Laptop Battery එකක් පාවිච්චියේද පිලිපැදිය යුතු කරුණු

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
Laptop Battery එකක් පාවිච්චියේද පිලිපැදිය යුතු කරුණු

මට මතකයි මීට කලින් ජි ටි මේ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා..කොහම නමුත් මේක ගොඩක් දෙනෙක්ට වටින නිසා මමත් මේ ගැන දාන්න හිතුනා..

battery_animation.gif


දැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ..


1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?
2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?
3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
4. සන්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?
5.බැටරිය ගලවලා කෙලින්ම කරන්ට් එකට ගහලා පාවිච්චි කරාට කමක් නැද්ද?


මෙන්න මේවා තමයි අපේ කස්ටියට තියන ගැටලු
මේවා ගැන ගොඩක් දුර්මතත් තියනවා
අපි බලමු මේගැන ඇත්ත මොකක්ද කියලා?

මෙන්න Theory part 1ක

1. තාපය
උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ.

කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා -අව්වේ ඇති වාහනයක් තුල.) නොතබන්න. (හැකිනම් වැඩ කරන විටදී cooling pad 1k පාවිච්චි කරන්න)

උශ්නත්වය වැඩි වූ විටදී බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ.
වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප්‍රයෝජනවත්ය.
ඇඳන් උඩ තබා යන්ත්‍රයේ තාපය ඉවත් කිරීමේ ක්‍රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය.
තවත් උපක්‍රමයක් නම් ඔබගේ යන්ත්‍රය ගෘහ විදුලියෙන් පමණක් ක්‍රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි. (සමහර යන්ත්‍ර මෙසේ භාවිතා කළ නොහැක. )

මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි.

2. විසර්ජනය-

බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය අඩුවේ.
එහෙත් එය සම්පූර්ණයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය ඉතා වැඩිය.
උදා - 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ

මේ නිසාබැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය
පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය.

සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය re-calibrate කළ යුතුය.

මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20-30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක්‍රීයව යන්ත්‍රය shut down වන තෙක්) නැවත ආරෝපණය කර ගන්න.

මේ ක්‍රියාව කාලයෙන් කාලයට කිරීමට අවශ්‍ය නම් එය මාස 2-3 කට වරක් කරන්න.
අමතරව ලැප්ටොප් යන්ත්‍රයේ power management software එක භාවිතයට ගන්න.

3. ගබඩා කිරීම -
දිගු කාලයක් ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න.
මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය. 40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත)


ඔන්න ඔහොමයි සුද්දො නම් කියලා තියෙන්නෙ

දැන් පුරස්න වලට උත්තර ලැබෙන්න ඇති නෙද?


1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද? + 2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?----

ans. full discharge වීමට පෙර charge කරන්න
(00% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ)

දැන් බාවිතා වන ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත
ඒක නිසා බක පන්ඩිතයන් කියන ඒවා අහන්න එපා

3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
කැමති ගානක් charge කොර ගන්න

4.සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?

ඔව් හේතු කීපයක් තියනවා
අ)බැටරිය රත් වෙන එක
ආ) මෙහෙම උනාම charge සහ discharge 2කම එකපාර වෙන නිසා හොද නැතිලු

ඇ)නිකන් වැඩිපුර කරන්ට් නාස්ති වෙනවා
ඉ)charger 1ke ආයු කාලය අඩු වෙනවා
ඒවිතරක් නෙවි සමහර hp දෙයියොන්ගෙ battery censers (පවා) පිච්චෙනවා

මෙය උපුටාගැනීමකි..

 

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඒවිතරක් නෙවි සමහර hp දෙයියොන්ගෙ battery censers (පවා) පිච්චෙනවා අඩේ මම ප්ලග් කර‍ගෙනමයි වැඩ කරන්නේ බං HP
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    macho my lape battery 97% wage charge wela kiyanawa 97% availble{plug in,not chargi]ethkota charger eken wada karata awulda ban

    samanayen phone unat laptop unat full charge karannetuwa 85%-95% athulatha unplug karaneka tamai hoda..e wagema ayit charge ekata gahanakota battery lowa kiyala 'warning' msg eka enakota charge karaneka tamai hodama de..
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0

    elaz machanzzzz 9+


    ඒවිතරක් නෙවි සමහර hp දෙයියොන්ගෙ battery censers (පවා) පිච්චෙනවා අඩේ මම ප්ලග් කර‍ගෙනමයි වැඩ කරන්නේ බං HP

    thank s machan ...

    macho my lape battery 97% wage charge wela kiyanawa 97% availble{plug in,not chargi]ethkota charger eken wada karata awulda ban

    puluwan kattiyata rep dunna..anith kattiyata passe dennam..
     
    • Like
    Reactions: boys

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒවිතරක් නෙවි සමහර hp දෙයියොන්ගෙ battery censers (පවා) පිච්චෙනවා අඩේ මම ප්ලග් කර‍ගෙනමයි වැඩ කරන්නේ බං HP

    mamath :yes::yes::yes: dan warning 1k enawa replace karanna kiyala :( :(
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0

    good post machanz rep add+++ TFS...​
    :cool:

    Godak watinawa machan

    patta
    rep++

    එල මචෝ..... ලඟදි රෙප් දීලලු බන්:baffled::baffled:

    awulak na machan..comment eka watinawane..:D

    Good Post.

    patta pata :D

    Thanks
    +rep

    kattiyatama thanks rep dennam passe welawaka..