රගර් දන්නවද ?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් ලංකාවේ දෙවෙනියට ජනප්‍රිය ක්‍රීඩාව නේ රගර් කියන්නේ . ඒ වුනාට මම දැකලා තියෙනවා හුඟක් කට්ටිය රගර් මැච් බැලුවට බලන්නේ කිසිම දෙයක් දන්නැතුව. එක නිසා මට හිතුනා රගර් ක්‍රීඩාවේ මුලික සිද්ධාන්ත ටිකක් ලියන්ඩ.
    අද කියන්නම් රගර් ක්‍රීඩකයන්ගේ position හා ඊට අදාළ role එක මොකක්ද කියලා.
    අපි කතා කරන්නේ 15 සෙල්ලම් කරන ක්‍රීඩාව ගැන. සාමාන්යෙන් team එකකට 15 දෙනාට අමතරව තවත් 7 ක් පමණ අමතර තියාගන්නවා.

    95779scrum1.jpg

    ඉහත රූපයේ දැක්වෙන නේ සාමාන්යෙන් scrum එකක් කියල හඳුන්වන අවස්ථාවකට ක්‍රීඩකයන් සූදානම් වී ඉන්න මොහොතක්.scrum කියන්නේ බන් match එක නැවතිලා නැවත පටන් ගන්න විදිහක්.

    56979unionpositions.gif



    ඊට කලින් ඔය අංක 1 සිට 8 දක්වා ඉන්න කට්ටියට කියනවා forewords ල එහෙම නැත්තනම් pack එකේ කට්ටිය කියල.අංක 9 සිට 15 දක්වා අයට කියන්නේ backs එහෙමන්ත්නම් line එක කියලා. සාමාන්යෙන් forwards ල ප්‍රමාණයෙන් ටිකක් විතර විශාල ශක්තිමත් ක්‍රීඩකයෝ තමයි ගන්නේ.මොකද ඒ ගොල්ලන්ගේ රාජකාරිය තමයි ඉස්සෙල්ල කියපු scrum එකක් අනික් පසට තල්ලු කර පන්දුව දිනාගැනීම,ප්‍රතිවාදීන්ගේ රැකවල් පෙරලාගෙන යෑම(hit කරනවා)වගේ බර වැඩ සෙට් එකක්.line එකේ ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවය තමයි වේගය දරාගැනීමේ ශක්තිය වගේ දේවල්. ඒ ගොල්ලන්ට තියෙන්නේ පන්දුව රැගෙන් වේගයෙන් දිවීම ,ප්‍රතිවාදීන් හඹා ගොස් ඇල්ලීම වගේ දුවන කියන එව්වා.හැබැයි මචන් වුර්තීමය කණ්ඩායම් වල ඔහොම රජාකාරී හරියටම ඉරක් ගහල බෙදාගන්ඩ බෑ.තරඟයේ ඒ මොහොතේ අවශ්‍යතාවය අනුව ඔය හුඟක් රාජ කාරී කරන්ඩ ලෑස්ති පිට ඉනඩ ඕනේ.


    දැන් බලමු අංක පිළිවෙලට.

    අංක 1 සහ 3- මේ දෙන්න හඳුන්වන්නේ prop ල කියල.
    මේ ගොල්ලෝ තමයි කණ්ඩායමේ විශාලතම හා ශක්තිමත් ම දෙන්න වෙන්නේ . මේගොල්ලෝ තමයි anchor(නැංගුරම) වගේ scrum එකකදී වැඩිම යාසයක් දරන්ඩ වෙන්නේ.
    70055prop.jpg




    අංක 2- මෙයා තමයි Hooker කියන්නේ . scrum එකකදී ඉදිරි පෙළ මැද තමයි මෙය ඉන්නේ. එතනදී scrum එක ඇතුලට scrum half ක්‍රීඩකය(අංක 9) දාන පන්දුව පාදයෙන් ඇතුලට තල්ලු කරන්ඩ ඕනේ hooker. මීට අමතරව line out එකකදී (බොලේ එලියට ගිය අවසතවකදී) පන්දුව එල්ල කරන්නේ මෙන්න මෙයා.
    56642hoker.jpg




    අංක 4 සහ 5- මෙගොල්ලොන්ට කියන්නේ 2nd rows ල කියලා.හරිම වචනේ තමයි Locks ල කියන එක .මේගොල්ලෝ තමයි scrum එක ලොක් කරන්නේ කියන තේරුම තමයි ඒ කියන්නේ . බොහෝ විට lineout එකකදී hooker එල්ල කරන බොලේ අල්ලන්ඩ ඉහලට යන්නේ මේ 2nd rows ල. සාමාන්යෙන උස ක්‍රීඩකයෝ තමයි මේ job එක ගැලපෙන්නේ. කකුලේ කලවා ප්‍රදේශයේ පටියක් බැඳගෙන ඉන්නේත් මෙයාල prop ට උස්සන්කොට අල්ලගන්ඩ ලේසි වෙන්ඩ.
    341242nd.jpg



