මොහොමඩ් නබි+අන්වර් මනතුංග+කතන්දර

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මොහොමඩ් නබි+අන්වර් මනතුංග+කතන්දර

    මොහොමඩ් නබි ගේ කතන්දර සහ අන්වර් මනතුංගගේ කතන්දර

    [FONT=&quot]මුලින්ම කිව යුත්තේ අප ඉස්ලාම් දහම සමග කිසිදු වෛරයකින් කටයුතු නොකරන බවයි. එමෙන්ම ලෝකයේ මිනිසුන් ශික්ෂණය කරන මාර්ගයක් ලෙස ඉස්ලාම් ආගමට අප ගරුකරමු. මේ ලිපිය ලියවෙන්නේ එම පදනම මත සිටය.[/FONT]


    [FONT=&quot]ලෝකයේ සියළුම ආගම් යනු එකිනෙකට සම්බන්ධව ගෙතුනු කතන්දර ගොන්නක් මත පදනමව නිර්මාණය වූ ඒවා වේ. (කතන්දර යනු ‘අසත්‍යය’ යන්න නොවේ. නිවැරදිව කිවහොත් මිත්‍යාවයි. මිත්‍යාව යන සනාථ නොකරන ලද කතන්දරයයි. නිවන යනු සත්‍යයකැයි මේ ලියන අපිද අදහන්නෙමු. එහෙත් තවමත් එය අප විසින් සනාථ කර ගත්තක් නොවේ. අප විසින් නිවන් මාර්ගයේ අත්හදා බලා සාක්ෂාත් කරගත යුත්තකි.)[/FONT]


    [FONT=&quot]මොහොමඩ් නබි විසින් ඉස්ලාම් දහම නිර්මාණය කරන්නේ අරාබිකරයේ කාන්තාරවාසී අතිශය දුෂ්කර පාරිසරික කොන්දේසි යටතේ ජීවත්වූවන් උදෙසාය. ඉස්ලාම් දහම අද වන විට ගෝත්‍රික හෝ අශිෂ්ට ලෙස හංවඩු ගසන අප විසින් මූලිකව තේරුම් ගත යුත්තේ එයයි. සත්ව පාලනය තම ප්‍රධාන ජීවනෝපාය කරගත්, අශීලාචාර ජන කොටසක් ශිෂ්ට කිරීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත. කාන්තාර ශුෂ්ක පරිසරය හා ගොඩනැගුනු ප්‍රචණ්ඩ මානසිකත්වයකින් හෙබි, ව්‍යභිචාරය සහ සත්ව මෛථූනය පවා සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණ, නිතර ප්‍රචණ්ඩ ගෝත්‍රික ගැටුම් වලට මැදිවුන, නූගත්, ඉහල දරාගැනීමේ හැකියාවකින් යුත් මෙම ජනතාව ශීලාචාර කිරීම වෙනුවෙන් අලුත් යමක් නිර්මාණය කිරීමම ඔහු ගරුකටයුතු පුද්ගලයෙක් බවට පත්වීමට සෑහේ. [/FONT]


    [FONT=&quot]සර්වබලධාරී (අල්ලාහ්) දෙවියන් පිළිබඳ සංකල්පය සහ ඔහු විසින් මෙලොවට එවන ලදැයි කියන නබිවරුන් පිළිබඳ පුරාවෘත්ත පසෙක තැබූ විට, සාමාන්‍යයෙන් මහපොලොවේ සිදුවන පරිදි ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු. [/FONT][FONT=&quot]මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය. [/FONT]


    [FONT=&quot]යමෙක් මෙල්ල කිරීමේ පහසු සහ කාර්‍යක්ෂම ක්‍රමය බිය කිරීමයි. අප වන අලියෙකු හීලෑ කරන්නේද එලෙසය. මෙම අර්ධ වනචාරී මිනිසුන් හීලෑ කිරීමට මොහොමඩ් නබි විසින් පළමුව කරන්නේ ද එයයි. එනම් සර්ව බලධාරී දෙවියන් පිළිබඳ සංකල්පය නැවත ප්‍රතිනිර්මාණයයි. මෙය ඉතා දක්ෂ කටයුත්තකි. උත්තර භාරතයේ සෞම්‍ය දේශගුණය තුල ජීවත්වූ ඉන්දියානුවාගේ මනසට බුදුන් වහන්සේ කල දාර්ශණික ආමන්ත්‍රණයට වඩා මෙය අතිශය බලවත්ය. [/FONT]


    [FONT=&quot]අල්ලාහ් නාමයෙන් මොහොමඩ් නබි විසින් කරන්නේ මෙම අශීලාචාර මිනිසුන් ශීලාචාර කිරීමයි. එහිදී ඔහුගේ සීමාවන් පැහැදිලිවම අපට දැකගත හැකිය. ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම්වල බලපෑමද ඕනෑතරම් දැකගත හැකිය. එහෙත් ඔහු මහත් ජයග්‍රහනයක් ලැබුවේය. එකිනෙකා මරාගත් ප්‍රචණ්ඩ ගෝත්‍රයන් මහත් සමුදායක් ඔහු නියෝජිතයා වන සර්වබලධාරියෙකු යටතේ සාර්ථකව සංවිධානය කිරීමට ඔහු සමත්විය.[/FONT]


    [FONT=&quot]සියල්ල මුල සිටම කරන්නට ඔහුට සිදුවූ බව හොඳින් පෙනේ. දෙවියන් නැමදීමේ සිට, ආහාරපාන ගැනීම, ජීවනෝපාය, සමාජයේ දුර්වලයින් රැකබලාගැනීම, පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම පමණක් නොව මෛථූනය පවා යම් සංවිධානගත මාදිලියකට අනුව නැවත අකුරක් නෑර කියා දීමට සිදුවිය. ශුෂ්ක පාරිසරික සාධක සාමූහිකව ජයගැනීම උදෙසා මිනිසුන් සංවිධානය කිරීමට සිදුවිය. [/FONT]


    [FONT=&quot]මොහොමඩ් නබි යනු ඔහුගේ සමකාලීන අන් මිනිසුන්ට වඩා ඉහලින් සිතන්නෙකු වුවද ඔහුට ජයගත නොහැකි සාධක බොහෝ විය. පළමුවැන්න දුෂ්කර පරිසරයයි. දෙවැන්න සමාජයේ ජානගත ග්‍රෝත්‍රික ස්වභාවයයි. මෙනිසාම ඉස්ලාම් ආගම යම් ගෝත්‍රික ස්වරූපයන් මත නිර්මාණය වීම සිදුවිය. ගෝත්‍රයක වඩා වැදගත් වන්නේ ගහනයයි. පුරුෂ මූලික ගෝත්‍රයක නම් කාන්තාව යනු ගහනය උත්පාදනය කරන්නියයි. ඇය දෙවැනි ගණයේ ලා සැලකේ. ඉස්ලාම් හි මේ තත්වය එලෙසම අන්තර්ගත විය. සමාජයේ පිරිහීමට හේතු වන ව්‍යභිචාරය සහ අනාචාරය පාලනය කිරීමට නව නීති සමග කාන්තාව ආවරණය කෙරිනි. සත්ව පාලනය ප්‍රධාන ජීවනෝපාය වූ සමාජයක සතුන් මැරීම ඉතා සාමාන්‍ය දෙයකි. හලාල් ආහාර යනු එදා කිසිදු චාරයකින් තොරව ඔවුන් කල මාංශ බුදීම පාලනය කොට එය යම් සෞඛ්‍යමය පිළිවෙතකට නතු කිරීමට කල උත්සාහයයි. (ඌරු මස් හරාම් වීම වැනි නිරර්ථක එකතුකිරීම් එකල පැවති දැඩි සමාජ විශ්වාසයන් එලෙසම තහවුරු කිරීම විය හැකිය.)[/FONT]


