#### රස්ටාෆේරියන් විප්ලවවාදියා - බොබ් මාලේ ####
මෙම ලිපිය
මාත් අද තම හරියටම මේ ගැන දැනගත්තේ,,,
හිතුන කට්ටියත් එක්ක බෙදා ගන්න......
යන ස්ථානයෙන් උස්සන ලදී..........Code:http://idea365.blogspot.com
මාත් අද තම හරියටම මේ ගැන දැනගත්තේ,,,
හිතුන කට්ටියත් එක්ක බෙදා ගන්න......
ඇමරිකාවේ ෆ්ලොරීඩා හි මියාමි හීදි, ජැමයිකාවේ උපත ලැබූ රස්ටාෆේරියන් ආගම අදහමින් සිටි ගායකයකු හා වාදකයකු මිය ගියේය. නමුත්, ඔහු සැබවින්ම මිය ගිය බව දන්නා කිහිපදෙනෙක් මිස - අද වන විටත් යටකී මිනිසා ජීවත් වෙමින් සිටින්නෙකු නොවේ දැයි ප්‍රශ්න කරන පිරිස අති විශාලය. මේ මිනිසා - නමින්, නෙස්ටා රොබර්ට් බොබ් මාලේ හෙවත් බොබ් මාලේ ලෙසින් මිමිණෙන නමැති මිනිසායි. බොබ් මාලේ නැමති රස්තියාදුකාරයා අදවන විට අපේ සමාජයට වැදගත් හෝ වේදිකාවේ ඉඩක් වෙන් කළ හැකි තරමේ මිනිසෙක් වන්නේ ද. එසේ වන්නේ නම් හෝ නොවන්නේ නම් - ඒ ඇයි. බොබ් මාලේ යනු ලෝකය විසින් කතා කළ යුතුව හා ප්‍රත්‍යාවලෝකනය කරනු ලැබිය යුතුව ඇති එකෙක් ද.
මාලේ මියැදී 2012 වන විට වසර 31 ක් සපිරේ. සිය භූමදානයෙන් වසර තිහක් ඉක්මවමින් සිටින මොහොතකත් මාලේ පිළිබද කතා කිරීමට දෙයක් - මාලේ විසින් ඉතිරි කළේය. බොබ් මාලේ යනු - අදරයට ආදරය කිරීම හා තම වර්ගයා වූ කල්ලන් වෙනුවෙන් වන අරගලය පිණිස, සිය ජීවිතයේ සෑම නිමේෂයක්ම වෙන් කළ එකෙකි. එසේම ස්වකීය ජීවිතයේ සැනසීම සොයාගෙන යාම පිණිස මාලේ විසින් පාරුව බවට පත් කරගනු ලැබූයේ, රස්ටාෆේරියන් දහමයි. අධිරාජ්‍යවාදයේ සෙල් පිළිමය කුඩු පට්ටම් කරනු පිණිස මාලේ විසින් සිය කුළුගෙඩිය කොට ගත්තේ - උපතින්ම හිමි වූ පසුව අවට සමාජයේ පන්නරයෙන් පෝෂණය වූ ගායන වාදන හා ලේඛන හැකියාව පමණි. මේ සියල්ල සදහා වන පාදම සපයා දීමේ වගකීම ‘බොබ් මාලේගේ මනුස්සකම‘ විසින් භාර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, “ලෝක සාමය හා ආදරය වෙනුවෙන් කරනු ලැබ ඇති සේවය“ වෙනුවෙන් තුන්වැනි ලෝකයේ ‘සාම පදක්කම‘ පිරිනමනු ලැබීය. මාලේ - ගායකයෙක් වාදකයෙක් හෝ ගී පද රචකයෙක් වූයේ නම්, ඔහු වෙනුවෙන් සංගීතය ආශ්‍රිත පදක්කමක් නොපුදා සාම පදක්කම පුද කිරීම දක්වා වූ දෙය, යම් අපභ්‍රන්සයක් හෝ වැරදීමක් වන්නේ ද. සුදු ජාතික පියෙකුට හා කලු ජාතික මවකට දාව ජැමෙයිකාවේ දී උපත ලබන බොබ් මාලේට, යාන්තමින් හෝ පැවති “සුද්දන්ගේ පීඩනයෙන් බේරීම සදහා වන රැකවරණය“ උපතින් වසර දහයක් ගත වෙත්ම නැති වී ගියේය. සිය පියා මව හා දරුවා හැර ගියේය. දැන්, මාලේ යනු පියා හැර දමා ගිය - කලු ගැහැණියකට දාව උපන් ඈ සමග හැදී වැඩෙන තවත් එක් කල්ලෙක් පමණි. වෙනදා දැනුණු තරම හා තීව්‍ර බව පවා ඉක්මවමින් සුද්දන්ගේ රැස් විසින් දැන් දැන් කල්ලකු වූ බොබ් මාලේ දවා අළු කිරීමට තතනන්නේය. 1950 දී ඇමරිකාවට සෙන්දුවන බොබ් මාලේ සහ සිය මව පෙරළා ජැමයිකාවට පැමිණෙන්නේ, ඇමරිකානු ආර්ථිකයේ බිද වැටීම හා වියවුල විසින් ඔවුන් කෙරෙහි ද දැඩි බලපෑම් කළ නිසා විය හැක. එසේම, ඒ කාලය යනු ඇමරිකානු කලු සුදු ගට්ටනයේ ස්පෝටන අවදියට අත්‍යාසන්න අවදියයි. යළිත් මාලේ ජැමෙයිකාවේ ස්ථීර පදිංචිකරුවෙක් බවට පත් විය.
