මූ ගැන නොදැන මොකට FB යනවද පුටේ..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ ගැන නොදැන මොකට FB යනවද පුටේ..?

    208z1b8.jpg


    මොකක්ද මේ ෆේස් බුක් කියන්නෙ..? ඔයා ෆේස් බුක් එකේ ඉන්නවද..? ෆේස් බුක් නම් තහනම් කරන්න ඕන. ඔය මොන කතා කිව්වත් ෆේස් බුක් තියන එක හොඳයි. ඔයා ෆේස් බුක් එකට ෆොටෝ දැම්මද..? අපේ සමාගමේ නම් ෆේස් බුක් යන එක තහනම් කරල තියෙන්නෙ.

    ඒ වගේ ෆේස් බුක් සම්බන්ධ විවිධ කතා නිතර නිතර මීට අවුරුදු දෙක තුනකට කලින් ඉඳලා අපිට අහන්න ලැබෙනවා. තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කිහිපදෙනෙක්ගෙ හිතුවක්කාරකමකින් බිහිවුණ විශිෂ්ඨ නිර්මාණයක් වන ෆේස් බුක් සමාජ සම්බන්ධතා බෙව් අඩවිය ලෝකයේ බිලියන එකක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරනවා කියලා මම කිව්වොත්, ඔශබ එක පාරටම ඒක විශ්වාස නොකරයි. නමුත් මිත්‍රත්වයට, ආදරයට, විනෝදයට, දැනුමට සහ අලෙවිකරණයට මෙන්ම එකී මෙකී නොකී ගොඩක් දේවල් වලට සයිබර් අවකාශය තුළ ඉඩක් වෙන් කර දුන් ෆේස් බුක් සම නිර්මාතෘ මාර්ක්ස් එලියට් සකර්බර්ගේ ජීවන අන්දරයත් නැවත හැදෑරිය යුතු කතාවක් කියලා අපි විශ්වාස කරනවා. සකර්බර් ෆේස් බුක් හරහා අත්පත් කරගත් ජයග්‍රහණය දෙස විමර්ශනාත්මකව විමසීමක් කලොත් මම හිතනවා ඔබත් මම කලින් කියපු කතාව අනුමත කරයි කියලා.

    C++ සහ PHP කියන පරිගණක භාෂාවලින් ලියැවුනු ෆේස් බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවිය, මාර්ක් සකර්බර්ගේ ජීවිතයේ පිටු අලුතෙන් ලියන්න තරම් සමත්කමක් දැක්වූවා. මෙන්න මේ නිසාම ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාව 2010 වසරේදී වසරේ මිනිසා (The Person of The Year)ලෙසට මාර්ක් සකර්බර්ග් නම් කරනවා. ඒ වෙන කොට සකර්බර්ග්ට යන්තම් වයස විසිහය සම්පූර්ණ වුණා විතරයි. මේ වසරේ මිනිසාගේ කතාව.

    1984 මැයි 14 දින ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙලොව එළිය දකින මාර්ක් සකර්බර්ග් යුදෙව් සම්භවයක් තියෙන පුද්ගලයෙක්. මනෝ වෛද්‍යවරියක් වන මවත්, දන්ත වෛද්‍යවරයෙක් වන පියාත් සැලකිය යුතු උසස් වෘත්තීයවල යෙදෙන නිසා මනා අධ්‍යාපනික පසුබිමක් සහිත පවුලක උප්පත්තිය ලබන්න තරම් වාසනාවන්ත වෙන මාර්ක්ට තවත් සහෝදර සහෝදරියන් තුන් දෙනෙක් එක්ක හැදෙන්න වැඩෙන්න අවස්ථාව ලැබෙනවා. සමාජයේ වෙසෙන බොහෝමයක් දෙනෙක්ට තමාට වඩාත් දක්ෂකම් පෙන්වලා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ක්ෂේත්‍රය හඳුනාගන්න ගොඩක් කල් ගතවෙනවා. සමහර වෙලාවට මැරෙන තුරුම ඔවුන්ගේ ඇඟ ඇතුළෙ තියෙන දක්ෂකම හඳුනගන්න ඒ අයට අවස්තාවක් ලැබෙන්නෙ නැහැ. 2% තරම් ඉතා සුළු පිරිසක් තමයි ඒ අය හදවතින්ම දක්ෂථා දක්වන්න කැමති ක්ෂේත්‍රය ආදරයෙන් වැළඳගෙන ඒ තුළින් ලෝකයම වෙනස් කරන්න උත්සාහ කරන්නෙ. මාර්ක් සකර්බර්ග් තරුණයාත් ඒ සුළු පිරිසට එකතු වෙන්නෙ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේ දක්ෂතාව ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම හඳුනාගෙන. ඔබ විශ්වාස කළත් නොකළත් ඔහු වයස දොළහෙදි Zucket නම් පරිගණක වැඩසටහන නිර්මාණය කරන්නේ මාර්ක් ගේ පියාගේ කාර්යාලීය කටයුතු පහසු කරගන්න. ඒ වගේම මාර්ක්ගේ ඒ පරිගණක වැඩසටහන ඔවුන්ගේ ගෙදර දොර සන්නිවේදන කටයුතු සඳහාත් භාවිතා කළා.

