ශාරුක් ඛාන්ගේ නොව භාරත මිනිසුන්ගේ ජීවිතය
මෙම ලිපියෙන් භාරතය ගැන හෝ එහි වෙසෙන ජනතාව ගැන කිසිදු ආකාරයේ පහත් කිරීමක් හෝ අවමානයක් කිරීමට බලාපොරොත්තුවෙන් රහිතව ලියන ලද්දක් වන අතර ඇතැම් කාරණ හා සේයාරූ ඔබට පිළිකුලක් ගෙනදීමට හැකිබවද කරුණාවෙන් සලකන්න. එසේම ඔබට කම්පනයට ලක්වන සිතක් ඇත්නම් මෙම ලිපිය බැලීම ඇතැම්විට ඔබට ගැටළු සහගතවීමටද ඉඩඇත.
භාරතය එහෙමත් නැත්නම් ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසියාවගේම ඇතුවත් බැරි නැතුවත් බැරි වැඩිමහල් සහෝදරයා කිව්වත් වරදක් නැහැ. අතීතයේ පටන් අපේ ජාතිකත්වය ගොඩනැගීමට, ආගමික ගුණාත්මකභාවය වර්ධනයට වගේම විවිද ශිල්ප ක්‍රම අපිට උරුම කරන්නත් ඉන්දියාව දුන් සහය අමතක කල නොහැකියි.
ඒවගේම අපේ ඉතිහාසයේ විවිද අවස්ථාවල අපේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමටත් ඉන්දියාවේ මැදිහත්වීම සිදුවූ බවත් අමතක කල නොහැකි කාරණයක්. කෙසේවෙතත් අද ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තුවන්නේ ඉන්දියාවේ වෙසෙන ඔබ අප වගේම සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන වටපිටාව ගෙවෙන ආකාරය පිලිබදව සේයාරූ වගේම තවත් කාරණා කිහිපයක්.
ලෝකයේ විවිදත්වය වැඩිම රට විදියට ගත්තොත් මගේ නම් මතය ඒ රට ඉන්දියාව බවයි. භාෂාමය අතින්, ජනවාර්ගික අතින්, සංස්කෘතිකමය විශමතාවයන් අතින් වගේම භූවිද්‍යාත්මක, දේශගුණික අතින් වගේම ආගමික අතිනුත් ඉන්දියාවේ ඇති විවිදත්වය විශ්මයජනකයි. ලෝකයේ අංක එකේ ධන කුවේරයන් වගේම ජීවිත කාලය පුරාවටම දුක්විද කිසිම සැපයක් නොවිද මහපාරේ මිය යන මිනිසුන්ගෙන්ද ඉන්දියාවේ අඩුවක් නැහැ.
එරට අවමංගල්‍ය චාරිත්‍රයන්ද වෙනස් ආකාරයක් ගනු ලබන බව ඔබත් දන්නවා ඇති. විශේෂයෙන් හින්දු චාරිත්‍රයන් අතරදී මියගිය තැනැත්තාගේ දේහය බොහෝවිට ගංඉවුරකකදී දරවලින් ආවරණය කර ආදහනය කරනු ලබන අතර ප්‍රභූතැනැත්තෙකුගේනම් සදුන් දරවලින් ඉදිකල දරසෑයේ එම කාර්යය නිසියාකාරව ගරුබුහුමන් සහිතව කරනු ලැබූවත් සාමාන්‍ය දුප්පත් අයෙකුගේ නම් බාගෙට පිළිස්සුන මලසිරුර අසල ගඟටම ඇද දමනු ලබයි.
වරක් මා වෙත ලැබුන විද්‍යුත් තැපැල්පතක මේ ආකාරයේ බාගෙට පිළිස්සුන කුණුවනු මල සිරුරු ගගේ පාවෙද්දිත් ඒ අසලම ස්නානය කරන මිනිසුන් ඕනෑතරම් සිටින දක්නට ලැබුනි. එය අපට අරුමපුදුම දෙයක්වූවත් එරට මිනිසුන්ට සාමාන්‍ය දර්ශනයක් වන්නට ඇතැයි සිතුනි. විශේෂයෙන් එරට ජනයා පූජනීයත්වයෙන් සලකන ගංඟානම් නදිය මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක්ද උසුලයි. කෙතරම් අපිරිසිදුවූවත් මෙම නදියට වැදුම් පිදුම් කිරීම මෙන්ම ස්නානය, මුවදෝවනය හා පානය කිරීමටද ඔවුන් කිසිම අවස්ථාවක් මැලිකමක්ද නොදක්වයි.
