රස වෙදකම

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0




මේක දිවයිනේ දාලා තිබුනේ, මේ වගේ වෛද්‍යය ක්‍රමයක් ගැන මමවත් අහලා තිබුනේ නෑ මම හිතන්නේ උබලා වුනත් මේ වගේ දෙයක් ගැන අහලා නැතුව ඇති ඉතින් මේක බලලා පුලුවන් නම් Share කරපල්ලා අනෙක් එවුන්ටත් දැනගන්න. මේ වෛද්‍යය ක්‍රමය අනෙක් එවුන්ටත් වැදගත් වෙන්න පුලුවන්.






මට ආයෙත් ඇස්‌ ලැබුණා
doctors.jpg

වෛද්‍ය ලලිත් කුලරත්න - ටාන්‍යා

ඇස්‌ ගැන කතා කිරීමේදී අන්ධ යුවතියකට සැත්කමකින් තොරව ප්‍රතිකාර කිරීමෙන් වෛද්‍යවරයෙක්‌ කළ හාස්‌කමක්‌ ගැනද අපට වාර්තා විණි.

උපතින්ම අන්ධ වූවන්ට ඇස්‌ පෙනීම ලබාදිය නොහැකි බව වෛද්‍ය මතයයි.

නමුත් මොරටුවේ කල්දෙමුල්ලේ උපතින්ම අන්ධ යුවතියක්‌ පෙනීම ලබාගැනීම විශ්මය ජනක කතාවකි.

එය හාස්‌කමකින් නොවේ. වෛද්‍ය විද්‍යාවේම හාස්‌කමකි.

එම යුවතියගේ මව කී කතාව මෙසේය.

"මගේ දියණිය උපතින්ම අන්ධයි. ඇය රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මට ලැබුණු දෙවැනි දරුවාත් අන්ධයි. මේක අප දෙදෙනාගේ ජානවල ප්‍රශ්නයක්‌ බවයි වෛද්‍යවරු කීවෙ.

මම හැමදාම දුව එක්‌ක රත්මලාන අන්ධ විද්‍යාලයට ගියා. සියලුම අක්‍ෂි විශේෂඥයන් හමුවන්න ගියා. මේ අතරේ අපි ආර්ථික වශයෙන් බොහොම අමාරු තත්ත්වයක සිටිය බවත් කියන්න ඕන.

හැම අක්‍ෂි වෛද්‍යවරයෙක්‌ම කිව්වෙ දියණියගෙ ඇහැට පෙනීම ලබාදෙන්න බැහැ කියලයි. ඇස වටා ස්‌නායු මිය ගිහින් ඇති බවයි කිව්වෙ.

මේ අතරෙ අපට ආරංචි වුණා රත්මලානෙ වෛද්‍යවරයෙක්‌ ගැන. බටහිර වෙදකමෙන් පිහිටක්‌ නොලැබුණු තැන අප මේ වෛද්‍යවරයා ළඟට ගියා. ඔහු රත්තරං මිශ්‍ර කළ බෙහෙත් වගයක්‌ ගුලි වශයෙන් දුවට බොන්න දුන්නා. ඒ බෙහෙත් මිල අධිකයි. නම ප්‍රසිද්ධ වනවාට අකමැති එක්‌තරා බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක්‌ මාසිකව බෙහෙත් ගන්න අපට මුදල් දුන්නා. වෛද්‍ය ලලිත් කුලරත්න මහත්මයත් අපෙන් මුදල් ගත්තේ අඩුවෙන්.

දුව ඒ බෙහෙත් ගුලි දිගටම පාවිච්චි කළා. දුව දවසක්‌ කිව්වා ඇස්‌වල කොරපොතු ගැලවෙනව වගේ දැනෙනව කියල. ඉන් පස්‌සෙ දුව කිව්ව ඉර එළිය ආලෝකය පෙනෙනව කියලා. අපේ දුව උපතින්ම අන්ධයි. මේක මහ පුදුමයක්‌. දැන් අපේ දුවට ගෙයි දොරවල් පෙනෙනවා. ලොකු දෙයක (කාරයක්‌ වැනි දෙයක) ඡායාව පෙනෙනවා. මෙතෙක්‌ කාලයකට එහෙම පෙනීමක්‌ තිබුණෙ නෑ. ඇත්තටම මේක පුදුමාකාර දෙයක්‌...."

