ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද ......
අපි මේ ගමන ගිහින් දැන් ටිකක් කල් වෙනවා.. මෙ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ නිහඬ සංචාරකයා දාල තිබ්බ ත්‍රෙඩ් එකක් දැකලා.. එයා ඒ ගමන භාගයක් විතර තමයි ගිහින් තිබුනේ.. අපි නම් ගමන සම්පූර්ණයෙන් ගියා..ගමන පටන් ගත්තේ බෙලිහුල් ඔයෙන්.. අවසන් කරේ පට්ටිපොලෙන්.. මෙ සම්පූර්ණ ගමනට පැය 18ක් විතර ගියා... ගමනෙදි කිලෝ මීටර් 33ක් විතර පයින් ගිහින් තිබුනා..දිගටම තිබුනෙ කන්දයි කැලෑවයි. ගොඩක් දුෂ්කර මාර්ගයක්.. හැබැයි කියා ගන්න බැරි තරම් ලස්සන පරිසරයක් තමයි තිබුනේ..වට පිටාව හරිම ලස්සනයි..ත්‍රෙඩ් එක දැක්කහම හිතේ ලෝකාන්තේ පල්ලෙහා ඉඳලා උඩට කඹ දාලා නගිනවද කියලා.
. එහෙම නෙමෙයි..ලෝකාන්තයේ දකුණු පැත්තෙන් පල්ලෙහා ඉඳලා උඩට නගින එකයි කරන්නේ.
ගමන පටන් ගත්තේ නිල් පාට ඊතලේ තියෙන තැනින්.. කහ පාට කොටුව හරියෙ තමයි ලෝකාන්තය තියෙන්නේ.
මේකත් මතක තියා ගන්න...මේ පාරේ නන්පේරියල් වතු බන්ගලාව වෙනකන් අයිති වෙන්නේ නන්පේරියල් වතු යායට.. එතනින් එහාට හොර්ටන් තැන්නට. මේ පාරේ නන්පේරියල් වතු බන්ගලාවෙන් එහාට යන්න දැන් අවසර දෙනවද දන්නෙ නෑ.
ඒ දවස් වල නම් අවුලක් තිබුනේ නෑ. මොකද මේක හෝර්ටන් තැන්නට ඇතුලුවෙන මාර්ගයක් නිසා..
මේ තියෙන්නේ ගමන පටන් ගත්ත මුල් හරියේ. ඔය පේන්නේ සමනල වැව ජලාශය.
මේ ඈතින්ම පේන්නේ උඩවලව වන උදයානය පැත්ත..ලෝකාන්තය උඩදි මීට වඩා පැහැදිලිව පේනවා...

පොඩි පොඩි දිය ඇලි හැමතැනම.

මේ තියෙන්නේ නන්පේරියල් ටී ෆැක්ටරි එක. ලෝකාන්තේ උඩ ඉදන් බලනකොට මේකේ උඩ හොඳට පේනවා.. ගියපු අය දැකලා ඇති.. මෙතනට බෙලිහුල් ඔය ඉඳලා කිලෝ මීටර් 10ක් විතර තියෙනවා. මෙතන ඉඳන් නන්පේරියල් බන්ගලාව ලඟට කිලෝ මීටර් 12ක් තියෙනවා..
මේක තමයි නන්පේරියල් බන්ගලාව.. මෙතනට වෙනකන් විතරයි පාරක් තියෙන්නෙ.. මෙතන ඉඳන් ලෝකාන්තයට තව කිලෝ මීටර් 6ක් විතර තියෙනවා..මෙතන නම් පුදුම ලස්සනක් තියෙන්නේ.. පහල ලස්සනට පේනවා. ගොඩාක් වෙලාවට මීදුමින් වැහිලා තියෙන්නේ.. මෙතනින් එහාට පාරක් නම් නෑ තනිකරම තියෙන්නෙ කැලේ.
අතරමන් වෙන්නත් පුලුවන්.
. තව ලෝකාන්තය වගේම ලොකු බෑවුම් තියෙනවා..ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕන.
ඔහොම තමයි යන්න වෙන්නේ පේනවනේ..
දවල්ට කෑවේ මෙහෙම තමයි..
ඔන්න ආවා ලෝකාන්තේට
හොර්ටන් තැන්න..
හොර්ටන් තැන්න ඉදලා පයින්ම කිලෝමීටර් 11ක් ආවා පට්ටිපොලට.
ඔහොම තමයි ගමන.. බලලා යන්න හැදුවට කමක් නෑ.. මම කියපුවා මතක තියා ගන්න.. අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න..
අපි මේ ගමන ගිහින් දැන් ටිකක් කල් වෙනවා.. මෙ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ නිහඬ සංචාරකයා දාල තිබ්බ ත්‍රෙඩ් එකක් දැකලා.. එයා ඒ ගමන භාගයක් විතර තමයි ගිහින් තිබුනේ.. අපි නම් ගමන සම්පූර්ණයෙන් ගියා..ගමන පටන් ගත්තේ බෙලිහුල් ඔයෙන්.. අවසන් කරේ පට්ටිපොලෙන්.. මෙ සම්පූර්ණ ගමනට පැය 18ක් විතර ගියා... ගමනෙදි කිලෝ මීටර් 33ක් විතර පයින් ගිහින් තිබුනා..දිගටම තිබුනෙ කන්දයි කැලෑවයි. ගොඩක් දුෂ්කර මාර්ගයක්.. හැබැයි කියා ගන්න බැරි තරම් ලස්සන පරිසරයක් තමයි තිබුනේ..වට පිටාව හරිම ලස්සනයි..ත්‍රෙඩ් එක දැක්කහම හිතේ ලෝකාන්තේ පල්ලෙහා ඉඳලා උඩට කඹ දාලා නගිනවද කියලා.
. එහෙම නෙමෙයි..ලෝකාන්තයේ දකුණු පැත්තෙන් පල්ලෙහා ඉඳලා උඩට නගින එකයි කරන්නේ.ගමන පටන් ගත්තේ නිල් පාට ඊතලේ තියෙන තැනින්.. කහ පාට කොටුව හරියෙ තමයි ලෝකාන්තය තියෙන්නේ.
මේකත් මතක තියා ගන්න...මේ පාරේ නන්පේරියල් වතු බන්ගලාව වෙනකන් අයිති වෙන්නේ නන්පේරියල් වතු යායට.. එතනින් එහාට හොර්ටන් තැන්නට. මේ පාරේ නන්පේරියල් වතු බන්ගලාවෙන් එහාට යන්න දැන් අවසර දෙනවද දන්නෙ නෑ.
ඒ දවස් වල නම් අවුලක් තිබුනේ නෑ. මොකද මේක හෝර්ටන් තැන්නට ඇතුලුවෙන මාර්ගයක් නිසා.. මේ තියෙන්නේ ගමන පටන් ගත්ත මුල් හරියේ. ඔය පේන්නේ සමනල වැව ජලාශය.

Last edited: