ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........

    ලොව ලොකුම මාළුවා මොකද කියල ප්‍රශ්නයක් ඇහුවොත් දෙන පිළිතුර මොකක්ද?
    නියත වෂයෙන්ම නිල් තල්මහ.


    නමුත් පිළිතුර වැරදියි.... :no:
    නිවැරදි පිළිතුර තල්මස් මොරා නැත්නම් whale shark කියන මෙ දැවැන්තය?

    60832s1.jpg


    ඒ කොහොමද එහෙම වෙන්නේ කියන එක නේද ප්‍රශ්නේ? තල්මසුන් මුහුදු ජීවීන් වුනාට ඔවුන් සැබවින්ම ක්ෂීරපායීන්. ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසා සහ තවත් දැවැන්ත තල්මසුන් වන මන්දා තල්මසා වැනි සත්වයන්ද අයත් වන්නේ මෙන්න මේ සමුද්‍රික ක්ශීරපයීන් ගණයට.


    81766Whales.jpg



    එතකොට මත්සයින් මොවුන්ගෙන් වෙනස වන්නේ කොහොමද.ක්ෂීරපායීන් වාතයෙන් හුස්ම ගත්තට මත්සයින් ඔක්සිජන් ලබාගන්නේ ජලයේ දියවී ඇති ඔක්සිජන් කරමල් හරහා යැවීමෙන්. ක්ශීරපායීන්ට තියෙන්නේ පෙනහළු.එකයි තල් මසුන් හා ඩොල්පින් වැනි ක්ශීරපයීන් ජලය මතුපිටට වරින් වර පැමිණ හුස්ම ගැනීම සිදුකරන්නේ. තවත් ක්ශීරපායීන් warm blooded එහෙම නැත්නම් අචල තාපින් වෙනවා. මෙන්න මේවගේ කරුණු ගොඩාක් හින්ද තල්මසුන් මත්සයන් ලෙස සැලකෙන්නේ නෑ.



    එතකොට ලෝකේ දැනට ජීවත් වන විශාලතම මලුව තමයි මෙන්න මේ whaleshark කියන්නේ. shark එහෙම නැත්නම් මෝරෙක් කිව්වම අපට සිහියට එන්නේ මිනීමරු බිහිසුණු මාලුවෙක්. නමුත් මෙයා එයාගේ මල්ලිලා වගේ (great white shark ,bullshark ,tiger shark) වගේ නපුරෙක් නෙමෙයි.


    61098s2.jpg


    අහාරයට ගන්නේ ජලයේ අවලම්බනය වී ඇති ප්ලවාංග වගේ ක්ෂුද්‍ර සත්ව හා ශාක කොටස්. මීට අමතරව කුඩා කූනිස්සන් රෑන් පිටින්ම ගිලදාන්ඩත් මෙයාට පුළුවන්. ඇතැම් මත්සයින්(පියාමැස්සන් වැනි) බිත්තර දමන්නේ රෑන පිටින් බිත්තර සහ පිරිමි සතුන්ගේ ශුක්‍රානු එක්වීමට සැලැස්වීමෙන් .මෙන්න මෙවැනි අවස්ථා වලදීත් whale shark ට හොඳ කාම වේලක් හම්බෙනවා. මොවුන්ගේ මුඛ්‍ය අභ්‍යන්තරයේ පිහිටි filters මගින් අහාර කොටස හා ජලය වෙන් කොට ගත හැකි වෙනවා.

    36976s3.jpg


    මෙතෙක් වාර්තා වූ විශාලතම Whale shark මත්සයාගේ දිග මීටර් 12.65 (අඩි 41.50 ) සහ බර ටොන් 21.5 (රාත්තල්47,000) වෙනවා. කිමිදුම් කරුවන්ට මෙයාගේ ළඟටම කිසිම බයක් නැතුව යන්නඩ පුළුවන්.කොටින්ම මෙයාගේ කට ඇතුලට ඇත දාන්ඩත් පුළුවන්. හරිම අහිංසක මාලුවෙක්.මෙය බය වුනොත් කරන්නේ මුහුදේ ගැඹුරට පිහිනන එක.මෙයත් එක්ක පීන පීන ඉන්න කිමිදුම් කරුවෝ මෙයාගේ ලස්සනට වශී වෙලා නොදැනීම කිමිදිය හැකි සීමාවන් පන්නල ගැඹුරට යාමෙන් අනතුරුත් වෙලා තියෙනවා.

    8639s4.jpg


    60431s5.jpg


    මෙන්න මගේ කලින් thread එක.

    සයිබීරියානු රුදුරු මිනීකන්නා .......
    http://www.elakiri.com/forum/showthread.php?t=1529238

    දන්නවනේ ...ඉතින්

     
    Last edited: