ගොඩක්_සංවේදී_වීඩියෝ_එකක්..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගොඩක්_සංවේදී_වීඩියෝ_එකක්..

    ගොඩක් සංවේදී වීඩියෝ එකක්. මම මේක බැලුවේ සෑහෙන කාලෙකට කලින්. අද ආයෙමත් දකින්න ලැබුන. ඒ නිසා මේක රිපොස්ට් වෙන්න පුළුවන්. ඒත් ඉතින් දැකපු නැති අයත් එක්ක බෙදාගන්න හිතුන. "කේ.එෆ්.සි ඉඳුල් දෙවියන් මේ දුප්පත් ළමුන්ට දී ඇති ත්‍යාගයයි" ඒක තමයි මේ වීඩියෝවේ ටයිට්ල් එක.




    පහලින් තියෙන්නේ අද මට ආපු ඊමේල් එකක තිබුන ෆොටෝස් වගයක්. කාම්බොජියාවේ කුණු ගොඩක ජිවත් වෙන ළමයි පිරිසකගේ චායාරුප වගයක් තමයි ඒවල තිබුනේ..

    ATT00012.jpg


    ATT00013.jpg


    ATT00014.jpg


    ATT00015.jpg


    ATT00016.jpg


    ATT00017.jpg


    ATT00019.jpg


    ATT00020.jpg


    ATT00021.jpg


    ATT00022.jpg


    ලෝකයේ දිනකට මිනිසුන් 25,000ක් කන්න නැතිව මියයනවා...:(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    අප මහා ‍ශාන්ති නායකයානන් වහන්සේ දෙසූ පරිදි අපි කවුරුවත් මෙම ස්වභාවයට පත්වීමේ අවධානමෙන් මිදී නැහැ. මේ දරුවෝ පහුගිය ආත්ම වල දී ඕන තරම් කොටි පතියන් වෙලා ඉන්න ඇති. ඒත් අද ඒ කිසිවක් ඉතිරි වෙලා නෑ. ඒ පින ගෙවිල අවසන් වෙලා. ඔබත් මමත් මේ සසරේ මොන යම් හෝ පිනක් කල නිසා ැම් ජීවිතයේ දී තවමත් බඩගින්නක් නැතුව ජීවත් වෙනවා. ඒ මේ පින වේගයෙන් ගෙවිල යනවා.
    එසේ නම් අප කල යුත්තේ කුමක් ද???
    අසරණයෙක් දුටු විට අතේ තියෙන ඕනෑම දෙයක් දීමට තරම් අපි අපේ සිත වඩන්න ‍‍ඕනෙ.
    භාග්‍යවත්න් වහන්සේ දේශනා කල පරිදි, උන් වහන්සේ තරම් දානයේ අනුහස් දන්නා කිසිම කෙනෙක් තමාගේ අවසන් බත් පිඩෙනුත් නොදී වළදන්නේ නෑ...
    අපි ගිය ආත්ම වල දුන්න විදිහට තමයි මේ ආත්මෙදී අපිට ලැබෙන්නේ.