    මගේ සමහර යහළුවන් චිත්‍ර අඳින්න ගොඩක් දක්ෂයි. ඉතින් ඒ අයගේ එම හැකියාවත් උපයෝගී කරගෙන නිකන් ඉන්න වෙලාවට අපි පරිගණක ක්‍රීඩා නිර්මාණය කරනවා. ඔහු පුංචි කාලෙ අත්දැකීම් ගැන අද දවසෙදි කියන්නේ එහෙමයි. දවස තිස්සෙම පරිගණකයේ එල්ලිලා ඉන්න මාර්ක්ට බැනලා පොත ගන්නවා කියනවා වෙනුවට මාර්ක්ගේ දක්ෂතාවය හඳුනාගත් ඔහුගේ බුද්ධිමත් මවුපියන්, සකර්බර්ග්ට හොඳ පරිගණක අධයාපනයක් ලබාදෙන්න හිතලා පරිගණක ගුරුවරයෙක් වන ඩේවිඩ් නිව්මන් ගෙදරටම ගෙන්වනවා.

    පරිගණක වලට පමණක් සීමා නොවන මාර්ක් සකර්බර්ග් සාහිත්‍යයට සහ ක්‍රීඩාවටත් මනා දක්ෂතාවයක් සහ කැමැත්තක් පුංචි සන්ධියේ ඉඳලම පේන්නනවා.

    පරිගණක විද්‍යාව සහ මනෝ විද්‍යාව හැදෑරීම සඳහා 2002 වසරේදී ලොව විශිෂ්ඨතම සරසවියක් ලෙස නම් දරා තියෙන හාවර්ඩ් සරසවියට ඇතුළු වීමේ දුර්ලභ වාසනාව මාර්ක්ට හිමිවෙනවා. ප්‍රථම වසරේදීම වැඩසටහන් නිර්මාණය සම්බන්ධයෙන් දක්වන දක්ෂතා නිසාම විශ්වවිද්‍යාලය තුළ පරිගණක වැඩසටහන් නිර්මාණකරුවෙක් විදියට යම්කිසි ප්‍රසිද්ධියක් මේ කාලයෙදී ඔහු ලබනවා. ඔහු ෆේස් බුක් නිර්මාන්‍ය කරන්න පෙර නිර්මාණය කරන ෆේස්මෑෂ් (Facemash)වෙබ් අඩවියද සැලකිය යුතු ජනප්‍රියතාවයක් ලබන්නේ ඒ හරහා සරසවියේ මිතුරන් දෙදෙනකුගේ ඡායාරූප දෙකක් සසඳා එහි ගැළපීමට අදාළ කැමැත්ත ඡන්දය ඔස්සේ ප්‍රකාශ කරන්න අනෙක් මිතුරන්ට අවස්ථාව ලැබෙන නිසා. නමුත් විශ්ව විද්‍යාල පරිපාලනය එම වැඩසටහන විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කරවීම තහනම් කර එය නවතා දමන්න තීරණය කරනවා.

