...
    :lol::lol:

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]​
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අපොයි Android නම් දැන් වැහි වැහල:yes:,sony,Samsung,HTC වලින් දැන් තරගෙට Phone ගහන්නේ :shocked:
    මාත් ආසාවට Sony Xpriea Neo එකක් ගත්ත,ඒත් දැන් ඇවිල්ල තියෙන ඒවා දැක්කම මේක පොලවේ ගහන්න හිතෙනවා:(.ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි චාමික අයියා :)
    +4 ;)