විදුලි බිල අඩු කරන්න බල්බ් හදන ක‍්‍රමේ

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    විදුලි බිල අඩු කරන්න බල්බ් හදන ක‍්‍රමේ

    යාලූවෝ දන්නවනේ විදුලි බිල කොහොමද කියලා. විදුලි බිල අඩු කරන්න එල්ඊඞී විදුලි බුබුලූ හොඳ ආදේෂකයක් වුනාට ඒවා මිල අදිකයි. අද කියලා දෙන්ඩ යන්නේ තමන්ටම කියලා අඩු මුදලක් වැය කරලා එල්ඊඞී විදුලි බුබුලක් හදාගන්න එක ගැනයි. මේක මම ප‍්‍රායෝගිකව අත්හදා බලලා 100 යට 100 ක්ම සාර්ථක උන එකක්. දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා කිසි අවුලක් නෑ. මේකේ පරිපතය පහල දක්වලා තියෙනවා. මේක මා විසින්ම ඇඳපු එකක්. නෙට් එකේ තියෙන ඒවාගේ එක එක වැරදි තිබිලා ඒවා නිවැරදි කරගෙන තමයි මම මේක හැදුවේ.

    picture.php

    උවමනා උපකරණ,
    470K වොට් 0.25 රෙසිස්ටර් 1 ක්
    ඕම්ස්100 වොට් 0.5 රෙසිස්ටර් 2 ක්
    472 K, 400V පොලිමර් කැපෑසිටර් 1 ක් (මේක පොලිමර් වර්ගයේම, ඒ කියන්නේ දුඹුරු පාට චොක්ලට් කෑල්ලක් වගේ එකක් විය යුතුය)
    IN4007 ඩයෝඩ් 4 ක්
    10uF 160V කැපෑසිටර් 1 ක්
    සුදු පාට ඒල්ඊඩී බල්බ් 60ක්. (මේවා ටෝච් එල්ඊඞී කියුවම කඩ වලින් දන්නවා)

    මේ පරිපතය ප‍්‍රධාන විදුලියට සම්බන්ද කරණ නිසා පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. කරන්ට් එක දුන්නාට පස්සේ අල්ලන්න යන්න එපා. වැදුනොත් ආයි සොරි තමයි.
    මේකේ තියෙන බඩු ඕනෙ තැනකින් ගන්න පුලූවන්. හැබැයි පිටකොටුවේ පලවෙනි හරස් වීදියෙන් ගන්නවනම් ගාන අඩුයි. එල්ඊඞී බල්බ් එකක් 3.50 කට වගේ ගන්න පුලූවන්. අනෙක් බඩු වලට යන්නේ 40 ක් විතර.
    මේක හදලා බලන්න යාලූවෝ. පොඩි කාමරයකට, බාත් රූම් එකකට, ටීවි රූම් එකට වගේ මේකෙ එලිය හොඳටම ඇති. ලොකු කාමරයක් නම් ඉතින් බල්බ් දෙකක් දාන්න වෙයි.
    හොඳනම් කියන්න. මොනවා හරි තේරෙන්නේ නැත්තං අහන්න. කියලා දෙනනම්.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan meken Watts keeyaka wage eliyak da denne? LED bulbs Vero Board ekaka solder kalaraganna puluwan da? Wade nam Hondai wage. Total power consumption Watts keeyak wage da?
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    machan meken Watts keeyaka wage eliyak da denne? LED bulbs Vero Board ekaka solder kalaraganna puluwan da? Wade nam Hondai wage. Total power consumption Watts keeyak wage da?

    machan meke Watts 40 ka nomal bulb ekaka wage eliyak thiyanawa. ithin sudu pata eliya nisa hodata penawane. LED bulbs tika parana cream tab ekak wage deyak hil karala set karaganna puluwan. nathnam CD ekak hil karala set karanna puluwan. eeta passe parana CFL ekaka uda kallata fit karagana puluwan ne. circuit eka dot board kallaka set karaganna puluwan.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    LED බලබ් තමා ප්‍රශ්න දෙන්නේ. සමහර දවස් වලට හොද ඒවා අහු වෙනවා ඒවා කලාතුරකින් ලෙඩ දෙන්නේ. සමහර දවසට චා ඒවා අහු වෙනවා ඒවා ටිකක් වෙලා යද්දී නිවෙනවා. ආයේ වැඩ කරනවා. ලෙඩේ හොයන්න පට්ට අමාරුයි.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    LED බලබ් තමා ප්‍රශ්න දෙන්නේ. සමහර දවස් වලට හොද ඒවා අහු වෙනවා ඒවා කලාතුරකින් ලෙඩ දෙන්නේ. සමහර දවසට චා ඒවා අහු වෙනවා ඒවා ටිකක් වෙලා යද්දී නිවෙනවා. ආයේ වැඩ කරනවා. ලෙඩේ හොයන්න පට්ට අමාරුයි.

    ගන්නකොට අහඹු ලෙස 5 ක් විතර චෙක් කරලා බලලා ගත්තනම් ප්‍රෂ්ණ එනවා අඩුයි. සවුත්තු එල්ඊඩී වල එලිය අඩුයි. ඒවා තමයි ලෙඩ දෙන්නේ. හැමදාම පුරුදු එක තැනකින් ගන්නවානම් ප්‍රෂ්ණ අඩුයි. මටනම් එහෙම කියලා බල්බ් වල ප්‍රෂ්න ආවේ නෑ. මේ පරිපතය හදාගන්න කලින් හදපු ඒවයේ විදුලිය වැඩියෙන් ආපු නිසා ප්‍රෂ්න ආවා ඒත් මේකෙ නම් මොකුත් ප්‍රෂ්ණයක් ආවේ නෑ. ඒකයි යාලුවන්ටත් දෙන්න හිත්තුවේ.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    machan meke Watts 40 ka nomal bulb ekaka wage eliyak thiyanawa. ithin sudu pata eliya nisa hodata penawane. LED bulbs tika parana cream tab ekak wage deyak hil karala set karaganna puluwan. nathnam CD ekak hil karala set karanna puluwan. eeta passe parana CFL ekaka uda kallata fit karagana puluwan ne. circuit eka dot board kallaka set karaganna puluwan.

    හොඳ නූලක් මචං. ඒත් කොහොමද මචං CD එකක මේ බල්බ් ටික සෙට් කරගන්නෙ? බවුත් එකවත් ලං කරන්න බෑ නෙ. CD එක උනු වෙනව නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඕවයේ කල්පැවැත්ම තමා අව්ල පුටෙ

    LED සහ පොලිමර් කැපසිටර් එක වැඩි කලක් යන්න කලින් බඩු බනිස්

    හොද LED හොයාගන්න එක තමා අමාරු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අර 2000+/= අබාන්ස් එකේ තියෙන බල්බ් නම් පට්ට
    ඕකක් ගලවල බැලුව නම් ගොඩ

    මම Driver + 1W LEDs සෙට් කරලා හදන්න ඉන්නේ එකක්
    මෙහෙ තියෙන LED තමා කොලිටි නැත්තේ