අංගම් 1 වන පොරය: දියසේන කුමාරයා / සජීවීකරණ ති
මෙය අංගම් ටෙලි ටූන් මාලාවේ පළවන කොටස හෝ, අංගම් ටෙලි චිත්‍රපටයේ මුල් භාගය ලෙස සලකන්න. මෙම තිර පිටපත බමුණු මුදියන්සේලාගේ පසන් ඉරෝෂණ බණ්ඩාර වන මාගේ බුද්ධිමය දේපලකි. මෙය කවර ආකාරයකින් හෝ උපුටා ගැනීම, වෙනත් මාධ්‍යයක කොටසක් හෝ පලකිරීම කර්තෘ වන මාගේ පුර්ව අවසරය සහිතව සිදු විය යුතු ය.
මෙම ටෙලි ටූන් මාලාවේ සියලුම චරිත, සටන් ක්‍රම වේද, ස්ථාන සහ සිදුවීම් සම්පුර්ණයෙන් ම මනඃකල්පිත වේ. සත්‍ය සිදුවීම් හා ඇතිවන සමානතාවයන් අහඹු ලෙස සිදු වූ සිදුවීම් වේ. අංගම් යනු කල්පිත ටෙලි නාට්‍යයක් මිස, සැබෑ ශ්‍රී ලාංකේය අංගම් සටන් කලාව හා සම්බන්ධතාවක් ඇති වාර්තාමය වැඩසටහනක් නොවේ.
මේ පිලිබඳ ඔබේ අදහස් කමෙන්ට් කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.
අංගම් 1 වන පොරය
දියසේන කුමාරයා

FADE IN:
BEAUTIFUL සංගීත අනුඛණ්ඩය වාදනය වේ.
වසර 30000කට පෙර අතීතයේ ලංකාවේ,කුඹුරු, වෙල් යායවල්, හරඹ පිටි,ඇත් සොහොන්, ආදිය හරහා අපි පියාසර කරන්නෙමු.
පිටත. රජමාලිගය - දහවල
අපි ආදී කල්පික නගරයක් හරහා පියාසර කරමින් ගොස් අවසානයේ රජ මාලිගයක් තුළට පිවිසෙමු. කාමර තුළින් ගමන් කරමින් ගොස් අපි මහා සම්මත මනු රජුගේ සිරි යහන් ගැබට ඇතුළු වෙමු. එය එක ම මළ ගෙයක් වැන්න. මහා සම්මත මනු රජුගේ දරුවෝ දෙදෙනා ඔහු වට කරගෙන සිටිති.
BEAUTIFUL සංගීත අනුඛණ්ඩය FADE වී ඒ වෙනුවට FALLING LEAFS සංගීත අනුඛණ්ඩය වාදනය වේ.
කථක (V.O.) -: මීට වසර 30000කට පෙර මහා සම්මත මනු නමින් නිරිඳෙක් දස රාජ ධර්මයෙන් සක්විති රජ කළා. මහා සම්මත රජුටත් මණික්පාලා බිසවටත් විභීෂණ සහ රාවණ නමින් දරු දෙ දෙනෙක් සිටියා. තම රට වැසියන් හට ශිෂ්ටාචාරය යනු කුමක්දැයි කියාදුන් මහාසම්මත රජු වරෙක පියෙක් ද, සහෝදරයෙක් ද ආරක්ෂකයෙක් ද වුණා. නමුත් කාලයාගේ අවෑමෙන් ඔහුගේ දිවියේ ද අවසන් මොහොත ලඟා වුණා.
මහා සම්මත මනු රජු -: මට ඉතිරි වෙලා තියෙන කාලය බොහොම සීමිතයි. මේකයි මගේ අන්තිම අනාවැකිය. මගේ අ...අංගාගත හෙරල සටන් කලාව අනාගතයේදී විනාස වෙනවා. එත් දී... දියසේන කුමාරයා ඉපදෙනවා.... මේ හෙළ දීපේ... මට පේනවා නපුරු බලවේග මේ ලෝකේ විනාස කරන්න එනවා... මේ ලෝකේ එක...ම ගැලවුම් කාරයා ... දියසේන කුමාරයා... ම...මගේ දරු...වනේ... ඔහු...ව ආරක්ෂා කරන්න...
මණික්පාලා බිසව මහා හඬින් හඬා වැටුණා ය. මිහිකත දෙදුරුවමින් කම්පා වුණා ය.
ඔක්කාක රජ පෙළපත බිහි කළ, ලොව එක් සේසත් කළ සක්විති රජෙක් අවසන් ගමන් ගියේ ය.
FADE TO:
පිටත. 1815-1830 වසර ලංකාව - දහවල/රාත්‍රිය
FEAR සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. අපි අතීත ගැසට් පුවත්පතක් දකිමු. මෙම ගැසට් පත්‍රයට අනුව යමෙකු අංගම් ශාස්ත්‍රය හදාරයි නම් හෝ යමෙකුට උගන්වන්නේ නම් ඔහු සිරභාරයට ගත යුතු බවත්, යමෙකු අංගම් ශාස්ත්‍රය දන්නේ නම් ඔහුගේ දණහිසෙන් පහළට වෙඩි තැබිය යුතු බවත් සඳහන් වේ. අංගම් මුහන්දිරම් තනතුරු සහ අංගම් මඩු තහනම් කරනු ලැබේ. එසේම අංගම් ශාස්ත්‍රය හා අබිං ඖෂධය භාවිතය මෙම නිවේදනයෙන් මගින් තහනම් කරනු ලැබේ.
පරදේශක්කාර යුධ භටයෝ අංගම් මඩු ගිනි බත් කරමින් අංගම් කරුවන් දුටු තැන වෙඩිතබා මරමින් දරුවන්ගේ පවා දිවි තොර කරමින් ගම් නියම්ගම් සිසාරා ගමන් කරති. අපේ අංගම්, ඉල්ලංගම් සහ පණික්කි සටන් කරුවෝ යක්ෂාවේශව පර සුද්දන් මරා දමති. නමුත් ඔවුන්ගේ ප්‍රයත්නයෝ සතුරාගේ උණ්ඩ හමුවේ අසරණව ව්‍යර්ථ වෙත්. මුළු රටම එක ම චිතකයකි.
කථක (V.O.) -: අංගම් කලාවේ විනාශය ඇස් පනාපිට සිදු වන්නට යෙදුනා. හෙළ දිව මුතුන් මිත්තන් එකල අංගාගත හෙරල නමින් හැඳින්වූ අංගම් සටන් කලාව කාර්මික විප්ලවයත් සමඟ ම ලොව පුරා වසංගතයක් මෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මාෆියා වරුන්ගේ බලපෑම් මත මෙලොවින් තුරන් වන්නට යෙදුණා.
මාෆියා වරු මුළු ලොවෙහිම බලය තමන් සතු කරගෙන සිටිති. අව් කණ්නාඩි සහ යුරෝපීය ඇඳුම් හැඳගත් මරණයේ දේවතාවෝ හෙළදිව ඉතිරිව ඇති අංගම් මඩු ගිනි බත් කරමින් අංගම් කලාව සම්පුර්ණයෙන් ම ලොවින් තුරන් කර දමති.
අපි නැවතත් කැළයක් මැදින් පියාඹා ගොස් අංගම් මඩුවක් වෙතට ඇතුලු වෙමු. අංගම් ශිල්පියෝ සටන් පුහුණු වෙති. ANGAM RISE සංගීත අනුඛණ්ඩය වාදනය වේ.
අපි දැන් විවිධ සටන් ජවනිකා සහිත රූපරාමු පටයන් දකිමු. ඒවා ANGAM RISE යන සංගීත අනුඛණ්ඩයේ වාද්‍ය තීව්‍රතාවට අනුකුලව VIDEOCOPILOT TWITCH වේ.
කථක (V.O.) -: මේ ආකාරයට මාෆියා වරු මේ ලෝකයේ බලය තමන් නතුකර ගත්තා. ඔවුන්ට එදිරි වන ඕනෑම අයෙක් කිසිදු සමාවකින් තොරව ඔවුන් විනාශ කර දැම්මා. ඔවුන්ගේ ප්‍රබලතම එදිරිවාදියා වූ අංගම් වරුන් මෙලොවින් තුරන් කර දැමු බව මාෆියා වරු සිතුවා. නමුත් මාෆියා වරුන්ගේ අයෝමය හස්තයේ පහර ද නොතකා තමන්ගේ දිවි දෙවැනි කොටගෙන ශ්‍රී ලංකාද්වීපයේ ඈත ගම් දනව් වල අදටත් මහා සම්මත මනු රජුගේ අංගම් කලාව පරපුරෙන් පරපුරට ඉතා රහසිගතව රැක ගනිමින් අංගම් ශිල්පියෝ ඉතා දුෂ්කරව දිවි ගෙවනවා. මාෆියා වරුන්ගේ උකුසු ඇසට එකම අංගම් කරුවෙකු වත් හසුනොවන්නට ඔවුහු මහා කැළෑවේ හැංගෙමින් දුක් විඳිනවා. නමුත් මේ දුෂ්කර කාලයේ, මහා ආශ්චර්යයක්, මහතොට නම් නියම් ගමේ රහසිගත අංගම් මඩුවක සිදු වුණා.
අපි කුඩා බිලිඳෙක් ඉපදී සිටන ආකාරය දකිමු.
කථක (V.O.) -: මහතොට නියම් ග්‍රාමයේ එක්තරා පවුලක උතුම් දරුවෙක් ඉපදුණා. ඒ කුමරුවා අංගම් කලාවේ අනාගතය බැව් කිසිවෙකුට නොසිතුණා. මේ ඒ මහත් ආශ්චර්යයේ කතාවයි... මේ දියසේන කුමාරයාගේ කතාවයි!
