CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...

    ATT00061.jpg

    මේක බ්‍රිතාන්‍ය සෞඛ්‍යය අමාත්‍යංශයේ අනතුරු ඇඟවීමක්..
    මේ විදුලි පිරිමැසුම් බල්බ නැත්තම් CFL බල්බ ගැන..

    මේ වර්ගයේ බල්බ වල හොරයක් ගැන නෙමේ මේ කියන්නෙ..
    මේව පාවිච්චි කිරීම අපේ සෞඛ්‍යයට හොඳ නැත්තෙ නෑ..
    මේ බල්බ අපේ සෞඛ්‍යයට හොඳ නැති වෙන්නේ බිඳුනහම..
    ඒ මොකද කියල දැන ගන්න මේ ටික කියවන්නකො..


    මේ බල්බ වල ඇතුලෙ රසදිය තියෙනවලු..ඉතින් අපි හැමෝම දන්නවා, රසදිය(Mercury) කියන රසායනික ද්‍රව්‍යය ආඝ්‍රහනය වුනොත් විසයි කියල..රසදිය ආඝ්‍රහනය වුනොත් ඉතින් සොරි තමයි..එතකොට ඉරුවාරදය(Migraine), කරකැවිල්ල, කලන්තය වගේ එව්ව වෙලා, පස්සෙ වෙන වෙන සෞඛ්‍ය ගැටළු වලටත් එනව..රසදිය ගෑවුනත් හමේ ලෙඩයි, ආසාත්මිකතායි, වෙන ලෙඩයි හැදෙන එකේ, රසදිය ආඝ්‍රහනය වුනොත් මොනව වෙයිද??
    ඒ නිසා, මේ ජාතියේ CFL බල්බ් එකක් බිඳුනොත් කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා..

    1. වහාම කාමරයෙන් එලියට යන්න..බිඳුනු වීදුරු වලට අඩිය තියන්න එපා..

    2. විනාඩි 15ක් වත් එලියට වෙලා ඉන්න..

    3. කැඩුනු වීදුරු කැබලි සුද්ද කරන්න වැකියුම් ක්ලීනර් එකක් පාවිච්චි කරන්න එපා..එහි දුහුවිලි උරා ගැනීමේ ක්‍රියාවලිය මගින් විශ රසදිය අංශු ගෙදර හැමතැනම විසිරෙන්න පුලුවන්..

    4. සුද්ද කිරීමේදී රබර් අත්වැසුම් දමාගෙන,වීදුරු කැබලි ටික එකතු කරගන්න.

    5. කැඩී ගිය කැබලි ටික වෙනම බෑගයකට දමා කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට භාර දෙන්න..


    උපුටා ගැනීම
    http://siraawatamadha.blogspot.com/2011/06/cfl.html