මුහුදෙ නාන,නාල තියෙන උන් ට .................

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,825
    2,392
    113
    මුහුදෙ නාන,නාල තියෙන උන් ට .................

    මේක elakiri යේ මගේ පලවෙනි post එක. මගේ කිව්වට මගේම නෙවේ. මේක මට ආපු email එකක් .මුලින්ම ලියපු කෙනා කවුද කියලනම් දන්නේ නෑ .මුලින් ලියපු කෙනාටත් පින් දෙන ගමන් ඔන්න දැම්ම .Re post නම් ඉතින් සොරි තමා :D:D:D

    මරු සැඟවගත් දියවැල....


    ඔබ දන්නවාද වසරකට 1100ක් පමණ ලංකාවේ දියේ ගිලී මිය යෑම් වාර්තා වෙනව කියල? මෙයින් සැලකිය යුතු පිරිසක් මුහුදේ නෑමේ දී දියේ ගිලී මිය යෑම් ලෙස යි වාර්තා වෙන්නේ. පිහිනීමට නො දැනීම, මත්පැන් පානය කර සිටීම සහ මුහුදු වෙරළ ආශි‍්‍රත ව ඇති වන දිය වැල්වලට හසුවීම මේ මිය යෑම්වලට හේතු ලෙස සලකන්න පුළුවන්. අප අවධානය යොමු කරන්න සූදානම් වන්නේ මේ තුන් වැනි කාරණය සම්බන්ධව යි. මුහුදේ නෑමට ගොස් දියේ ගිලී මිය යෑම් බොහෝ ප‍්‍රමාණයක් ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇතත් මේ සම්බන්ධව කථා වෙන්නෙ බොහොම අඩුවෙන්. කෙසේ වෙතත් මුහුදට බහින්න කලින් එහි ඇති අවදානම ගැන දැන ගෙන සිටීම වැදගත් වේවි.



    දිය වැල් ඇති වෙන්නෙ මෙහෙමයි.


    1 රූපය
    image002jbd.jpg


    image002jbd.jpg


    image003ka.jpg


    image0041o.jpg



    මුහුදු රළ විශාල ජල ප‍්‍රමාණයක් වෙරළට රැගෙන එනවා. එම රළ බිඳී යෑමෙන් පසු මේ ජලය නැවත මුහුදට ගලා යා යුතුයි. නො කඩවා පැමිණෙන රළ මේ ආපසු ගලා යෑමට බාධා කරනවා. නැවත මුහුදට ගලා යන තෙක් මේ ජලය වෙරළ ඉමදිගේ දෙපසට ගමන් කරමින් සිට ක්‍ෂණික ව පහසු ස්ථානයකින් වේගයෙන් මුහුදට ගලා යාම සිදු වෙනවා. වෙරළාසන්න ව මුහුදු පතුලේ පවතින වැලිපරවල සෑදී ඇති හිඩැස්වලින් මෙසේ දියවැල් (Rip Currents) ඇති වීම සිදු වෙනවා. 1 වැනි රූපයෙන් දැක්වෙන්නේ බාදිය අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක්. එවැනි ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මිනිත්තුවකටත් අඩු කාලයක දී මීටර් තුන්සියයක් පමණ වෙරළෙන් ඈතට ඔබ ව රැගෙන යන්න මේ දියවැලකට පුළුවන්.

    දිගු වෙරළ තීරවල සාමාන්‍යයෙන් මීටර් 200කට වරක් වගේ මෙවැනි දියවැල් ඇති වෙනවා. ඉතාමත් නිසල මුහුදේ පවා ඇති වන මෙවැනි දියවැල් නිසා මුහුදේ පිහිනමින් සිටින අය මෙන් ම ඉණ තෙක් මුහුදට බැස සිට ගෙන සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදී යන්න පුළුවන්. මේ නිසා පිහිනන්න දන්නෙ නැත්නම් මුහුදට බහින්නෙ නැති එක වඩාත් නුවණට හුරුයි. ඔබට ඔබ ගැන කොපමණ විශ්වාස වුණත් කිසි ම විටක තනිව ම මුහුදේ නාන්න යෑමෙන් වළකින එක හොඳයි.

    දියවැල් ඇති වෙන තැන් හඳුනා ගන්නෙ කොහොම ද?


    2 රූපය
    image005iu.jpg


    image006dz.jpg


    සාමාන්‍යයෙන් අප පාර පනින්න පෙර දෙපස හොඳින් බලනවා. ඒ වගේ, මුහුදට බහින්න පෙරත් ටික වෙලාවක් හොඳින් නිරීක්‍ෂණය කළොත් දියවැල් ඇති වෙන තැන් හඳුනා ගත හැකි යි. වෙරළ ආසන්නයේ දී රළ බිඳෙන විට සුදු පැහැයට දකින්න පුළුවන්. මේ සුදුපැහැති තීර අතරේ සමහර තැන් නිසල, අඳුරු ලෙසින් නිරීක්‍ෂණය වෙනවා. (2 වැනි රූපය බලන්න.) මේ තැන්වලින් ජලය මත පාවෙන නොයෙක් ද්‍රව්‍ය මුහුදට ගලා යනු දකින්න පුළුවන්. එවන් ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මේ නිසා ඔබ කොතරම් පිහිනීමට දක්ෂ වුණත් මුහුදට බහින්න පෙර මෙසේ ටික වේලාවක් නිරීක්ෂණය කළොත් වඩා ආරක්‍ෂාකාරී තැන් සොයා ගන්න පුළුවන් වේවි. මේ දියවැල්වල වේගය පිහිණුම් ශූරයන්ගේ වේගයටත් වඩා වැඩි බව ඔබ මතක තබා ගන්න. සමහර මුහුදු තීර කොහෙත් ම දිය නෑමට නිර්දේශ කරන්නෙ නැහැ. නොයෙක් අනතුරු හැඟවීමේ පුවරු මෙවන් ස්ථානවල සවිකර තිබෙනවා. මුහුදට බහින්න පෙර මේ ගැනත් ටිකක් විමසිලිමත් වෙන්න. අවදානම් සහිත ස්ථානවල පවා මුහුදේ පිහිනීමෙන් තමන්ගේ පුහු වීරත්වය පෙන්වන්න සමහර අය කැමති යි. හිස් මිනිසුන්ගෙන් ලැබෙන පුහු වර්ණනාවන්ට වඩා අතිශය දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය වටින බව ඔබ අමතක කරන්න එපා.

    දිය වැලකට හසුවුණොත් කුමක්ද කළ යුත්තේ?



    3 රූපය

    image007ffb.jpg


    දිය වැලකට හසුවුව හොත් කිසි ම විටක ඊට එරෙහි ව පීනන්න උත්සාහ කරන්න එපා. දියවැලේ වේගය ඔබේ පිහිනුම් වේගයට වඩා වැඩි නිසා ඔබට එය කළ නො හැකියි. මේ වෙනුවට වෙරළට සමාන්තර ව පිහිනීමෙන් දියවැලෙන් ඉවත්විය හැකියි. ඉන් පසු වෙරළ දෙසට පිහිනන්න පුළුවන්. (3 වැනි රූපය බලන්න) මෙසේ ඉවතට පිහිනන්න නො හැකි නම් ජලය මතුපිට රැඳී සිටිමින් උදව් අවශ්‍ය බවට අත උස්සා සංඥා කරන්න.


    හොද නම් අනිත් අයටත් බලන්ඩ BUMP එකක් වත් දාල යමු :lol::lol::lol::lol::lol:
     
    Last edited: