හලාල් & කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හලාල් & කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන්

halal2.jpg

ජාතිවාදී - ආගම්වාදී සර්පයාව කහ රෙදි අස්සේ සඟවා ගත් එක්තරා සේනාවක් බදුල්ලට ගොස් නැටූ නාඩගම ගැන අයන්නේ පටන් කතාන්දරය ජනරළ විසින් හෙළි කරන ලදී. එහි මුල සිටින්නේ ධනපති පාලකයන් බවත් මැද සිටින්නේ කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන් පිරිසක් බවත් අග සිටින්නේ ප‍්‍රාදේශීය වශයෙන් පාරාජිකා වී ගිය හෝ වන්නට නියමිත දේශපාලන කල්ලකඩත්තයන් පිරිසක් බවත් දැන් කිසිවකුට රහසක් නොවේ.

සර්පයා මෙවර හිස ඔසවන්නේ ඇඹිලිපිටියෙනි. බොදු යැයි කියා ගන්නා සේනාවේ භික්ෂූන් පිරිසක් පසුගිය දා ඇඹිලිපිටිය නගරයේ දී ‘පති‍්‍රකා බෙදීමක්’ සිදු කළ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය පක්ෂයේ සහයෝගය ද එයට ලැබී තිබුණේය.

එහිදී භික්ෂූන් දෙදෙනකු එක්ව මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහර දී තිබූ අතර ජාතිවාදී නොවූ තරුණ පිරිසක් මැදිහත්ව තත්වය සන්සුන් කර ඇත. එහෙත් පොලිසිය පැමිණිල්ල භාරගැනීමට උනන්දු නොවූයේ ‘බලය’ කාගේ පැත්තේදැයි පෙන්වමිනි. ඊටත් පසු මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක් ද ඇඹිලිපිටියේ පැවැත්විණ.

කෙසේ වෙතත් අත් පති‍්‍රකාවේ සඳහන් වී තිබුණේ තනිකරම මුස්ලිම් විරෝධී කරුණු කාරණාය. අමු සිංහල ජාතිවාදී කරුණු කාරණාය. හලාල් සහතිකය ලත් භාණ්ඩ වර්ජනය කරන්නැයි වෙළෙන්දන්ගෙනුත් පාරිභෝගිකයන්ගෙනුත් ඒ පති‍්‍රකාවෙන් ඉල්ලා තිබිණි.

මෙය විකාර කතාවකි. මන්ද, හලාල් යනු කිසියම් ආගමික විශ්වාසයක් මත පදනම් වූ ප‍්‍රමිතියකි. ඉස්ලාමිකයෝ තමන් පරිභෝජනය කරන ද්‍රව්‍යවල ‘හලාල්’ තිබේදැයි සොයා බලති - සලකති. පොදු මානව සමාජයක් වෙත යන ගමනක දී අත්හළ යුතු ‘චාරිත‍්‍ර - වාරිත‍්‍ර’ තිබේ නම් ඒවා අත්හැරීම වෙනම කතාවකි. එහෙම නොවී එක් මිථ්‍යාවක් අතහැරිය යුත්තේ තවත් මිථ්‍යාවක් මත පදනම් වෙමින් නොවේ.

බොදු යැයි කියා ගන්නා සේනාව නඟන තර්කය මෙයයි. ‘හලාල්’ වලට කැමැති නැති මිනිසුන් ‘හලාල්’ සහතිකය ලත් භාණ්ඩ පරිභෝජනය කරන්නේ මන්දැයි ඔවුහු අසති. අප කැමැති වුවත් නැතත් ‘අලුත් වෙළෙඳපොළ’ වල ‘පැරණි සංකල්ප’ තිබේ. ඒවා සහමුලින්ම ඉවත් කරනවා වෙනුවට ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස වැරැුදි කෙළවරකින් අල්ලා ගැනීම එක්කෝ මෝඩකමකි. එහෙමත් නැත්නම් උපායික තක්කඩිකමකි. මෙතැන ඇත්තේ එයින් දෙවැන්නය.

හොඳයි, කෙනකු මෙහෙම ප‍්‍රශ්නයක් ඇහුවොත් බොදු යැයි කියා ගන්නා බල සේනාව හෝ ඔවුන් සමඟ ජාතිවාදී රිලේ තරගයක යෙදෙන බංකොලොත් දේශපාලන ව්‍යාපාර, ඊට දෙන පිළිතුර කුමක්දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. ‘‘පෝය දිනවලට මත්පැන් හල් හෝ මස් වෙළෙඳසල් වහන එකෙන් බුද්ධාගම නොඅදහන ජනතාවගේ පරිභෝජන අයිතිය උල්ලංඝනය වන්නේ නැද්ද?’’

එහෙම බැලු විට විවිධ ආගමික මතිමතාන්තර ‘වෙළෙඳපොළ’ට බලපෑම් කරන බව තේරුම්ගත හැකිය. ‘හලාල්’ පමණක් ඉවත් කර තේරුමක් නැති අතර ඉවත් කරනවා නම් ‘ඒ ජාතියේ සේරම බඩු’ අයින් කළ යුතුය. හැබැයි මේ සේනාවන් තමන්ගේ ‘බඩු’ ගැන කතාවක් නැත. ඒ වෙනුවට ‘හලාල්’ පමණක් අල්ලාගෙන ජාති - ආගම්වාදී සර්පයා නටවති.

ඔය කියන සේනාවන්ගේ තවත් තර්කයක් නම්, ‘හලාල්’ සහතිකය වෙනුවෙන් ගෙවන මුදල් ඉස්ලාම් ආගමේ උන්නතිය වෙනුවෙන් යොදවන බවයි. මෛති‍්‍රය, කරුණාව, මුදිතාව ගැන එක් වරෙක කතා කරන අය තවත් ආගමක උන්නතියට වෛර කිරීම ප‍්‍රහේලිකාවකි. විවිධ නිෂ්පාදන වෙළෙඳපොළට එවන සමාගම්, පාරිභෝගිකයන්ගෙන් අය කරගන්නා මුදල්වලින් කරන කරන හැමදේම මේ සේනාව සොයා බලනවාද? එහෙම නම් මානව විරෝධී කොයිතරම් දේවල් වෙනවා ඇද්ද?

සල්ලිවලට ආගමක් ජාතියක් නැත. ඒවා විවිධ තලවල දී විවිධ දේ වලට යෙදවේ. කොන්දොස්තර කෙනෙක් හවසට ‘‘අපේ සල්ලිවලින් බොනවා’’ කියා සල්ලි නොදී බස්වල යාම සඳහා තර්කයක් හදාගන්නට පුළුවන්කමක් නැත. ලංකාවේ රූපවාහිනී නාලිකා අතර ඉස්ලාමිකයකුට අයිති එකක් නැතැයි කියා හෝ ඒවායේ අයිතිකරුවන් බෞද්ධ හෝ හින්දු ආගමේ උන්නතියට තමන්ගේ ලාභ යොදවනවා කියා මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්, වෙළෙඳ දැන්වීම් ලබා නොදුන්නොත් එය තේරුමක් නැති වැඩකි. ‘හලාල්’ වර්ජනය කරන්නැයි ආගම්වාදී කෝණයකින් ඉල්ලීම එවැනිම තේරුමක් නැති වැඩකි. මේ ජාතියේ තේරුමක් නැති වැඩවලට ජනතාව අහු නොවිය යුතුය.

වර්තමාන වෙළෙඳපොළ ජයගැනීම යනු සූදුවකි. ඒ සූදුවෙන් සිංහලයකු පරාද වූ විට ඒකට වගකිවයුත්තේ දෙමළකුවත් මුසල්මානුවකුවත් නොවේ. මේ ජරාජීර්ණ වෙළෙඳපොළමය.

අනෙක් අතට මේ වෙලාවේ මේ දූපතේ ලොකුම ප‍්‍රශ්නය ‘හලාල්’ පිළිගන්නවාද නැද්ද යන්න නොවේ. මිනිස්සු අධික ජීවන බරකය. සුදු වෑන් සැරිසරයි. අර්බුදයේ කරවටක් ගිලුණු මිනිස්සු එකිනෙකා මරති. පුච්චති. යන යන තැන අනතුරුය. අපරාධය. එහෙව් රටක ‘හලාල්’ අල්ලාගෙන දැඟලීමෙන් සිද්ධ වන්නේ ඇත්ත ප‍්‍රශ්නය යට යෑමය. මේ කරන්නේ ඒකය. ඇත්ත ප‍්‍රශ්නය යට ගසන්නට, සර්පයා නටවන උන්ට ඕනෑය.

දූපතේ තැන් තැන්වලින් සර්පයා හිස ඔසවන්නේ අන්න ඒ උවමනාව නිසාය. පෙරදා බදුල්ලෙන් හිස එසවූ ඌ ඊයේ ඇඹිලිපිටියෙන් මතු වූයේය. හෙට කොතැනින් ඒදැයි කල්පනාවෙන් සිටිය යුතුය. ඒ කොතැනින් මතු වුණත් ඇඹිලිපිටියේ පොදු ජනයා ජාතිවාදී නොවී දුන් ආදර්ශයෙන්ම සර්පයාට උත්තර දෙන්නට ඕනෑය.

