හලාල් එපා නම් නිකන් ඉන්න – සෝමවංශ
හලාල් එපා නම් නිකන් ඉන්න – සෝමවංශ
හලාල් යනු කරන්න ඕනෑ හොඳ දේවල් බවත් එය ඉස්ලාම් ආගමේ හැටියට එක් සිරිතක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
හලාල් හා හරාම් යනුවෙන් දෙවර්ගයක් ඇති බවද එය සෑම ආගමකම දක්නට ලැබෙන සිරිත් විරිත්වලට සමාන යැයිද ඔහු පෙන්වාදෙයි. ඒ අනුව කළ යුතු හොඳ දේ නොකළ යුතුදේ ලෙස එය අර්ථ දක්වා ඇතැයි දඹුල්ලේදී අද (10) පැවැති රැස්වීමකදී එරක්වෙමින් ඔහු පැවසීය.
හලාල් කතාවත් සමග රට තුළ හතුරෝ දෙවර්ගයක් හදා ඇති බවත් ඒ අනුව හලාල් බෝම්බය කොයි වේලාවේ පත්තූවේද යන ප්‍රශ්නය දැන් ඇති බවත් ඔහු සඳහන් කළේය. හලාල් එපා නම් නිකන් සිටිය යුතු බවත් එය බලහත්කාරයෙන් බෙල්ලෙන් අල්ලා කට තුළට ඔබන්නක් නොවන බවත් සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේය.