මහින්ද

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයා අපේ කෙල්ලෝ ක්‍රිකට් ටීම් එක ඉන්දියා ටීම් එකට කෙලපු වෙලාවේ සුභ පැතුවට පස්සේ අපේ ඔක්කොම මැච් ටික පැරදී. මහා මූසලයෙක්. :angry::angry::angry:
     

    elaTalk

    Banned
    Feb 9, 2013
    85
    14
    0
    පසුදා උදේ ජනාධිපතිවරයා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයේ ඉදිකරන ලද නාවික කෞතුකාගාරය විවෘත කරන්නට ගියේය. ඉන්පසුව කන්තලේ ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක්‌ විවෘත කරන්නට ගිය ජනපති, එම්.කේ.ඩී.එස්‌. ගුණසේකරගේ නිවසට ගොඩ වන්නටද අමතක නොකළේය. එදා දවසේ ප්‍රදේශයේ ලොකු රවුමක්‌ සංචාරය කළ ජනපතිවරයා රාත්‍රිය ඉතා නිදහසේ ගුවන් හමුදා නිල නිවසේ ගත කළේය.

    පසුදා උදේ සිට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය අයහපත් වී තිබිණි. වර්ෂාව හා අඳුරින් පිරුණු ආකාශය මෙන්ම තරමක්‌ සැඩපරුෂ වූ මුහුද නිසා නිදහස්‌ උත්සවයේ වැඩ කටයුතු අඩාල වී තිබුණේ යෑයි කීවොත් නිවැරැදිය. එදින නිදහස්‌ උළෙලට ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබුණේ නෞකාවක්‌ මගින් මුහුදේ සිට පැමිණ උත්සවය තිබූ තැන ගොඩබැසීමේ සංදර්ශනමය ජවනිකාවකිනි. එහෙත් එම කොටස අයහපත් කාලගුණය නිසා ඉවත් කරන්නට සංවිධායකයන්ට සිදුව තිබිණි.

    උත්සවය පටන් ගත්තේ මහ වැස්‌සේය. ජනාධිපතිවරයා ජාතික කොඩිය ඔසවන්නට ගොස්‌ ඊට අත තැබුවා පමණි. ප්‍රදේශයට ධාරානිපාත මහා වර්ෂාවක්‌ ඇද හැලෙන්නට විය. ජනාධිපති මහින්ද ඒ කිසිවක්‌ නොතකා මහ වැස්‌සේ තෙමි තෙමීම ජාතික කොඩිය එසවූයේය. ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු හමුදාවත් සෙසු නිලධාරීනුත් දෙපස රැඳී සිටි පාසල් දරුවනුත් තෙමි තෙමීම ජාතික ගීය ගායනා කිරීම අලුත් අත්දැකීමක්‌ විය. ඒ මොහොතේ හොඳටෝම වැස්‌සේ තෙමුණු ජනාධිපතිවරයාට එක්‌ නිලධාරියෙක්‌ පැමිණ කුඩයක්‌ ඇල්ලුවේය. ජනාධිපති ඒ දෙස ඇස්‌ කොණින් බැලුවත් කිසිවක්‌ නොකියා ඉවසා සිටියේ ජාතික ගීය ගායනයට බාධාවක්‌ වන බැවිනි.
     
    • Like
    Reactions: binoj

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජනාධිපතිවරයා ජාතික කොඩිය ඔසවන්නට ගොස්‌ ඊට අත තැබුවා පමණි. ප්‍රදේශයට ධාරානිපාත මහා වර්ෂාවක්‌ ඇද හැලෙන්නට විය.
    :rofl::rofl::rofl::D:D
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අපිත් මේ එල්ලේ මැට්ච් එකක් ගහන්න ඉන්නේ ඔට්ටුවට එහා පිලට ඇවිත් සුබ පතන්න බැයිද දන්නෑ...
    000203FB.gif