මේක අපට හරි පුදුමයක්‌. අපි දිගටම දුවට බෙහෙත් දෙනවා. සම්පූර්ණ වශයෙන් හෝ අඩක්‌ හෝ ඇයට පෙනීම ලැබේයෑයි විශ්වාසයක්‌ දැන් අපට තිබෙනවා.

අපි ලලිත් කුලරත්න වෛද්‍යවරයාද හමුවීමු. ඔහු සිය හාස්‌කම ගැන සඳහන් කළේ මෙසේය.

"මේක බටහිර වෙදකමවත් ආයුර්වේද වෙදකමවත් නෙමෙයි. මේකට කියන්නෙ රස වෙදකම කියලයි. අපේ සීයා ඉන්දියාවෙන් ලබාගත්තු වෛද්‍ය විධි ක්‍රමයක්‌. බෙහෙත් හදන්නේ ලෝහ වර්ගවලින්. රත්තරං, රිදී, තු=ත්තනාගම් ආදී ලෝහ වර්ගවල මිශ්‍රණයක්‌. දැන් ඒ අන්ධ ළමයාට පෙනීම ලැබෙමින් පවතිනවා.

දියවැඩියාව, අක්‌මාවේ රෝග, පිළිකා ආදී රෝග මේ රස වෙදකමෙන් හොඳ කරන්න පුළුවන්. සුව කළ නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු විසින් අතහැර දාපු රෝගීන් අප මේ වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කර තිබෙනවා."

මේ වෛද්‍ය ක්‍රමය සැලකිල්ලට භාජනය කළ යුතු බව අපේ හැඟීමයි.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    වෛද්‍ය ලලිත් කුලරත්න ge contact number/address thiyenawa nam danna. godak ayata proyojanawath wei.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රස වෛද්ය ක්රමය


    රස වෛද්ය ක්රමය යනු ආයුරේවේදය බිහිවී කලකට පසුව භාරතයේ බිහිවූ ඉතා අගනා වෛද්ය ක්රමයක්. රස වෛද්ය ක්රමයට වසර 3000කට වැඩි අතීතයක් හිමියි. ‘රස වෛද්ය ක්රමය’ නැතිනම් ‘රස වෙදකම’ ලෙස මෙම වෛද්ය ක්රමය හැඳින්වීමට හේතුවී ඇත්තේ මෙය රසදිය මූලික කරගත් වෛද්ය ක්රමයක් නිසයි.

    රසදිය සහ වෙනත් ලෝහ වර්ග ඖෂධ ලෙස භාවිතා කරන වෛද්ය ක්රමයක් රාවණා යුගයේ ශී්ර ලංකාවේ පැවැති බවට සාධක හමුවෙනවා. එසේ වුවත් නිශ්චිත පිළිගත් ආකාරයකට වෛද්ය ක්රමයක් ලෙස මෙය ආරම්භ කරනු ලැබුවේ භාරතයේ නාලන්දා විශ්වවිද්යාලයේ කුලපතිවරයාව සිටි නාගර්ජුන භික්ෂූන් වහන්සේ විසින්.

    රසදිය ද්රවයක් ලෙස පවතින ලෝහයක්. රසදිය ශරීරගතවීම මිනිස් සිරුරට ඉතා අහිතකරයි. ඒ; එතරම් රසදිය විෂ සහිත නිසයි. අතපසු වීමකින් හෝ යමෙකුගේ සිරුරට රසදිය ඇතුළු වුවහොත් එය පිටතට ගැනීමට විශාල උත්සාහයක් දැරිය යුතුයි. රස වෛද්ය ක්රමයේ ඇති සුවිශේෂී උපක්රම මඟින් රසදිය නම් වූ මේ විෂ සහිත ලෝහය මිනිස් සිරුරට අහිතකර නොවන ආකාරයට සකස් කරගනු ලබනවා.

