ඩිජිටල් කැමරාවක Mode Dial උපාංගය නිවැරදිව භාවිතš

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඩිජිටල් කැමරාවක Mode Dial උපාංගය නිවැරදිව භාවිතš


    ඉහත රූපයේ පෙන්වන්නේ නිකොන් කැමරාවක Mode Dial උපාංගයයි. ඔබේ ඩිජිටල් කැමරාවේත් මෙවැනිම මුහුණතක් තිබෙන්නට පුලුවන. කැමරාවේ ඉතාම වැදගත් වැඩකොටසක් සිදුකරන මෙම ඩයලයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව නිවැරදි දැනුමක් තිබීම ඔබගේ කැමරාවෙන් ඉතා හොඳ තත්වයේ ඡායාරූප ලබාගැනීමට අත්‍යාවශ්‍ය වේ.

    M A S P අකුරුවලින් දක්වන්නේ කුමණ ක්‍රියාකාරිත්වයන්ද?



    නිකොන්, ෆුජිෆිල්ම්, ඔලිම්පස්, සෝනි වැනි කැමරාවල මෝඩ් ඩයලයේ M A S P අක්ශර සඳහන් වන අතර කැනන් කැමරාවල M Av Tv P ලෙස සටහන් කර තිබේ. මෙහිදී නිකොන් ඇතුලු නිශ්පාදකයින් A හා S ලෙස දක්වන ආකාර කැනන් කැමරාවල දක්වන්නේ Av හා Tv යනුවෙනි.

    M හෙවත් Manual Mode


    මෝඩ් ඩයලය කරකවා Manual Mode තෝරාගත් විට කැමරාව සියලුම ස්වයංක්‍රිය ක්‍රියාකාරිත්වයන් ගෙන් මිදී භාවතා කරන්නාට අවශ්‍ය ආකාරයට සියලුම settings, එනම් කැමරාවේ නාභිගත කිරීම (focus), ශටරයේ වේගය (shutter speed), ආලෝක තව්වේ (aperture) ප්‍රමාණය, ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) වැනි සියලුම තෝරාගැනීම් හා සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.


    මැනුවල් මෝඩ් ආකාරයෙන් හොඳ ඡායාරූප ගැනීම සඳහා කැමරාවේ තාක්ශණික හැකියාවන් හා ඡායාරූපකරණයේ සිද්ධාන්ත පිලිබඳව සෑහෙන දැනුමක් තිබිය යුතුය.


    A (Av) හෙවත් Aperture Priority Mode


    ඇපචර් යනු, කැමරාවේ කාචය හරහා එන ආලෝකය, සෙන්සරය වෙත යාමේදී පසුකරන සිදුර හෙවත් ආලෝක තව්වයි. මෙම සිදුරේ විශාලත්වය අනුව ලැබෙන ඡායාරූපයේ යම් යම් වෙනස්වීම් සිදුවෙයි. Aperture Priority ආකාරය තෝරාගත්විට කැමරාව, භාවිතා කරන්නා හට ඇපචර් අගය තෝරා ගැනීමට ඉඩ දෙන අතර, තෝරාදෙන ඇපචර් අගයට අනුරූප වන ආකාරයට ශටරයේ වේගය (shutter speed), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) ස්වයංක්‍රීයව සකසා ගනියි.


    ඡායාරූප ශිල්පීන් Aperture Priority ආකාරය භාවිතා කරන්නේ ඔවුන් ගන්නා ඡායාරූපයේ Depth of Field (DoF) අඩු වැඩි විය යුතු ආකරය අනුවයි. Depth of Field හෙවත් ඡායාරූපයේ ඈතින් ඇති වස්තූන් පවා පැහැදිලිව සටහන් වීම හෝ නොවීම කැමරාවේ ඇපචර් සිදුරේ විශාලත්වය අනුව තීරණය වේ. උදාහරණයක් ලෙස මල්වත්තක ඡායාරූපයක් ගන්නාවිට එම මල්වත්තේ ඡායාරූපයට හසුවන සියලුම ස්ථාන එකලෙස පැහැදිලිව පෙනිය යූතුය, එනම් Depth of Field තිබිය යුතුය. මේ සඳහා කුඩා ඇපර්චරයක් (කුඩා සිදුරක්) තිබෙන ආකාරයට ඇපර්චර් අගය සැකසිය යුතුය.