සංගීතය විසින් සන්නිපාත තත්ත්වයට පත් කරනු ලදුව රේ චාල්ස් හා ෆැටිස් ඩොමීගේ දේවත්වයෙන් අදහමින් සිටි මාලේ, තමන්ගේ සන්නිපාතයට සමාන තත්ත්වයකින් පෙළෙමින් සිටි සගයකු වූ බනී නමින් ආදරයෙන් ඇමතූ නෙවිල් ලිපන්ග්ටයින් සමග ජෝ හිග්ස් නම් එවකට ජැමයිකාවේ ප්‍රසිද්ධ ගායකයාගේ ගෝලයන් බවට පත් විය. ඔවුහු එහිදී - සංගීතයේ අකුරු කියෙව්වේය. ආශාව හෝ උනන්දුව අභිබවා ගිය, “උණක්“ සංගීතය හැදෑරීම කෙරෙහි පැවති මාලේ හා සිය ගමන් සගයා විසින් සංගීතය නො උගත්තේය. ඔවුන් විසින් ඉගැනීම වෙනුවට සංගීතය ජීවිතය කර ගත්තේය. 1962 වසරේදී ජෝ හිග්ස් විසින් ඔප මට්ටම් කරන ලද මාලේ ගේ කෞෂල්‍යයේ කූටප්‍රාප්තිය සිදු විණි. මාලේ විසින් Judge Not සහ One More Cup of Coffee ගයනු ලබන්නේ එහිදීය. මාලේ යනු, පවත්නා ක්‍රමය අගයමින් එය සිය ප්‍රතිමූර්තිය කොට ගනිමින් ගී නො ගැයීමේ වන්දිය, නොවිකෙණෙන ගී සමුචියක ගී ගැයූවෙකු වෙමින් ගෙවීමට මාලේට සිදු විණි. අනවරත රැල්ලේ තවත් එකක් නොවූ හෙයින් මාලේගේ ගී සමුචිත ගී තැටි ගොඩේ දිනෙන් දින යට ගියා මිස, වෙළදපොල අතැර ගැණුම්කරුවෙකු සමග නොගියේය. වෙළදපොළ සාධකයට මාලේ නවතනු නොහැකි විය. කොස් සෝන් නම් නිශ්පාදන සමග සම්බන්ධ වී 1963 වසරේදී ඔහු හා සිය ගමන් සගයා වූ බොනී සමග එක්ව ‘විලින් වේලර්ස්‘ නමින් කණ්ඩායමක් උපද්දවා, එහි පියා ව තවත් නිර්මාණයක් කළේය. ඉනික්බිති, මාලේ හා ගමන් සමගයාට එක්වූ තුන්වැන්නා යන තිදෙනා සමග එක්ව නිර්මාණ කිහිපයක්ම කරනු ලැබීය.
බොබ් මාලේ යනු ලේඛකයෙකු හෝ ගේය පද රචකයෙක්ද වන්නේ යැයි යට තැනකදී කීවෙමි. විලින් වේලර්ස් හි බොහෝමයක්, ඇත්ත වශයෙන්ම හැම ගීතයක්ම වාගේ ලියනු ලැබූයේ බොබ් මාලේ විසිනි. ආදරය හා විරහව - සතුට හා වේදනාව යන පොදු අකුරුකරණයේ කුටුම්භය විසින් මාලේ සිර කරනු නොහැකි විය. තමාට තමා පවා අහිමි විය හැකි තරමේ විරෝධාකල්පයන් හා විප්ලවීය ජවයක් ජනිත කරනු ලබන දේද මාලේ විසින් ලියා - ගැයුවේය. මාලේ විවාහ විය. විවාහයෙන් ටික කලක් ගෙවී කියේය. විලින් වේලර්ස් මෙතෙක් භාවිත කරමින් සිටි ගීත ආර වූ “එස්.කේ.ඒ.“ ආර වෙනුවට - ‘රෙගී‘ සංගීත ආර සිය ආර හෝ ඌරුව බවට පත් කර ගනු ලැබීය. අධිරාජ්‍යවාදයට - වර්ණබේදවාදයට හා නිද්‍රාශීලී යටත් විජිතභාවයට එරෙහිව ඔහු විසින් ගයනු ලැබීය. අද ද මාලේ විසින් පොදු මිනිසා ද පොදු මිනිසා විසින් මාලේ ද ජීවත් කරනු ලබන්නේ වැඩි ප්‍රමාණයක් වූ, මාලේ විසින් ගයනු ලැබූ අධිරාජ්‍යවිරෝධී - ආදරණීය - විරහබර - රැඩිකල් රොක් ගීත විසිනි.