    කිසියම් නිශ්චිත උෂ්ණත්වයකට රත්කර ගැනීමෙන් රසදිය ඇතුළු විෂ සහිත ලෝහ වර්ගවල විෂ ස්වභාවය නැති කරගත හැකියි. එසේ සකසා ගන්නා ඖෂධ මඟින් මිනිසාට වැළඳෙන රෝග රාශියකටම ප්රතිකාර කිරීමටත් ලෙඩ රෝගවලින් වැළකී සිටීමටත් හැකියාව ලැබෙනවා. ඒ නිසයි ලෝකයේ මෙතෙක් බිහිවූ වෛද්ය ක්රම අතර රස වෛද්ය ක්රමයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ.

    භාරතයේ රස වෛද්ය ක්රමය බිහිවන්නට තවත් හේතුවක් වූයේ ශාකමය ඖෂධ සොයාගැනීමට තිබූ අපහසුතාවයයි. භාරතයේ ආයුර්වේදය ඇතිවී එය ඉතා ශීඝ්රයෙන් ප්රචලිත වුවත් යම් යම් ප්රාන්තවල ශාකමය ඖෂධ සොයාගැනීමට අපහසුතා ඇතිවුණා.

    එවිට ශාකමය ඖෂධ භාවිතා නොවන වෙනත් වෛද්ය ක්රමයක් පිළිබඳව තොරතුරු සොයන්නට වුණා. එසේම යම් යම් රෝගාබාධ සඳහා ක්ෂණික ප්රතිකාර අවශ්ය වූ අවස්ථාවලත් වෙනත් වෛද්ය ක්රමයක, වෙනත් ඖෂධ වර්ගවල අවශ්යතාවය දැනෙන්නට වුණා. එමෙන්ම ශල්යකර්මවලට භාජනය නොවී රෝග සුව කර ගැනීමටත් මිනිසුන්ට අවශ්ය වුණා.

    මිනිසුන්ගේ ඉහත අවශ්යතා ඉටුකර ගැනීමට බිහිවූ සාර්ථක වෛද්ය ක්රමයක් ලෙස ‘රස වෙදකම’ හැඳින්විය හැකියි. මහා භාරතයේ නාගර්ජුන භික්ෂුව විසින් සාර්ථක වෛද්ය ක්රමයක් ලෙස ආරම්භ කළ මෙම රස වෙදකම භූදේව් මුඛර්ජි පරම්පරාවෙන් ශ්රී ලංකාවට පැමිණියා.

    රසදියවලට අමතරව රත්තරන්, ගෙන්දගම්, ඊයම් වැනි ලෝහවල විෂ ස්වභාවය ඉවත්කොට රස වෙදකමේදී භාවිතා වෙනවා. සාමාන්යයෙන් ඊයම් සැළකෙන්නේ මිනිස් ශරීරයට ඉතාම විෂ ලෝහයක් ලෙසයි. එහෙත් රස වෙදකමේදී ”ඊයම්” යනු මහා අනර්ඝ ඖෂධයක්.

    රස වෛද්ය ක්රමයේදී භාවිතා වන ඖෂධවල සාර්ථකත්වය රඳ්ර පවතින්නේ එම ඖෂධ සකසා ගන්නා ආකාරය මතයි.

    පෙරදිග මතයට අනුව මිනිසුන් ලෙඩ රෝගවලට ගොදුරුවන්නේ ශරීරයේ වා, පිත්, සෙම් වල ඇති අසමතුලිත භාවය නිසයි. රස වෛද්ය ක්රමයේදී සිදුකරන්නේ එම වා පිත් සෙම්වල ඇතිවූ අසමතුලිතභාවය සමතුලිත කිරීමයි. ඒ අනුව වෛරස් රෝගවලට පවා රස වෛද්ය ක්රමය තුළ ඖෂධ තිබෙනවා.

