අසපු නිකායේ "ලෝක විනාශය"..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අසපු නිකායේ "ලෝක විනාශය"..!

    අසපු නිකායේ "ලෝක විනාශය"..!

    බුදු දහම අනුව ලෝක විනාශයක් සිදුවන ආකාරය දේශනා ගණනාවකින් පැහැදිළිව දක්වා තිබිදදීත් බෞද්ධයන්ට කිසිදු අදාළත්වයක් නැති මායා වරුන්ගේ "කැලැන්ඩරයක්" (එය සැබැවින්ම කැලැන්ඩරයක් යන්නත් වෙනම ප්‍රශ්ණයකි) වැරදියට වටහා ගෙන ගොන්පාට් දැමීම අසපු නිකායේ දේශන මඟින්ද සාධාරණීකරණය කර තිබිණි.

    "කෝටි ගණන් මිනිස්සු මැරෙන යුගයක් එනවා. ඒක මා කියන කථාවක් නෙවෙයි. ලෝකෙ සියලු දෙනා කථා වෙනවා. ඔබට දැන ගන්න ඕන නම් අන්තර්ජාලය ඔස්සෙ බලන්න පුලුවන් 2012 දෙසැම්බර් 21, 2012 දෙසැම්බර් 21 තමයි මේ පෘථිවිය චලනය වන දවස. එදයින් පස්සෙ විශාල සුනාමි වගේ දේවල් එන්න පුලුවන්. ගිනිකඳු පුපුරන්න පුලුවන්. පේන කඳු ගිලා බහින්න පුලුවන්. අලුතින් කඳු මතුවෙන්න පුලුවන්. මේ පෘථීවියෙ උතුරු දකුණ පවා වෙනස් වෙන්න පුලුවන් කියලා අනාවැකි රාශියක්, පොත් පත් රාශියක් ලියවිලා තියෙනවා. තව අවුරුදු දෙකකින් තුනකින් ලෝකයේ ප්‍රධාන මාතෘකාව වෙනවා ඕක. ඊට කලින් අපි අප්‍රමාදී වෙන්න ඕනි. කෝටි සංඛ්‍යාත පිරිසකට බඩගින්නෙ මියයන්න වන කාලය ඈත නෑ. ඒ නිසා අපිට මේ ජීවත් වෙන්න තිබෙන අවුරුදු 4-5 ‍පොඩි කාලෙ අපි අවබෝධයකින් යුතුව ‍ඒ ගෞතම බුදු රජාණන් වහන්සේගේ පිළිසරණ ලබාගෙන පිහිට ලබා ගන්න ඕනි."

    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් 2008 වර්ෂයේ දී දේශනා කරන ලද්දකි.

    වීඩියෝව පහත බලන්න (from 3.15 onwards).



    අභිධර්මයද ප්‍රතික්ෂේප කරමින්, සූත්‍ර ද හලමින්, මහායාන පිළිම නෙලමින්, මාලිගා හදමින්
    බුද්ධ දේශනාවද බල්ලට දමා, බටහිර මානසික රෝගීන්ගේ රැළකගේ උමතුවක් පසුපස දුවන්නට දේශනා කළ කෙනෙක් පසුපස තවත් යනවාදැයි බුද්ධිමත් ඔබම තීරණය කරන්න.:)
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo:
    චීවර දාගෙන මේවා කියන්න මුන්ට පිස්සුද??
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඒ මදිවට මුන් බොදුබල සේනාවට මඩ ගහනවා මුන්ගෙ නිරුවත පෙන්නනයි කියලා බයේ.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ හාමුදුරුවෝ ගැන මට ප්‍රශ්න ටිකක් තියනවා
    ඒත් ඒ කිසිවක් හරියටම තහවුරු වුනේ නැති නිසා මුකුත් කියන්න බෑ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැරදි දේ වැරදියි කියල ප්‍රසිද්දියේ කියල ප්‍රතික්ෂේපකරන්න පුළුවන් කොන්ද පන තියන එවුන් අද කාලේ හිඟයි සහෝදරයා. තෙරුවන් සරණයි.