ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරය



    ඩිජිටල් කැමරාවක ඇති ඉතාම වැදගත් කොටස් දෙකක් වන්නේ එහි ලෙන්සය හා ලෙන්සයෙන් එන ආලෝකය ඡායාරූපය බවට හරවන සෙන්සරයයි. ක්ශුද්‍ර-පරිපථ (micro-circuit) ලෙස නිර්මාණය වී ඇති සෙන්සර් වර්ග ප්‍රධාන වශයෙන් 3කි.



    35mm Full Frame - මිලිමීටර් 35
    සෙන්සරය ඩිජිටල් කැමරාවල ඇති විශාලතම සෙන්සර් වර්ගය වේ. පැරණි මිලිමීටර් 35 සේයාපටියේ විශාලත්වයට නිර්මාණය කොට ඇති මෙය ඉතා හොඳ තත්වයේ ඡායාරූප ගැනීමට ඉවහල්වේ. මෙවැනි සෙන්සර් අඩංගු කැමරා වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරයි. මෙවැනි කැමරාවල මිල ඉතා අධිකය. එමෙන්ම කැමරාවේ විශාලත්වයද වැඩිය. High-end DSLR කාණ්ඩයේ කැමරාවල මෙම සෙන්සර් දක්නට ඇත. මිලිමීටර් 35 සෙන්සර් අඩංගු කැමරා කිහිපයක් : Nikon D4, Cannon EOS 6D

    APS-C (Advanced Photo System type-C)
    - APS-C සෙන්සරයද නිර්මාණය කොට ඇත්තේ APS-C වර්ගයේ සේයා පටියක විශාලත්වයට වුවද මිලිමීටර් 35 සෙන්සර් මෙන් නොව, විවිධ නිශ්පාදකයන් සිය සෙන්සර් මිලිමීටර් 23.6x15.7 ප්‍රමාණයට හෝ ඊට මදක් කුඩා වන ලෙස නිපදවයි. එම නිශ්පාදකයින්ගේ කැමරාවේ සැලැස්මට හා කාච සැකසුම්වලට සරිලන ලෙස මෙවැනි වෙනස් කිරීම් සිදුකරයි.
    35mm සෙන්සරයට සමානුපාතිකව විවිධ APS-C වර්ගයේ සෙන්සර් ප්‍රමාණයන් 35mm තරම් විශාල නොවුවද ඉතා හොඳ ඡායාරූප ලබාදීමට මෙම සෙන්සර් වර්ගයටද හැකියාවක් ඇත. Entry-level/mid range DSLR වර්ගයේ කැමරා හා සමහර සුපර්-සූම් (Super-Zoom/ Bridge) කාණ්ඩයේ කැමරාවල මෙම සෙන්සර් දක්නට ඇත. APS-C සෙන්සර් අඩංගු කැමරා 35mm DSLR කැමරා තරම් විශාල නොවුවද, පොකට් කැමරාවලට වඩා බෙහෙවින් විශාලය. සෙන්සර් අඩංගු කැමරා කිහිපයක් : Nikon D3100, Cannon EOS 60D / 650D

    Pocket Camera Sensors
    - 35mm හා APS-C සෙන්සර් හා සමකරන විට, පොකට් කැමරාවල ඇත්තේ ඉතා කුඩා සෙන්සර්ය. මෙවැනි සෙන්සර් වලින්ද හොඳ ඡායාරූප ගත හැකිවුනත්, ආලෝකය මද අවස්ථාවලදී ලැබෙන ඡායාරූප දුර්වලය.


    විශාල සෙන්සර් වලින් ලැබෙන වාසි.


    ඡායාරූපයක් ගැනීම යනු, ඡායාරූපයට නගන පුද්ගලයාගේ හෝ වස්තුවෙන් කැමරාවට ලැබෙන ආලෝකය ග්‍රහණය කරගෙන එය ඡායාරූපයක් බවට හැරවීමයි. මෙහිදී කුඩා සෙන්සරයකට වඩා විශාල සෙන්සරයකට, විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගත හැකිය. එවිට;


    1] අධිවිබේධන ඡායාරූප ගත හැකි අතර, ඡායාරූප විශාල කොට මුද්‍රණයේදී කුඩා සෙන්සර් ඇති පොකට් කැමරාවලින් ගන්නා ඡායාරූපවලට වඩා විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප විබේධනයේ අඩුවක් නොමැතිව ඉතා විශාල කොට මුද්‍රණය කල හැකිය.


    2] රාත්‍රී කාළයේ හා සැඳෑකාළයේ ඉතා හොඳ ඡායාරූප ලබාදීමට විශාල සෙන්සර් වලට හැකියාව ඇත. ආලෝකය මද වුවත් සෙන්සරය විශාල බැවින් විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඡායාරූපය සටහන් කරගැනීමට හැකිවීම මෙයට හේතුවයි.


    ඔබ විවාහ මංගල්‍යයක් ඔබගේ පොකට් කැමරාවෙන් ඡායාරූප ගතකර ගැනීමට උත්සහ කොට ඇත්නම්. මේ පිලිබඳව වැටහීමක් ඔබට ඇත. ඔබ කැමරාවේ ෆ්ලෑශරය ක්‍රියාත්මක කොට ඡායාරූප ගත්තත් ඔබ ගත් ඡායාරූප වල තත්වය හා විවාහ මංගල්‍යයේ නිළ ඡායාරූප ශිල්පියා ඡායාරූප අතර විශාල වෙනසක් ඇත්තේ ඔබගේ ඡායාරූප ගැනීමේ ශිල්පීය දුර්වලතාවයක් නිසාම නොව (සමහරවිට එයද හේතුවක් වන්නට පුලුවන...) ඔබගේ පොකට් කැමරාවේ ඇති ඉතා කුඩා සෙන්සරයට වඩා ඡායාරූප ශිල්පියාගේ DSLR කැමරාවේ සෙන්සරය දසගුණයක් පමණ විශාල බැවිනි. වෘත්තීය ඡායාරූප ශිල්පීන් මිල අධික විශාල සෙන්සර් ඇති කැමරා භාවිතා කරන්නට එක් හේතුවක් වන්නේ එම සෙන්සර් මගින් අඩු ආලෝක තත්ව යටතේ ලබාදෙන ඡායාරූප ඉතා හොඳ මට්ටමේ ඒවා බැවිනි.


    වඩා වැදගත් සෙන්සරයේ විශාලත්වයද? සෙන්සරයේ මෙගාපික්සල් ප්‍රමාණයද?



    සෙන්සරයේ මෙගාපික්සල් ප්‍රමාණය යනු එහි අඩංගු කොට ඇති ආලෝක සංවේදී ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයයි. ට්‍රාන්සිස්ටර් වැඩිවනවිට සෙන්සරයට ග්‍රහණය කරගත හැකි ආලෝක ප්‍රමාණය වැඩි විය යුතුය, ඒ අනුව මෙගාපික්සල් වැඩි කුඩා සෙන්සරයක්, මෙගාපික්ස්ල් අඩු 35mm සෙන්සරයකට වඩා හොඳ ඡායාරූප ලබාදිය යුතුය..


    එහෙත් සත්‍යය එය නොවේ.......


    සෙන්සරය කුඩාවන විට, එහි මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වීමෙන් සබැවින්ම ලැබෙන ඡායාරූපයේ විබේධනය අඩුවේ!!!


    ඒ අනුව ඉහල මෙගාපික්සල් ප්‍රමාණයක් ඇති පොකට් කැමරාවලට වඩා අඩු මෙගාපික්සල් ප්‍රමාණයක් ඇති සෙන්සර් විශාල කැමරාවල ඡායාරූප තත්වයෙන් වඩා ඉහලය.



    මෙයට හේතුව කුමක්ද? හේතු කිහිපයකි.


    1] කුඩා සෙන්සරයකට මෙගාපික්සල් විශාල ප්‍රමාණයක් එබ්බවීමට නම්, ආලෝක සංවේදී පික්සලයක (ට්‍රාන්සිස්ටරයක) ප්‍රමාණය කුඩාවිය යුතුය. පික්සලය කුඩා වනවිට එයට ආලෝක ෆෝටෝනයක් ග්‍රහණය කරගැනීමේ හැකියාව අඩුවෙයි. එවිට අති විශාල පික්සල් ප්‍රමාණයක් තිබුණද එක් එක් පික්සලයට ආලෝකය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව අඩු නිසා ලැබෙන ඡායාරූපයේ විබේධනය අඩුවේ.


    2] පික්සල් යනු ට්‍රාන්සිස්ටර් වර්ගයකි. ඕනෑම ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වීමේදී තාපය නිපදවයි. කුඩා සෙන්සරයක ඉතා විශාල පික්සල් ප්‍රමාණයක් අසුරා තිබෙනවිට කැමරාව යම් කාලයක් ක්‍රියාකරවීමේදී සෙන්සරයේ උශ්ණත්වය ඉහල යයි. සෙන්සරයේ උශ්ණත්වය ඉහල යන විට එහි පික්සල් වලට ආලෝකය ග්‍රහණය කරගැනීමේ හැකියාව තවත් අඩුවෙයි. එවිට කැමරාවේ ඡායාරූපවල තත්වය ක්‍රමයෙන් පහල යයි.


    වර්ගපලයෙන් වැඩි විශාල සෙන්සර්වල ට්‍රාන්සිස්ටර් ඈතින් පිහිටා ඇති නිසා ඒවායේ ආලෝකය ග්‍රහණය කරගැනීමෙ හැකියාව වැඩ් අතර රත්වීමේ ගැටලුවද ඉතා අඩුය.



    repost නම් සොරි හොදේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලලා නිකන්ම යන්නේ නැතුව තව කාටහරි බලන්න බම්ප් එකක් දලා යන්න
    රේප් එහේම දිලා යන්න අමතක කරන්නේපා
     
    • Like
    Reactions: pavithra_uk