ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2

    අපි දෙවැනි දවසෙම ගියා නාවික කඳවුරේ තියෙන නාවික කෞතුකාගාරය බලන්න. එකේ තියෙනවා ඉංග්‍රීසි ආණ්ඩු කාලේදී අපේ රටට ගෙනාපු අවි ආයුධ එහෙම, තව කොටින්ගෙන් (LTTE) අල්ලගත්තු උන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු එහෙමත් තියේ තවත් නාවික හමුදාවේ වටිනා දේවල් අපිට බලාගන්න පුළුවන්. වැඩි කතා ඕනේ නෑ මම පොටෝ ටිකත් එක්ක එන්නම්කෝ.:yes::yes::yes::)

    මේ තියෙන්නේ නාවික හමුදාවේ නැවක 1 එන්ජිමක්. මොන නැවේද කියලනම් හරියටම මතක නෑ.:yes:
    DSC04522_Copy.jpg


    මේකත් ඒ වගේම නැවක එන්ජිමක්. මේකේ නම මතක නැති උනාට මේ නැව අපිට තෑගි විදියට හම්බ උනු නැවක්. එත් මේ නැවේ තෙල් පිච්චෙන 1 වැඩි නිසා නාවික හමුදාවම නැවේ වටිනා කොටස් ගලවාගෙන ඒ නැව මුදුබත් කරලා තියෙනවා.:(:yes:
    DSC04523_Copy.jpg


    මේ තියෙන්නේ මාලිමාවක්.:)
    DSC04542_Copy.jpg


    නාවික හමුදාව පාවිච්චි කරන බෝට්ටුවක්.:):):)
    DSC04553_Copy.jpg


    නැව් වල තියෙන එක එක ප්‍රමාණයේ නැංගුරම් ටිකක්.:)
    DSC04555_Copy.jpg


    ඇතෙක්ගේ ඇට සැකිල්ලක් සහ නිල් තල්මහෙක්ගේ ඇටසැකිල්ලක්.:(:yes:
    DSC04557_Copy.jpg
    DSC04559_Copy.jpg


    මේ තියෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේදී අපේ රටට ගෙනාපු ලොකු කාලතුවක්කුවක් වගේ අවියක්. මට නමනම් මතක නෑ. මේවා ඒ කාලේ ඇදන් ඇවිත් තියෙන්නේ අලින් 10ක් 15ක් පාවිච්චි කරලලු.:shocked:
    DSC04561_Copy.jpg
    DSC04567_Copy.jpg


    මේ තියෙන්නේ ඉංග්‍රීසින් හදපු බංකර්, ඉස්සෙල්ල දාපු ලොකු අවි 3ක් මේ කඳවුරේ තියෙනවා, ඒ අවි 3ටම බංකර් 1 ගානේ 3ක් තියෙනවා:shocked:.
    DSC04582_Copy.jpg


    මේ විශාල අවි වලට උණ්ඩ එවල තියෙන්නේ මේ බංකරේ ඇතුලේ ඉඳල.. මේ තියෙන්නේ එහෙම උණ්ඩ උඩට යවන්න පාවිච්චි කල උපකරණය:shocked:.
    DSC04599_Copy.jpg
    DSC04562_Copy.jpg


    හදිසියෙවත් ඒ බංකරයක් ගිනි ගත්තොත් හදිසි පිටවීමේ දොරටුව වගේ තියෙන්නේ මෙන්න මේ කව්ළුව තම. යටින් තියෙන්නේ බංකරේ ඇතුලේ ඒ කව්ළුවට ඇතුල් වෙන්න තියෙන තැන:yes:.
    DSC04581_Copy.jpg

    DSC04600_Copy.jpg


    මේ බංකර් වල බිත්ති හදලා තියෙන්නේ අන්දුරේදීත් පොඩි ආලෝකයක් ඇල්ලුවම දිලිසෙන විදියට සිලිකා වැලි පාවිච්චි කරලා:yes:.
    DSC04617_Copy.jpg


    මේ තියෙන්නෙත් ඉංග්‍රීසි ආණ්ඩු කාලේදී අපේ රටට ගෙනාපු කාලතුවක්කු ටිකක ආකෘති ටිකක්. ඇත්ත ඒවා නැත්තේ ඉංග්‍රීසින් යනකොට අරන් යන්න පුළුවන් හැමදේම අරන් ගිහින් නිසා.:no::no:
    DSC04565_Copy.jpg


    කොටින්ගෙන් අල්ලගත්තු අවි තම මේ තියෙන්නේ:shocked:.
    DSC04597_Copy.jpg
    DSC04605_Copy.jpg
    DSC04604_Copy.jpg


    මෙතන තියෙන්නේ 71 කැරැල්ලෙන් අත්පත් කරගත්තු අවි:shocked:.
    DSC04610_Copy.jpg
    DSC04611_Copy.jpg
    DSC04612_Copy.jpg


    කොටින් හදපු මරාගෙන මැරෙන බෝට්ටු තම මේ:shocked:.
    DSC04628_Copy.jpg
    DSC04633_Copy.jpg
    DSC04631_Copy.jpg


    මේ තියෙන්නේ ප්‍රභාකරන්ගේ පුතා චාර්ල්ස් ඇන්තනි පාවිච්චි කරපු Quad Bike 1. කොහොමද පට්ටනේ:shocked:?
    DSC04635_Copy.jpg


    බොහොම අමාරුවෙන් ටයිප් කලේ:yes:. මේ තියෙන්නේ මුලින් දාපු නූල් 2. ගිහින් බලන්න ඒවත්.:yes:
    (1)ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)
    (2)ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1
    ඊළඟ දවසේ අපි ගියා ගිරිහඩු සෑය බලන්න. තවත් Thread 1කින් එන්නම්.:):yes:
    හොඳනම් ඉතින් BUMP 1ක්වත් දාගෙන යන්න. වැදගත්නම් REP වලින් දමා ගැහුවට තරහ නැත.:yes::yes::yes: