ඇඹිලිපිටියේදී මුස්ලිම් වෙළෙඳුන් පැන්නී&#

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඇඹිලිපිටියේදී මුස්ලිම් වෙළෙඳුන් පැන්නී&#

ඇඹිලිපිටියේදී මුස්ලිම් වෙළෙඳුන් පැන්නීම ගැන පූර්ණ පරීක්‍ෂණයක්

භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනකුට ඇඹිලිපිටිය වෙළෙඳපොළේ වෙළෙඳාමට ඉඩ නොදී පලවා හැරීම හා ඊට පසු ඇති වූ සිදුවීම් ගැන පූර්ණ පරීක්‍ෂණයක් කරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කර ඇත.

පෙරේදා (23දා) මෙම සිද්ධියත්, එක්තරා පිරිසක් හලාල් භාණ්ඩ වර්ජනය කරන්නැයි ඉල්ලා ඊයේ (24දා) ඇඹිලිපිටියේ උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ලකට අනුව ආරක්‍ෂක ලේකම්වරයා මේ පියවර ගත් බව නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.

‘මේ මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනා සමෘද්ධිලාභීන්ය. ඔවුන් සමෘද්ධියෙන් ලැබෙන මුදලින් සුළු වෙළෙඳාමක් කරගෙන ජීවත් වුණා. එක්තරා පිරිසක් ඔවුන් දෙදෙනාට පහරදී පන්නා දමා තිබෙනවා. ජාතික සමගිය අවශ්‍ය අවස්ථාවක සමහරු තිබෙන සමගිය නැති කරන්න හදනවා. මේ දෙදෙනා හා එහි අනෙක් පිරිස ඉතා සමගියෙන් සිටින බව දැනගෙන, ඊයේ තවත් කණ්ඩායමක් හලාල් වර්ජනය කරන ලෙස උද්ඝෝෂණය කර තිබෙනවා.’ යයිද ඒ මහතා පැවසීය.


source: LCN
 
  • Like
Reactions: Haazi

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
ඔය සීන් එක මම දන්නවා මචන් මම ඉන්නේ ඇඹිලිපිටියේ.. ඕක උනේ ඉරිදා පොලේදී. ඒ මිනිස්සුන්ට ගැහුවේ ස්වුරු ඇඳ ගත්ත අපේ නගරාදිපති හාමුදුරුවෝ.. මිනිස්සු නම් කව්රුවත් එක අනුමත කලේ නැහැ.
 
Last edited:
  • Like
Reactions: Haazi

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නොදකිං බූරුවෝ කරන බූරු වැඩ වලින් වැඩේ පටන් ගන්නත් කලින් වැඩේ වර්චස් වෙනවා...
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ane vendala kiyanne jaathiya jaathiya kiyala ke gahana evun jaathiya issarahata daagena gahaganilla, me nirmala Budda darshanaya vinaasha nokara.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Gahannun deyak na. Yana widihata giyaama hodatama athi. Pissu kelinawane ithin :frown:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මුස්ලිම් කියලා එහෙම ගහන්න පුලුවන්ද..? උන්ට උත්තර දෙන්න ඕනේ ඊට වඩා අඩුවට බඩු දීලා මිසක් ඒ මිනිස්සුන්ව ගහලා පන්නලා නෙමෙයි.... මේ කරන වැඩ නිසා නියම බෞද්ධයා හෑල්ලුවට පත් වෙනවා...
     
    • Like
    Reactions: laknath123

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ඉස්ලාම් අන්තවාදයට එරෙහිව බෞද්ධ අන්තවාදය (ඉස්සර නම් බෞද්ධ අන්තවාදය කියල එකක් තිබ්බේ නැහැ. දැන් නම් Anti Halal කියාගෙන එන්න බෞද්ධ අන්තවාදය තමයි. ඕවට උඩ පැන පැන කෑගහන උන් තමයි ඕවට වගකියන්න ඕන.)
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    යකෝ මුස්ලිම් කියලා එහෙම ගහන්න පුලුවන්ද..? උන්ට උත්තර දෙන්න ඕනේ ඊට වඩා අඩුවට බඩු දීලා මිසක් ඒ මිනිස්සුන්ව ගහලා පන්නලා නෙමෙයි.... මේ කරන වැඩ නිසා නියම බෞද්ධයා හෑල්ලුවට පත් වෙනවා...

    :yes: ..