    එමෙන්ම වර්තමානයේදී බොහෝ දෙනෙක් භාජනය වන ශල්යකර්ම 14ක් වළක්වා රෝග සුවකරගැනීමේ හැකියාව රස වෛද්ය ක්රමය සතුයි. බයිපාස් ශල්යකර්මය, වකුගඩු බද්ධය, මොළයේ ඇතිවන ගෙඩි, අක්මාවේ පිත්තාශයේ ඇතිවන ගල්, තයිරොයිඩ් ග්රන්ථියේ ආබාධ පුරුෂයින්ගේ පුරස්ථ ග්රන්ථියේ ඇතිවන ආබාධ වැනි ශල්යකර්ම කළ යුතු ප්රධානතම රෝගාබාධ 14ක් ශල්යකර්මවලට භාජනය නොවී සුවකර ගැනීමේ හැකියාව රස වෛද්ය ක්රමය සතුයි. විශේෂයෙන්ම ‘බයිපාස්’ ශල්යකර්මයට භාජනය විය යුතු යැයි නිර්දේශ කළ රෝගීන් රස වෛද්ය ක්රමයේ පිහිටෙන් සුව වී තිබෙනවා.

    වර්තමානයේ රස වෛද්ය ක්රමය තුළ, රෝගයක් නිර්ණය කිරීම සඳහා බටහිර වෛද්ය ඉංජිනේරු විද්යාවේ එන නවීන තාක්ෂණික ක්රම භාවිත වෙනවා.

    නිවැරැදි ලෙස රෝගය හඳුනාගත් පසුව රෝගය සඳහා ප්රතිකාර කරනු ලබන්නේ රස වෛද්ය ක්රමයටම ආවේණික වූ ලෝහමය ඖෂධ භාවිතා කරමින්.

    රස වෛද්ය ක්රමයට අනුව වර්තමානයේ මිනිසුන් අතර ලෙඩ රෝග වැඩිවීමට ප්රධානතම හේතුවක් වී තිබෙන්නේ අප ජීවත්වන පරිසරය ඉතා ශීඝ්රයෙන් විනාශයට පත්වීමයි. පරිසරයට සිදුවන එම විනාශය නිසා මනුෂ්යයා තුළ මෙන්ම ශාක තුළ ද වා පිත් සෙම් දූෂණයට ලක්වෙනවා. දූෂණයට ලක්වූ ශාකමය ආහාර ගන්නා මිනිසා රෝගී වෙනවා. අතීතයේදීත් ලෙඩ රෝග නොතිබුණා නොවේ.

    ජනගහණ අනුපාතයට අනුව අතීතයේදී ලෙඩ රෝග පැතිරුණු ප්රමාණය ඉතා අල්පයි.

    රස වෛද්යාචාර්ය ආර්.ලලිත් කුලරත්න

    රස ඖෂධ ඉතා හොඳින් යොදාගෙන සුවකළ හැකි රෝගාබාධයක් ලෙස ‘අංශභාග‘ රෝගය හැඳින්විය හැකියි. අංශභාග රෝගය, මොළය තුළ ඇතිවන රුධිර කැටයක් නිසා හෝ රුධිර පීඩනය වැඩිවී මොළයේ නහරයක් පිපිරීම නිසා ඇතිවිය හැකි රෝගයක්.

    මෙහිදී ක්ෂණික ප්රතිකාර අවශ්යයි. රස වෛද්ය ක්රමයේ භාවිතා වන ක්ෂණික කි්රයාකාරී ඖෂධ මඟින් රුධිර කැටිය දියකර හැර මෙම භයානක රෝගයෙන් රෝගියා මුදවා ගත හැකියි. අංශභාගය රෝගයේදී ඉතාම ඉක්මනින් ප්රතිකාර වලට යොමුවීම මෙන්ම පැයෙන් පැයට රෝගියාට ඖෂධ ලබාදීම ද වැදගත්.