    ඔහුත් සාමාන්‍ය ශිෂ්‍යයෙක් වුණා නම් විශ්ව විද්‍යාල බලධාරීන් තහනම් කළ වැඩසටහනක් අලුත් මුහුණුවරකින් යළිත් කරලියට ගේන්න කවදාවත් උත්සාහ කරන්නෙ නැහැ. නමුත් නිශ්චිත අරමුණක් හඹාගිය මාර්ක් සකර්බර්ග් සාමාන්‍යයෙන් අසාමාන්‍ය තරුණයෙක් වුණ නිසා ෆේස්මෑෂ් ඔස්සේ තව තවත් අලුත් දේ හිතන්න පටන් ගත්තා. ඔහු ෆේස්මෑෂ් තහනම තර්ජනයක් විදියට දැක්කෙ නැහැ. ඔහු ඒක අලුත් දේ තව තවත් හොයන්න ලැබුණ අවස්ථාවක් කියලා හිතුවා. කුණු වලට කුණු එකතු වෙනව වගේ මාර්ක්ගේ ක්‍රමයට කැමති අය ඔහු වටා එක් රොක් වුනේ සමාජයට දැනෙන යමක් දෙන්න හිතාගෙන. මෙහෙම එකතු වුණ මහ මොළකාරයන් ප්ස දෙනෙක්ගේ දක්ෂතාවයේ සම බුද්ධියේ ප්‍රතිඵලයක් විදියට තමයි ෆේස් සමාජ සම්බන්ධතා ජාලය නිර්මාණය වෙන්නෙ. ඔවුන් සියලු දෙනා හාවර්ඩ් සරසවියේ දෙවැනි අවුරුද්දේ ඉන්න සමයේදී ඒ අනුව ෆේස් බුක් සම නිර්මාතෘවරුන් විදියට Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz සහ Chris Hughes ඉතිහාසගත වෙනවා.

    2004 වසරේ පෙබරවාරි මාසයෙදී ෆේස් බුක් (The FaceBook)නමින් අරඹන මෙම ජාලය ටික කාලයක් යද්දී ඔවුන් එය ෆේස් බුක් (FaceBook) විධියට සන්නම පවත්වාගෙන යන්න තීරණය කළා. සෛ් බුක් වෙනුවෙන්ම කැපවේනන හිතන මාර්ක් දෙවැනි වසරේදී හාවර්ඩ් සරසවියෙන් ඉවත් වෙනවා. අතරමඟදී සරසවි අධ්‍යාපනය නතර කරන්න හිතන එක ඉතා අවදානම් තීරණයක් වුණත් ඔහු එම තීරණය ගන්නේ අනාගතය පිළිබඳ දිගු කාලීන දැක්මක් තියාගෙන. මෙහෙම පටන් ගත්ත බිස්නස් එක නැඟල යන්න පටන් ගත්තා. නොසිතූ විදියට 2004 අවසාන වෙන විට ෆේස් බුක් ජාලයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියනයක් දක්වා ඉහළ ගියා. 2005 වන විට ෆේස් බුක් සමාජ සම්බන්ධතා ජාලයේ දියුණුව වටහාගත් ACCEL සමාගම ඩොලර් මිලියන 12.7ක් ෆේස් බුක් සමාගමේ ආයෝජනය කරන්න තීරණය කිරීම සකර්බර්ග් ඇතුලු පිරිසට විශාල ශක්තියක් වුණා. 2005 වසර අවසාන වෙන විට සමාජික සංඛ්‍යාව මිලියන 05ක වර්ධනයක් කරා යන්න අවස්ථාව ලැබුණේ පාසල් ශිෂ්‍යයන් සහ සරසවි සිසුන් ෆේස් බුක් වෙත ඉතා ඉක්මනින් ඇබ්බැහි වීම නිසා.

    මේ කාලයෙදීම සකර්බර්ග්ට අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ෆේස් බුක් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු අනිසි විධියට භාවිත කරනවා කියන ප්‍රධාන චෝදනාව දැඩිව එල්ල වුණා. ඔබත් ෆේස් බුක් සමාජිකයෙක් නම් ඔබට මම කියන දේ වැටහෙයි. අපි ඇතුළත් කළ ඡායාරූප පණීවුඩ හා වෙනත් තොරතුරු මකා දැමීමත් ඒවා ඇත්තටම මැකෙනවාද නැත්නම් ෆේස් බුක් ආයතනය ඒවා වෙනම තැනක ගබඩාකර තබනවාද කියලා ගැටලුවක් තියෙනවා. මාධ්‍යවේදීන්, මානව හිමිකම් සංවිධාන, සරසවි ඇදුරන් ආදී බොහෝමයක් දෙනා සකර්බර්ග්ට මේ සම්බන්ධව චෝදනා රැසක් එල්ල කළා.