    [FONT=&quot]සමාජය තුල බෙදීම් සහ ගැටුම් හැකිතාක් අවම කිරීමේ සාර්ථකම ක්‍රමය සිතීම පාලනය කිරීමයි. ශික්ෂණ පද්ධතියට පිටින් සිතන්නන් සහ අපරාධ කරන්නන් නිතරම සමාජ සංවිධානය පළුදු කරයි. ඔවුන් පාලනය සඳහා දැඩි නීති රීති පැණවිනි. ඇත්තෙන්ම අද වන විට අප ලොමුදැහැගන්වෙන අතපය කපා දැමීම්, හිස ගසා දැමීම් වැනි දෑ එකල ඉතා සාමාන්‍ය දේ වන්නට ඇත. (අප රටේ ඉතිහාසයේද මෙවන් කෲර දඬුවම් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය) එනිසාම ඉස්ලාම් තුල සිතන්නට දෙයක් නැත. සියල්ල දෙවියන් විසින් ප්‍රකාශ කොට ඇති නිසා ඉතිරිව ඇත්තේ පිළිපැදීම පමණි.[/FONT]


    [FONT=&quot]මෙය ඉතා සාර්ථක සමාජ ක්‍රමයක් බව අප පිළිගතයුතුය. එහි පූර්ණ ගෞරවය මොහොමඩ් නබි හට හිමිවේ. ඔහුගේ සංවිධානය කිරී‍ම මත අරාබි ජාතිකයන් පාරිසරික දුෂ්කරතා සමග සාර්ථකව සටන්කොට, දියුණු සහ ඔවුන් මුලදී ගෙවූ ජීවිතයට සාපේක්ෂව ඉතා ශීලාචාර සහ සුරක්ෂිත සමාජයක් බවට පත්විය. [/FONT]


    [FONT=&quot]ඉස්ලාම් පිළිබඳව අද වන විට අන්‍ය ලබ්ධිකයන් සහ නිර්ආගමිකයන් නගන ප්‍රධානතම චෝදනාව වුයේ ‍එය වත්මන් ලෝකයට අනුව අශිෂ්ට බවයි. අපද විශ්වාස කරන ලෙසට මෙය සත්‍යයකි. මෙහි වරද මොහොමඩ් නබි මත පැටවීම ඉතා අසාධාරණය. ඔහු, ඔහු විසූ පරිසරය මත සිදුකරන ලද විපර්යාසය ආශ්චර්යයකි. මෙම චෝදනාව සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් ඉස්ලාම් නායකත්වය විසින් දැරිය යුතුය. මේවා ඔවුන් විශ්වාස කරන ලෙසට දෙවියන්ගේ නියමයන් විය හැකිය. එහෙත් දෙවියන් විසින් වසර දහස් ගණනකට පෙර නිකුත් කල නියමයන් එලෙස තිබියදීම, එම නියමයන්ට නොගැලපෙන ලෙස දෙවියන් විසින්ම ලෝකය වෙනස් කොට ඇති බවද ඔබ තේරුම් ගත යුතුය.[/FONT]


    [FONT=&quot]නව තාක්ෂණය සහ ලෝකයේ සමාජ ආර්ථික සැකැස්ම අනුව ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගහණයේ වැදගත්කමක් නැත. එනිසා අධික ලෙස දරුවන් බිහිකිරීම තවදුරටත් ලෝකයට අනවශ්‍යය. එනිසාම කාන්තාව යනු වදන යන්ත්‍රයක භූමිකාවේ තවදුරටත් සිරගත කිරීමේ තේරුමක්ද නැත. ජලය අවශ්‍යතරම් සපයා ගතහැකි වටපිටාවක පිරිසිදුකම සඳහා යයි පවසමින් (පූර්ව ගෝත්‍රික ලක්ෂණවලින් බිදී ආ) ලජ්ජා සහගත චර්ම ඡේදනය කිරීම විකාරයකි. කාන්තාර පරිසරයක දුරින් විසිරී සිටින මිනිසුන්ට දෙවියන් ඇදහීම සිහිපත් කිරීම සඳහා මහ හඬින් යාඥා කිරීම දෙමටගොඩ මුඩුක්කු පරිසරයකට කෙසේ ගැලපෙන්නේද? අවම වේදනාවක් ඇතිවන පරිදි ක්ෂණිකව මරණය සිදුකල හැකි ලෝකයක ක්රේන් වලින් එල්ලා වදදී මිනිසුන් මැරීම ලැජ්ජාවට කාරණයක් නොවේද? පිරිමින් රොත්තක් එක්වී කාන්තාවකට ගල්ගසා මරාදැමීම ඔබ තුලම ලැජ්ජාවක් ජනිත නොකරන්නේද?[/FONT]