    අංක 6 සහ 7- මේයාලා Flankers කියල තමයි හඳුන් වන්නේ . scrum එකක දෙපසින් සිටින්නේ මේගොල්ලෝ. scrum එක තල්ලු කරන ගමන් කොයි මොහොතේ හෝ එදිරි වාදී number 8 ක්‍රීඩකයා හෝ Flyhalf ක්‍රීඩකයා ගෙන් සිදුවන ආක්‍රමණයක් වැලක් වීමේ සුදානමිනුත් මෙයාල ඉනඩ ඕනේ.scrum එකෙන් පළමුවෙන්ම මිදෙන්ඩ පුළුවන් මේගොල්ලෝ නිසා scrum න් මිදී වෙනත් කටයුත්තකට යන්ඩ හුඟක් පහසු මේගොල්ලන්ට.
    26095flanker.jpg



    අංක 8- මෙයාගේ නමත් number 8 ම තමා. scrum එකේ පිටිපස්සෙම ඉන්න නිසා මෙයා තමයි බොලේ කකුලෙන් guide කරගෙන යන්ඩ ඕනේ scrum එක ඉදිරියට යන වෙලාවල්වලදී. ඉන් පසු හොඳම අවසථාවක් බලා පන්දුව රැගෙන ප්‍රතිවාදීන් වෙතට කඩා පනින්ඩත් මෙයාට සිද්ද වෙනවා. හොඳටම hit ගහන්ඩ පුළුවන් ශක්තිමත් ක්‍රීඩකයෙක් වෙනද ඕනේ මෙයා.
    344268.jpg



    අංක 9- Scrum Half .මෙයා තමයි scrum එකක් ඇතුලට බොලේ දාන්නේ. සහ ඉන් පිටතට පැමිණෙන පන්දුව වේගයෙන් line එකේ ඉන්න ක්‍රීඩකයන්ට විසි කරන්නේ. මෙයාට පන්දුව නිවැරදි ඉලක්කය වේගයෙන් දෙපසටම් විසි කිරීමේ හැකියාවක් සහ කඩිසර ක්‍රීඩකයෙකු වීම අත්‍යාවශ්‍ය වෙනවා.
    88068123.jpg



    අංක 10-Fly half
    මෙයා තමයි team එක හුගක් diction ගනඩ වෙන්නේ. Scrum Half ගෙන් ලැබෙන පන්දුව මීළඟට එල්ල කරන්නේ කොහෙටද සහ කලින් සූදානම් කරගත් තාක්ෂණික ක්‍රමයන් ක්‍රියාත්මක කරන්ඩ අණ දෙන්නේ මෙයා. පන්දුව kick කිරීමේ මනා හැකියාවකුත් මෙයාට අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා.
    72245jonnyDM1102_468x666.jpg



    අංක 12 සහ 13- Centres
    මෙදෙන්නා first Centres හා second Centres ලෙසත් හඳුන්වනවා.වේගවත් බවට අනතරව ශතිමත් ක්‍රීඩකයන් වීමත් මොවුන්ට වැදගත් වෙනවා.
    94867nonu.jpg



    අංක 11 සහ 14 - wing three-quarters ල කියන්නේ මෙයාලා. සරලව කියන්නේ wing එක කියල. දිවීමේ හැකියාව සහා දරා ගැනීමේ හැකියාව උපරිම ලෙස තිබිය යුතු වෙනවා .හුඟක් ලකුණු රැස් කරන්ඩත් අවස්තාව හම්බෙන්නේ මේ ගොල්ලන්ට .
    99668wing.JPG



    අංක 15- Full Back
    කන්ඩායමේ පසු පසින්ම සිටින ක්‍රීඩකය මෙයා.මෙයත් වේගවත් ක්‍රීඩකයෙක් වෙනද ඕනේ. ආක්‍රමණ ශීලී අවසථාවක ඉදිරියට පැමිණීමටත් නැවත ඉක්මනින් පසුපස ආරක්ෂාවට යාමටත් හැකියාවක් තිබිය යුතු වෙනව්.පන්දුව kick කිරීමේ හැකියාව ඉතා ඉහලින් තිබිය යුතු වෙනවා . බොහෝ විට penalty හා conversion kick සඳහා පන්දුව කික් කරන්ඩ වෙන්නේ මෙයාට නැත්නම් Fly half ක්‍රීඩකයාට.
    68536ful.jpg


    මෙහෙම කිව්වට match එකකදී විවිද රාජකාරි කරන්ඩ සිද්ද වෙනඩ පුළුවන්. ඊළඟට ක්‍රීඩාවේ යෙදෙන්නේ කොහොමද ,රගර් නීති රීති වගේ දේවල් ඊළඟ thread වලින් කතා කරන්ඩ බලාපොරොත්තුවෙනවා . හැබැයි ලැබෙන ප්‍රතිචාර මත තමයි ඉතින්.....


     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    elama thama nodanna deval godak danagatta macho, ikmanatama oya rules ehema kiyala thread eka continue karapan . +
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් ඇත්තෙන්ම ගොඩක් භයානක පහේ ක්‍රීඩාවක් රගර් නේද
    ලංකාවේ ගොඩක්ම නැතත් වෙන රටවල හෙන පොපියුලර් නෙ
    නොදන්නා දෙයක් අපි දැනගත්තා එළකිරි මචෝ
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Lamkawe hitapu hondama Full Back position eka sellan karapu ekek thamai Nalaka Weerakkodi..Kandy team eke gahapu..!!!
    aye maxama player.!!!

    gud post bnz..!!! fattah..!!