පිය සෙනෙහස

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    දවසක් අවුරුදු 60 ක විතර තාත්තා කෙනෙකුයි අවුරුදු 25 ක විතර පුතෙකුයි මිදුලේ bench එකක වාඩිවෙලා හිටියලු. පුතා පත්තරයක් බල බල ඉන්නේ. ඒ අතරේ මිදුලට පුංචි කුරුල්ලෙක් ආවාලු..

    තාත්තා: පුතා අර සතා මොකාද?
    පුතා: කුරුල්ලෙක් තාත්තේ.


    ආයිත් ටික වෙලාවකින්,

    තාත්තා: පුතා අර සතා මොකාද?
    පුතා: (ටිකක් කේන්තියෙන්) මම කලිනුත් කිව්වේ...ඒ කුරුල්ලෙක්


    ආයිත් ටික වෙලාවකින්,

    තාත්තා: පුතා අර සතා මොකාද?
    පුතා: (හොදටම කේන්තියෙන්) මොකද්ද මේ වැඩේ, මම දැන් කී පාරක් කිව්වද ඒ කුරුල්ලෙක් කියල..පත්තරේ බලන්නවත් නෑ මට. ඇයි මේ එකම දේ හැමවෙලාවෙම අහන්නේ?


    පුතා මෙහෙම කිව්වම තාත්තා ටිකක් කල්පනා කර කර ඉදලා ගෙදර ඇතුලට යන්න හැදුවලු. පුතා ඇයි කියල ඇහුවත් තාත්තා මුකුත්‌ කියන්නේ නැතුව ගේ ඇතුලට ගියාලු. ටික වෙලාවකින් තාත්තා තමන්ගේ දිනපොතත් අරන් පුතා හිටපු තැනට ඇවිත් දිනපොතේ පිටුවක් පෙරලලා බලන්න දුන්නලු.

    පුතා: (කේන්තියෙන්) මොකද්ද මේ?
    තාත්තා: ඕක කියවන්න.


    පුතා කේන්තියෙන්ම වගේ කියවන්න ගත්තලු දිනපොත. එකේ මේ විදිහට ලියලා තිබුණලු.

    "අද මගේ අවුරුදු 3 ක් වයස චූටි පුතයි මමයි මිදුලේ ඉන්නකොට කුරුල්ලෙක් මිදුලට ආවා. මගේ පුතා මගෙන් ඒ සතා මොකෙක්ද කියල 21 වතාවක් ඇහුවා. මම ඒ 21 වතාවෙම මගේ පුතාට කිව්වා "ඒ කුරුල්ලෙක්
    මගේ පුතේ" කියලා. ඒ වගේම ඒ 21 වතාවෙම මම කේන්ති ගන්නේ නැතුව මගේ පුංචි පුතාව ආදරෙන් ලගට අරන් කියලා දුන්නා ඒ කුරුල්ලෙක් කියලා."

    දිනපොතේ තාත්තා ලියල තිබුන මේ දේ කියෙව්වම පුතාට තමන් ගැනම ලැජ්ජා හිතුනාලු. පුතා තාත්තාව ආදරෙන් තුරුළු කරගත්තලු.

    හිතලා බලන්න අපේ අම්මා,තාත්තාත් මේ වගේම නේද කියලා. හැම අම්මා කෙනෙක්ම,තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවට ගොඩක් ආදරෙයි. දරුවා පොඩිකාලේදී එකම දේ කී පාරක් ඇහුවත් දෙමව්පියෝ කේන්ති ගන්නේ නෑ..හරිම ආදරෙන් හැමදෙයක්ම කියල දෙන්නේ. ඒත් ගොඩාක් දරුවෝ ලොකු මහත් උනාට පස්සේ තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ මේ කතාවේ විදිහට. මේ වගේ දෙයක් අපිත් කරලා ඇති. ඒත් එහෙම වෙලාවට අපේ දෙමව්පියන්ට කොච්චර දුකක් දැනෙනෙවා ඇතිද කියල හිතලා බලන්න. දරුවෝ විදිහට අපේ දෙමව්පියෝ ගැන අපි මේ කතාවේ සඳහන් වෙනවට වඩා හොද විදිහට බලමු.:yes::yes:

    91060035093827927461.jpg


    මේ මම අහල තියන කතාවක්. මගේ වචන වලින් ලියලා දැම්ම නිසා අඩුපාඩු ඇති. සමාවෙන්න ඕනේ ඒකට.:(






     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14387174 said:
    ඕක වීඩියෝ එකක් නේද? මම බලල තියෙනව. ඇඬේනව බලද්දි එක :(
    මම හොයල දෙන්නං ඒක.:cool:

    mama ahala thiyana kathwak meka..video1k thiyanawa kiyalath danaganna hambuna..hoyala balamu.:yes::cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම තමයි.දෙමව්පියෝ දරුවන්ට සැර කරන්නේ කේන්තියට නෙමේ..දරුවාව හරිමගට ගන්නනේ.:yes:
    එයා කොයි වෙලෙත් ඒමයි:dull:
    අවුරුද්දට මාත් එක්ක වචන 50ක්වත් කතා කරනවද මන්ද
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කතාව කියල ආයේ සිද්දිය මතක් කරල වීඩියෝ එක බලවල පොඩ්ඩක් ඇහැට කඳුලක් ගෙනාවට පින් ඔබට :)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    එයා කොයි වෙලෙත් ඒමයි:dull:
    අවුරුද්දට මාත් එක්ක වචන 50ක්වත් කතා කරනවද මන්ද

    එහෙම තමයි..සමහර දෙමව්පියෝ. එහෙම කතා නොකර ඉන්නේ තරහකට නෙමෙයි. ඕගොල්ලෝ වගේ අයට වැඩිය හොඳ මූණ පෙන්නන්න හොඳ නැති නිසා.:rofl::rofl:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14387455 said:
    කතාව කියල ආයේ සිද්දිය මතක් කරල වීඩියෝ එක බලවල පොඩ්ඩක් ඇහැට කඳුලක් ගෙනාවට පින් ඔබට :)

    :):):)