RMV එකට ගිහින් *ක දෙන්නේ නැතුව වැඩේ කර ගැනීම

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    RMV එකට ගිහින් *ක දෙන්නේ නැතුව වැඩේ කර ගැනීම

    අලුතෙන් වාහනයක් ගන්න , පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්න වගේ වැඩවලට අපිට යන්න වෙන්නේ නාරාහේන්පිට තියෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට .

    හැබැයි කවුරුත් දන්නවා එතනට ගිහින් ලේසියෙන් වැඩක් කරගන්න නම් බැරිබව , ඒ තරමට දුෂිත වෙච්ච තැනක්.

    ඒත් අපිට ගියාම අපේ වැඩේ ඉක්මනට කර ගන්න පුළුවන් , ඕන කරන documents ටික හරියට ගෙනිච්චම .

    මුලින්ම කියන්නම් අලුතෙන් වහනය් ගන්න කෙනෙක්ට තමන්ගේ වාහනේ ලියාපදිංචි කරගන්න විදිය.

    මේකට අවශ්‍ය මුලික දේවල්,

    1. වාහනය මිලදී ගත් ආයතනය විසින් නිකුත් කළ බිල්පත.
    2.වාහනයේ රේගු සහතික
    3. නිවැරදි ලෙස පුරවාගත් අයදුම්පත
    මෙතැනදී බිල්පත නිකුත් කරපු කෙනාගේ නනමයි , මේ අයදුම්පතේ නමයි දෙකම සමාන වෙන්න ඕන,

    නැත්නම් ඉතින් කාක්කෙක් ගේ පිහිට තමයි.
    ඒකට 1000 ක් විතර වැඩිපුර යනවනේ.

    තව ඕන නම් තමන්ගේ ෆොටෝ දෙකතුනක් JP කෙනෙකුට හරි හාමුදුරු කෙනෙකුට හරි කියල සහතික කරගෙන යන්න,
    සමහර වෙලාවට එත ඉන්න උන් ඕව ඉල්ලනවා, එවගේමයි මොනවා හරි අඩු නම් application එක විසි කරන්න තමයි බලන්නේ.

    එනිසා හැමදේම අරන් යන එක හොඳයි.

    RMV එකේ කැන්ටින් එකේ ඉන්නවා අංකල්ලා සෙට් එකක්, ඒ අයට රු 100 ක් දුන්නම reject නොවෙන විදියට පුරවල දෙනවා.
    ඒ රු 100 නම් දුන්නට පාඩු නැ.

    දෙවනියට කියන්නේ පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්න විදිය.

    මෙතැනදී
    1. නිසි පරිදි පුරවන ලද Transfer note

    Transfer note එකක කොළ හයක් තියෙනවා , ඒ හම කොලයකම පරණ අයිතිකරු ගේ අත්සන ඩ ගන්න,
    2. සහතික කළ photo දෙකක්.
    3. සහතික කළ ID copy 1 ක්
    4.වාහනයේ ආදායම් බලපත්‍රය සහ එහි කොපියක්.
    5.වාහනයේ පරණ පොත.

    මේ ටික හරියට නැති උනොත් අවුල, එනිසා හරියට ඕන දේවල් අරන් යන්න ...

    මොනවා හරි තව විස්තර ඕන නම් PM කරන්න.


    :D:D:D:D:D:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තව එකක් අලුතින් තියනවෝ
    මේක අනිවාර්යයි
    පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්නවා නම් දැන් පරණ අයිති කරුගේ ග්‍රාම නිලධාරි ගෙන් පරණ අයිති කරු මේ වාහනය මෙයාට විකුනනවා කියල සහතික කරපු ලියුමක් ඕනා
    එල +6
     
    Last edited:
    • Like
    Reactions: Dntec and NTuffey

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    වාහනේ එක දවසෙන් transfer එකක් කරගන්නවා නම්
    1.පරණ අයිතිකරුගේ ID copy එකයි
    2. වහනය එක දිනකින් transfer කර ගන්නවට විරුද්ධ නැති බවට ග්‍රාමසේවක සහතික කළ ලියුමකුයි ඕන.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වාහනේ එක දවසෙන් transfer එකක් කරගන්නවා නම්
    1.පරණ අයිතිකරුගේ ID copy එකයි
    2. වහනය එක දිනකින් transfer කර ගන්නවට විරුද්ධ නැති බවට ග්‍රාමසේවක සහතික කළ ලියුමකුයි ඕන.
    මචන් උබ වර්ක් කරන්නේ ආර් එම වී එකේද
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    අද මගේ කාර් එක transfer කරගන්න ගිහින් මාර කට්ටක් කෑවා.
    මේක බලන එකෙකුට ඒවගේ කට්ටක් නොදෙන්නයි මේක ලිව්වේ.
     
    • Like
    Reactions: waduwa

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අඩෝ බම්ප්.
    මම හෙට වාහනයක් ගන්නවා. තෑන්ක්ස් 4 ද ඉන්ෆෝ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    macho mama bike eka thama transfer karagaththe naha,mama bike eka gaththe suddekgen,eya bike eka wikunala france giya,dan kawuruth nane,mama kohomada eyage id copy ganne