    හොඳ Depth of Field ඇති ඡායාරූපයක්. මෙවැනි ඡායාරූප ගැනීමේදී ඇපචරය කුඩා විය යුතු අතර ඒ සඳහා විශාල f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/22 අඩු Depth of Field ඇති ඡායාරූපයක්. මෙහිදී නාභිගත කොට ඇති මල හැරුණකොට ගෙන අවට ඇති අනෙකුත් මල් සියල්ල බොඳවී ඇති ආකාරයට ඡායාරූප ගත වී ඇත. මෙවැනි ප්‍රථිපලයක් ලබා ගැනීමට ඇපචරයේ විශාලත්වය වැඩිවිය යුතු අතර, ඒ සඳහා කුඩා f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/2
    කැමරාකරණයේදී ඇපචර් අගයන් f-stops නැතහොත් f-number ලෙස හැඳින්වෙන අතර කැමරා කාචයේ, එම කාචයෙන් ලැබෙන ඇපර්චර් අගයන් 16 11 8 5.6 4 2.8 2 යනාදී ආකාරයෙන් සටහන් කර තිබෙනු දක්නට ලැබේ. පහත රූපය බලන්න.


    එක් එක් f-stop/f-number අගයන් හිදී ඇපචරයේ විශාලත්වයද රූප සටහනේ දක්වා ඇත. මෙහිදී ආධුනිකයින් ව්‍යාකූලත්වයට පත්විය හැකි එක් කරුණක් නම් f-stop/f-number අගය විශාලවන විට, ඊට අනුබද්ධ ඇපචර් සිදුරේ ප්‍රමාණය (aperture size) කුඩාවන බවයි. උදාහරණයක් ලෙස f/22 අගයේදි ඇපචරයේ ප්‍රමාණය ඉතා කුඩා බව රූපසටහනෙන් ඔබට පෙනෙනු ඇත. f/2අගයේදී ඇපචරයේ ප්‍රමාණය ඉතා විශාල වේ. එනම් f-stop/f-number අගය හා ඇපර්චරයේ විශාලත්වය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී.

    කැමරා ලෙන්සයක ඉදිරියේ Focal Length හා f-stop/f-number සටහන් කොට ඇති ආකාරය

    Focal Length ඇසුරින් ලෙන්සයක Optical Zoom අගය ගණනය කරගන්නා ආකාරය
    18-55mm ලෙස දක්වා ඇති ඉහත ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය කොතරම්ද? වැඩි මිලිමීටර් අගය, අඩු මිලිමීටර් අගයෙන් බෙදීමෙන් සූම් අගය ලබාගත හැකිය. එනම් 55/18=3. මෙම ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය හෙවත් දුර ඇති වස්තූන් ලං කොට ඡායාරූප ගතකිරීමේ හැකියාව 3ගුණයකි.

    Telephoto Zoom


    ඉතා ඈත ඇති වස්තූන් ඡායාරූපගත කිරීමට ටෙලිෆොටෝ සූම් ලෙන්සයක් අවශ්‍යය. මෙවැනි ලෙන්සවල අගය 18-400mm වැනි අගයන් ගනී. 18-400mm. ලෙන්සයක ඔප්ටිකල් සූම් අගය : 400/18=22 වේ.



    S (Tv) හෙවත් Shutter Priority Mode


    Shutter Priority Mode ආකාරය තෝරාගත් විට ඡායාරූප ශිල්පියා කැමරාවේ ශටරයේ වේගය තෝරාගන්නා අතර, කැමරාව තෝරාදෙන ශටර් වේගයට අනුරූපව ඇපචර් අගය හා අනෙකුත් සීරුමාරු ස්වයංක්‍රීයව සිදුකරගනී.


    ඇපචර් ප්‍රයෝරිටි ආකාරය ඡායාරූපයේ depth of field වෙනස් කිරීමට භාවතා කරනවා මෙන් ඡායාරූප ශිල්පීන්ට Shutter Priority Mode ආධාරයෙන් ශටරයේ වේගය පාලනය කිරීමෙන්ද විවිධාකාරයේ ඡායාරූපී ප්‍රථිපල (photographic effects) ලබාගත හැකියි. හොඳ කැමරාවක ශටරයේ වේගය තත්පර 30ක-60ක අවම වේගයේ සිට තත්පරයෙන් 1/4000ක් තරමේ අධික වේගයක් දක්වා සීරුමාරු කිරීමේ හැකියාව තිබේ.


    Shutter Priority Mode ආධාරයෙන් ලබාගත හැකි photographic effects මොනවාද?


    1] Fast shutter speed for freezing action.



    ඉහත අධිවිබේධන ඡායාරූපය බලන්න. F1 ධාවන තරඟයකදී සිදුවන අණතුරක්, ඒ ඇසිල්ලේම ඡායාරූපගත වී ඇති අතර, වාහන දෙකෙහි කොටස් අහසේ රැඳී තිබෙන්නාක් මෙන් ඉතා පැහැදිලිව සටහන් වී ඇත. පැයට කිලෝමීටර් 200ක් පමණ වේගයෙන් ධාවනය වන රථ දෙකක් එකට ගැටීමකදී පවා මෙතරම් පැහැදිලිව සියලු දේ සටහන් වී ඇත්තේ ඡායාරූප ශිල්පියා ඉතා ඉහල (1/4000 පමණ) ශටර් වේගයක් සහිතව ඡායාරූපය ගෙන ඇති නිසාය. මෙවැනි freeze-action ඡායාරූප ගැනීමට Shutter Priority Mode ඉතා වැදගත් වේ.

    2] Very slow shutter speed for special effect photography



    ඉහත ඡායාරූපය බලන්න. රාත්‍රීකාලයේ මහා මාර්ගයක ගෙන ඇති මෙම ඡායාරූපයෙහි වාහන සටහන් වී නොමැති අතර ඉදිරියට එන වාහනවල ප්‍රධාන ලාම්පු හා විරුද්ධ අතට යන වාහනවල පසුපස රතු ලාම්පු රේඛා ලෙසට සටහන් වී ඇත. Light trails photograph ලෙස හඳුන්වන මෙම ආකාරයේ ඡායාරූප ලබාගැනීම සඳහා කැමරාව ශටර් ප්‍රයෝරිටි ආකාරයට සකස්කරගෙන ශටර් වේගය තත්පර 30ක් හෝ 60ක් දක්වා අඩුකර ඡායාරූපය ගත යුතුය.

    P හෙවත් Program Mode


    ප්‍රෝග්‍රෑම් මෝඩ් ආකාරයේදී කැමරාව ලැබෙන ආලෝකයට අනුව ස්වයංක්‍රීයව ඇපචර් විශාලත්වය හා ශටර් වේගය තීරණය කරනු ලබයි. ඡායාරූප ශිල්පියාට ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.


    Program Mode පිලිබඳව දැනගත යුතු වැදගත් කරුණක් නම් Program Mode යනු කැමරාව පූර්ණලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන (fully automatic) අවස්ථාවක් නොවන බවයි. පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයට පත්කර ගැනීමට මෝඩ් ඩයලය AUTO ලෙස දක්වා ඇති ස්ථානය වෙත කරකැවිය යුතුය. එවිට ඕනෑම සංකීර්ණ කැමරාවක්, සරල point & shoot වර්ගයේ පොකට් කැමරාවක් මෙන්ම පහසුවෙන් ක්‍රියාත්මක කල හැකිය. AUTO අවස්ථාවේදී ඡායාරූපය ගන්නා තැනැත්තා කැමරාව එල්ලකොට ශටර්-රිලීස් බොත්තම එබීම පමණක් සෑහේ.


    Scene Modes




    M A S P AUTO යන තෝරාගැනීම් වලට අමතරව බොහෝ කැමරාවල මෝඩ් ඩයලයේ විවිධ අයිකන රැසක් දක්වා ඇත. Scene Modes ලෙසින් හඳුන්වන මෙම අයිකන විශේෂිත ඡායාරූප අවස්ථාවන් සඳහා කැමරාව ස්වයංක්‍රීයව සූදානම් කරන තෝරාගැනීම් පෙලකි.

    ගත්තේ මෙතනින්
    repost නම් සොරි හොදේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලලා නිකන්ම යන්නේ නැතුව තව කාටහරි බලන්න බම්ප් එකක් දලා යන්න
    රේප් එහේම දිලා යන්න අමතක කරන්නේපා
     

    udaya726

    Member
    Feb 21, 2009
    52
    4
    0
    ~~~ සුපිරි වැඩක් සරල සිංහලෙන් හැමෝමටම තේරෙන්න ලියල ~~~
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එලකිරි වැඩක් මචන්:cool:
    6+ජයවේවා
    11.gif