    රස වෛද්ය ක්රමය මඟින් ඉතා සාර්ථක අයුරින් ප්රතිකාර කළ හැකි තවත් රෝගයක් වන්නේ ‘මධුමේහය’ හෙවත් ‘දියවැඩියාව‘යි.

    දියවැඩියාව ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරී යන රෝග තත්ත්වයක්. එසේ වීමට මිනිසා ගන්නා ආහාර රටාව වෙනස්වීමත් ජානවල වෙනස්වීමත් බලපා ඇති බව පෙනී යනවා. කුඩා දරුවන්ට වැළඳෙන දියවැඩියා රෝගී තත්ත්වයට ප්රධාන වශයෙන්ම බලපාන්නේ ජානවල සිදුවන බලපෑමයි.

    දියවැඩියා රෝගයට ප්රතිකාර කෙරෙන්නේ රුධිරයේ අඩංගු සීනි ප්රමාණය පිළිබඳ සැළකීමෙන්. රුධිරයේ සීනි විධිමත් අයුරින් පාලනය කර දියවැඩියාව හෙවත් මධුමේහය රෝගයෙන් මිදීමේ හැකියාව ‘රස ඖෂධ’ සතුයි.

    දියවැඩියාව වෙනත් රෝග ගණනාවකට ‘පාර කපන’ රෝගයක්. දියවැඩියාවේ බලපෑම නිසා ඇතිවිය හැකි අංශභාගය, අක්ෂිකාචයේ දුර්වලතා, පාදවල ඇතිවන තුවාල නිසා ඇතිවන ගැටලු, ස්නායු දුර්වලතාවය, ලිංගික බෙලහීනත්වය චර්ම රෝග වැනි රෝගාබාධ සඳහා ද රස වෛද්ය ක්රමය තුළ ඖෂධීය ප්රතිකාර අඩංගුයි.

    දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්, රතු කැකුළු සහල් බත් හෝ නාඩු සහල් බත් ආහාරයට ගන්නවාට වඩා හීනැටි සහල් වැනි ශ්රී ලංකාවේ පැරණි වී වර්ගවලින් සැකසූ සහල්වලින් පිසගත් බත් ආහාරයට ගන්නේ නම්, ඉතා සුදුසුයි. එම පැරණි වී වර්ගවල විශාල ප්රතිශක්තිකරණ හැකියාවක් මෙන්ම හොඳ පෝෂණ ගුණයක් ද අඩංගුයි.

    රස වෛද්ය ක්රමයට අනුව පිරිසිදු හොඳ තේ කොළවලින් සාදාගත් කහට තේ කෝප්ප 5ක් පමණ දිනකට පානය කිරීම දියවැඩියාවෙන් මිදීමට මෙන්ම දියවැඩියාව පාලනය කරගැනීමට ද උපකාරී වෙනවා.

    රස වෛද්ය ක්රමය තුළ විවිධ රෝගවලට ඖෂධ නියම කෙරෙනවා සේම, නීරෝගීව ජීවත්වීමටත්, ශරීරයේ ප්රතිශක්තිකරණය වැඩිකර ගැනීමටත් ඖෂධ තිබෙනවා. රස වෛද්ය ක්රමයේ ඇති ප්රධානතම ගුණාංගය වන්නේ රසායන ගුණය සහ වාජීකරණ ගුණයයි. ‘රස ඖෂධ’ මඟින් නිරෝගීව, තාරුණ්ය ආරක්ෂා කරගනිමින් දිගු කලක් ජීවත්වීමේ අවස්ථාව උදාකරගත හැකියි.

    සාකචඡාවකින් සකස් කළේ
    ගාමිණී සුසන්ත
    සිළුමි
     
    • Like
    Reactions: HANDY.MERLIN