කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?
SEX කියලා තිබ්බ ගමන් අනිත් වැඩ ඔක්කොම නවත්තලා උඹලා එළ කිරි සහ පානීය ජලය වගේ මේක කියවනවා කියලා මම දන්නවා. උඹලා විතරක් නෙමෙයි... මමත් එහෙම තමයි... SEX කියලා මාතෘතාව තියෙන ආර්ටිකල් එකක් දැක්කොත් මමත් බොක්කෙන්ම කියෝනවා. ඒක තමයි ඇත්ත. අපි හැමෝම ඉඥය වලට සිරාවටම කැමැතියි.
මට හිතෙන විදිහට කොල්ලෙක් සහ කෙල්ලෙක් අතර ඇතිවෙන ලව් එක ඇතුළේ සෙක්ස් තියෙනවා. ලව් ඇතුළේ තියන සෙක්ස් ප්‍රමාණය ඒ ඒ කොල්ලට සහ කෙල්ලට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ වගේම සංස්කෘතිය, පවුල් පසුබිම, ජීවන ආභාසය වගේ දේවලට සාපේක්ෂවත් ලව් එකේ තියෙන සෙක්ස් ප්‍රමාණය තීරණය වෙනවා. ලව් එක ඇතුළේ සෙක්ස්වලට අමතරව තවත් මොනාදෝ එකක් තියෙනවා. රෝමෑන්ටික් කියලා කියන්නේ ඒ මොනාදෝ එකට වෙන්නත් ඇති. මමත් ඒක හරියටම දන්නේ නෑ.
ඉතා වේගයෙන් නවීකරණය වෙන ගෝලීය සමාජය ඇතුළේ, සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ඇතුළු සමස්ත ගෝලීය අවශ්‍යතාවන්ට සාපේක්ෂව සෙක්ස් කියන දේත් එක එක විදිහට එක එක පැත්තට පෙරළෙනවා. මේ ගෝලීය ප්‍රවණතාවට අනුව කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර ඇතිවෙන ආදරේත් කාලෙන් කාලෙට අප්ඩේට් වෙනවා. අලුත්ම ගෝලීය ප්‍රවණතාව තමයි ලව් එක ඇතුළේ තියෙන සෙක්ස් ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙන එක. මේ ගෝලීය ප්‍රවණතාව සමහර බටහිර රටවල නම් අලුත් දෙයක් නෙමෙයි. ඒත් ලංකාවේ සමහර අයට මේක අලුත් දෙයක්. ඒත් ලංකාවේ Colombo වල ඉන්න සමහර අයට නම් මේක කොහොමටත් අලුත් දෙයක් නෙමෙයි. ඉස්සර සහ අද කියන කාල පාරාසයක් ගත්තොත් ඉස්සර කාලෙ ලව් එකේ තිබ්බ සෙක්ස්වලට වඩා දැන් තියන ලව්වල සෙක්ස් වැඩියි. සමහර වෙලාවට ලව් එකටත් වඩා ලව් එක ඇතුළේ තියෙන්නේ සෙක්ස්. සමහර ලව්වල තියෙන්නේ සෙක්ස් විතරමයි.
ලව් එක්ක වැඩිපුර සෙක්ස් මිශ්‍රවෙච්ච මේ තත්ත්වය අපේ රටට ආපු විදිහ, සංස්කෘතික විසරණය කියන සමාජ විද්‍යාත්මක සංකල්පයෙන් විග්‍රහ කරන්න පුළුවන්. මේ ආකෘතිය එන්නේ බටහිර රටවලින්. බටහිර රටවල සංස්කෘතියෙන් මොන හරි දෙයක් අපේ රටට එනවා නම් ඒ දේ මුලින්ම එන්නේ ඛ්ධතධථඡධ 7 වලට. ඒ නිසා අද කාලේ Colombo වල නළියන අමුතු විදිහේ ලව් සහ සෙක්ස් තියෙනවා. දැන් මම කියන්න යන්නේ අන්න ඒ සෙක්ස් කතන්දරේ.
හරිම සරලයි. කෙල්ලන්ට ඕනෙ සල්ලි. තේරුණාද මල්ලි. කෙල්ලො කොහොමද සල්ලි හොයාගන්නෙ කියලා දන්නවද මල්ලි? මෙතෙන්දි වැඩි මහන්සියක් නොවී සල්ලි හොයන්න ඕනෙ. ඒකට කෙල්ලෝ කරන්නේ කොල්ලන්ගේ දත ගලවන එක තමයි මල්ලි. සිංහලෙන් කියනවා නම් කෙල්ලොන්ට ඕනෙ කොල්ලොන්ගේ පර්ස් එකට විදින්න. අමු සිංහලෙන්ම කියනවා නම් කෙල්ලොන්ට ඕනෙ කොල්ලන්ගේ සල්ලිවලින් තමන්ගේ වැඩ කටයුතු ටික දෙයියනේ කියලා කරගන්න. ඉතිං දෙයියනේ කොල්ලන්ගෙන් කොහොමද සල්ලි ගන්නේ.... ඒකට ලස්සන උපක්‍රමයක් ලස්සන කෙල්ලො ළඟ කියනවා. ඒ උපක්‍රමයත් හරිම සරලයි, හරිම ලස්සනයි, හරිම සරාගී.
මුලින්ම ලව් එකක් කියලා එකක් පටන්ගන්නවා. ඒකෙ නම ලව් වුණාට ඇත්තටම ඒක ලව්ද නැද්ද කියලා දෙයියොත් දන්නෙ නෑ. මමත් දන්නේ නෑ. උඹලත් දන්නේ නෑ. තමන්ගේ සරාගී ශරීරයට තට්ටු කරන්න කෙල්ලෝ කොල්ලොන්ට ඉඩ දෙනවා. ඒ කියන්නේ ඉතිං සෙක්ස් තමයි... හරිද... කොල්ලෝ තමන්ගේ ඇඟට තට්ටු කරන ගමන් කෙල්ලෝ කොල්ලගේ පර්ස් එකට තට්ටු කරනවා. කොල්ලන්ට ඕනෙ සෙක්ස්. ඉතිං කෙල්ලෝ කොල්ලන්ට ඒක දෙනවා. කෙල්ලන්ට ඕනෙ සල්ලි. ඉතිං කොල්ලෝ කෙල්ලන්ට සල්ලි දෙනවා. අන්තිමේදී කොල්ලොත් තමන්ගේ සෙක්ස් අවශ්‍යතාව ඉටුකර ගන්නවා. කෙල්ලොත් තමන්ගේ සල්ලි අවශ්‍යතාව ඉටු කරගන්නවා. කතන්දරේ සරලයි. ගනුදෙනුව ඉවරයි. මේක නම් මාරයි....
ඒත් මේ ගනුදෙනුව සිද්ධවෙන්නේ හරිම මානුෂීය විදිහට. කොල්ලා කෙල්ලගෙන් සෙක්ස් අරගන්නේ ආදරය කියන දවටනයේ ඔතලා. කෙල්ලක් කොල්ලට සෙක්ස් දෙන්නේ ආදරය කියන දවටනයේ ඔතලා. කොල්ලත් කෙල්ලට සල්ලි දෙන්නේ ආදරේ කියන දවටනේ ඔතලා. කෙල්ලත් කොල්ලගෙන් සල්ලි ගන්නේ ආදරේ කියන දවටනේ ඔතලා. මේ නිසා මේ ගනුදෙනුව, ගණිකා වෘත්තීයේ යෙදීමක් විදිහට අර්ථකථනය කරන්නත් බෑ. දෙදෙනාම කැමැත්තෙන් තම තමන්ගේ අවශ්‍යතා ආදරණීය විදිහට කරගන්න එකක් තමයි මෙතැන සිද්ධවෙන්නේ.
දෙන්නම ටික කාලයක් මේ ගනුදෙනුව කරගෙන යනවා. කෙල්ලත් එක්ක ක්ලබිං කරනවා, කෙල්ලට බොන්න අරන් දෙනවා, කෙල්ලගේ ගමන් බිමන් තමන්ගේ වාහනයෙන් එක්ක ගෙන යනවා, කෙල්ලට සුපිරි ආහාරපාන අරන් දෙනවා. කෙල්ලව සුපිරි සාප්පු සවාරි එක්කගෙන යනවා, කෙල්ලව ලෝකේ වටේ එක්කගෙන යනවා, කෙල්ලගේ හැම වියදමක් සඳහාම අනුග්‍රහය දක්වනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ කොල්ලගේ සල්ලිවලින්. කෙල්ලටත් මාර ආතල්. කොල්ලා කෙල්ල වෙනුවෙන් සල්ලි විසිකරනවා. කෙල්ලත් මැක්සා ආතල් එකක් අරගෙන සුපිරි ජීවිතයක් ගතකරනවා. කොල්ලා කරන මේ කැපකිරීම වෙනුවෙන් කෙල්ල දෙන්නේ පොඩි දෙයයි. ඒ තමයි සෙක්ස්. තමන් එක්ක ලිංගිකව හැසිරීමට තමන් වෙනුවෙන් සල්ලි විසිකරන කොල්ලට අවස්ථාවක් දෙනවා. කෙල්ල කරන්නේ එච්චරයි. කොල්ලත් ඒ රසයට ලොල් වෙලා කෙල්ල වෙනුවෙන් නැවත නැවතත් සල්ලි විසිකරනවා. කොල්ලට වැඩි වැඩියෙන් සෙක්ස් ඕනෙ නම් කොල්ල කරන්නේ කෙල්ල වෙනුවෙන් වැඩි වැඩියෙන් සල්ලි විසිකරන එක.
කොල්ලත් සතුටු වෙනවා. කෙල්ලත් සිරා සතුටක් ලබා ගන්නවා. වැඩේ අවුල් වීගෙන වගේ එනකොට මේ ලව් එක නවත්වනවා. ඊට පස්සේ වෙන එකකට සෙට් වෙනවා. හරිම සරලයි, හරිම ආතල්, හරිම හුරතල්...
හැබැයි ඇඹිලිපිටිය, තණමල්විල, බිබිල, මහියංගණය, මාතර, දික්වැල්ල, පුත්තලම, හලාවත, ඇල්පිටිය, බද්දේගම, ගොඩකවෙල එකී නොකී හැම ගමකම මෙහෙම නොවෙන්න පුළුවන්.
-ලක්මිණ රණසිංහ-