ආදාහනයකට සූදානම් කල දේහයක්
ශුද්ධවූ ගවයන් සැමතැන
තමන් භාවිතාකරන ජලයටම ඇද දැමූ ශුද්ධවූ ගවයෙකුගේ දේහය
මලමිනියක් පාවෙමින් තිබියදීත් ඒගැන වගේවගක් නැතව
නාන රෙදි සෝදන ජල පානය කරන ගැහැණු පිරිමි
ශුද්ධවූ ගංඟා නදියට කරන වැදුම් පිදුම්
ගංගාවේ ජලය කෙතරම් අපිරිසිදුදැයි කිවයුතුද?
මේ අවමංගල්‍ය චාරිත්‍ර ගැන කීමේදී අගෝරි (Aghori) සාධුවරුන් ගැනද යමක් කීමට සිතුනේ. ඔවුන් මෙම මෘතදේහයන් සම්බන්ධයෙන් සබදතාවයක් ඇති නිසයි. හින්දු පූජක ජන කොටසක් වන මොවුන්ගේ වැඩිපුර වාසභූමිය සිරුරු දවන ගංඟාඉවුරුයි. මිනී අළු ඇග තවරා ගෙන සිටින මොවුන් එයින් විශ්වාස කරන්නේ එය ශිව දෙවියන්ගේ වර්ණය නිසා තමන් දෙවියන්ට සමීපවන බවයි.
ඇතෙමෙකු තම පූජක දිවිය පුරාවටම නිරුවතින් සිටින අතර තවෙකෙකු යම්තම් විලිවසාගත් අමුඩයක් වැනි ඇදුමක් හෝ සිරුරු වැසෙන ඇදුමක් වුවද ඇද සිටි.
නිරුවත් අගෝරි පූජකයන් සමූහයක් කොණ්ඩය වවා ගෙන පිරිසිදුබවක්ද නොපෙනෙන මොවුන් බැළු බැල්මට හිත ගැසේසෙන සුළු භයංකාරත්වයක්ද නිරූපනය කරයි. පිරිමින් පමණක් නොව කාන්තාවන් හා ළමයින්ද මෙම පූජක තත්ත්වය උසුලයි. හින්දූ පූජ්‍ය පැලැන්තියේ මත්පැන් දුම්වැටි පානය කල හැකි මෙන්ම කාන්තාසේවනයේද, මංශ ආහාරයටද ගන්නා එකම පූජකයන් පිරිසද මොවුන් බව පැවසේ. ජුගුබ්සාජනකම කාරණය ගංඟාවල පාවෙන මිනී හා බාගෙට පිළිස්සුන මලසිරුරු වල මාංශයද මොවුන් බුදීම හා එය ඔවුන්ට කැපවුන දෙයක් ලෙස සැලකීමයි.
තවද මලසිරුරු වල විවදාකාර කොටස් තම ආගමික හෝ පරිභෝජන උපකරණ ලෙසද ඔවුන් භාවිතා කරයි.
(Youtube වල මේ පිළිබදව සත්‍ය දසුන් තිබෙන අතර මගේ නම් නිර්දේශය ඒවා නොබලා සිටීම වඩාත් යෝග්‍ය බවයි. මන්ද මා ඒවා නැරඹු පසු කාලයක් යනතුරු ඇතැම් ආහාර ගැනීමේ අප්‍රියභාවයක් මා හට නම් ඇතිවූ නිසා එය සදහන් කලෙමි.)
ඉන්දියාවේ ආගමික වශයෙන්ද ඇත්තේ උමතු විශ්වාසයක් යයි සිතේ. විවිද නම් වලින් විවිද ආගමික මුහුණුවර ඇති පූජකයන් එරට සිටි අතර තවමත් සිටි. මිනිසුන්ද කිසිදු වගවිභාගයක් නොමැතිව ඔවුන්ගේ අනුගාමිකයන් වීමටද පසුබට නොවේ. අපද විටෙන්විට පුවත් මාර්ගවලින් දකින ආකාරයට පෙර ආත්මය ගැන විවිද කාරණා කියන්නන්, නොයෙක් ඍදිබලයන් ඇතිබව පවසන්නන්, විවිද භෞතිකමය වෙනස්වීම් අහඹු ලෙස සිදුවී ඇති වස්තූන්ට මෙන්ම විවිද දුර්ලභ අංගවිකල ස්වභාවයන් ඇති දරුවන්ට පවා විවිද දේවතා අවතාර ආරූඪ වී ඇතැයි පවසා වැටි වැටී වන්දනාමාන කරන බැදිමතුන් කෝටි ගණනක් එරට වාසය කරයි.
දැනට මෙම වචන ගැලපීම මදකට නවතා මෙම ලිපියේ ඉතිරිය ශාරුක් ඛාන‍්ගේ හෝ අයිශ්චර්යාගෙන් අපි දුටු ඉන්දියාව ලෙස නොව වරප්‍රසාද නොලැබූ දූගී ඉන්දියානුවන්ගෙන් ඉන්දියාව දෙස බලමු.
uputa ganeema
http://sathsamudura.blogspot.com/2011/12/this-is-not-about-sharuk-khan-this-is.html

Last edited: