මර්වින්ගේ සම්බන්ධයක් නෑ.වෙන ආරවුලක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මර්වින්ගේ සම්බන්ධයක් නෑ.වෙන ආරවුලක්

කැලණිය ප්‍රා. සභා මන්ත්‍රීගේ ඝාතකයෝ පැය 48 ක්‌ තුළ කොටුවෙති
ඇමැති මර්වින්ගේ ලේකම් ඇතුළු 5 ක්‌ දැලේ

වෙඩික්‌කරු ඇල්ලුවේ ගුවන් තොටේදී

"මචං අපි යාළුවොනේ ඇයි මට වෙඩි තියන්නේ" කියා මඩවල කෑගසලා

හේමන්ත රන්දුණු

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා කෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඝාතනයේ මහ මොළකරු බව කියන ඇමැති මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් සිංගප්පූරු සරත් ඇතුළු පස්‌ දෙනකු ඊයේ (8 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

hsshtha1.jpg
ranga1.jpg

සැකකරුවන් අතර ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ සංවිධායකවරයකුද සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

හසිත මඩවල මහතාට වෙඩි තබා ඝාතනය කළ බව කියන රංගන පෙරේරා නමැත්තා පෙරේදා (7 දා) රාත්‍රි සිංගප්පූරුව බලා යැමට සූදානමින් කටුනායක ගුවන්තොටුපළේ සිටියදී රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඝාතකයා මඩවල මහතාට වෙඩි තැබීමෙන් පසු ඒ බව මුලින්ම දැනුම් දී ඇත්තේ සිංගප්පූරු සරත් නමැත්තාටය. පසුව ඔහු මේ පිළිබඳව ප්‍රබල දේශපාලනඥයකුට දැනුම් දී ඇති බවද අනාවරණය වී ඇත.

මඩවල මහතාට වෙඩි තැබීම සඳහා යොදාගත් ඉතාලියේ නිෂ්පාදිත මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌, ඝාතකයන් පැමිණි යතුරුපැදිය, ඔත්තු බැලීමට යොදාගත් ත්‍රිරෝද රථයද මේ වන විට රහස්‌ පොලිසිය භාරයට ගෙන තිබේ.

මඩවල මහතා ඝාතනය කර පැය 48 ක්‌ ගත වීමට පෙර ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් සමග ඝාතනයට යොදාගත් ආයුධ ඇතුළු වාහන අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්වීම විශේෂ සිදුවීමකි.

රංගන නමැත්තා මෙම ඝාතනය සඳහා ඉදිරිපත්ව ඇත්තේ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සිය මවට පහරදී බැණ වැදුණු බව කියන සිද්ධියක්‌ මුල්කරගෙනය. එම සිද්ධියේදී හසිත මඩවල මහතාද රංගනගේ මවට බැණවැදී ඇති නිසා තමන් මඩවල මහතා ඝාතනය කිරීමට ඉදිරිපත් වූ බව සැකකරු රහස්‌ පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

මඩවල මහතාට වෙඩි තැබූ රංගන පෙරේරා කැලණිය නුංගමුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. උත්සව සඳහා කෑම සැපයීමේ (කේටරින් සර්විස්‌) ව්‍යාපාරයක්‌ කරගෙන ගිය රංගන සිංගප්පූරුවට ගොස්‌ වෙළෙ¹ම් කටයුතු කිරීමේ ව්‍යාපාරයක්‌ද කරගෙන ගොස්‌ තිබේ.

රංගනගේ මව, පියා සහ නැඟණියද ඇගේ සිඟිති දරුවෝද නුංගමුගොඩ නිවසේ පදිංචිව සිටියහ. යාබද ඉඩමේ පොල් ගසකින් තම ඉඩමට ගෙඩි වැටෙන බව කියමින් රංගනගේ මව නිතරම අසල්වැසි පදිංචිකරුවකු සමග ආරවුල් ඇතිකරගෙන තිබිණි.

පසුගිය දෙසැම්බර් මාසයේ මුල් සතියේ දිනක ඇය කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හමුවීමට යන්නේ මෙම පොල් ගසේ ප්‍රශ්නය පිළිබඳව ඔහුට පැමිණිලි කිරීම සඳහාය.

රංගන ඇමැති මර්වින් සිල්වාගේ සමීපතම ආධාරකරුවකු මෙන්ම සංවිධායකවරයකු ලෙස කටයුතු කරන නිසා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රංගනගේ මවගේ පැමිණිල්ල එතරම් ගණනකට ගෙන නැත.

ඒ අවස්‌ථාවේ රංගනගේ මව සහ සභාපතිවරයා අතර බහින්බස්‌ වීමක්‌ ඇතිවූ අතර සභාපතිවරයා රංගනගේ මවට පහරදී බැණ වැදී ඇය පන්නාගෙන ඇත.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ හසිත මඩවලද කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිටි කාමරයට යාබද කාමරයේ සිට ඇත.

සභාපතිවරයා තමන්ට පහරදුන් බව පැවසීමට රංගනගේ මව හසිත මඩවල මුණගැසී ඇති අතර ඔහුද ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී පන්නාගෙන තිබේ.

පසුව රංගනගේ මව රෝහල් ගත වූවාය. මෙම සිද්ධිය වන අවස්‌ථාවේ රංගන ව්‍යාපාර කටයුත්තක්‌ සඳහා සිංගප්පූරුවට ගොස්‌ සිටියේය. සභාපතිවරයා තමන්ට පහරදී පන්නාගත් බව මව සිය පුත්‍රයාට දැනුම් දුන්නේය.

ඒ අවස්‌ථාවේ දැඩි කෝපයට පත්වූ රංගන "මම මේක ලේසියෙන් අත අරින්නේ නැහැ. ලංකාවට ආවම මම උන් සේරගෙන්ම පළිගන්නවා" යනුවෙන් පවසා තිබේ.

හසිත මඩවල සහ රංගන පෙරේරා කුඩා කල සිට දැන හඳුනන අතර ඔවුන්ගේ නිවෙස්‌ පිහිටා ඇත්තේද කැලණිය නුංගමුගොඩ ප්‍රදේශයේය. රංගනත් මඩවලත් දේශපාලනය කර ඇත්තේ එකටය. ඔවුහු ඇමැති මර්වින් සිල්වා ජයග්‍රහණය කරවීම සඳහා එකට කටයුතු කළහ.

පසුකලෙක කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක්‌ ඇමැති මර්වින් සිල්වාගේ ක්‍රියා කලාපයට එරෙහිව නැඟී සිටියහ. හසිත මඩවලද ඒ අතර ප්‍රබල චරිතයක්‌ බවට පත්ව සිටියේය.

හසිත මඩවල මර්වින් සිල්වාට එරෙහි වුවද රංගන පෙරේරා දිගින් දිගටම ඇමැතිවරයාට සහාය දක්‌වමින් සිටියේය. ඔහු ඇමැතිවරයාගේ සංවිධායකවරයකු ලෙසද කටයුතු කළේය.

මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් සිංගප්පූරු සරත් නමැත්තා රංගනගේ මාමාය. (මවගේ සොහොයුරු) තම සොහොයුරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරු සරත් ද කැලණිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ හසිත මඩවල සමග දැඩි වෛරයකින් පසු වූවේය.

ඇමැති මර්වින් සිල්වාට එරෙහිව කැරලි ගැසීම පිළිබඳව ද සිංගප්පූරු සරත් ඇතුළු පිරිස ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන් සමඟ පසු වූයේ දැඩි වෛරයකිනි.

තම මවට පහර දීම සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටි රංගන සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉකුත් දෙසැම්බර් මස 21 වැනිදා ය.

ශ්‍රී ලංකාවට පැමිණි රංගන සිය මවට කළ පහරදීම පිළිබඳව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් සහ මඩවලගෙන් පළි ගැනීමට සැලසුම් කළේය. අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් සිංගප්පූරු සරත් ඇතුළු පිරිසක්‌ රංගන යොදාගෙන හසිත මඩවල ඝාතනයට සැලසුම් කළ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

සිංගප්පූරු සරත් නමැත්තා තමන්ට අයත්ව තිබූ ටී. 81 වර්ගයේ ගිනි අවියක්‌ සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ රංගනගේ පියා වෙත ලබා දී තිබුණේ මීට මාස ගණනකට උඩදී ය. මෙම ගිනි අවි ආරක්‍ෂිතව තබා ගන්නා ලෙස ද ඔහුට උපදෙස්‌ ලැබී තිබිණි.

හසිත මඩවල ඝාතනය කිරීම සඳහා රංගනගේ පියා ළඟ තබාගෙන සිටි මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලය පාවිච්චි කිරීමට සැලසුම් කෙරිණි.