    [FONT=&quot]අප අසන්නේ ශුෂ්ක කාන්තාර වාසී, වැඩිපුර මාංශ භක්ෂක, ප්‍රචණ්ඩ ගෝත්‍රික ජනතාවක් ශීලාචාර කිරීම අරභයා දෙවියන් විසින් පැනවූ නියමයන්, ඕනෑතරම් ජලය සහ සෞම්‍ය දේශගුණයක් සහිත, ශාකමය ආහාර සපිරි, මානව ධර්මයට සමීප නීතියකින් පාලනය වන නව තාක්ෂණයෙන් පොහොසත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට අදාලව දෙවියන් විසින්ම වෙනස් කරනු නොලබනු ඇතිද යන්නයි.[/FONT]


    [FONT=&quot]සෞදි අරාබි දේශයෙන් මේ ප්‍රශ්නය ඇසීමට අපට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව පිලිගනිමු. නමුත් ශ්‍රීලංකාව යනු ඊට සපුරා වෙනස් බිමකි. බහු වාර්ගික, බහු ආගමිකයන් ජීවත්වන තැනකි. මෙවන් තැනක ආක්‍රමණශීලී කල්ලිමය ආගමික හැසිරීම් මහත් ගැටළු ජනිත කරයි. මේවා අවසානයේදී පුපුරා යන්නේ මහත් විනාශයන් ඇතිකරමිනි. මෙවන් විනාශයන් වලදී දෙවියන් මැදිහත්වී කිසිවෙකු බේරා නොගන්නා බව ඔබද පිලිගන්නවා ඇත.[/FONT]


    [FONT=&quot]මේ කියන්නේ ශ්‍රී ලංකාව තුල මතුවෙමින් පවතින බෞද්ධ හෝ වෙනත් අන්තවාදී හැසිරීම් ඇත්නම් ඒවා කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට නොවේ. ඒවාට පවත්නා නීතිය යටතේ කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. ඒ සඳහා රජයට බලකල යුතුය. නමුත් මේවා පැනනැගීම සඳහා ඔබේ පාර්ශවයෙන් සැපයෙන දායකත්වය පිළිබඳව මූලික කරුණු කිහිපයක් පමණක් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ අරමුණ වේ. [/FONT]


    [FONT=&quot]සංවාදයට විවෘතය.[/FONT]
     
    • Like
    Reactions: king_pandukabaya

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඉතාම නිවැරදි, නිරවුල්, පැහැදිලි, සහ සෑම ආගමිකයකුම කියවිය යුතු වැදගත් ලිපියකි. කිසිම ආගමකට පහර එල්ල නොකරන ආකාරයේ මෙවැනි වැදගත් ලිපි තුලින් සත්‍ය යනු කුමක්ද කියා සමාජයට වටහා දිය හැකිය. නමුත් මෙහි අන්තර්ගතය තේරුම් ගැනීම එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටමට අනුව වෙනස් විය හැකිය. මෙම ලිපිය ලියු කතෘවරයාට මගේ ස්තුතිය පිරිනමමි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය ඉස්ලාම් කියන "දේ" මචං ගොඩක් දිග ඉතිහාසයක් තියන දෙයක් කියල කියන්න සාක්ෂි ඕන නෑ ඒක ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් දෙයක්. මොකද දැන් අපි එගොල්ලන්ගේ ක්‍රියා කලාපෙ අරගෙන බැලුවොත් අපිට පේන්නේ නොදියුණු ශිෂ්ටාචාරයක මිනිස්සු කරන වැඩ. උදාහරණයකට ඔකේ කියල තියන ඔය අත් කැපීම් බෙලි කැපීම් වගේ දේවල්. දැන් ඕක ලියල තියන කෙනාම කියල තියනවනේ ඒ වගේ කෲර දඬුවම් ලංකාවේ පවා කාලෙකට කලින් තිබ්බයි කියල. ඒ වගේ දේවල් දැන් ලංකාවේ නැත්තේ මෙහේ මිනිස්සු කාලයත් එක්ක දියුණු වෙලා ඒ වගේ ක්‍රම අයින් කරලා තියනවා. තව ඔය කාන්තාව කවර් කරන එක වගේ දේවල් නොදියුණු මිනිස්සු කරන වැඩ.(තව ගොඩක් මම දන්නා සහ නොදන්නා දේවල් තියනවා / ඇති) මේව ආදී කාලෙට ගැලපෙනව කියන එක පිළිගන්න පුළුවන් ඒත් දැන් කාලෙට මේවා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. ඒ හින්ද තමයි ඔය ක්‍රම අනුගමනය කරන රටවල් හැමදේකින්ම පස්සෙන් ඉන්නේ උදාහරණයකට සෞදි අරාබිය ගන්න පුළුවන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේකයි මචන් නබිතුමා එයාගේ ප්රිබෝජනයට් හදාගත්ත දෙයක් ඉස්ලාම් ආගම. එයා හොද චතුර කථිකත්වයක් හා නායකත්ව ගතිගුණ වලින් හෙබි කෙනෙක්. විවාහ 4ක් , අහාර සම්බන්ද උත්සව( නෝම්බි අල්ලනවා කියලා කියන්නේ, විශාල වශයෙන් මස් පරිබෝජනය) ව්‍යාපාරික කටයුතු ( මුදල්) මුලම දේශනා වෙන්නාත්තේ මේවා.