CUT TO:
පිටත. අංගම් මඩුවේ අංගම් කොටුව - දහවල
වර්ටිගෝ දෘශ්‍ය ප්‍රයෝගය භාවිත කර අංගම් කොටුව මධ්‍යයේ ඇති 3D අවකාශයේ ඇති “අංගම්” නමැති නාම පුවරුව දෙසට කැමරාව ZOOM IN වේ.
FADE TO BLACK:
---------AD CUT---------
පිටත. අංගම් මඩුවේ අංගම් කොටුව - දහවල
HEART OF THE LION සංගීත අනුඛණ්ඩය වාදනය වේ. අංගම් මඩුවේ අංගම් කඩු සහ පලිහ වලින් සන්නද්ධ වූ තරුණ සටන් කරුවෝ දෙදෙනෙකි. ඔවුහු අතර දරුණු සටනකි. අවසානයේ ළාබාල සටන් කරුවා උඩ පැන අනෙකාට කඩු පහරක් එල්ල කරයි. එම ළාබාල සටන් කරුවාගේ නම බණ්ඩාර ය. අනෙකා එම පහරින් බිම වැටෙයි.
PERPERTUAL MOTION FULL සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.
බණ්ඩාර හිනාවී ජින්නා ට අත දී නැගිටුවයි.
බණ්ඩාර -: අඩේ... ඒ පාර සැර වැඩිද? ඈ හූ ඈ!
ජින්නා -: මගෙන් කුණු හබ්බ අහගන්න එපා! දිය බණ්ඩා! මම තව පොඩ්ඩෙන් සෙට්ට පෝච්චි වෙනවා මනුස්සයෝ! මොන යකෙද්ද ඔහෙට අද වැහිලා තියෙන්නේ?
බණ්ඩාර -: හරි හරි ඉතින් ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේ නෑනේ ජින්නෝ. ඉඟුරු බිස්කට් එකක් වත් කාලා ඔය මූඩ් එක ෆික්ස් කරගනින්.
PERPERTUAL MOTION FULL සංගීත අනුඛණ්ඩය NOTCH වී EYO SFX සංගීත අනුඛණ්ඩය වාදනය වී නැවතත් PERPERTUAL MOTION FULL වාදනය වීමට පටන් ගනී.
ජින්නා -: අනේ මේ මගෙන් මුකුත් නාහා ඉඳින්... හ්ම්... ඒක නෙවෙයි. ලෑස්ති ද? අද තමයි දවස.
බණ්ඩාර -: අද තමයි දවස? ඇයි අනික් දවස් දවස් නෙවෙයි ද?
ජින්නා -: බත් කන බූරුවා! තමුසෙගෙ මොලේ හොඳයි ඇලේ දාන්න. ඇයි මතක නැද්ද?
බණ්ඩාර -: නෑනේ! අම්මපා. හරිම ආන්ජමිකයි. මට මෙලෝ සංසාරෙක දෙයක් මතක නෑනේ.
ජින්නා -: නැට්ට ගහේ! ගොට්ටේ කජු. අද තමයි හටන් කරුවෝ තෝරන දවස!
බණ්ඩාරගේ දෑස් මහත් වේ. වර්ටිගෝ දෘශ්‍ය ප්‍රයෝගය මගින් කැමරාව බණ්ඩාර දෙසට ZOOM IN වේ. බණ්ඩාරගේ දෑස් කොණින් කඳුළු බිඳුවක් පිට වෙයි.
FALLING LEAFS සංගීත අනුඛණ්ඩයේ තත්පර 00.50 සිට වාදනය වීමට පටන් ගනී.
MATCH CUT TO:
ඇතුලත. වසර දහයකට පෙර බණ්ඩාරගේ නිවෙස - රාත්‍රිය
වසර දහයකට පෙර කුඩා බණ්ඩාරගේ මුහුණට MATCH CUT වේ. කුඩා බණ්ඩාර ගේ දෑසින් කඳුළු පිට වෙමින් පවතී.
බණ්ඩාරගේ පියා තම මරණ මංචකයේ සිටී.
බණ්ඩාරගේ පියා -: පුතේ... මගේ ලඟට වරෙන් මගේ පුතේ. මට උඹට කියන්න දෙයක් තියෙනවා. මගේ අන්තිම මොහොත ළඟා වෙලා තියෙන්නේ. මම උගත්ත ශාස්ත්‍රය මට උඹට දෙන්න බැරි වුනා. එත් මගේ මලයණ්ඩි මටත් වඩා හොඳට උඹට අපේ පවුලේ හටන් කලාව උගන්නාවි. මයේ කොලුවෝ. මට තියෙන.... මට තියෙන එකම දුක උඹ හටන් කරුවෙක් වෙන එක ද...දකින්න බැරි වෙච්..ච එ...කයි. පුතේ උඹේ ලෙය බලවත්. උ...ඹේ මු...තුන් මි...ත්තා තමයි...
පියාට තම අවසන් වචනය ප්‍රකාශ කරගත නොහැකි වේ. පියා මිය යයි.
බණ්ඩාර -: අප්පච්චි.......................................................................! මම කවදා හරි අංගම් මුහන්දිරම් කෙනෙක් වෙනවා අප්පච්චි! මම පොරොන්දු වෙනවා. මයේ අප්පච්චි.
FADE TO:
පිටත. අංගම් මඩුවේ අංගම් කොටුව - දහවල
බණ්ඩාර අත මිට මොලවයි.
බණ්ඩාර -: ඔව් ජිනේ. මට දැන් මතකයි. මම අද කොහොම හරි හටන් කරුවෙක් වෙනවා. මම කෙනෙකුට පොරොන්දුවක් වුනා. මගේ අප්පච්චි කියල තියෙන්නේ කෙනෙකුට පොරොන්දුවක් වුනොත් ඒක කොහොම හරි, මොන ක්‍රමයෙන් හරි ඉෂ්ට කරන්න කියලයි.
ජිනිදු, බණ්ඩාරගේ පිටට තට්ටු කර කරට අත දමා ගනී. THIRD PERSON BACK VIEW තුලින් ඔවුන් දෙපල ගමන් කරන ආකාරය අපි දකිමු. ඔවුන් ගේ හිසට උඩින් දක්නට ලැබෙන්නේ ඈත දිස්වෙන කඳු පෙළ මතින් දිස්වෙන නැගෙන හිරු ය.
FADE TO BLACK:
ඇතුලත. අඳුරු ස්ථානය - රාත්‍රිය
SUN DOWN සංගීත අනුඛණ්ඩය වාදනය වේ.
අඳුරු පුද්ගලයා 1 -: මට මේ ලැබෙන විස්තර හරියටම හරිද?
අඳුරු පුද්ගලයා 2 -: මට බොරු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියල හිතනවද ඔහේ?
අඳුරු පුද්ගලයා 1 -: හ්ම්! එකත් හරි. මහතොට නියම් ගමේ එහෙනම් අංගම් මඩුවක් තියෙනවා හා.......... වැඩි කාලෙකට නෙවෙයි........! හහ්හඃහා... හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තමුන්ට මේ පාවා දීමෙන් ලැබෙන වාසිය මොකද්ද?
අඳුරු පුද්ගලයා 2 -: බොහොම සරලයි. මට මාෆියා කල්ලියට බැඳෙන්න ඕනේ. මට අංගම් කලාව ඇති වෙලා.
අඳුරු පුද්ගලයා 1 -: සහෝදරයා! ඔබව මාෆියාවට සාදරයෙන් පිලිගන්නවා!
අඳුරු පුද්ගලයෝ දෙදෙනා අතට අත දෙති.
අඳුරු ඡායාවක් පමණකින් මුහුණක් දක්නට ලැබේ. එහි දෑස් රතු පහන් දිදුලයි. අඳුරු දෑත් වලින් අව් කන්නාඩි යුගලක් ගත් පාවා දෙන්නා එය දෑසේ පැළඳ ගනී.
FADE TO BLACK:
---------AD CUT---------
පිටත. අංගම් මඩුව - දහවල
NO WHERE TO RUN සංගීත අනුඛණ්ඩය වාදනය වේ. අංගම් මඩුවේ ගුරුන්නාන්සේ අංගම් පිලේ දක්ෂතම ශිෂ්‍යයා වන අජිත් සමඟ සටන් කරයි. ඉතා දරුණු සටනකි. සටන අවසානයේ අජිත් පරාජය වෙයි.
A LITTLE HOPE සංගීත අනුඛණ්ඩය වාදනය වේ.
ගුරුන්නාන්සේ -: බොහොම හොඳයි අජිත්. එත් තවමත් තමුන්ගේ ඉල්ලංගම් ශිල්පෙ දියුණු නැහැ. එහෙම වුණා නම් දැනටමත් තමා දක්ෂ සටන් කරුවෙක් වෙලා.
අජිත් -: සමාවෙන්න ගුරුන්නාන්සේ! මම ගොඩක් උත්සාහ කරනවා. එත් තවමත් මට ඉල්ලංගම් ශිල්පය උපරිමව දියුණු කරගන්න පුළුවන් වෙලා නෑ. මම දන්නේ නෑ ඇයි කියන්න.
ගුරුන්නාන්සේ -: ඉවසන්න දරුවා. ඉවසන්න. කාලයත් සමඟ ඔබේ හැකියාව ඉබේම ඔපමට්ටම් වෙලා ඒවි.
FUN FRENZY සංගීත අනුඛණ්ඩය වාදනය වේ. අංගම් පිලට බණ්ඩාර පැමිණෙයි.
බණ්ඩාර -: අඩේ! මන් ආවා ඈ... හූ ඈ! මන් පරක්කුද? නෑනේ! බඩු බනිස් ඈ!
ගුරුන්නාන්සේ (V.O.) -: හපෝ... මූ ආවා. දැන් මුළු අංගම් මඩුවම ඉවරයි!
සංගීත ඛණ්ඩය NOTCH වී EYO ශබ්ද ඛණ්ඩය වාදනය වේ.
බණ්ඩාර දුටු මොහොතේ පටන් සුජානි ගේ මුහුණ විලියෙන් රතු වේ. ඇය බණ්ඩාරට රහසේ ආදරය කරන්නියකි. නමුත් ඇය බණ්ඩාරට වඩා වසරකින් වැඩිමල් ය.
නැවතුනු ස්ථානයේ පටන් FUN FRENZY සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. බණ්ඩාර සුජානි අසලින් යයි.
සුජානි (විලියෙන් ඇඹරෙමින්) -: කොහොමද බණ්ඩාරේ?
බණ්ඩාර -: ආ සුජානි අක්කේ බඩු බනිස් ඈ!
සුජානිට හොඳටම තරහ යයි. TIME TO GET AWAY සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.
සුජානි -: මොකද්ද මල්ලි ඒ කියපු කැත කතාව? හික්මීමක් කියල දෙයක් අහල නැද්ද ඔයා? හඃ.
බණ්ඩාර -: අෆොයි මොකද නැත්තේ! හික්.. මීමා! ඒ අලුතෙන් බට් කරලා හදපු මීමෝ ජාතියක් නේ.
සුජානි -: අයියෝ!
ගුරුන්නාන්සේ -: ඔක්කොමල කටවල් වහගන්නවා. මේක මගේ අංගම් මඩුව. මේකේ හැසිරෙන්න ඕනේ මං කියන විදිහට.
බණ්ඩාර -: එහෙමයි ගුරුන්නාන්සේ!
WE ARE ONE සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.
ගුරුන්නාන්සේ -: හරි ඔක්කොම පෙළ ගැහෙන්න එහෙනම්. අද මේ හටන් වලින් දිනන අය තමයි අංගම් හටන් කරුවෝ වෙන්නේ. බැරි වෙන අයට ලබන අවුරුද්දේ තමයි! අංගම් මඩුවේ හිටපු පලියට ඔය හැමෝම අංගම් කරුවෝ වෙන්නේ නැහැ. අද අලුතෙන් අංගම් මඩුවට ආපු කොලු කෙලි පැටික්කියන්ට මම අංගම් කියන්නේ මොකද්ද කියල කියලා දෙන්නම්. අවුරුදු දහස් ගණනකට එපිට මහා සම්මත රජ්ජුරුවෝ තමයි මේ ලෝකෙට අංගම් හටන් කලාව හඳුනවලා දුන්නේ. අපි උන්නාන්සේට වන්දනා මාන කරලා තමයි අපේ හටන් පටන් ගන්නේ. එහනම් අපි අංගම් වන්දනාව පටන් ගනිමු.
සියල්ලෝම අංගම් වන්දනාවේ නිරත වෙති. ඇස් වසාගෙන භාවනා කරන ආකාරයෙන් සිටිති. ජින්නා පමණක් එක ඇසක් ඇර බලයි. ගුරුන්නාන්සේ අජන්ත දෙස රවා බලයි. ඔහු ඉක්මනින් ඇස් වසා ගනී.මඩුවට එපිටින් ඉර බැසගෙන යන අලංකාර දර්ශනයක් දකිමු.
WE ARE ONE සංගීත අනුඛණ්ඩයේ නිමාවත් සමඟ අංගම් වන්දනාව නිමවේ.
FIGHT OF YOUR LIFE සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.
ගුරුන්නාන්සේ -: හොඳයි එහෙනම්. මම නවත්තපු තැනින් කතාව පටන් ගන්නම්. මහා සම්මත රජතුමා ආරම්භ කරපු අංගම් සටන් කලාව අපේ රටේ රජ කරපු රාවණා රජතුමාගේ කාලේ දී ලෝකයේ බලවත් ම සටන් කලාව වුණා. එතකොට ලෝකය පාලනය කලේ අංගම් වරු! එත් පිට දෙසෙන් හෙළ දිවට ආපු රාම කුමාරයා රාවණා රජතුමා මරලා දැම්මා. එදා ඉඳන් අපේ අංගම් කලාව පිරිහුණා. එත් 2වෙනි රාජසිංහ රජතුමාගේ කාලේදී අංගම් කලාව නැවතත් ශක්තිමත් වුණා. එත් එක්දාස් හත්සිය ගණන් වල කාර්මික විප්ලවයත් එක්ක කාලකන්නි මාෆියා වරු බලවත් වෙන්න පටන් ගත්තා. උන් අපේ වරිගය විනාස කරලා දැම්මා. පෘතුගීසි මාෆියා වරු අපේ රට බලෙන් අල්ල ගත්තා. ඊට පස්සේ ලන්දේසි මාෆියා වරු, අන්තිමට ම ගෙරි ඉංග්‍රීසි මාෆියා කාලකන්නි. උන් අපේ වරිගය දැක්ක දැක්ක තැන උන්ගේ ගිනි බට වලින් වෙඩි තියලා මරලා දැම්මා. අදටත් එහෙමයි. අද අංගම් කලාව අපි රැක ගන්නේ මේ වගේ හොර රහසේ කැලෑ මැද්දේ අංගම් මඩු හදාගෙනයි. උන් අපිව නැත්තට නැති කළා. උන්ගේ ඉවට අහු නොවෙන්න අපි උන් දැකපු තැන පැනල දුවනවා. එක තමයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.