මඩවලගේ ගමන් බිමන් පිළිබඳව සොයා බලා ඔත්තු සැපයීමේ කාර්යය භාර කෙරුණේ රංගනගේ පියා වෙතටය. ඒ සඳහා ඔහු තම ත්‍රිරෝද රථය යොදා ගත්තේය.

මඩවල ඝාතනය කිරීම සඳහා යැමට යතුරු පැදියක්‌ යොදාගත් අතර එය පැදවීමේ කටයුත්ත කේටරින් ආයතනයේ සේවය කරන 17 හැවිරිදි තරුණයකු වෙත භාර කෙරිණි.

මෙම ඝාතනයේ සම්බන්ධීකරණ කටයුතු භාර කෙරුණේ මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කරන සමන් නමැත්තාටය. එම සැකකරු ද මේ වන විට රහස්‌ පොලිස්‌ අත්අඩංගුවේ සිටියි.

ඉකුත් 05 වැනිදා රාත්‍රි මඩවල මහතා ඝාතනය කිරීමට සියලු සැලසුම් සකස්‌ කෙරිණි. මඩවල මහතාගේ ගමන් බිමන් පිළිබඳව සොයා බැලීමේ කාර්යය භාරගෙන සිටි රංගනගේ පියා ත්‍රිරෝද රථයෙන් ගොස්‌ මඩවලගේ නිවස අසල රැකගෙන සිටියේය.

එදින සවස මඩවල මහතා නිවසට පැමිණ ඇත්තේ රාත්‍රි 7.30 ට පමණය. ඔහු නිවස අසල මෝටර් රථය නතර කරගෙන සිටි අතර මිතුරන් දෙදෙනකු ද ඔහු සමීපයේ සිට ඇත.

එම මිතුරන් දෙදෙනා අසල තිබූ පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ වෙත ගිය අවස්‌ථාවේ රංගනගේ පියා සිය පුත්‍රයාට දුරකථන ඇමතුමක්‌ ලබා දී ඝාතනය සඳහා සුදුසුම අවස්‌ථාව මෙය බව පවසා ඇත.

රංගන 17 හැවිරිදි තරුණයා ද සමඟÊයතුරු පැදියේ නැඟී මඩවල මහතා රැඳී සිටි ස්‌ථානය වෙත පැමිණ තිබේ.

එහිදී යතුරු පැදියෙන් බැස ඇති රංගන මඩවල මහතා අසලට ගොස්‌ "උඹ අපේ අම්මට කළේ මහ බලු වැඩක්‌" යනුවෙන් පවසා එකවරම ඔහුට වෙඩි ප්‍රහාර හයක්‌ එල්ල කර ඇත.

රංගන නමැත්තා මඩවල මහතාට වෙඩි ප්‍රහාර එල්ල කරන අවස්‌ථාවේ ඔහු කෑ ගසමින් කියා ඇත්තේ "මචං අපි යාළුවොනෙ. ඇයි මට වෙඩි තියන්නේ" යනුවෙනි.

මඩවල මහතාට වෙඩි තැබූ රංගන සහ 17 හැවිරිදි තරුණයා කෙළින්ම ගොස්‌ ඇත්තේ මීගමුව ප්‍රදේශයේ නිවසක්‌ වෙතය. රංගනගේ මස්‌සිනා එම නිවසේ පදිංචිව සිටි අතර ඔහු මොවුන් දෙදෙනාට රැකවරණය ලබා දී ඇත.

වෙඩි තැබීම සිදු කළ ස්‌ථානයේ සිට මීගමුවට යන තුරු රංගනගේ ආරක්‍ෂාව සඳහා මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සමන් නමැත්තා ද සිය ඩබල් කැබ් රථයෙන් ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ හසිත මඩවල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. මෙම ඝාතනයෙන් පසු ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස නොසන්සුන් වූ අතර පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරිණි.

පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ ක්‍රියාත්මක වූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණී මතුරට, පොලිස්‌ අධිකාරි සුදත් නාගහමුල්ල, සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් පරීක්‍ෂණ ක්‍රියාත්මක කෙරිණි.

ඝාතනය සිදුÊවූ අවස්‌ථාවේ සිදු වූ රහසිගත දුරකතන ඇමතුම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම එක්‌තරා සැක කටයුතු දුරකතන අංකයක්‌ සොයා ගත්තේය. එම අංකයට අදාළ සියලු තොරතුරු සොයා ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව ගුවන් තොටුපළ වෙත දැනුම් දුන්හ.