සමාජයේ දෙපා අතරින් සර්පයා ඇදෙද්දී ඌ පරදවන්නට නම්, ඊට වඩා වේගයෙන් අතින් අත යැවිය යුත්තේ පරෙවියාය.
 
Last edited:
  • Like
Reactions: shiyamda

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    halal2.jpg


    . ‘‘පෝය දිනවලට මත්පැන් හල් හෝ මස් වෙළෙඳසල් වහන එකෙන් බුද්ධාගම නොඅදහන ජනතාවගේ පරිභෝජන අයිතිය උල්ලංඝනය වන්නේ නැද්ද?’’


    හලාල් සහතිකය ගන්න අය සල්ලි ගොඩක් වියදම් කරලා තමයි ඒ දේ ලබාගන්නේ.....ඒ සල්ලි මුස්ලිම් ආගමේ දියුනුවට, පැතිරීමට තමයි යොදවන්නේ.

    යකෝ, තෝ හිතුවද අරක්කු විකුනලා බුද්ධාගම දියුනු කරනවා කියලා. අරක්කු කඩ වැහුවම හැමොටම හොදක් වෙනවා බොල. අඩුම ගානේ වෙන ආගම් අදහන මනුස්සයෙක් උනත් එදාට නොබී ඉදි. ඒක මිනිහෙක්ට වෙන හොදක් නෙමේද?
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උඹලා දන්නවද මරදාන පැත්තේ එක කඩේකවත් සිංහල එවුන් විකුනන කිසි දෙයක් ගන්නේ නෑ කියලා. විශේෂයෙන්ම ලකී යෝගට් වගේ දේවල්. බුද්දිමතුන් කියාගන්න අයනම් කියන්නේ හලාල් නැතිනිසා ගන්නේ නෑ කියලා. ඒත් ඔය කැරි හම්බයෝ මුනටම කියනවා සිංහල එවුන්ගේ දෙවල් උන් ගන්නේ නෑලු.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම සාමාන්‍යෙන් අද ඊයෙ register වෙලා ගොං තර්ක ගේන මිනිස්සුත් එක්ක තර්ක කරන්න ඒත් උඹ ඒ කාලෙ ඉඳන්ම ඉන්න ආදිවාසියෙක් නිසා කියන්නම්.


    • හිතල බලන්න දෙවියෙක් ඉන්නව ඒ එයාගෙ ආගම අතෑරල යනවට දෙන දඬුවම මරණය
    • හිතල බලන්න දෙවියෙක් ඉන්නව ඒ ආගම ප්‍රශ්න කරන කෙනාට දෙන දඬුවම මරණය
    • තමන්ව විශ්වාස නොකරන අයට දෙන දඬුවම මරණය
    • එම ආගම හොඳින් අදහන්නෙක් ගෙ එකම අරමුණ හොඳින් හරි නරකින් හරි ආගම පැතිරවීම

    එහෙම ආගමක රුපියලකින් හරි දායක වෙන එකේ බරපතල කම කොච්චරද කියල තේරෙන්න බෙල්ලට කඩුව තියෙනකං ම ඉන්න ඕනෙද ?



    සල්ලිවලට ආගමක් ජාතියක් නැත. ඒවා විවිධ තලවල දී විවිධ දේ වලට යෙදවේ. කොන්දොස්තර කෙනෙක් හවසට ‘‘අපේ සල්ලිවලින් බොනවා’’ කියා සල්ලි නොදී බස්වල යාම සඳහා තර්කයක් හදාගන්නට පුළුවන්කමක් නැත. ලංකාවේ රූපවාහිනී නාලිකා අතර ඉස්ලාමිකයකුට අයිති එකක් නැතැයි කියා හෝ ඒවායේ අයිතිකරුවන් බෞද්ධ හෝ හින්දු ආගමේ උන්නතියට තමන්ගේ ලාභ යොදවනවා කියා මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්, වෙළෙඳ දැන්වීම් ලබා නොදුන්නොත් එය තේරුමක් නැති වැඩකි. ‘හලාල්’ වර්ජනය කරන්නැයි ආගම්වාදී කෝණයකින් ඉල්ලීම එවැනිම තේරුමක් නැති වැඩකි. මේ ජාතියේ තේරුමක් නැති වැඩවලට ජනතාව අහු නොවිය යුතුය.

    උඹෙන් අහන්න තියෙන්නෙ එක ප්‍රශ්නයයි
    කොන්දොස්තරත් බෞද්ධ නම්. සල්ලි දෙන අපිත් බෞද්ධ නම්. අන්‍යාගමික මනුස්සයෙක් ඇවිල්ල උන්ගෙ ආගම වෙනුවෙන් අපෙනුත් තව ගානක් කපාගන්න හදනවනං අපි ඉඩ දෙන්න ඕනෙද ?


    රටේ වෙන ප්‍රශ්න තියෙනව තමයි. එහෙම උනා කියල ඒ අවරෝහණ ක්‍රමයට හරි ගසසල එකින් එකට හදාගෙන යනකං අනික් මිනිස්සු බලාගෙන ඉන්න ඕනෙද ?
     

    CrazyKitty

    Member
    Sep 4, 2012
    172
    12
    0
    මුට ඉතින් සිංහල උන්ගේ වැරදි විතර ද පෙන්නේ
    හම්බයෝ හොද මිනිස්සු...
    අනේ හම්බ පෙටියෝ තොට මොනවා කියන්නද කියල හිතාගන්න බෑ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කෙසේ වෙතත් අත් පති‍්‍රකාවේ සඳහන් වී තිබුණේ තනිකරම මුස්ලිම් විරෝධී කරුණු කාරණාය. අමු සිංහල ජාතිවාදී කරුණු කාරණාය. හලාල් සහතිකය ලත් භාණ්ඩ වර්ජනය කරන්නැයි වෙළෙන්දන්ගෙනුත් පාරිභෝගිකයන්ගෙනුත් ඒ පති‍්‍රකාවෙන් ඉල්ලා තිබිණි.
    මේක මහ බූරු කතාවක් බං,
    උන් රහසේ කියන,ප්ලොට් ගහන ,දේවල් අපෙ උන් එලියෙ ප්‍රසිද්දියෙ කියනව.
    ඒ එකක්වත් බොරුද?උන්ගෙ ජාතිවාදයට උත්තර දෙන්න ඕනෙ ජාතිවාදයෙන් විතරයි.
    ප්‍රභාකරන්ගෙ යුද්දෙට නියම පැහැදිලි පිලිතුර ලැබුනෙ යුද්දයෙන්.
    එහෙම නොවුනා නම් උඹත් නෑ,මමත් නෑ.
    සාදුලාට නෙවෙයි හලාල් උලමාට බැනපං.
    අපිට නෙවෙයි ජාතිවාදී හකීම්ට බැනපං.
    අද ගේට්ටුව ලඟ කෑ ගහන එකා හෙට දොරකඩට එන්න ඉඩ දෙන්න බෑ.
    සර්වආගමික උණ බම්බු හරි යන්නෙ නෑ.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුස්ලිම් එවුන්ගෙන් 2009 විතර වෙනකන් අවුලක් උනේ නෑනේ.
    ප්‍රශ්නේ තියෙන්නේ උන්ට ඕනේ ලංකාව නෙවෙයි. පාකිස්තානේ. මැච් එකකදී වුනත් උන් චියර් කරන්නේ කාටද. තමන් ඉපදිලා හැදුනු රටට නෙමෙයි, සම්මජ්ජාතියට දැකලවත් නැති පකිස්තානෙට..
    කොතනද ප්‍රශ්නේ තියෙන්නේ?
    ඉස්ලාම් ආගමෙන් මොන බහුබූත කිවුවත් කාටවත් වැඩක් නෑ . ඒවා විස්වාස කරන එක නැති එක උන්ගේ වැඩක්..
    නමුත් ලංකාව පකිස්තානයක් කරන එකට තමයි අපි විරුද්ද වෙන්නේ. ආගම ලංකාවේ පතුරුවලා. දුප්පත් මිනිස්සු ආගමට හරවාගෙන, පිස්සු කෙලින එක හරිද?
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    උඹලා දන්නවද මරදාන පැත්තේ එක කඩේකවත් සිංහල එවුන් විකුනන කිසි දෙයක් ගන්නේ නෑ කියලා. විශේෂයෙන්ම ලකී යෝගට් වගේ දේවල්. බුද්දිමතුන් කියාගන්න අයනම් කියන්නේ හලාල් නැතිනිසා ගන්නේ නෑ කියලා. ඒත් ඔය කැරි හම්බයෝ මුනටම කියනවා සිංහල එවුන්ගේ දෙවල් උන් ගන්නේ නෑලු.


    eka aththa mcn...et ape rate inna samahara buru patawnta threnne
     

    Similar threads