ගුරුන්නාන්සේගේ දරුවන් සහ බිරිඳ මාෆියා කරුවන් විසින් මරා දමන අයුරු ගුරුන්නාන්සේට මතක් වෙයි. ගුරුන්නාන්සේ ගිනි වෙළුණු වේලායුධයකින් සටන් කල ද පලක් නොවේ. ගුරුන්නාන්සේ ගේ ඇසට කඳුළු බිඳක් නගී.
FADE TO BLACK:
---------AD CUT---------
ගුරුන්නාන්සේ ඇසට නැගුනු කඳුළු බිඳ පිසදා ගනී.
BIG BREAKTHROUGH සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.
ගුරුන්නාන්සේ -: දරුවනේ! අද තමයි දවස. අද සටන් වැදිලා ජයග්‍රහණය කලොත් මේ දරුවනට අංගම් සටන් ශිල්පියන් වෙන්නට පුළුවන්. අද දවසේ සටන් වැදෙන ගොඩ හරඹ සටන් කාරයෝ මේ අංගම් මඩුවේ ඉන්න හැම කෙනෙක්ටම හඳුනාගන්න පුළුවන් වෙන්න මම දැන් කලඑළි බස්සනවා. එහෙනම් හඳුනාගන්න අද දවසේ පලවෙනි සටන් කාරිය සුජානි බෝගොල්ලාගම...
සුජානි වික්‍රමාන්විත ලීලාවෙන් කඩුවක් කරකවමින් පැමිණ සිටගන්නීය.
ගුරුන්නාන්සේ -: අංජලී රණසිංහ.
අංජලී වික්‍රමාන්විත ලීලාවෙන් කලාකිරිඤ්ඤ කරකවමින් පැමිණ සුජානිගේ පසෙකින් සිටගන්නීය. ඔවුහු දෙදෙනා මුහුණට මුහුණ බලා රවතී.
අංජලී සහ සුජානි ගේ හිස් දෙක දෙපසින් එකිනෙකා දෙස බලා සිටිති. එකවරම අකුණු සැරයක් (AFTER EFFECTS ADVANCED LIGHTENING) ඔවුන්ගේ ඇස් දෙක තුළින් එකිනෙකා වෙත විහිදේ.
ගුරුන්නාන්සේ -: කුසුම් පවිත්‍රා.
කුසුම් ලැජ්ජාශීලීව දිගු යෂ්ටියක් ගෙන කළ එලි පැමිණෙන්නීය.
ගුරුන්නාන්සේ -: ජින්දු ප්‍රවීන්.
ජින්නා යගදාවක් රැගෙන පැමිණ සිටගනී.
ගුරුන්නාන්සේ -: රොමේෂ් ක්‍රිශාන්ත.
රොමේෂ් වික්‍රමාන්විත ලීලාවෙන් කඩුවක් සහ පලිහක් රැගෙන පැමිණ සිට ගනී. ඔහු ඉතාම ලස්සනය. ඔහුගේ දිගු හිසකෙස් වරලස සුළගේ තාලයට පැද්දෙයි.
ගුරුන්නාන්සේ (මුහුණ නොරොක් කරගනිමින්) -: දියසේන බණ්ඩාර.
දියසේන බණ්ඩාර වේලායුධයක් කරකවමින් පැමිණෙයි. නමුත් අතරමඟදී දියසේන වේලායුධයේ පැටලී බිම ඇද වැටෙයි. එකවරම BIG BREAKTHROUGH සංගීත අනුඛණ්ඩය NOTCH වේ.
නැවතත් බණ්ඩාර නැගී සිටී. BIG BREAKTHROUGH සංගීත අනුඛණ්ඩය නැවතත් වාදනය වන්නට පටන් ගනියි.
පළමු සටන්කාරියගේ සිට දියසේන දක්වා කැමරාව TRACK MOVEMENT වේ. ඔව්හු සියල්ලෝම විවධ හරඹ කරමින් සිටිති.
ගුරුන්නාන්සේ -: එහෙනම් දරුවනේ පලවෙනි තරඟය, සුජානි සහ අංජලී.
FIGHT සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. සුජානි සහ අංජලී සටන් කවයට පැමිණෙති.
අංජලී -: මමයි දිනන්නේ.
සුජානි -: එව්වා හඳේ නංගි!
බණ්ඩාර -: කමෝන් සුජානි!
සුජානි -: අංගම් කලාව පොර හරඹ දික් ගුටි පහර!
සුජානි ගේ දික් ගුටිය අංජලී වලක්වයි.
ගුරුන්නාන්සේ -: බොහොම හොඳයි. අංගම් සටනේ මුල් ම ශිල්ප ක්‍රමය වෙන්නේ අවි ආයුධ වලින් තොරව කරන අංගම් පොර ශිල්පය!
අංජලී -: හඃ! එව්වා කොහෙද මාත් එක්ක. ඉල්ලංගම් කලාව දික් කඩු ශිල්පය!
අංජලී දිග කඩුවක් ගෙන සටන් කරන්නී ය.
සුජානි -: ඉල්ලංගම් කලාව කලාකිරිඤ්ඤ ශිල්පය!
ගුරුන්නාන්සේ -: ඉතා ම විශිෂ්ටයි. අංගම් සටන් කලාවේ දෙවෙනි ශිල්පය ඉල්ලංගම් කලාව නොහොත් අවි ආයුධ සමඟ කරන හටන.
අන්ජලී අතින් ගැටයක් දමා සුජානිව බිම දමයි.
සුජානි -: අංගම් කලාව පොර හරඹ වැලි විදිල්ල!
අංජලීට මොහොතකට කිසිවක් නොපෙනේ. ඒ අවසරයෙන් සුජානි පහර කිහිපයක් අංජලී වෙත පතිත කරන්නී ය.
ගුරුන්නාන්සේ -: වැලි විදිල්ල වගේ පොර හරම්බයකින් තමන්ගේ අවට තියෙන පරිසරය තමන්ගේ වාසියට හරවගන්න පුළුවන්. සුජානි බොහොම හොඳට සටන් කරනවානේ.
අංජලී -: ආහ්! මේක මහා කුජීත වැඩක්. ඇයි මට මේ සක්කරවට්ටම එක්කම හටන් කරන්න සෙට් වුනේ?
සුජානි -: හඃ! මම ඉල්ලලා කැමැත්තෙන් ආව කියල කිව්වේ නැහැනේ. එක ගුරුන්නාන්සේගේ තෝරා ගැනීම.
ගුරුන්නාන්සේ (V.O.) -: සුජානි බොහොම දක්ෂයි. අන්ජලීට වඩා. එත් සුජානිගේ හිතේ බය තියෙනවා. තමන්ගේ හිතේ බය තියාගෙන සැබෑ හටන් කාරියක් වෙන්න බැහැ. අනික් අතට අංජලී සුජානි නිසා ඇති වෙච්ච ඉරිසියාව නිසා තමයි සටන් කරන්නේ. ඒ ඉරිසියාව අංජලීට ශක්තිය දෙනවා. එත් අන්ජලීගේ අංගම් හැකියාව අඩුයි. නමුත් මේ තියෙන තත්ත්වේ හැටියට බොහෝදුරට....
අංජලී -: අංගම් කලාව ගැටපූට්ටු හරඹ පිඹුරු ගැට ශිල්පය.
අංජලී සුජානිව බිම දමයි. ගැටයට හසු වුනු සුජානිට කිසිවක් කර කියාගත නොහැක.
---------AD CUT---------
19773 සංගීත අනුඛණ්ඩය වාදනය වේ. සුජානි පරදී.
ගුරුන්නාන්සේ -: ජයග්‍රාහික සටන්කාරිය අංජලී! අංජලී, අංගම් රණ පිලට ඔබව සාදරයෙන් පිලිගන්නවා. සුජානි... ලබන අවුරුද්දෙවත් බලමු.
4529181346 සංගීත අනුඛණ්ඩය වාදනය වේ. සුජානි බණ්ඩාර අසලින් බිම බලාගෙන යන්නී ය.
බණ්ඩාර -: හෆෝ...ඔව්වා ගණන් ගන්න එෆා අක්කේ... ඔහොම දේවල් ද මිනිස්සුන්ට වෙන්නේ? නැට්ට පිටින් අලි මැරෙන රටක් මේක.
සුජානි -: ම්හ්! ත්ච්හ්!
BUILDING THE TIME MACHINE සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.
ගුරුන්නාන්සේ -: එහෙම නම් මම කියල දෙන්නම් ඔය ළමයින්ට අංගම් කලාවේ තුන්වෙනි සහ අන්තිම කලාව.... මේක තමයි අංගම් සටන් කලාවේ අපහසුම ඒ වගේම විරලම සටන් අංගය. මේ කලාව උපරිමව වැඩිදියුණු කරපු කෙනෙක් අංගම් මුහන්දිරම් කෙනෙක් වෙනවා. එහෙනම් දරුවනේ බලාගන්න! මායා අංගම් කුණ්ඩලණි යෝග ගිනි හරඹ!
ගුරුන්නාන්සේ තම අතින් ගිනි දළුවක් මවයි. එය තම සිරුර වටා ගෙන යයි.
