විනිවිද පේන සත්තු දැකලා තියෙනවද...

විනිවිද පේන සත්තු දැකලා තියෙනවද...

කලින් පාර thread එකක් දැම්මනෙ ලෝකයේ ඉන්න සුදු සත්තු ගැන. ඒක බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න. :yes:


http://www.elakiri.com/forum/showthread.php?t=1526882


ජානය ප්‍රමුඛ නොවි එය නිලීන වු විට සත්තු සුදු පැහැති වෙනවා. ඒ වගෙමයි විවිධ හේතුන් නිසා විනිවිද පේන ආකාරයට බිහිවුන සත්තුත් ලෝකයේ ඉන්නවා :shocked:. ඔන්න එයාලා ගැන විස්තර පහළින් බලන්න පුළුවන් :yes:.


001atf.jpg


විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ගෙම්බාගේ බිත්තර ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති ආකාරය පවා පැහැදිලිව දක්නට හැකිවීම විශේෂත්වයක් :shocked:



002bfb.jpg


විනිවිද පෙනෙන මේ මිරිදිය පොකිරිස්සා සොයා ගන්නා ලද්දේ උතුරු ඇමරිකාවේ ගල්ගුහාවකින් :yes:



003gtd.jpg


මේ ගෙඹි විශේෂය ජීවත්වන්නේ වෙනිසියුලාවේය. වීදුරු ගෙම්බා හෙවත් ග්ලාස් ෆ්රොග් ලෙස හඳුන්වන මොවුන්ගේ උදර ප‍්‍රදේශය විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. :eek:



004lke.jpg


ආලෝකයට ඉතාමත් සංවේදී මේ මත්ස්‍යයාගේ හිස කොටස විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන් බැරල් අයි යනුවෙන් හඳුනවයි.



005oic.jpg


වීදුරු බෝලයක් මෙන් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන මේ දැල්ලන් විශේෂය වීදුරු දැල්ලා යනුවෙන් හඳුන්වයි.



006ccu.jpg


මේ සමනළයාගේ පියාපත්වල ඇතැම් කොටස් විනිවිද පෙනෙන ආකාරය මේ ඡායාරූපයෙන්ම පැහැදිලිවේ. :love:



007bx.jpg


ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.



008fab.jpg


උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ කළ පර්යේෂණ වලදී මේ වීදුරු ඉස්සා සොයාගෙන තිබේ.



009fea.jpg


විනිවිද පෙනෙන බෝලයක් ද රැගෙන පිහිනා අයන ආකාරයක් පෙනෙන මේ ජීවියා ඉතාමත් කුඩා කූණිස්සෙකි.



010xk.jpg


සෙන්ටි මීටර 10 ක් පමණ දිගැති මේ ජෙල් ෆිෂ් ද විනිවිද පෙනෙන සත්ත්වයකු ලෙස ප‍්‍රකටයි.



011wrl.jpg


වීදුරු වලින් සැකසුණු පියාඹන පීරිසියක් සේ දිස්වන මේ අපූරු සත්ත්වයා ඉතාමත්ම කුඩා ජෙල් ෆිෂ් විශේෂයක්.



012dd.jpg


ගැඹුරු මුහුදු පත්ලේ ජීවත් වන මේ පැතලි මාලූවා තම ශරීරයේ අස්ථි සැකැස්ම සම්පූර්ණයෙන්ම දැකිය හැකි තරම් විනිවිද පෙනෙන අපූරු මත්ස්‍යයෙකි. :cool:



013is.jpg


විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා අඳුරු සාගර පත්ලේදී සතුරන්ගෙන් සැ`ගව සිටින්නේ සිරුරේ මේ අපූරු ස්වභාවය උදව් කරගනිමිනි. :)



014df.jpg


විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා සොබා දහමේ නිර්මාණයක් නොව මිනිසා විසින් ජාන වෙනස් කම්වලට භාජනය කර කෘතිමව අභිජනනය කරනලද මත්ස්‍යයෙකි.



015he.jpg


මේ ඉස්සාද ගැඹුරු මුහුදු පත්ලෙන් හමුවූ තවත් විනිවිද පෙනෙන සත්ත්ව විශේෂයකි.


ගත්තෙ lankadipa.lk


කියෙව්වට ස්තුතියි :yes:...comment එකක් එහෙම දාගෙන යන්න. :D
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    විනිවිද පේන මිනිස් සතාගේ ෆෝටෝස් එහෙම නැද්ද.....;)
     
    Last edited: