සිංහලෙන්_ටයිප්_කරන හැටි

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
සිංහලෙන්_ටයිප්_කරන හැටි

යාලුවනේ ඔන්න මම අද කියන්න යන්නේ ගොඩක් අය දන්නා දෙයක්.එත් මෙඅ පිලිබදව thread එකක් ලියවිලා තියෙනවා [විස්තර ඈතුව ] දැක්කේ නැති නිසා මේක දන්නා කල්පනා කරේ.නොදන්නා ය දැන් ඉතින් පිලිවලට ඉන්දගන්නකෝ.අටුවා ටීකා ඔනී නැ .වැඩේට බහිමුකෝ !

මුලින්ම යන්නේ ඉඳන්ම පටන් ගමු.

සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම

සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.

අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල "EN" යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් "SI" තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.


යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.

http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf

සිංග්ලිෂ් යතුරු පුවරු


සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට "මට බඩගිනියි" කියලා අපි ලියනවා "mata badaginiy" කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු.

Garp Singlish යතුරුපුවරුව
පරිගණකයේ ඕනෑම අකුරු ටයිප් කරන ස්ථානයකදී සිංග්ලිෂ් වලින් ටයිප් කර එය එසැනින් සිංහල යුනිකෝඩ් වලට හරවා ගත හැකි මෘදුකාංගයක් තමයි Garp. මෙය Keyman වැඩසටහන සඳහා extension එකක්. මෙය රු. 2000/= ක් පමණ මුදලකට මෙම අඩවියෙන් මිලදී ගත හැකියි.


http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php

සිංග්‍රීසි


සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් වන මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මේ අඩවියට පිවිසෙන්න

http://singreesi.vndv.com


Singlish Sinhala TypeWriter

මෙය සිංහල යුනිකෝඩ් යෙදා සැකසූ විශේෂ වදන් සකසනයක් (word processor). එය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමටත්, එය බාගත කර ගැනීමටත් එහි ගූග්ල් සමූහය වෙත පිවිසෙන්න.


http://groups.google.com/group/singlish-typewriter


UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි.
SinGlish transliterated –> Sinhala Unicode


http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

තිරය මත (On Screen) යතුරු පුවරු

මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්

UCSC මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම 1 යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම 2 යොමුවෙන් ලබාගත හැකියි.

1 යොමුවෙන් : http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
2 යොමුවෙන් : http://www.google.com/ig/adde? moduleurl=www.google.com/ig/modules/sinhala_keyboard.xml

හරි ඔන්න එහෙනම්.මේ විස්ටර මමත් දැනගතේ internet එක සැරිසරන ගමන් තමය් .
ඔන්න එහෙනම් මේක ගැන දන්නා ය නොදන්නා යට දැනගන bump එකක්වත් දාලා යන්නේ හොඳේ!
rep නැතුවට නම් කමක් නැ !
දැනුමක් ලැබුන නම් ඒ ඇති!


:):):):):):)