සැකකටයුතු පුද්ගලයා විදේශගත වීම වැළැක්‌වීම සඳහා එම ක්‍රියාමාර්ගය ගනු ලැබීය. පෙරේදා උදේ 11. 00 ට පමණ මේ පිළිබඳව ගුවන් තොටුපළ වෙත දැනුම් දුන් අතර එදින රාත්‍රි 10.00 ට පමණ සැකකරු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පොලිසිය සමත් විය.

මෙම සැකකටයුතු පුද්ගලයා සිංගප්පූරුව බලා යැමට පැමිණ සිටියදී ගුවන් තොටුපළ රහස්‌ පොලිස්‌ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රංගන නමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු රහස්‌ පොලිස්‌ මූලස්‌ථානය වෙත ගෙනැවිත් ප්‍රශ්න කරද්දී හසිත මඩවල ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය විය.

පසුව රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කළ විමර්ශනවලදී මෙම ඝාතනයට සම්බන්ධ සිංගප්පූරු සරත් ඇතුළු සෙසු සැකකරුවන් සිව්දෙනකු පැය තුනක්‌ වැනි කාල සීමාවක්‌ තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

හසිත මඩවල මහතා ඝාතනය කිරීමෙන් පසු රංගනට නැවත සිංගප්පූරුව බලා යැමට ගුවන් ගමන් බලපත්‍රය ලබා දී ඇත්තේ සිංගප්පූරු සරත් නමැත්තා විසින් ය. ඊට අමතරව ඔහු අතට ඇමරිකානු ඩොලර් 1000 ක මුදලක්‌ ද ලබා දී ඇත.

රංගන සිංගප්පූරුවට යෑවීමේ කාර්ය භාරය ක්‍රියාත්මක කර ඇත්තේ මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සමන් නමැත්තා විසිනි.

අත්අඩංගුවට ගෙන සිsටින සැකකරුවන් පස්‌දෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත තබා ගෙන ප්‍රශ්න කරගෙන යයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් ප්‍රබලයන් කීපදෙනකුගෙන්ම ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න, අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණී මතුරට, පොලිස්‌ අධිකාරි සුදත් නාගහමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස්‌ හා සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන රංජිත් මුණසිංහ, නෙවිල් ඒ. ප්‍රේමතිලක, කොස්‌තාපල්වරුන් වන (75262) සුදසිංහ, (87362) සමීර, (3269) අලීම් (71106) වීරකොන් (3169) ප්‍රේමරත්න ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

හසිත මඩවල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු හෙළි කරගෙන සැකකරුවන් පැය 48 ක්‌ ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර යන මහන්වරුන් කළ කැපවීම පිළිබඳව එම නිලධාරීහු පොලිස්‌පතිවරයාගේ ප්‍රශංසාවට ලක්‌වූහ.

 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩක් නැහැ බන් ,,,,
    මම හිතුවා සරත් ෆොන්සේකා මහත්තයා තමයි ගේම දීලා තියෙන්නේ කියලා.
    ඔහොම නෙවෙයි අරූ වලෙන් නැගිටලා ඇවිත් කිව්වත්
    මර්වින් පරයා එළියේ ..........
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වැඩක් නැහැ බන් ,,,,
    මම හිතුවා සරත් ෆොන්සේකා මහත්තයා තමයි ගේම දීලා තියෙන්නේ කියලා.
    ඔහොම නෙවෙයි අරූ වලෙන් නැගිටලා ඇවිත් කිව්වත්
    මර්වින් පරයා එළියේ ..........
    :eek::eek:සුදු වෑන් එකක් දකින්න ආසායී නේහ්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නැහැ බන් ,,,,
    මම හිතුවා සරත් ෆොන්සේකා මහත්තයා තමයි ගේම දීලා තියෙන්නේ කියලා.
    ඔහොම නෙවෙයි අරූ වලෙන් නැගිටලා ඇවිත් කිව්වත්
    මර්වින් පරයා එළියේ ..........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටියක් කියනවා මේක මර්වින්ගේ වැඩක්ලු
    කට්ටියක් කියනවා මේක සභාපතිගේ වැඩක්ලු
    තුං පැත්තම එකයි බොල :lol::lol:
    ඊළගට මොකාට ආතල් එක සෙට් වෙයිද දන්නෙ නෑ


    252176_469199873116741_1799963006_n.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් රංගනයි සිංගප්පුරු සරතුයි බන්ධනාගාරෙට යවයි.ටික දවසකින් එස්.ටී.එෆ් එක බන්ධනගාරෙට පැනලා මුන් ටිකට වෙඩි තියලා දායි.