මිරිදියේ මාරයා.... අංක 2

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මිරිදියේ මාරයා.... අංක 2

    මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක.
    එක හින්ද අද මම ගෙනාව මිරිදියේ මාරයා අංක 2...
    මෙන්න කලින් එක
    මිරිදියේ මාරයා.... http://www.elakiri.com/forum/showthread.php?t=1530648

    මේක Jeremy Wade කියන සත්ව වේදියා කල River Monster කියන සඟරාමය වැඩසටහන ඇසුරෙන් තමයි මේ තොරතුරු ගේන්නේ. සමහර කට්ටිය මේක බලලත් ඇති .නොබලපු අයට දැනගන්ඩ ත් එක්ක බලන්ඩකෝ එහෙනම්..මෙයා ලෝකේ වටේ යනවා මේ හැකියාව තියෙන මිරිදියී ඉන්න සත්තුන්ව හොයා බලන්ඩ.අපි හිතුවට මුදේ තමයි මේ වගේ මාරක සත්තු ඉන්නේ කියලා බලන්ඩකෝ ගංගා වලත් ඒ වගේම මාරයෝ ඉන්නවා

    11.Longfin Eel

    3204012.jpg


    අඩි 5 කට වැඩ දිගින් වැඩෙන මේ ඇඳා ඉන්නේ නවසීලන්ත දුපත් වල.මෙයා නවසීලන්තයට පමණක් අවේනික සත්වයෙක්.



    12.Vundu catfish

    6763611.jpeg


    ආදී 5 ක් දක්වා පමණ දිගෙන් වැඩෙන මෙම Cat fish වර්ගයේ දැවැන්තයා ඉන්නේ දකුණු අප්‍රිකානු ප්රෙදේශ වල .

    13.Nile Perch

    9606413.jpg


    අප්‍රිකාවේ නයිල් කොන්ගෝ වැනි ගංගා ආශ්‍රිතව ඉන්න මෙයාල රාත්තල් 500 කට වඩා ලොකු වෙනවා කියල තමයි කියන්නේ . අර WWE ඉන්න Big show ත් රාත්තල් 500 යි .

    14.Pound Black Piranha

    6037814.jpg


    ලෝකයේ ඉන්න පිරානා විශේෂ 40 න පමණ විශාලතම වර්ගය තමයි මේ Pound Black Piranha මාලුවා. රංචු වශයෙන් තමයි ඉන්නේ විශාල සතෙක් වුනත් මේගොල්ලන්ගේ රංචුවකට අහු වුනොත් ඉති විනාඩි ගානක් තමයි යන්නේ සම්පූර්ණයෙන්ම සුද්ද කරන්ඩ.පුරාණ ගෝත්‍රිකයෝ කොන්ඩෙ රැවුල කපන්ඩ අරගෙන තියෙන්නේ මේගොල්ලන්ගේ දත් සෙට් තමයි.

    15.Cuiu-Cuiu

    8669415.jpg


    මෙයා ප්‍රාග් අයිතිහාසික යුගයේ ඉඳන් පැවත එන සජීවී පොසිලයක් හැටියට සලකන මාලුවෙක් . ඉන්නේ ඇමේසන් වනාන්තරයේ.

    16. Red-Bellied Pacu

    8500916.jpg


    පාකු කියන මේ මළුවත් ඉන්නේ ඇමේසන් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වල. මෙයත් කලින් කිව්ව පිරනාගේ ළගම නෑයෙක්. මෙයා ලංකාවෙත් මම දැකලා තියෙනවා Aquarium වල . මේ මාලුවයි රබර් ගහයි අතර පුදුම සම්බන්දතාවයක් තියෙන්නේ. ඒ තමයි මෙගේ දත් හැදිලා තියෙන්නේ රබර් අට පොඩි කරලා මද කන්ඩ පුළුවන් විදිහට. මම ත් දැකලා තියෙනවා අඩි 2 ක් විතර size පාකුlaa.

    17.Short-Tailed River Stingray.

    1540217.jpg


    දකුණු ඇමෙරිකානු කලාපයේ ඉන්න මේ මිරිදිය මඩුවා අඩි 5 ක් හා බරින් රාත්තල් 450 ක් විතර විශාලව වැඩෙනවා. වලිගය කෙටි වුවත් එහි වලිගය මුල මාරාන්තික විෂ කටුවක් තියෙනවා.

    18.Wels Catfish

    1120318.jpg


    මෙය ඉන්නේ යුරෝපයේ රාත්තල් 400 ක් විතර ලොකු අයත් හම්බවෙලා තියෙනවා . දිය මතුපිට පිහිනන තාරාවන් පවා දඩයම් කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා.

    19.White Sturgeon

    1446819.jpg


    සමහරුන්ගේ මතය අනුව ලොව විශාලතම මිරිදිය මාළුවා මෙන්න මේ කියන මාළුවා කියල කියනවා. මෙයත් ප්‍රාග් අයිතිහාසික සජීවී පොසිලයක් හැටියට සැලකෙන මාලුවෙක්. ආදී 20ක් හා රාත්තල් 1800 ක් දක්වා මෙයා ලොකු වෙනවා කියල තමයි කියන්නේ.

    20.Vampire Fish

    7709520.jpg


    මේ මලුවා හම්බවෙලා තියෙන්නේ වෙනිසිව්ලාවෙන් .එකෙකුගේ දතක් අඟල් 6 ක් පමණ දිගට හැදෙන්ඩ පුළුවන් මහා භයානක පෙනුමක් නේද තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    බලාගෙන ගියහම මුන් මහා දරුණු ජාතියක් නෙව
    මුන්ව කන්නමයි තියෙන්නේ