    බුර්කා , හලාල් , සුන්නත් කිරීම්, ඒවා එතුමා පසුව මෙය සංකීර්ණ කිරීමට දැමු දේවල්. ජනගහනය පතිරව්ම අරමුණ කියලා කිවුවට එක නෙමෙයි අරමුණ. මුලික අරමුණ ලිංගික කටයුතු. එතින් ලිංගික සන්තර්පනය ලබාගන්න විවාහයන් 4ක් කර ගන්න හා කැමති තරමක් වහලුන් ගන්න පුළුවන්. එතින් ලින්ගිකකටයුතු වලදී ළමයි හම්බෙන එක කියන්න දෙයක් නැහැ නේ. ලිංගික ආසාව වහලා තියනවා වර්ගයා බෝ කිරීම නමැති කඩතුරාවෙන්.

    වහල්ලු කියන සංකල්පය ලොව කිසිම දආගමික නායාක්යෙක් හරි කියලා නැහැ. එත් නබිතුමා එක පවා පිලි අරන් තියනවා. එතින එකෙන් හිත ගන්න පුලුවනේ තරම. ආහාර කාම ආශාව හා මුදල් තමන් සතු කර ගැනීම සදහා නබිතුමා කරන ලද දේශනාවන් ඉසලම් ආගම ලෙස ලොවට එකතුවී තියනවා
     
    • Like
    Reactions: sebastian show

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආහාර කාම ආශාව හා මුදල් තමන් සතු කර ගැනීම සදහා නබිතුමා කරන ලද දේශනාවන් ඉසලම් ආගම ලෙස ලොවට එකතුවී තියනවා
     
    මොහොමඩ් නබි ගේ කතන්දර සහ අන්වර් මනතුංගගේ කතන්දර
    ඔබත් දැන් copy/paste වලට දක්ෂයි වගේ. Good, Something is better than nothing!


    ලෝකයේ සියළුම ආගම් යනු එකිනෙකට සම්බන්ධව ගෙතුනු කතන්දර ගොන්නක් මත පදනමව නිර්මාණය වූ ඒවා වේ. (කතන්දර යනු ‘අසත්‍යය’ යන්න නොවේ. නිවැරදිව කිවහොත් මිත්‍යාවයි...
    ඔබේ රචනාවත් එලෙස සත්‍යය සහ අසත්‍යය මිශ්‍ර කොට මනාව ගෙතූ කතන්දරයකි. ඔබේ ක්‍රමයට කිව්වොත් මිත්‍යා භාගයකි (Half-Myth)! :lol:


    ….ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු.
    ලියපු කෙනාම කියන්නේ මෙය හිතලා ලියපු එකක් කියා! ආයෙත් මොන කතාද? :lol:


    මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය.
    මුහම්මද් නබිතුමා අකුරු ලිවිමට හෝ කියවිමට හැකි කෙනෙකු නොවේ. ඔබ කී දේ අසා එය විශ්වාස කරන්නේ ලිං මැඩියෙක් පමණි.