ගුරුන්නාන්සේ -: නමුත් ඔය හැම කෙනෙක් ම මතක තබාගත යුතු දෙයක් තිබෙනවා. අපි මායා අංගම්, හටන් වලදී භාවිතා කරන්නේ නැහැ. මාෆියා වරුන් මායා අංගම් කරුවන් ව පිස්සු බල්ලෝ වගේ පස්සෙන් පන්නලා අල්ලගන්නවා. මරලා දානවා. ඒක නිසා කිසි කෙනෙක්ට මායා අංගම් සටන් ශාස්ත්‍රය මම කියල දෙන්නේ නැහැ. මායා අංගම් කලාව තහනම් ශාස්ත්‍රයක්. නමුත් අංගම් හටන් කලාවේ මස්තක ප්‍රාප්ත වුණු අති දක්ෂයෙක් අංගම්, ඒ කියන්නේ ආයුධ රහිත හටන, ඉල්ලංගම්, ඒ කියන්නේ අවි ආයුධ සහිතව කෙරෙන සටන, ඒ වගේම මායා අංගම්, මානසික බලයෙන් කෙරෙන සටන. මේ කියන තුන් සටන එකිනෙක සමඟ දක්ෂ ලෙස හසුරුවන්නට පුළුවන් කම තියෙනවා. නමුත් ඔය දරුවන්ට කරන එකම අවවාදය නම් මේ අංගම් මඩුවේ ඉන්නවනම් මායා අංගම් ශාස්ත්‍රය ඔය දරුවන්ට තහනම් කියන එකයි. එහෙනම් දරුවනේ අපි අපේ ගොඩ හරඹ සටන් පවත්වගෙන යමු.
බණ්ඩාර ඉඟි මරයි.
19774 සංගීත අනුඛණ්ඩය වාදනය වේ.
ගුරුන්නාන්සේ -: බොහොම හොඳයි. අංගම් පිටියේ මීළඟ සටන! අජිත් සමඟ දියසේන!
බණ්ඩාර -: හනේ. ගුරුන්නාන්සේ මට දියසේන කියන්න නම් එෆා! එය්යියා. මොන මඟුලක් ද.
ගුරුන්නාන්සේ -: ඒ මොක ද ඒ? දැන් ‘දියසේන’ කියන්නේ තමන්ගේ මුල් නම නෙවෙයි ද?
බණ්ඩාර -: ඒ...ඔව් ඉතින් එත් ඒක මහා ගොඩේ නමක්නේ... ඉකෙය්යියා. බඩු බනිස් ඈ. හූ ඈ!
HEART OF THE LION සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.
ගුරුන්නාන්සේ -: මම එක දෙයක් ඔය ළමයට කියන්නම්. තමන් කවු ද කියන එක අමතක කරන කෙනාට කිසි දවසක් හරි යන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න! හරි දැන් කතා කළා ඇති! සටන් කරනු!
බණ්ඩාර සහ අජිත් අතර දරුණු සටනක් ඇති වේ.
බණ්ඩාර -: මුළු අංගම් පිලේ හොඳම හටන් කාරයත් එක්ක මාව සටනට දැම්මේ ඇයි අෆ්ෆා! නිකන් වත් මම පැරදුනොත් මල සාටර් නේ!
අජිත් -: හාහ්! එහෙනම් මේ දිනන්නයි ඇටිකිච්ච්චා ලෑස්ති වෙලා ඉන්නේ! එහෙනම් කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි!
බණ්ඩාර -: මම කවදාහරි අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්නයි හිතාගෙන ඉන්නේ! අංගම් කලාව මරු කලා නිල ශිල්පය!
සෑම පහරක් ම අජිත් විසින් වලක්වනු ලබයි.
අජිත් -: හාහ්. ඇටිකිච්චාටත් යමක් කමක් පුළුවන් වගේ! හොඳට සටන් කරනවා! හැබැයි ඔය සෙල්ලම් වලින් මගේ මයිල් ගහක් වත් ගලවන්න ඔහේට බෑ ඇටිකිච්චෝ! හරි ද? ඔහේ කවදාවත් අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්න බැහැ! ඉල්ලංගම් කලාව පාරා වළලු ශිල්පය.
පාරා වළල්ල බණ්ඩාර ගේ මුහුණේ ගෑවී නොගෑවී යයි. නමුත් බණ්ඩාරගේ ඒක කෙස් ගසක් පාරා වළල්ලෙන් කැපී යයි.
බණ්ඩාර -: හම්මෝ! බයෙත් බැහැ! ඉල්ලංගම් කලාව යගදා ශිල්පය!
අජිත් -: එහෙම ද? ඉල්ලංගම් කලාව යගදා ශිල්පය!
සටන තීව්‍ර වෙයි! අජිත්ගෙ යගදාව කැඩී යයි. අජිත් වහා පිම්මක් පැන දික් කඩුවක් ගනී.
අජිත් -: ඉල්ලංගම් කලාව දික් කඩු ශිල්පය.
බණ්ඩාර වේලායුධයත් දික් කඩුවත් දෙස බලා දික් කඩුව තෝරා ගනී.
බණ්ඩාර -: ඉල්ලංගම් කලාව දික් කඩු ශිල්පය!
සටන නැවතත් තීව්‍ර වෙයි. බණ්ඩාර තීරණයක් ගනී.
බණ්ඩාර -: මායා අංගම් කුණ්ඩලණි යෝග අග්නි කඩු ශිල්පය!
මතු සම්බන්ධයි.............