ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)

    ඔන්න ඉතින් අවරුදු 2, 3කට පස්සේ අපිත් ගියා විනෝද චාරිකාවක් ත්‍රිකුණාමලේට.:) ත්‍රිකුණාමලේ කිව්වට තව තව ඓතිහාසික ස්ථාන වලටත් ගියා.:yes:
    ඔන්න ඉතින් පලවෙනි දවසේ ත්‍රිකුණාමලේට යන ගමනේ අපිට මුලින්ම දකින්න හම්බ උනේ වැස්ස නිසා ගලපු ගං වතුරෙන් යට උන වෙල් යායවල්.:)
    වතුර නිසා කුඹුරු ඔක්කම විනාස වෙලා ගිහින් තිබුන.:(
    DSC04336_Copy.jpg
    DSC04336_Copy.jpg


    ඊට පස්සේ අපි කන්තලේට ගිහින් කන්තලේ වැවේ බන්ට් 1 දිගේ ආවා. වැස්ස නිසා වතුර පිරිලා තිබ්බ. (පොටෝනම් එච්චරම පැහැදිලි නැතුව ඇති, වාහනේ යන ගමන් ගත්ත ඒවා නිසා):sorry::sorry:
    DSC04338_Copy.jpg

    DSC04342_Copy.jpg


    ඊට පස්සේ අපි ගියා සේරුවාවිල (සේරුවිල) චෛත්‍ය වැඳ පුදා ගන්න. :)
    DSC04383_Copy.jpg

    DSC04367_Copy.jpg

    DSC04370_Copy.jpg

    DSC04385_Copy.jpg

    DSC04371_Copy.jpg


    එතැනින් පිටත් වෙලා අපි ගියා ලංකාපටුන බලන්න යන්න. ලන්කපටුනට තමා හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලංකාවට දන්ත ධාතුවත් සමග ගොඩ බැහැල තියෙන්නේ.:yes: ලංකාපටුනට යන පාලම ගං වතුර නිසා කැඩිලා. ඉතින් අපිට යන්න උනේ බෝට්ටුවකින්, එත් වතුර පාර සැර වැඩි නිසා අපි ගියේ නෑ ලංකාපටුනටම.:no::sorry:
    DSC04398_Copy.jpg

    DSC04393_Copy.jpg


    ඔන්න ඉතින් ලංකාපටුනෙන් පිටත් වෙලා එන පාරේ අපිට හම්බුනා ලොකු ඉබ්බා එකෙක්. ඌවත් පොඩ්ඩක් බලලා අපි ආයිත් ත්‍රිකුණාමලේට යන්න පටන් ගත්තා.;)
    DSC04428_Copy.jpg


    අපි ගියේ කින්නියා හරහා. ඉතින් යන අතරමගදී අපිට හම්බ උනා මහවැලි ගඟ මූදට වැටෙන තැන.:)
    DSC04440_Copy.jpg

    DSC04439_Copy.jpg


    තව අපිට කින්නියා පාලම හම්බ උනා (පොටෝනම් පැහැදිලි නෑ වැඩිය):sorry:
    DSC04460_Copy.jpg
    DSC04458_Copy.jpg


    ඉතින් අපි පලවෙනි දවසේ යන්න සැලසුම් කරන් හිටපු තැන් ටිකට ගියා. දෙවැනි දවසේ ඒවත් එක්ක මම තව Thread 1කින් එන්නම්, නැත්නම් මේක දිග වැඩි වෙනෝ.:yes::yes:
    මේක Repost 1ක් නෙමේ, මමයි ටයිප් කලේ. ලංකාවේ සොඳුරු තැන් වල සුන්දරත්වය එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ Thread ටික දාන්නේ.:)
    හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත..........;):):):yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek::eek::):):)
    නියමයිනේ ප්‍රසාද් මචෝ ,,,,
    කවදාද බන් ගියේ.පහුගිය ටිකේ වැඩිය දකින්ඩ හිටියේ නැත්තේ මේකද ....
     
    • Like
    Reactions: prasad9805

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    :eek::eek::eek::):):)
    නියමයිනේ ප්‍රසාද් මචෝ ,,,,
    කවදාද බන් ගියේ.පහුගිය ටිකේ වැඩිය දකින්ඩ හිටියේ නැත්තේ මේකද ....
    29 giye aiye :) 1 wenida awe :) ow ow ehe gyapu nisa tama EK 1ta enna bari une wadiya :) :yes:

    B U M P B U M P B U M P B U M P B U M P

    බොරලුගොඩ මහතා;14220503 said:
    Thanks for sharing machan

    Nice! :D thanks for sharing!

    Thnks..........:):):)
     
    Last edited:

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    අපේ එලකිරි එකේ කට්ටිය දන්නවද එකදවසකින් (උදේ පාන්දරම ) කෝච්චියේ ගිහින් හොඳ පොටෝ ටිකක් ගහලා එන්න පුලුවන් root එකක්. please recommond... :yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපේ එලකිරි එකේ කට්ටිය දන්නවද එකදවසකින් (උදේ පාන්දරම ) කෝච්චියේ ගිහින් හොඳ පොටෝ ටිකක් ගහලා එන්න පුලුවන් root එකක්. please recommond... :yes:

    BUMP;)