“පීඩනය දරා ගත නොහැකි තැන, මිනිසා ආගමික සැනසීම සොයා යන්නේය“ යන පොදු ධර්මතාවය බොබ් මාලේට ද පොදු විය. ඔහු විසින් සිය සැනසීම උදාකරගනු පිණිස තෝරාගනු ලැබූයේ, රස්ටාෆේරියන් දහමයි. රස්ටාෆේරියන් යනු, ඉතියෝපියාව නිජ බිම කරගත් දහමකි. නිර්මාංශ ආහාරයේ නියැලෙන රස්ටාෆේරියන්වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලුදු කරගැනීමට හෝ විච්ඡේදනයට සූදානම් නොවීය. එහෙයින්, ශල්‍යකර්ම හා කිසිම හේතුවක් මත ශරීරාංග කැපීම අනුමත නොකළේය. එසේම, මර්ජුවානා (ගංජා / ජොයින්ට් / මල්) සිය ආගම විසින් අනුමත කරනු ලැබූ දෙවියන් වෙත සමීප විය හැකි හා දෙවියන් විසින් අත්විදින සුවය අත්විදිය හැකි දේ යැයි පිළිගත්තේය. එහෙයින්, රස්ටාෆේරියන්වරුන් “ගංජාකාරයෝ“ද වූහ. කැරළිගැසී ගිය කොණ්ඩය ද ආගමේ උසස් කොට පිළිගත් පැවැතුමකි. One Love ගීතය මාලේ විසින් නිර්මාණය කරනු ලබන්නේ, රස්ටාෆේරියන් ආගමේ ආභාෂයෙනි. මෙය බොබ් මාලේ විසින් ගයනු ලැබූ කුළුදුල් ආගමික ආරයේ ගීතය ද වේ.ෙ
සිය බිරිද හා මව සමග දෙවැනි වරටත් ඇමරිකානු පදිංචියට යන බොබ් මාලේට එහිදී මුහුණ දෙන්නට සිදු වන්නේ පෙර අත්දැකීමෙන් වෙනස් වූ එකකි. පෙර අවස්ථාවේ ආර්ථිකය හා කලු බව හරස් විය. දෙවැනි වර, මාලේ පෙරළා ජැමෙයිකාවට හරවා යවනු ලබන්නේ - රස්ටාෆේරියන් සම්ප්‍රදායට එරෙහි බව - යි. 70 දශකය, එනම් බොබ් මාලේට විසිපස් විය සපිරෙන කාලයේ - බොබ් මාලේ විසින් කැරබියානු කළාපය වැලද ගත්තේය. මාලේගේ රෙගී සංගීතය වෙනුවෙන් ඉඩක් දීමට ජාත්‍යන්තර අයිලන්ඩ් රෙකෝඩ් සමාගම කැමැත්ත දුන්නේය. එහෙයින්, 1973 දී මාලේ ප්‍රමුඛ විලින් වේලර්ස් සිය පළමු ජාත්‍යන්තර ඇල්බමය නිකුත් කලේය. Catch a Fire එහි නම විය.
බොබ් මාලේ යනු, විප්ලවවාදියකු යැයි කියන්නේ ‘පොරත්වයක් ආරෝපණය කිරීමේ නොනිම් ආශාව සංසිදුවා ගැනීම‘ නැමති විකාරයක් නිසා නොවේ. ඒ වන විට කළාපයේ හා තම රටේ අමු අමුවේ උල්ලංඝනය වෙමින් පැවති - මූලික හා මිනිස් අයිතිවාසිකම් හා මිනිස් ගුණාංග රැකගනු පිණිස - විප්ලවීය මැදිහත් වීමක් කෙරෙහි පිරිස් සංවිධානය කිරීමේ කාර්යය මාලේ විසින් සිදු කරනු ලැබීය. Get-up Stand-up යනු, බොබ් මාලේ විසින් සේනා සංවිධානය කරනු ලැබූ දැන්වීම බදු වූ ගීතයයි. ගීතය වටා මිනිස්සු රොද බැන්දේය. පසුව, ගීතයේ ඇති සැබෑ විප්ලවීය අවශ්‍යතාවය වෙනුවෙන් මිනිස්සු ක්‍රියාත්මක විය.
No Woman - No Cry ගීතය ගයන විට මාලේගේ සෙසු ගමන් සගයින් දෙදෙනා මාලේ හැර ගොස් සිටියේය. සති හතරක් තිස්සේ ‘බිල් බෝඩ්‘ ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම වැජබුණු යටකී ගිතයේ සතුට විද දරාගනු රිසි, ඒ වන විට මාලේගේ ගමන් සගයා ව සිටියේ ජීවන සහකාරිය වූ සිය සෙනෙහබර බිරිද පමණි. එහෙත්, ඔවුන් දෙදෙනාට අමතරව සිය දහසක් ඉන් වින්දනය හා අර්ථය ලැබීය.
විටෙක “ස්මයිල් ජැමෙයිකා“ නම් ප්‍රසංගයකදී මාලේ ඝාතනය කිරීමට යම් ප්‍රයත්නයක් දැරීය. තවත් විටෙක, ගංජා මගඩියට උඩගෙඩි දෙමින් - අනවශ්‍ය වැදගත්කමක් නිරූපණය කරන්නේ යැයි මාලේට එරෙහිව සමාජ වරෙන්තු නිකුත් විය. නමුත්, තවදුරටත් මාලේ විසින් අදහනු ලැබූයේ - දුම් ඉරීම නම්, දෙවියන්ට ලංවීමට හැකි විදිය - ලෙසයි. සිය රස්ටාෆේරියන් ආගමේ නිජබිම වූ ඉතියෝපියාවට යාම මාලේ විසින් ජීවිතයේ ලද සුවිශේෂීම තෑග්ග ලෙස සැලකීය. ඉතියෝපියානු ගමන, මාලේගේ චිත්තප්‍රීතියේ උපරිමය ලගා කරන්නට සමර්ථ වූවා සේම - එහි වැසියන් විදිමිනි සිටින වේදනාවන් හා දුක් ගැහැට විසින් ඔහු තව තවත් මානව වර්ගයා වෙනුවෙන් සංවේදී කරනු ලැබීය. Survival ඇල්බමයේ නිමිත්ත එහි දී උපන්නකි. ඒ පුරා දිවෙන්නේ කල්ලාගේ වේදනාව හා පීඩනයයි. අධිරාජ්‍යවාදී තැලීම් පෙලීම්වලට එරෙහි රණ හඩයි. මිනිසත් බවේ කැකෑරෙන උණුසුමයි.
බොබ් මාලේ ඇන්ඩ් ද වේලර්ස්, 70 දශකයේ අගභාගය වන විට මුළු මහත් රෙගී සංගීත ලෝකයේම කිරුළු පලන්දේය.
ගංජා හා යුරෝපීය සංචාරයකදී ඇතිවූ පාදයේ තුවාල වීමක් පිළිකාවක් දක්වා උඩු දුවා තිබීම නිසා, බොබ් මාලේගේ ජීවිතයට 80 දශකය උදා වන්නේ යහපත් සෞඛ්‍යය පිරිහුණු මිනිසෙක් ලෙසයි. 71 දී හදුනාගත් පිළිකාව 1980 සැප්තැම්බර් මස 21 වෙනිදා - සිහිමූර්ජාවීමක් හේතුවෙන් රෝහල්ගත කරන විට අක්මාව - පෙහල්ල හා උදරය මෙන්ම මොළය දක්වා ද ව්‍යාප්තව තිබිණි. ‘පියවි මාලේ‘ අවසන් වරට ගී ගයනු ලැබූයේ 1981 මැයි මාසයේ දී ශාන්ත පීටර්ස්බර්ග් හීදී ය. 36 වියැති රෙගී ගායකයා හෙවත් - තවෙකෙකුගේ අර්ථෆයන් රස්තියාදුකාර ගංජාකාර ගායකයා 1981 මැයි මාසයේ 11 වෙනි දා ඇමරිකාවේ දී මිය ගියේය.
සිගි යනු මාලේ ගේ පුත්‍රයාය. ඔහු සිය පළමු බිරිද වූ රීටාට දාව උපන්නෙකි. බොබ්, මරණය පෙනෙමින් තිබෙන යාමයේදී සිගී ඇමතීය. “මුදලින් ජීවිතය මිලදී ගත නොහැකිය“යැයි හේ කීවේය. බොබ් මාලේ පොදු සමාජයට පොරක් වන්නේ එහෙයිනි. ඔහු මානව වර්ගයා වෙනුවෙන් අසහාය විප්ලවයක් දියත් කළේය. අයිතිවාසිකම් හා හිමිකම් දිනා ගැනීමට පෙළ ගැස්වීම. අවසානයේදී - ඉන් නොනැවතී ආදරය කිරීමට ඉගැන්වුයේය.