    ඒ වගේම ඔහුට එල්ල වුණ ත වත් දැවැන්ත චෝදනාවක් වෙන්නේ සකර්බර්ග් ඇතුළු පිරිස Harvard Connection සමාජ සම්බන්ධතා ජාලයේ සංකල්ප හොරකම් කරලා ෆේස් බුක් නිර්මාණ්‍ය කරලා තියෙනව කියලා. හාවර්ඩ් කනෙක්ෂන් කියන්නෙත් සකර්බර්ග් වගේම හාවර්ඩ් සරසවියේ සිසුන් පිරිසක් එකතු වෙලා නිර්මාණ්‍ය කරපු සමාජ සම්බන්ධතා ජාලයක්. එම ජාලය නිර්මාණ්‍ය කරන මුල් අවධියේ දී මාර්ක් සකර්බර්ග්ද එම පිරිස සමඟ එකතු වෙලා වැඩ කරලා පසුව එම කණ්ඩායමෙන් ඉවත් වෙලා හාවර්ඩ් කනෙක්ෂන් නිර්මාණය කරන්න මුලික වුණ සංකල්පයන් ඔස්සේ ෆේස් බුක් නිර්මාණය කළ බවට දැවැන්ත චෝදනාව දිගින් දිගටම ඔහුට එල්ල වුණා. කෙසේ වෙතත් ආදාළ නඩු විභාගයෙදී හෙළිවුණේ මාර්ක් සකර්බර්ග් හාර්වඩ් කනෙක්ෂන් වෙබ් අඩවියේ බුද්ධිමය දේපොළ යම් තරමකට හොරකම් කරලා තියෙන බව තමයි. ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්න ඔහුට සිදු වුණා. ඒ වගේම ඔහු ෆේස් බුක් සමාජිකයන්ගේ පෞද්ගලික පණිවුඩ වලට රහසිගත බව යම් තරමකට පිටතට කාන්දු කර ඇති බවටත් හෙළි වුණා. අදාළ දෙවැනි චෝදනාව සම්බන්ධව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි මාර්ක් කිව්වෙ තමා දැන් අත්දැකීමෙන් පරිණත වෙමින් යන බවත් නැවත ඒ වගේ දේවල් සිදු නොවන බවත්.

    මට මතක් වෙනවා එක අවස්ථාවකදී ඔහුට එල්ල කළ චෝදනාවකට රූපවාහිනී සංවාදයකදී මාර්ක් පිළිතුරු දුන්න ආකාරය. ඔහුගෙන් නිවේදිකාව සහ නිවේදකයා දිගින් දිගටම අසා සිටියේ ෆේස් බුක් කළමනාකාරීත්වය සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය රකින්න එසේ රකින බව තහවුරු කරන්න ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒ අවස්ථාවේදී මාර්ක් තරමක් අපහසුතාවට පත් වුණ බව පෙනුණා. ඉන් පසුව ඔහු දිගින් දිගටම දාඩිය දාන නිසා ඔහුගේ ජැකට්ටුව ගලවන්න අවශ්‍ය බව නිවේදකයන්ට පවසා සංවාදය අතරමැදදීම ජැකට්ටුව ගලවා නිවේදිකාව අතට දුන්නේ කවුරුත් පුදුමයට පත් කරලා.

    ඒ ජැකට්ටුවේ ඇතුලු පැත්තේ සටහන් කර තිබුණේ ෆේස් බුක් සමාගමේ දිගු කාලීන දැක්ම වන මුළු ලෝකයටම විවෘත ජාලයක් බවට පත් කිරීම කියන වැකිය. ඔහු ජැකට්ටුව ගලවලා නිවේදිකාවගේ අතටම දීලා ඔප්පු කරලා පේනනුවේ ෆේස් බුක් දිගුකාලීනව උත්සාහ කරන්නේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය විකුණන්න නෙමෙයි. මිනිසුන්ගේ සම්බන්ධතා තව තවත් වර්ධනය කරන එක කියලා.