    යුදෙව්වරු මක්කාවේ නැත. පැරණි තෙස්තමේන්තුවක් එහි නැත. හිරා ගුහය ඇත්තේ මක්කාවේ.
    යුදෙව්වරු හිටියේ මදිනාවේ. මදිනාවට ගියේ දහම් ප්‍රචාරය පටන් අරන් අවුරුදු 13 කට පසුවයි.

    එනිසා, ඔහොම ලියලා බෑ. අතේ මාට්ටු! ඔබ copy/paste ඉගෙනගත්ත වගේ ඒ කලාවත් ඉගෙන ගන්න හැකියි. :lol:

    පැරණි තෙස්තමේන්තුව copy කලා කියන එක හරිම පරණ සින්දුවක්. ඒකෙ රෙදි ගැලවෙලා ගොඩක් කල්. ඔබලාට එය හමුවුනේ දැන් ද? ඔහොම බෑ. ළිඳෙන් පිටට ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියා. :lol:

    ඔක්කොම ලියන්න ගියොත් හැම වාක්‍යයක් පාසාම ලියන්න වෙලා රචනාවක් වේවි. ඉතුරු ඒවා ගැනත් හොයාගන්න ඔබට දක්ෂකමක් තියනවා කියා මම හිතනවා.
     
    Last edited:

    මොහොමඩ් නබි ගේ කතන්දර සහ අන්වර් මනතුංගගේ කතන්දර
    ඔබත් දැන් copy/paste වලට දක්ෂයි වගේ. Good, Something is better than nothing!


    ලෝකයේ සියළුම ආගම් යනු එකිනෙකට සම්බන්ධව ගෙතුනු කතන්දර ගොන්නක් මත පදනමව නිර්මාණය වූ ඒවා වේ. (කතන්දර යනු ‘අසත්‍යය’ යන්න නොවේ. නිවැරදිව කිවහොත් මිත්‍යාවයි...
    ඔබේ රචනාවත් එලෙස සත්‍යය සහ අසත්‍යය මිශ්‍ර කොට මනාව ගෙතූ කතන්දරයකි. ඔබේ ක්‍රමයට කිව්වොත් මිත්‍යා භාගයකි (Half-Myth)! :lol:


    ….ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු.
    ලියපු කෙනාම කියන්නේ මෙය හිතලා ලියපු එකක් කියා! ආයෙත් මොන කතාද? :lol:


    මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය.
    මුහම්මද් නබිතුමා අකුරු ලිවිමට හෝ කියවිමට හැකි කෙනෙකු නොවේ. ඔබ කී දේ අසා එය විශ්වාස කරන්නේ ලිං මැඩියෙක් පමණි.

    යුදෙව්වරු මක්කාවේ නැත. පැරණි තෙස්තමේන්තුවක් එහි නැත. හිරා ගුහය ඇත්තේ මක්කාවේ.
    යුදෙව්වරු හිටියේ මදිනාවේ. මදිනාවට ගියේ දහම් ප්‍රචාරය පටන් අරන් අවුරුදු 13 කට පසුවයි.

    එනිසා, ඔහොම ලියලා බෑ. අතේ මාට්ටු! ඔබ copy/paste ඉගෙනගත්ත වගේ ඒ කලාවත් ඉගෙන ගන්න හැකියි. :lol:

    පැරණි තෙස්තමේන්තුව copy කලා කියන එක හරිම පරණ සින්දුවක්. ඒකෙ රෙදි ගැලවෙලා ගොඩක් කල්. ඔබලාට එය හමුවුනේ දැන් ද? ඔහොම බෑ. ළිඳෙන් පිටට ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියා. :lol:

    ඔක්කොම ලියන්න ගියොත් හැම වාක්‍යයක් පාසාම ලියන්න වෙලා රචනාවක් වේවි. ඉතුරු ඒවා ගැනත් හොයාගන්න ඔබට දක්ෂකමක් තියනවා කියා මම හිතනවා.


    ලංකාවේ බලශක්ති අර්බුදයට නවතම පිළියම.. - බොරු බලය!! :lol: :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කුපාඩියාගේ සාදාරන කම ගැන රචනා තරගයක් මේ දවස්වල තියෙනවනේ අන්ය ආගමිකයන්ට,.. ඒකට දාන්න හොද රචනාවක්
     

    Similar threads