    ඇත්තටම මාර්ක් ෆේස් බුක් ඔස්සේ ප්‍රකෝටිපතියෙක් දක්වා ගිය ගමන ලෙහෙසි පහසු එකක් වුනේ නැහැ. නඩු පිට නඩු වලට විවිධ හේතු නිසා මුහුණ දෙන්න මාර්ක්ට සිදුවුණා. මේ කරුණු කාරණා සියල්ලම නිසා ඉතාම කෙටි කාලයකදී මාර්ක් ලෝකයෙ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වුණ ව්‍යාපාරිකයෙක් වුණා. ඒ නිසාම ඇකඩමි සම්මාන අටක් දිනාගත් The Social Network සිනමාපටය නිර්මාණය වන්නේ මාර්ක්ගේ ජීවන කතාව ඇතුළත් කර ලියූ බෙන් මෙස්රිච් (Ben Mezrich)ගේ The Accidental Billionaires කෘතිය ඔස්සේ. මාර්ක් හාවර්ඩ් කනෙක්ෂන් සාමාජිකයන් සමඟ ඇතිකරගත් අර්බුධයෙන් වාසි ලබාගෙන දයුණු වුණ අයුරු නිරූපණය කරන සිනමා පටය ගැන අදහස් දක්වන මාර්ක් පවසන්නේ එම සිනමාපටයේ පෙන්වන බොහෝමයක් සිදුවීම් සහ සිද්ධින් තමාගේ ජීවිතයට කිසිම සම්බන්ධතාවයක් නැති දේවල් කියලා.

    ලෝකයේ ප්‍රබල ව්‍යාපාරිකයන් රැසක් බිහිකළ සිලිකන් නිම්නයෙන් බිහිවුණ මෙම තරුණ ව්‍යාපාරිකයා 2012 වසරේදී ප්‍රිස්සිලා වෑන් සමඟ විවාහ වන්නේ සරසවි සමයේ සිට ඇතිකරගත් දිගු කාලීන ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විධියට. වයස සහ අඩු අත්දැකීම දැවැන්ත ව්‍යාපාරයක් පටන්ගන්න ගැටලුවක් නෙමෙයි කියන කාරණය ඔස්සේ තවමත් තුරුනු වියේ පසුවෙන මාර්ක් තරුණ ව්‍යාපාරිකයන්ට හොඳ පාඩමක් උගන්වනවා. ඔහු ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකයටපිවිසෙන විට බොහොමයක් දෙනා පැවසුවේ ඔහුට ව්‍යාපාර කටයුතු සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් නොමැති නිසා අනිවාර්යෙන්ම ඇන ගනියි කියලා. නමුත් මාර්ක් වැටි වැටී අත්දැකීම් ලබාගෙන ඉදිරියටම ගිය නිසා ඇන ගත්ත අවස්ථාවලට වඩා ජයග්‍රහණයේ කුසලානය අතට ගත්ත අවස්ථාව වැඩි වුණා. ඒ නිසාම ෆෝර්බ්ස් සඟරාව නම් කරන ලෝකයෙ බලවත්ම පිරිමින්ගේ ලැයිස්තුවේ නව වැනි තැනට පැමිණෙමින් ඇමෙරිකාවේ ධනවත්ම පිරිමින්ගේ ලයිස්තුවේ 36 වැනි තැනට ආවේ වසර දෙකක් තුනක් ඇතුළත. බිලියන එකක් සාමාජිකයන්ට තත්පරයක් යන්න කලින් පණිවුඩ දෙන්න තියෙන බලය නිසා ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ මාර්ක්ට ලැබුණේ සීමිත සිවිල් බලයක්. සමහර රටවල දේශපාන මතයන් ගෙනයෑමේ ප්‍රධාන මාධ්‍යය විවිධියට ක්‍රියා කළේ ෆේස් බුක් සම්බන්ධතා ජාලය. අරාබි වසන්තය ෆේස් බුක් වලට යටින් දිවෙන අසීමිත බලය පෙන්නපු හොඳ අවස්ථාවක්. දේශපාලනික වෙනස්කම් කරන්න ෆේස් බුක් අවියක් විධියට භාවිත කරන නිසා සමහර රටවල වැසියන් ෆේස් බුක් යොදාගත් නිසා චීනය, පාකිස්තානය, උස්බෙකිස්තානය, සිරියාව වගේ රටවල ෆේස් බුක් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නෙ.

    මිනිස්සු තේරුම් ගන්නවා කියන්නෙ කාලය නාස්ති කිරීමක් නෙමෙයි. ඒ මිනිසුන්ගේ කැමැත්තෙන් වැඩ ගැනීමේ රහස හොඳින් වටහාගත් මාර්ක් තරුණ තරුණියන්ට නිතරම කියන දෙයක්. සයිබර් අවකාශයේ ව්‍යාපාර විජිතය නිර්මාණය කළ මාර්ක් 21 වැනි සියවසේ ජීවත් වන නවීන මිනිසාගේ අවශ්‍යතාවන් සහ වුවමනාවන්ට ගැළපෙන සේසාවන් දුන්න නිසා ෆේස් බුක් ජාලය ලෝකය පුරා උන්මාදයක් වුණා.

    2012 වසරේදී ඔහු තවත් අභියෝගාත්මක තීරණයක් ගන්නවා. ඒ ඔහු මූලික කොටස් නිකුතුවක් සිදුකරමින් ෆේස් බුක් සමාගම, කොටස් වෙළදපොලේ ලියාපදිංචි සමාගමක් බවට පත් කරන්න තීරණය කරනවා. මූලික කොටස් නිකුතුව ඉතා ඉහළ මිලකට සාර්ථකව සිදු වුණත් ඉතාම කෙටි කාලයක් තුළ ෆේස් බුක් සමාගමේ කොටස්වල මිල පහළ ග/ියේ බලාපොරොත්තු සහගතව සිටිය ආයෝජකයන් දැඩි සේ අපහසුතාවයට පත්කරලා. මූලික කොටස් නිකුතුව සම්බන්ධ ප්‍රශ්නය මාර්ක් මුහුණ දුන්න තවත් දැවැන්ත ගැටලුවක් වුණා. නමුත් කාලයට ඉඩ දෙමින් ඔහු ප්‍රශ්නය විසඳෙන තුරු ඉවසීමෙන් කටයුතු කළා.

    ෆේස් බුක් සමාගමේ සභාපති සේම ප්‍රධාන විධායක නිලධාරියා වෙන මාර්ක් තාමත් කාර්යාලයට එන්නේ සරසවි සමයේදී ඔහු අඳින්න වඩාත් ප්‍රිය කල ඩෙනිම් කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා ඉතාම සරල සැහැල්ලු ආකාරයට. ෆේස් බුක් සමාගමේ සාර්ථකත්වයට අවශ්‍ය දක්ෂ මානව සම්පතක් රැස්කරගෙන තිබීම සෑහෙන්න බලපෑවා. එහි අලෙවිකරණ සහ මෙහෙයුම් කටයුතු සඳහා සහ නම් දැරූ දක්ෂ කළමනාකරුවන් යොදාගන්න තරම් ඔහු බුද්ධිමත් වුණා. ඒ ඔස්සේ ඔහුගේ නොමේරූ ගතිය තවදුරටත් අඩුකර ගනිමින් සෙමෙන් සෙමෙන් පරිණත වෙන්න හැකියාවද ලැබුණා.

    වොරන් ෆබට් වගේම මාර්ක් සකර්බර්ග්ද සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන ව්‍යාපාරිකයෙක් විදියටත් ප්‍රසිද්ධයි. තවදුරටත් අනාගතයේදී ඔහුගේ ධනයෙන් 50%ක් සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් යොදන්න ඔහු සූදානම් බව ප්‍රසිද්ධ පොරොන්දුවක් දෙමින්ද කියලා තියෙනවා. බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් පරම්පරාවේ තවත් පුරුකක් වෙන මාර්ක් ලෝක ඉතිහාසයට අරුතක් දුන්න වෙනත් මිනිහෙක් කියලා කටක් ඇර කියන්න පුළුවන්.

    ඔබ තාරුණ්‍යයට අරුතක් දුන්න මාර්ක් සකර්බර්ග්ගේ කතාව උනන්දුවෙන් කියවලා අවසන් කරන මේ මොහොතේදී මාර්ක් ඔහුගේ කළමනාකරුවන් සමග එකතු වෙලා ෆේස් බුක් සමාගමේ අනාගතය ගැන කතාකරනවා වෙන්න පුලුවන්. අපි බලමු මේ තරුණ ව්‍යාපාරිකයා අත්දැකීමෙන් පරිණතව වයසට යද්දී මොන වගේ විස්මිත සේවා, ආලෝකයේ වේගයෙන් වෙනස් වෙන තොරතුරු යුගයේ ජීවත් වෙන මිනිසාට පිරිනමයිද කියලා.

    කැළුම් වැලිගම

    ලියන්න පැයක් විතර ගියා.. බම්ප් එකක් දාලා යන්න පුේ.. :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    "ලියන්න පැයක් විතර ගියා"

    උබ පැයෙන් ලියුවේ කොහොමද බන් මෙචර ගොඩක්, වර්ඩ් වලින්ද බන්, නැත්නම් සිංග්ලිශ් වලින්ද
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අප්පට එල එල මචන්, අපිටත් ගන්න යමක් තියෙනව​, එලකිරි, තැන්ක්ස් මචන් රෙප් 2+ :yes: