සොදුරු සත්පුරුශ ඔවදන්..........

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
සොදුරු සත්පුරුශ ඔවදන්..........

64538_187009408111407_344686267_n.jpg


සිතින් චෝදනා නොලබන්නන් වෙමු..................

සමාන්‍යය කෙනාගේ ස්වභාවය තමයි භාහිර ප්‍රශංසාවට කැමතියි. ලෝකයාගේ ප්‍රශංසාව හොයාගෙන යනව. ප්‍රශංසාව ලබාගන්ට හැම දෙයක්ම කරනව. යන්නෙ එන්නෙ කතා කරන්නෙ හැම එකක්ම කරන්නෙ ප්‍රශංසාව බලාපොරොත්තුවෙන්. අන්තිමට එයා රඟපාන චරිතයක් බවට පත්වෙනව. එයාගේ සංවරය තියෙන්නෙ ඉන්න තැන විතරයි. ඇයි එයා ප්‍රශංසාව බලාපොරොත්තුවෙන්නෙ ඉන්නෙ. අනුන්ගේ ප්‍රශංසාවට කැමතියි. ඒක එයා හොයනව. ඉතින් එයා ඒ සඳහා තමයි කටයුතු කරන්නෙ. අන්තිමට එයා සට කපට මායා ආදී අකුසල් තමයි පෝෂනය කරන්නෙ. ඇයි එයා හොයන්නෙ අනුන්ගේ ප්‍රශංසාව.

ඒ නිසා කවදාවත් අනුන්ගේ ප්‍රශංසාව හොයාගෙන කටයුතු කරන්නට එපා. අනුන්ගේ ප්‍රශංසාව බලන කෙනා ප්‍රමාදයට යනව මයි. එයා මුලාවෙලා යනව. අනුන්ට අහුවෙලා යනව. යම් යම් අයගෙ පුංචි ප්‍රශංසාවට අහුවෙලා තමන්ගෙ කාලය නාස්ති කරගන්නව. අප්‍රමාදය කරා යන්ට එයාට බැරුව යනව. එයා මොහොතින් මොහොත ප්‍රමාදය කරා යනව. ඒ නිසා අපි කළ යුත්තේ තමාගේ හිත තමාටම ප්‍රශංසා කරන කෙනෙක් බවට පත්වෙන්ට. බාහිර ප්‍රශංසාව අපිට වැඩක් නෑ. තමාගේ හිත තමාට ප්‍රශංසා කරන්න කටයුතු කරන්න.

ඒ වගේම බාහිර නින්දාවට බය වෙන්ටත් එපා. බාහිරින් අපි නින්දා ලැබිය යුත්තෙක් නොවිය යුතුයි. විශේෂයෙන් තමාගේ හිත තමාට චෝදනා නොකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. ඉතින් බාහිර ලෝකයෙන් අපිට චෝදනා එයි නින්දා එයි. ඒව ගැන අපිට කරන්ට දෙයක් නෑ. නින්දා ලැබිය යුත්තෙක් වුනොත් බාහිරින් සහ අභ්‍යයන්තරයෙන් දෙකෙන්ම නින්දා එනව මයි. හැබැයි තමාගේ හිත තමාට චෝදනා කරන්නෙ නැත්නම්, තමාගේ හිත තමාට නින්දා කරන්නෙ නැත්නම්, බාහිර ලෝකයේ නින්දාවෙන්, බාහිර ලෝකයේ චෝදනාවෙන් තමා යටවෙන්නෙ නෑ. ඒ නිසා තමාගේ හිත සමඟ චෝදනා නොකරන කෙනෙක් බවට පත්වෙන්න.



෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
(දිනමිණ දවසේ සිතුවිල්ල)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
200523_187546818057666_1015367785_n.jpg


ජීවිතය ආරක්ෂා කර ගනිමු...........

තමන්ගෙ ජීවිතය ආරක්ෂා කරගත යුත්තේ තමන් විසින් ම යි. තමන්ගෙ ජීවිතයට තව කෙනෙකුට ආරක්ෂාව ලබා දෙන්ට පුළුවන්කම ලැබෙන්නෙ නෑ. බාහිර අය මොන තරම් රැකවල් දාගෙන හිටියත් තමන් තමන්ගෙ ජීවිතය ආරක්ෂා කර නොගත්තොත්, ඒ බාහිර රැකවල් වලින් අපිට සැබෑම රැකවරණයක් අත්වෙන්නෙ නෑ.

එතකොට අපි තමන්ගෙ ජීවිතය තමා විසින් ම රැකගන්නේ කොහොම ද කියන කාරණය බාහිරින් මොනතරම් කරදර පීඩා හිරිහැර ලැබුනත් ඒවයින් තමාගෙ ජීවිතය මුළුමනින් ම වනසන්ට කාටත් පුළුවන්කම ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි තමාගේ රැකවරණය තමා විසින් ම සලසා ගන්නා ආකාරය තේරුම් ගන්ට ඕනැ.

අත්භූත, නොපෙනෙන, අපිට තේරුම් බේරුම් කරගන්ට බැරි, තව කෙනෙක් විසින් කරල දෙන දෙයක් නෙවෙයි. තව කෙනෙක් නැතුව මේ ධර්මය පුරුදු කරගන්ට බෑ කියල අදහසක් නෙවෙයි තියෙන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ මඟ පෙන්වීමක් නැතිව ධර්මය පුරුදුකරනවා කියන එක නෙවෙයි. මඟ පෙන්වීමක් වුවමනයි. නමුත් බාහිර කෙනෙක් නැතුව තමා විසින් ම කරගන්න එකක් මේක.

ඒ කියන්නෙ තමාගේ ජීවිතයේ ස්වභාවය තමන් ම විමසල දැනගන්ට ඕනැ "මම යහපත් දේ ද කරන්නෙ? අයහපත් දේ ද?", "එහෙනම් අයහපත් දේ බැහැර කරගන්ට ඕනැ, යහපත් දේ පුරුදු කරගන්ට ඕනැ" කියල. එච්චරයි කරන්ට තියෙන්නෙ. එතකොට ඒක බාහිර කෙනෙක් කරල දෙන්නෙ නෑ. බාහිර කෙනා කරල දෙන්නෙ මොකක් ද? ඒකට මඟ පෙන්වීම, උනන්දු කිරීම, දිරිගැන්වීම, උපකාර කිරීම, විතරයි. එහෙම නැත්නම් ආශිර්වාද කරනව.

ඒ ටික තමයි බාහිර කෙනෙකුගෙන් කරගන්ට තියන දේ. එතකොට නොදන්නා දේ අසා දැනගන්ටත් පුළුවන්. ඊට වඩා බාහිර කෙනෙකුගෙන් උපකාර අපිට ලබාගන්ට බෑ. හැබැයි බාහිර කෙනාගෙන් ඒ උපාකරය ලබා නොගෙන අපිට අපේ ජීවිතය හැඩගස්සා ගන්ටත් බෑ. ඒකට හේතුව තමයි, අපි 'හරි දේ මෙයයි, වැරදි දේ මෙයයි" කියන කාරණය තෝරා බේරගන්ට පුළුවන් ස්වභාවයක නෙවෙයි ඉන්නෙ. හරි මෙයයි, වැරදි මෙයයි, කියල තෝරා බේරගන්ට අපිට ම පුළුවන් නම්, එකිනෙකා තම තමන්ගෙ ජීවිත තනි තනියෙන් දියුණු කර ගන්නව. එහෙම වෙන්නෙ නෑ.

කළ්‍යාණ මිත්‍රයා විසින් පෙන්වාදෙන මඟ පෙන්වීම ඔස්සේ තමයි හරි වැරදි තෝරගන්ට පුළුවන්කම තිබෙන්නෙ. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට උපකාර වන්නෙ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට හරි දේ මෙයයි වැරදි දේ මෙයයි කියල හරියට ම කියා දෙනව.

ඊලඟට හරි වැරදි තේරුම් ගැනීම පිණිස සිහිය උපද්දවා ගන්නා ආකාරයට, වැරදි දේ බැහැරන්ට වීරිය ඇතිකර ගන්නා ආකාරයට ඒ ධර්මය තුළින් අපිට උපකාර ලැබෙනව. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගත යුත්තේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමෙන් වැරදි දේ අඳූනාගෙන බැහැර කරන්ටත් හරි දේ අඳූනාගෙන පුරුදු කරන්ටත් අපි තුළ වීරිය ඇතිවෙනව. එතකොට එබඳූ වීරියක් නැත්නම් අපිට හරි වැරද්ද තෝරගන්ටත් බෑ, වැරදි බැහැර කරමින් හරි දේ පුරුදු කරන්ටත් බෑ.

ඒ නිසා හොඳට මතක තියාගන්ට, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල ඒ ධර්මය ඉගෙන ගැනීම පිණිස, කළ්‍යාණ මිත්‍ර උපකාරය වුවමනයි. නමුත් ඒ ධර්මය පුරුදු කරගැනීම තමා විසින් ම කළ යුතුයි. ඒක වෙන කෙනෙක් කරල දෙන්නෙ නෑ. ඒ නිසා මේක හොඳ ට මතක තියාගෙන, තම තමාගේ ජීවිත ගැන ගොඩාක් විමසිලිවත් ව සිටිය යුතුයි. විමසිලිවත් ව ඉඳිමින් කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා, යහපත් බවට පත්කර ගන්ට කව්රුත් කල්පනා කළ යුතුයි.


෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
(දිනමිණ දවසේ සිතුවිල්ල)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
427340_211001782378836_1697512930_n.jpg


ගුණ ධර්ම තුලින් දියුණුවන නිවන් මග......

මේ ජීවිතයේදීත් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණගැහුන. හැබැයි එසේ වුනත් අපේ ජීවිතයට
1.කල්‍යණමිත්‍ර ඇසුර
2.සද්ධර්ම ශ්‍රවනය
3.යෝනිසෝ මනසිකාරය
4.ධම්මානු දම්ම පටිපාදව

කියන අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගත්තෙ නැත්නම් අපිට අපහු සැරයක් කලින් ආපු ගමන යන්ට සිද්ධවෙයිද නැද්ද? සිද්ධවෙයි. ඇයි අපිට අතීතයේදි නිදහස් වෙන්ට බැරි වුනේ? සෝතාපත්ති අංග අපේ ජීවිතයට අපි පමුණුව ගත්ත නැති නිසා.

අපි අපේ ජීවිතයට ඕනැ දේවල් අපේ ජීවිතයට පමුණුවා නොගත්තොත් ආපු ගමන අපසු යන්ට අපිට සිද්ධ වෙනව. අපේ ජීවිතයට අපි පමුණුවා ගත යුතු අංග මොනවද? කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගන්නට ඕනැ. ධර්මය ඉගෙන ගත්ත පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය පාඩම් කළ පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය අන් අයට කියා දුන් පමණින් ඒක වෙන්නෙත් නෑ. සමාධිය වැඩුවා කියලත් ඒක වෙන්නෙ නෑ.

ඒ සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ වෙන්නෙ
1.නිහතමානී කම
2.කීකරු කම
3.අවංක භාවය
4.සටකපට මායා නැති ගතිය
5.කළ ගුණ දන්නා කම

කියන මෙන්න මේ ගුණ ධර්මය අපේ ජීවිතයට පමුණුවා ගත්තොත් අපිටත් සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්ට අවස්ථාවක් ලැබෙනව. ඒ ගුණධර්ම වලින් බැහැරව කිසි කලක සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්නට ලැබෙන්නෙ නෑ.

ඒකයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නෙ සමහර භික්ෂූන් ඉන්නව ඒ අය මුරණ්ඩුයි. මුරණ්ඩුයි කියල කියන්නෙ කියන දේ අහන්නෙ නෑ. ඒ අය වංචාකාරී චාටු බස් පාවිච්චි කරනව කියන්නෙ සට කපට මායා වංචාකාරී අදහස් වචන පාවිච්චි කරනව. ඊලඟට ඒ අය මාන්නක්කාරයි. මම දන්නව කියන අදහසේ ඉන්නෙ. තව කෙනෙකුගෙන් මොකටද අහන්නෙ කියන අදහස එයාගෙ හිතේ තියෙනව. ඉතින් එයා කල්‍යාණ මිත්‍රයට අහුම් කණ් දෙන්නෙ නෑ.

ඒ නිසා එබඳූ ගතිගුණ තියෙනව නම් අන්න එබඳූ භික්ෂූන් මට අයිති නෑ කියල කියනව. හැබැයි ඒ අය සිල් රකිනව. ධර්මය ඉගෙන ගන්නව, ධර්මය කියල දෙනව. සමහර විට භාවනාත් කරනව. දැක්කද බුදුරජාණන් වහන්සේට අයිති නැති විදිහ. එහෙනම් අපි මුලින්ම වහ වහා කර ගත යුතු දේ මොකක්ද? නිහතමානී බව ඇති කර ගැනීම. කීකරු බව ඇතිකර ගැනීම. සට කපට මායා නැතිකර ගැනීමට. කළ ගුණ දන්නා කම ආදී ගුණ ධර්ම අපේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම තමයි කළයුතු වන්නේ. අන්න ඒ ගුණධර්ම තියෙන කෙනා කල්‍යාණ මිත්‍රයාට සමීප වෙනවා මයි.

ඒ ගුණ ධර්ම නැති කෙනා කල්‍යාණ මිත්‍රයා ගැන කතා කරයි. කල්‍යාණ මිත්‍රයාට වන්දනා කරයි එයාගෙ ගුණත් කියයි. හැබැයි එයා ඇසුරු කරන්නෙ නෑ. කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කියන්නෙත් සට කපට මායා වලින් යුතුවමයි. ඇයි අවංක නැති කෙනා ලඟ තියෙන්නෙ සට කපට මායානෙ. එතකොට ඒක තමයි ගුණ කීම සඳහා පාවිච්චි කරන්නෙ. සට කපට මායා නැති කෙනා ලඟ අවංක බව තියෙනව. අවංක භාවය තුලින් ගුණ කියනව. ඒ නිසා කෙනෙකුගේ ගුණ කිවූ පමණින්ම එයා කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන අදහස එන්නෙත් නෑ. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ අපි තුල අර ගුණධර්ම දියුණු කරගන්ටයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
 
  • Like
Reactions: MNV

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
598546_168277213317960_1390624476_n.jpg


ලස්සන වීමේ සුන්දර රහස....

අපි කවුරුත් කැමති වෙන්ට ඕනැ සතුටින් වාසය කරන අය බවට පත්වෙන්ට. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට අපි කල්පනා කළොත් අපිට ඒ සතුට උපදවගන්ට, පී‍්‍රති ප්‍රමෝදය උපදවගන්ට පුළුවන්කම ලැබෙනව.

බලන්න දෙවිකෙනෙක් දවසක් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට පැමිණිලා වන්දනා කරල භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහට අසා සිටිනවා "ආරණ්‍යයේ වාසය කරමින් උදේ වරුවේ විතරක් දන් වළඳන, ශාන්ත විහරණ තියෙන, මේ බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ හැඩරුව මෙච්චර ලස්සන මොකද? " දැන් සාමන්‍ය ලෝකේ අය සිතන්නේ, කාමභෝගී ජීවිත ගතකරන අය තමයි ලස්සන කියල.

නමුත් මේ දෙවියන්ට පුදුමේ මොකක්ද? ආරණ්‍යයක වාසය කරමින්, උදේ වරුවේ විතරයි දානෙ වළඳන්නෙ, ලස්සන ඇඳූම් ඇත්තෙත් නෑ. මේ වගේ රළු ජීවිතයක් තමයි මේ ගොල්ලො ගත කරන්නෙ. එහෙම තිබෙද්දී වුනත් මේ අය මේ තරම් ලස්සන මොකද? කියල මෙයාට ප්‍රශ්ණයක්.

ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනව මේ දෙවිය, "එහෙම වෙන්නෙ ඇයි" කියල? භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනව, "උන්වහන්සේලා අතීතය ගැන ශෝක කරන්නේ නෑ. අනාගතය ගැන ආශාවෙන් පතන්නෙත් නෑ. වර්තමානේ ලැබෙන දේකින් යැපෙනව. එනිසයි උන්වහන්සේලා එච්චර ලස්සන".

එතකොට බලන්න අපිට ඒකෙන් ලැබෙන පණිවුඩය මොකක්ද? එතකොට අපිට කාමභෝගි ජීවිතයක් ගතකරන්ට බැරිවුණත්, ලස්සන වෙන්ට පුළුවන්කම තියෙනව නේද? නමුත් සමහර විට කාමභෝගී ජීවිතයක් ගතකලා වුණත්, එයාට ලස්සන වෙන්ට බැරි හේතු තියෙනව.

එහෙනම් කාමභෝගී ජීවිතය, කම් සැප විඳිම, ලස්සන වීමට හේතුවක් නෙවෙයි. කම් සැප අත්හැරීමත් අවලස්සන වෙන්ට හේතුවකුත් නෙවෙයි. සමහරු කල්පනා කරනව, කම් සැප අත්හැරපුවා ම අවලස්සන වෙයි. ප්‍රීති ප්‍රමෝදය නැතිවෙයි කියල. එනිසා කම් සැප ම පතනව, ඒකෙන් තමයි ලස්සන වෙන්නෙ.

ඒකෙන් තමයි සතුටුවෙන්ට පුළුවන් වෙන්නේ කියල. නමුත් මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය දිහා බලපුවා ම අපිට පේනවා, කම් සැප මඟින් නොවෙයි ප්‍රීති ප්‍රමෝදය ඇතිවෙන්නෙ කියල.

මොකක් නිසාද සතුට උපදවගන්ට පුළුවන්කම තියෙන්නෙ.
1.අතීතය ගැන ශෝක කරන්නේ නැත්නම්,
2. අනාගතය ගැන ආසශවෙන් පත පතා ඉන්නෙත් නැත්නම්,
3. වර්තමානයේ ලැබෙන දේකින් යැපෙන්න පුළුවන්නම්,

අන්න එයා ශෝක කරන්නෙ නෑ. එයා ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන කෙනෙක්.

එයා ලස්සනයි. එහෙනම් කම් සැප කොච්චර වින්ඳත්, කොච්චර කාමයන් පරිභෝග කළත්, අතීතය ගැන කල්පනා කර කර තැවෙනව නම්, අනාගතය ගැන පත පතා ශෝක කරනව නම්, එයා අවලස්සන කෙනෙක් බවට පත්වෙනව.

අවලස්සන වෙන්නෙ ඇයි? එයාට ප්‍රීති ප්‍රමෝදය නෑ. ප්‍රමුදිතබව නෑ. එයාගේ ඉඳූරන් ප්‍රසන්න වෙන්නෙ නෑ. ඉඳූරන් ප්‍රසන්න නොවන නිසා එයා අවලස්සන කෙනෙක් බවට පත්වෙනව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට කියා දෙනව. "අනාගතය ගැන ආශාවෙන් පත පතා, අතීතය ගැන ශෝක වෙවී, දුක් විඳින බාල ජනයා මැළවිලා යන්නෙ, ළපටි උණ බට කපල අව්වෙ දැම්ම වගේ".

බලන්න ළපටි උණ ගස් කපල අව්වෙ දැම්මහ ම බලා ඉන්දැද්දි මැළවෙලා, ඇකිළිලා අප්‍රසන්න දෙයක් බවට පත්වෙලා යනව. ඒ වගේ කියල කියනව, අතීතය ගැන කල්පනා කර කර, ශෝක කර කර ඉන්නව නම්, අනාගතය ගැන පත පතා ඉන්නව නම්, එයාගෙ ලස්සන, එයාගේ හැඩහුරුබව බලන් ඉන්නදැද්දි දුර්වර්ණ වෙලා, කෂය වෙලා අවලස්සන කෙනෙක් බවට පත්වෙලා යනව. ඒ අවලස්සන කෙනෙක් බවට පත්වෙන්නෙ ඇයි?

එයා ලඟ ප්‍රීති ප්‍රමෝදය නෑ. එයා සතුටෙන් වාසයකරන් නෑ. සතුටෙන් වාසය කරන්ට බැරි කෙනා තුළ ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්නභාවය පවතින්නෙ නෑ.

එනිසා ප්‍රසන්නව, ප්‍රබෝධයෙන් වාසය කරන්ට කැමති කෙනා, අතීතය ගැන හිත හිතා තැවෙන එක අතිහරින්ට ඕනැ. අනාගතය ගැන පත පතා ඉන්න එක අතිහරින්ට ඕනැ. වර්තමානයේ ලැබෙන්නේ යමක්ද ආන්න ඒකෙන් සෑහිමකට පත්වෙමින් වාසය කරන්ට පුරුදුවෙන්ට ඕනැ.

ඒ ආකාරයෙන් සුවසේ වාසය කරන කෙනා ඉතා දැකුම්කළුයි. එයා ඉතා සුන්දර කෙනෙක් බවට පත්වෙනව. එයාට කම් සැප නෑ කියල අවලස්සන කෙනෙක් වෙන්නෙ නෑ. නමුත් කම් සැප කොච්චර වින්ඳත් අතීතය ගැන හිතල පසුතැවෙනව නම්, අනාගතය ගැන හිතල ශෝක කරනව නම්, ප්‍රාර්ථනා කරනව නම්, එයාට ලස්සන කෙනෙක් වෙන්ට බෑ.

දුටුවන් ආයිමත් හැරිල බලන්ට තරම් ආස හිතෙන, ප්‍රසන්න වූ ඉඳූරන්ගෙන් යුතු අය බවට පත්වෙන්ට සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍යය උදවේවා.


෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
 
  • Like
Reactions: GuneBhai

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
315827_170548169757531_685520056_n.jpg


අකාලිකයි සිරි සදහම්.......

"ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගත හැකියි" කියන අදහස, ඒ වගේම "ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගත යුතුයි" කියන අදහස බැහැරකරන්ට එපා. අන්තිම හුස්ම පිටවෙන්නේ යම් මොහොතකද, අන්න ඒ මොහොත දක්වා ම ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමට අපිට අවස්ථාව තියෙනව. මේ ධර්මය එතරම්ම ජීවමාන දෙයක්.

අපි මැරි මැරී ගියත්, මේ ධර්මය මැරි මැරී යන්නෙ නෑ. අපි අබල දුබල වෙවී ගියත් ධර්මය අබල දුබල වෙවී යන්නෙ නෑ. අපේ ජීවිත කාලය ගෙවි ගෙවී ගියත් ධර්මයේ ජීවිත කාලය එහෙම ගෙවි ගෙවී යන්නෙ නෑ. මේ ධර්මය සදාකාලිකයි, අකාලික දෙයක්. මේක වෙනස්වෙලා, නැතිවෙලා යන එකක් නෙවෙයි. මනුෂ්‍යායා ධර්මයෙන් ඈත්වීම මිසක ධර්මය නැතිවෙලා යන්නෙ නෑ.

ධර්මය අතුරුදහන් වෙනව කියන එකෙන් අදහස්වෙන්නේ, මනුෂ්‍යයා ධර්මයෙන් ඈත්වෙලායාමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළවුනත් නැතත් මේ ධර්මය ලෝකයේ පවතිනව. තථාගතයන් වහන්සේ විසින් කරනු ලබන්නේ ලෝකයේ පවතින, වැසිල තිබෙන, කෙනෙකුට ප්‍රකට කරගන්ට බැරි මේ ධර්මය, තමන් වහන්සේ විසින් ම, ගුරුවරයෙකුගේ උපදෙස් නැතිව ස්වයංභූ ඥාණයෙන් අවබෝධකරගෙන, විවෘත කරල, ඉස්මතුකරල ලෝකයට පෙන්වීමයි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදෙන ධර්මය අපේ ජීවිතයට ගලපගන්නෙ නැතුව වාසය කරන්ට කරන්ට අපි ධර්මයෙන් ඈතට යනව. ඒනිසා ධර්මය අහල සතුටුවෙන කොයි කවුරුත් තේරුම්ගත යුතු, පිළිගතයුතු දේ තමයි, ජීවිතයේ අන්තිම මොහොත දක්වාත් ධර්මය අවබෝධකරගැනීමේ අවස්ථාව තියෙනව. අන්තිම හුස්ම පිටකරන්නේ යම් වෙලාවකද, ඒ දක්වාත් ධර්මය අවබෝධකරගැනීමේ අවස්ථාවක් තිබෙනව. ධර්මයේ ඒ ගුණය තියෙනව.

එහෙනම් ධර්මයේ එතරම් ම සජීවිබවක් තිබෙද්දී, ඒ ධර්මයෙන් පිහිටක් ලබාගැනීම පිණිස අපිත් සජීවී අය බවට පත්වෙන්ට ඕනැ. වයසට ගිහිල්ල අපි අබල දුබල වුනත් හිත අබල දුබල කරගන්නෙ නැතුව, හිත බලවත් කරගෙන හිටියොත් ඒ ධර්මයෙන් අන්තිම මොහොතේ වුනත් උපරිම ප්‍රතිලාභයක් අත්කරගන්ට පුළුවන්කම තිබෙනව. අන්න ඒක අපි ඉතා හොඳින් දැනගතයුතු කාරණයක්.

"දැන් අපිට බැරිවෙයි" කියල අතහරින තරම් ප්‍රමාදයක් තියෙනවා කියල කවුරුත් කල්පනා කරන්න එපා. තමා ගැන ඒ විදිහේ අවතක්සේරුවකට එන්ට එපා. අපි ශරීරයෙන් අබල දුබල වෙලා ඉන්ට පුළුවන්. වයසට ගිහිල්ල ඉන්ට පුළුවන්. කෙස් පැහිල වෙන්ට පුළුවන්. යන්ට එන්ට බැරිවෙන්ට පුළුවන්. ඇහැ කණ් නාසය දුබලවෙලා තියෙන්ට පුළුවන්. කමක් නෑ. තියෙන ටිකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්ට කල්පනා කරන්න.

මේ පින්වතුන්ට හිතෙන්ට පුළුවන් "අපි වයසට ගිහිල්ල" කියල. කමක් නෑ. ගියපුවාවෙ. වයසට යන ශරීරය වයසට ගියපුවාවෙ. හිත දුබලවෙන්ට දෙන්ට එපා. "මේ ධර්මය අකාලික දෙයක් මෙයින් ඵල ප්‍රයෝජන ගන්ට අපිට අවස්ථාව තියෙයි" කියන විශ්වාසය ඇතිකරගන්ට.

ඇයි අපි එහෙම කියන්නේ, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව "මේ ධර්මය නැසෙන එකක් නෙවෙයි අකාලික එකක්" කියල. අද අපි මේ ධර්මය පුරුදුකරන්ට කල්පනා කලොත් අද අදම අපිට ඒ ධර්මයෙන් පිහිටක් ලබාගන්ට පුළුවන්. එහෙනම් අපි ශක්තිමත් කරගත යුත්තේ සිත. සිත ශක්තිමත් කරගැනීම පිණිස අපිට උපකාර වන්නේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගැනීම.

ධර්මය ස්වාක්ඛාතයි සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි යන ගුණයන්ගෙන් යුක්තයි. මෙන්න මේ අකාරයෙන් ධර්මයේ ගුණ පිලිබඳව අපි තේරුම්ගත්තොත්, අන්න එසේ තේරුම්ගන්න කෙනාගෙ සිත බලවත් දෙයක් බවට පත්වෙනව. මොකක්ද බලවත් බවට පත්වෙන්නේ? ඒ ධර්මය කෙරෙහි තිබෙන විශ්වාසය.

සමහරවිට නැගිටගන්ට හියියනැති කෙනෙක් වෙන්ට පුළුවන්. කයෙන් දුබලවෙන්ට පුළුවන්. නමුත් එයා ධර්මය කෙරෙහි විශ්වාසයට ආපුගමන් සිතෙන් බලවත් කෙනෙක්. අන්න එතැන්ට අපි පැමිණිය යුතුයි.

෴පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ෴
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
'' සබ්බ දානං ධම්ම දානං ජිනාති " යථාර්තය එයයි...!!
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
1.jpg


පුද්ගලයාගේ සංවරකම වගේ පෙනෙන ශාන්තකමක් ලෝකෙ තියෙනව. දැන් බලන්න, මිනිස්සු පොලීසියකට ගියාම හා පැටවු වගේ නේද එතන ඉන්නෙ? ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි එතන චන්ඩි කම් කරන්නෙ. නමුත් පොලිසිය නැතිකොට, ඉන් පිටදි? ඒ ස්වභාවය පවත්වනවද? නෑ. ඒ ස්වභාවය පවත්වන්නේ නෑ. එහෙනම් ඇයි පොලිසියෙදී එහෙම වෙන්නෙ? ඒ එහෙම වෙන්නේ නීතියකට බයේ යි. ඇයි නීතියට බය? නීතිය කැඩුවොත් දඬුවම් විඳින්ට සිද්ධ වෙනව කියල, ඒ දඬුවමට බයේ නීතිය නොකඩා සිටීම තමයි එතෙන සංවර කම වගේ පෙනුනෙ.
ඒ විදිහට නීතියකට බයේ සංවර වෙන කෙනාගෙ අභ්‍යන්තරයෙ කුසල් ඉපදෙනවද? නෑ. කුසල් ඉපදෙන්නෙ නෑ. එයා යම් ක‍්‍රියාවක් බලෙන් පාළනය කරගෙන ඉන්නෙ. එයා ස්වකැමත්තෙන් නෙවෙයි ඒ ක‍්‍රියාව පාළනය කරන්නෙ. අකමැත්තෙන්. එතකොට එයා තුළ කුසල් නෙවෙයි ඉපදෙන්නෙ. අමනාපය, අහිතවත් කම, තරහ තමයි උපදින්නෙ. එතකොට ඒ වගේ අකමැත්තෙන් අමනාපයෙන් අදහස් හිර කරගෙන යම් විදිහක පාළනයක් වගේ දෙයක් ප‍්‍රකට කරගෙන ඉන්න කෙනා, ඒ නීතියෙන් බැහැර වුණ ගමන්, නීතියෙන් ඈතට ගිය ගමන් තමා ලඟ තිබුණ ඒ අකුසලය, එහෙම නැත්නම් අසංවර බව දෙගුණ තෙගුණ කරල ප‍්‍රකට කරනව. පාලනයක් තුළ ඉන්න කොට එයා තුළ ඇති වුණ අමනාපය, අකමැත්ත මුල් කරගෙන, පාළනය බැහැර වුණ ගමන් දෙගුණ, තෙගුණ කරල එයාගේ අසංවර භාවය ප‍්‍රකට කරනව.
මම මේ කිව්වේ සියළු දෙනා ගැනම නෙවෙයි. ඇතැම් අය තුළ තිබෙන ස්වභාවයක්. අපි මේ ස්වභාවය තේරුම් ගන්ට ඕනැ. අපිත් අන්න ඒ ස්වභාවයට ගොදුරු වුණොත් මොකද වෙන්නෙ? අපි ඒ ස්වභාවයට ගොදුරු වුණොත් තමන්ට හිත පිණිසත්, අනුන්ට හිත පිණිසත් පවතින අය බවට අපි පත්වෙයිද? නෑ. පත්වෙන්නෙ නෑ. එහෙනම් අපි තමාටත් අනුන්ටත් යහපත උපදවන අය බවට පත්වීම පිණිස කුමක්ද කළ යුත්තේ? “මම මගේ කාය ක‍්‍රියා සංවර කරගන්ට ඕනෑ. මම මගේ වචී ක‍්‍රියා සංවර කරගන්ට ඕනැ. මගේ මනෝ ක‍්‍රියා සංවර කරගන්ට ඕනෑ. එයයි මට යහපත, එයයි අනුන්ට යහපත, එයයි සියලූ දෙනාට යහපත” කියල කල්පනා කරල, ඒ ගැන වැටහීමක් උපදවගෙන, ඒ වැටහීම මුල් කරගෙන සැබෑ සංවර කමක් උපදව ගන්ට අපි වෑයම් කරන්ට ඕනෑ. යහපත අයහපත කල්පනා කරල, නුවණ පාවිච්චි කරල ස්වකැමැත්ත මත තමා තුළ සංවර කමක් ඇති කරගන්ට ඕනැ.
එහෙනම් බලන්න නීතියක් පනවල නීති මගින් පාළනය කරල යම් කෙනෙක් තුළ කුසල් උපදවන්ට බෑ. මොකක්ද එතකොට ඉපදෙන්නෙ? එතකොට ඉපදෙන්නෙ අකුසල්. ඒකෙන් අදහස් වෙනවද යම් වැඩපිළිවෙලක් පෙන්වා දීම අකුසල් උපදවනක දෙයක් කියල? නෑ. වැඩපිළිවෙලක් නැතුව මනුශ්‍යයෙක් සංවර වෙලා යන්නෙ නෑ. නිවැරදි වෙන්ට, පිරිසිදු වෙන්ට කැමති කෙනෙකුට ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් හඳුන්වා දීම, නීතියක් පැනවීම නෙවෙයි. ඒක හරියට ඉතාම වෙහෙස මහන්සිවෙලා ඉන්න කෙනෙකුට සයනය කරන්ට සුවපහසු යහනක් දෙන්ව වගේ. පුංචි ළමයෙකුට තොටිල්ලක් හදල දෙනව වගේ. කායික මහන්සිය හිතේ මහන්සිය තියෙන කෙනාට හාන්සිවෙලා ඉන්ට සුවපහසු ආසනයක් දෙනව වගේ. ඒකෙන් එයාට සුවයක් මිසක පීඩාවක් එන්නෙ නෑ. අන්න ඒ වගේ තමයි මේ සසර ගමනේ පීඩාවට පත්වෙච්ච කෙනාට මේ ජීවිතේ දුක් කම්කටොලූ වලින් වෙහෙසිලා දුකට පත්වෙලා පීඩාවට පත්වෙලා ඉන්න කෙනාට ඒකෙන් නිදහස්වීම පිණිස, සුවපත් භාවය ඇති කර ගැනීම පිණිස වැඩපිළිවෙලක් හඳුන්වා දෙනව. මෙන්න මේ වැඩපිළිවෙල කරන්ට, එතකොට ඔබ සුවපත් වෙයි කියල කරුණා මෛත‍්‍රියෙන් යුක්තව සත්පුරුෂයින් විසින් වැඩපිළිවෙලක් පෙන්වා දෙනව. එතකොට ඒක එයාට නීතියක් පැනෙව්වද? නෑ. එහෙනම් නීතියයි, සංවර වීම පිණිස පෙන්වා දෙන වැඩපිළිවෙලයි කියන දෙක අහසයි පොළවයි වගේ හාත්පසින් වෙනස් කරුණු දෙකක් බව මතක තියා ගන්න.
නමුත් සාමාන්‍යය ලෝකයේ පාළනය වෙන්නේම නීති මඟින්. දැන් බලන්න රියදුරු මහතුන්ට කියනව වාහන පාරෙ වම් පැත්තෙන් පදවන්න කියල. ඒ අය පාරෙ වමෙන් රිය පදවනව. ඒක නීතියක්ද ස්වයංව ඇති වූ සංවර කමක්ද? ඒක නීතියක්. ඒ නීතිය පෙන්වා දීලත් පස්සෙ මොකද කරන්නෙ? පාරෙ ඉරිත් ගහනව, ඊට පස්සෙ මොකද කරන්නෙ? මුරත් දානව, අවවාදත් කරනව. සැරටත් කියනව, දඩ ගහනව ඊට පස්සෙ බලපත‍්‍ර අවලංගු කරනව. කොච්චර දේ කරනවද? ඒත් වැඬේ හරියනවද? නෑ. දැක්කද නීතියක් මගින් සංවර කරන්ට උත්සාහ කළොත් ඒක ඉතාම තාවකාලිකයි. එමගින් මනුෂ්‍යයා ඇත්තෙන්ම සංවර වෙලා නෑ.
ඒ නිසා තමයි සැබෑ සංවර කමක් උපදවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය උපාකර කරගත යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ නීති පනවල නෑ. භාග්‍යවතුන් වහන්සේ කුමක්ද කරල තියෙන්නෙ? මේ ලෝකේ පරම සත්‍යය ඉස්මතු කරල, විවෘත කරල, පැහැදිලි කර කර පෙන්නල තියෙනව. එතකොට අපි අන්න ඒ සත්‍යය තේරුම් ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කළ, විවර කළ, ඒ විස්තර කර කර අපිට කියා දුන් සත්‍යය අපි තේරුම් ගත්තොත්. ඒ සත්‍යයට පැමිනුනොත්, එතන උපදිනව සංවර කම ඇති කර ගැනීම පිණිස ස්වයං කැමැත්ත. ඒ සත්‍යයට බැහැරින් තිබෙන කුමන දෙයක් තේරුම් ගත්තත් එමඟින් පුද්ගලයා තුළ සංවර වීම පිණිස ස්වයං වූ කැමැත්තක් උපදින්නෙ නෑ.
ඒ නිසා තම තමාගේ ජීවිත සංවර කර ගැනීම පිණිස ස්වයං වූ කැමැත්ත තම තමාම උපදව ගන්න. ඒ සඳහා තමන්ගෙ ජීවිතයේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට කල්පනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අපිට කියා දීල තිබෙනව. මේ ලෝකය මෙබඳු දෙයක් කියල අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දීල තිබෙනව. කියා දීල තිබෙනව. ඒ කියල දුන් දේ තමයි අපි ධර්මය විදිහට ඉගෙන ගන්නෙ. ඒ ධර්මය අපි ඉගෙන ගත්තේ අපේ ජීවිතය සංවර කරගැනීම පිණිස පුරුදු කරන්ටයි. ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්ට ඔබව උනන්දු කළේ, මේ ධර්මය තුලින් ඔබේ ජීවිතය සංවර කර ගැනීමටයි.
මේ ධර්මය කෙරෙහි යමෙක් පැහැදුනොත් එයා තුළ සංවර බව ඇති කරගන්ට ස්වයං වූ කැමැත්ත උපදිනවා. එතකොට එයාව පාලනය කරන්ට වැට කඩුලූ බදින්ට වුවමනා නෑ. භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ව පාලනය කරන්ට වැට කඩුලූ ඕනැ උනාද? නෑ. මුර ගෙවල් දාන්ට ඕනැ උනාද? නෑ. නමුත් බලන්න දැන් මේ පිංවතුන් සේවය කරන ආයතනවල තාප්ප බඳින්ට වෙලා තියෙනව, මුර කුටි දාන්ට වෙලා තියෙනව. තාප්පෙන් පිට මුර දාන්ට වෙලා තියෙනව. ආතනය ඇතුලේ නොයෙක් විදිහේ පාලන ක‍්‍රමයන් දාන්ට වෙලා තියෙනව. නමුත් භාග්‍යවතුන් වහනසේගේ ශ‍්‍රාවකයින්ට එහෙම වුවමනාවක් තියෙනවද? උවමනා වෙන්නෙ නෑ. ඇයි ඒ? ඒ අය පරම සත්‍යය හඳුනගෙන ඒ පරම සත්‍යය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඒ සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරනව. සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරන අය ස්වයං වූ කැමැත්තක් තුළ සංවරයි. ස්වයං වු කැමැත්තක් තුළ උපදව ගත්ත සංවර බවක් එයා තුළ තියෙනව.
තමන් තුළම උපදවගත්ත සංවර බවක් තියෙන කෙනාව පාළනය කරන්ට බාහිරින් මුර දාන්ට ඕනැ නෑ. වැට කඩුලූ ගහන්ට ඕනැ වෙන්නෙ නෑ. එයාගේ යම් ආකාරයක පාලනය නොවූ ස්වභාවයක් තිබ්බොත් එහෙම ඒක සිහි කර දෙන්ට විතරයි තියෙන්නෙ. “ඔය හැසිරීම දොස් සහිතයි. භාග්‍යවතුන් වහන්සේ නොපැනවූ දෙයක්. ඕක කරන්ට එපා. මේකයි හරි” කියල පෙන්වා දීම, සිහිය උපදවා දීම විතරයි කරන්ට ඕනැ. එයා සැනෙකින් සංවර වෙනව. ඒක තීරණය වෙන්නේ ශ‍්‍රද්ධාව මත. එතකොට ඒ ආකාරයේ සංවර කමක් නීතියකින් බලාපොරොත්තු වෙන්ට බෑ.
ඊලඟට හොඳට මතක තියාගන්න භාග්‍යවතුන් වහනසේ පේනවා දී තිබෙන වැඩපිළිවෙල නීතියක් නෙවෙයි. පාරෙ යනකොට ”දකුනු පැත්තෙන් යන්ට”. වාහන පදවන අය ”වම් පැත්තෙන් පදවන්න” කියන දේට කිසිසේත් සමාන නෑ. එහෙනම් භාග්‍යවතුන් වහනසේගේ ශ‍්‍රාවකයින්ට යම් වැඩපිළිවෙලක් පෙන්වා දීල තියෙනව නම් ඒක හරියට අර වෙහෙස මහන්සිවෙලා ඉතාම දුක් පීඩා විඳිමින් ඉන්න කෙනෙකුට හාන්සිවෙලා ඉන්ට සුවපහසු යහනක් දෙන්න වගේ. කුසගින්නෙ ඉන්න කෙනෙකුට මිහිරි ආහාරයක් දෙන්න වගේ. පිපාසෙන් ඉන්න කෙනෙකුට සිසිල් පැන් ටිකක් දෙන්න වගේ. අපිට වැඩපිළිවෙලක් පෙන්වා දීම ඒ වගේ උපකාරයක් මිසක අපිව පෙළන දෙයක් නෙවෙයි.
භාග්‍යවතුන් වහන්සේ අපේ යහපත පිණිස පේනවා දුන් වැඩපිළිවෙල තුළ යමෙක් පෙලෙනව නම් පීඩාවට පත්වෙනව නම් එයා ඒ වැඩපිළිවෙල කොහොමද බාරගෙන තියෙන්නෙ? එයා ඒක නීතියක් විදිහට බාරගෙන. නීතිය වුනත් නීතියක් විදිහට නැතුව ස්වයං සංවරය පිණිස භාවිත කරන්ට පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ කොහොමද? නගරයේදී අපිට කියනව පදික වේදිකාවෙන් යන්ට කියල. එතකොට පදිකයින් විසින් මෙහි යහපත අයහපත හොඳින් තේරුම් ගෙන පොලිසිය ඉන්න කොටත් පදික වේදිකාවෙන් යනව නම්, පොලිසිය නැතත් මිනිස්සු පදික වේදිකාවෙන් යනව නම් නීතිය කඩ වෙනවද? නීතිය කඩ වෙන්නෙ නෑ. යම් තැනක නීතිය මොන විදිහෙන් වත් කඩවෙන්නෙ නැත්නම් නීති ඕනැද? නීති ඕනැ වෙන්නෙ නෑ. එහෙනම් මොන විදිහකින්වත් නීති කඩ නොවෙනවා නම් මොකක්ද එතන තියෙන පාලන ක‍්‍රමය? එතන තියෙන්නේ ස්වයං පාළනය. ස්වයං වූ පාලනයක් නැත්නම් තමයි නීති ඕනැ වෙන්නෙ.
එහෙනම් බලන්න යම් කෙනෙකුට තමාගේ පාළනය තමාම ඇති කරගත යුතුයි කියල අදහසක් ඇති වුනා නම් එතන ස්වයං පාලනයක් තියෙනව. එතකොට නීතියක් උනත් අපි බරක් කරගන්නෙ නෑ. ස්වයං පාලනයක් තමා තුළ උපදව ගත් කෙනාට නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නෑ. නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නැත්නම් එයාගෙ දියුණුව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් හඳුන්වා දුන් වැඩපිළිවෙල එයාට පීඩාවක්ද? නෑ. එයාට ඒක මිහිරක්මයි. එයා මහත් වූ සතුටින් සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරයිද නැද්ද? අනුගමනය කරනව.
දැන් ඔබට තේරෙනවද මේ සාසනය කොයි තරම් මිහිරි ජීවිතයකට උපකාර වෙන වැඩ පිළිවෙලක් සහිත තැනක්ද කියල. මේක මුළුමනින්ම ක්‍ෂෙම භූමියක් මිසක කාන්තාරයක් නොවන බව තේරෙනවද? මේක කාන්තාරයක් මැද තියෙන ක්‍ෂෙම භූමියක්. සාමාන්‍යය ලෝකය ගිනි ගත්ත කාන්තාරයක් වගේ. මිනිස්සු ඉන්නෙ පීඩාවෙන්, විඩාවෙන්. පිපාසයට පැන් හොයන අහිංසක සතුන් වගේ. එච්චර වෙහෙස කරයි සාමාන්‍යය ලෝකේ ජීවිතය. ඒ ජීවිතයෙන් ඈත් වෙලා සුවපහසුවෙන් වාසය කළ හැකි කාන්තාරයක් මැද තිබෙන ශේම භූමියක් වගේ තැනක් තමයි බුද්ධ ශාසනය. එහෙනම් ඒ ශාසනයේ ශාසන ප‍්‍රතිපදාව පරිපූර්ණ කරගැනීම පිණිස පෙන්වා දී තිබෙන යම් වැඩපිළිවෙලක් තියෙනව නම් ඒ වැඩපිළිවෙල අපේ යහපතටයි අපේ දියුණුව පිණිසයි කියල යමෙක් කල්පනා කළොත් ඒ සෑම කෙනෙක්ම සාදු කාර දෙමින් ඒ වැඩපිළවෙල අනුමෝදන් වෙනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල තුළ අන් අයවත් සමාදන් කරවනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමණය කරලත් සතුටුවෙනව. එයාට මොන වෙලාවකදිවත් අසතුටක් උපදින්ට හේතුවක් නෑ. ඇයි ඒ? හැම තිස්සේම සංවර වීම පිණිස උපාකාරවන වැඩපිළිවෙලක් තුළ එයා ඉන්නව. ඒ වැඩපිළිවෙල තුළ සියළු පවෙන් වැළකීමට කියල දෙනව. ඒ වගේම කුසල් උපදවා ගැනීම ගැනත්, සිත දමනය කර ගැනීම ගැනත් කියල දෙනව. මේ කටයුතු ස්වයං වූ කැමැත්තට අනුවයි සිදු වන්නේ. බලහත්කාරයෙන් නීතියක් මඟින්, පාළනයක් මඟින් නොවෙයි කරන්නේ. මෙලෙස සංවර වූ කෙනා තුළ සුවපහසුව ඇතිවෙනවා මයි. එබඳු දේකටයි ශාසනය කියල කියන්නෙ.
යම් කෙනෙක් මේ ශාසනය මෙලෙස හඳුන ගත්තොත්, එයා ඒ ගැන සතුටු වෙයිද නැද්ද? සතුටු වෙනව. අන්න ඒ ආකාරයෙන් ශාසනය ගැන සතුටු වෙන කෙනා ශාසනයෙන් බැහැර වෙයිද? එයා ශාසනයෙන් බැහැර වෙන්නෙ නෑ. එයා ශාසනය තුළ ස්ථිරව පිහිටලා. ශාසනය තුළ පිහිටා සිටිනව. එයා ශාසනයේ අග‍්‍ර වූ ප‍්‍රතිලාභය අත් කර ගන්නවා මයි. මේ ශාසනයේ අග‍්‍ර වූ ඉලක්කය කුමක්ද? පිරිනිවන් පෑම. මේ ශාසනය තුළ සත්පුරුෂයින් විසින් පෙන්වා දුන් වැඩ පිළිවෙලට සාදු කාර දෙමින් පැමිනෙන අය කාටත් ශාසනයේ අග‍්‍ර වූ ඉලක්කය වන පිරිනිවන් පෑම කියන මහා ප‍්‍රතාලාභය අත්කරගන්ට පුළුවන් කම තියෙනව.
අපි කාටත් සෙත් පතනව ඒ භාග්‍යවතුන් වහන්සේ තම ශ‍්‍රාවකයින් තුළ උපදවාගැනීම පිණිස පෙන්වා දුන් ඒ උතුම් යහපත උපදවගන්න, සත්පුරුෂයෙන් විසින් පෙන්වා දුන් වැඩපිලිවෙල “තමන්ගේ යහපත පිණිස ම යි. විපත පිණිස නෙවෙයි” කියල, ඒ වැඩපිළිවෙල අනුමෝදන් වෙලා, වැඩපිළිවෙලට කැමති වෙලා, ප‍්‍රීති සිතින් යුක්තව සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කිරීමට සියළු දෙනාටම කැමති සිත් පහලවේවා! කියල.
සියලූ දෙනාටම තෙරුවන් සරණයි..
නාවලපිටියේ අරියවංශ හිමි
‘මහාමේඝ සඟරාවේ’පළ වූ ලිපියක් ඇසුරෙනි.

http://dhammamedicine.net/2013/02/11/saba_sanwarakama_upadawa_ganimu/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
59019_165208826958132_1687668639_n.jpg


ලෝකයේ අග්‍ර වූ දේ සඳහා සිත පහදවා ගනිමු...........

අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා යම් කෙනෙක් අග්‍ර වු පල විපාක කැමති වෙනවා නම් එයා අග්‍ර වූ දෙයට පැහැදෙන්න ඕන කියල. ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙන කෙනාට අග්‍ර වූ සැප විපාක අග්‍ර වූ පල විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට අපේ පැහැදීම ඇතිකර ගැනීම පිණිස මෙබඳු අග්‍ර වූ කරුණු 4ක් පෙන්වා දී තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයේ සියලුම සත්වයින් අතර අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේ බව. යම් කෙනෙක් ඒ සියලු සත්වයන් අතරේ අග්‍රවන බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

මේ ලෝකයේ යම්තාක් සංකත වූ ධර්මයන් තිබෙනවා නම්, එනම් හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවන්නා වූ යම් දෙයක් ඇත්නම් එබඳු ධර්මතාවයන් අතර අග්‍ර වන්නේ නිවන් මගයි. එනම් ආර්යාෂ්ඨාංගික මාර්ගයයි. යම් කෙනෙක් මේ ආර්ය-අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අසංකත ධර්මයන් අතර, අසංකත වූ දේවල් තියෙනවා නම් අන්න ඒවා අතර අතර අග්‍ර වන්නේ නිවනයි. යම් කෙනෙක් මේ අසංකත වූ දේවල් අතර අග්‍ර වන්නා වූ නිවන කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලොකයේ යම්තාක් පිරිස් සිටිනවා නම් අන්න ඒ පිරිස් අතරින් අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

ඉතිං යම් කෙනෙක් මේ ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙනවා නම් ඒ අග්‍ර වූ කරුණු කෙරෙහි පැහැදීම මුල්වෙලා එයාට සැප විපාක අත්කරගන්න පුළුවන්කම තියෙනවා කියල. සැප විඳින්න පුළුවන්කම තියෙනවා.

යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදුනේ විශාල ගුණධර්ම රාශියකින් පිරුණු, අතිශය උත්තම වූ ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහියි. එබඳු ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන්ම ඒ පැහැදුන කෙනාගෙ සිතේ පිරිසිදු භාවය ඇතිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට සිත පිරිසිදු වීමත් සමඟ සිත පිරිසිදු වීමට පටන් ගන්නවා.

ඒ වගේම යම් කෙනෙක් නිවන් මඟට පැහැදෙනවා නම් නිවන් මඟ පුරුදු කරන්න එයාට පුළුවන්කම තිබෙනවා. ඉතිං යම් කෙනෙක් නිවන් මග පුරුදු කරනවා නම් එයාට ඒකෙන් සැප විපාක ලැබෙනවා.

ඒවාගේම යම් කෙනෙක් නිවනට පැහැදෙනවා නම්, එයා අකුසල් බැහැර කරන්නත් කුසල් වඩන්නත් එයා තුල කැමැත්ත උපදිනවා. අන්න එමගින් එයාට සැප විපාක ලැබෙනවා.

ඒ වගේම තමයි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාට එමගින් ධර්මශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. දන් පැන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ශීලය ගැන දැනගන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට නොයෙකුත් ආකාරයේ සැප අත්කර ගන්න පුළුවන් ධර්මයන්, සැප අත්කර ගන්න පුළුවන් විදියවල් පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනවා ශ්‍රාවක සඟ රුවන කෙරෙහි පැහැදීමෙන්.

යම් කෙනෙක් මේ විදියට ලෝකයේ ඇති අග්‍ර වූ දේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් නියත වශයෙන්ම එයාට අග්‍ර වූ සැප විපාක අත්කරගන්න විඳින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ අග්‍ර වූ ලෝකයේ තියෙන ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීම පිණිස ඒ ධර්මයන් ගැන අපි හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොටයි අපට තේරෙන්නෙ ඒවා මේ ලොකයේ තිබෙන අග්‍ර වූ ධර්මයන් කියල. ඒ අග්‍ර භාවය උතුම් භව තේරුම් ගත්තොත් තමයි අපට ඒ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්නෙ.

ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ වදාල ධර්මය ඉගෙන ගෙන අග්‍ර වූ ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකරගෙන අග්‍ර වූ සැප විපාක විඳීමට තරම් භාග්‍යවන්තයෝ වෙමු.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴

(දිනමිණ දවසේ සිතුවිල්ල)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
59680_166579310154417_699099827_n.jpg


උපක්‍රමයෙන් පිරිසිදු කරගතයුතු සිත.....

බොහෝ කලක් මේ හිත කෙලෙස්වලින් කිලිටිවෙලා ඉතාම අපිරිසිදු ස්වභාවයකට පත්වෙලා තියෙන එකක්. ඉතින් එබඳූ අපිරිසිඳූ වූ සිතක් පිරිසිදු කරගැනීම අපිට කඩිමුඩියෙ, හදිස්සියෙන් කල හැකි දෙයක්ද? කරන්ට බෑ. ඉතාමත්ම නුවණින්, ඉතාම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙකුට මේ අතිශයින් කිලිටි සහිත සිත, අපට තෝරා බේරා ගන්ට බැරි සිත, ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් පිරිසිදු කරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට ඒ විදිහට අපිට අඳූනගන්ට බැරි, තෝරගන්ට බැරි, අපිරිසිදු සිත මේ සිතම මුල්කරගෙන, මේ සිතම උදව්කරගෙන පිරිසිදු කරගන්ට ඕනැ.

එතකොට අපි අන්න ඒ වගේම බැරෑරුම් කටයුත්තක් තමයි කරන්ට තියෙන්නෙ. ඉතාම අමාරු දුෂ්කර කටයුත්තක් අපි කරන්ට ඕනැ. අන්න ඒ වගේ දුෂ්කර කටයුත්තක් කරනකොට මේ හිත මෙල්ල කරගන්ට ඕනැ. හිත මෙල්ලකරගෙන මෙල්ල වූ හිතින් තමයි මේ හිත පිරිසිදු කරගන්ට තියෙන්නෙ. බලහත්කාරයෙන් අපිට හිත සුමඟට ගන්න බෑ. කැලේ ඉන්න සතෙක්වත් බලහත්කාරයෙන් සුමඟට ගන්න බෑනෙ. සුමඟට ගන්නෙ කොහොමද? උපක්‍රමශීලීව, ක්‍රමාණුකූලව, ඉතාම ඉවසීමෙන් තමයි මේ සිත සුමඟට ගන්න තියෙන්නෙ. අන්න ඒ විදිහට මේ සිත සුමඟට ගැනීම පිණිස කරන උපක්‍රමයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නෙ.

පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, තමාට අයහපත කිරීමට හේතුවන දේවල් විටින් විට, කලින් කල හොයල බලන්න කියල. තමාට යහපත උපදවල දෙන සම්පත්තීන් ගැන කලින් කල හොයල බලන්න කියනව. ඊලඟට අන් අයට යහපත උපදවල දෙන සම්පත්තීන් ගැන කලින් කල ප්‍රත්‍යවේක්ෂා කරල බලන්න කියනව. අන් අයට අයහපත කරන විපත්තීන් ගැනත් කලින් කල බලන්න කියනව. අන්න ඒ විදිහට බලනකොට මේ සිත දමනය වෙන්න පටන්ගන්නව.

දැන් බලන්න දේවදත්ත කරගත්ත විපත ගැන යම් කෙනෙක් කල්පනා කළොත්, දේවදත්ත තමාගේ ජීවිතයට යහපත කරගන්ට අවස්ථාව තිබෙද්දී ආයෙ ගොඩ එන්ට බැරිමට්ටමට ජීවිතේ විනාශ කරගත්තා කියල කෙනෙක් කල්පනා කළොත්, ඒ සිද්ධවුනේ කොහොමද කියල කල්පනා කළොත්, එයා තමාගේ ජීවිතේ නසාගත්තේ කොහොමද? මොකද වුනේ කියල යමෙක් කල්පනා කළොත්, එසේ කල්පනාකරන කෙනා, එසේ කල්පනා කිරීම නිසා, ඒ තමාගේ හිත දමනය කරගන්ට සමත්වෙනව. ඒක උපක්‍රමයක්. ඒ වගේම තමයි යම් කෙනෙක් ඇතිකරගත්ත යහපත ගැන යමෙක් කල්පනා කළොත් එහෙම අන්න ඒ කල්පනා කිරීම මඟින් ඒ කල්පනා කළ කෙනාගෙ හිතට වීරිය උපද්දල දෙනව, හිත දමනය වෙනව.

ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ නුවණින් කල්පනාකිරීමේ ක්‍රමයක් අපිට කියා දෙන්නෙ. එතකොට අපිට ඕනැ විදිහට අපේ හිත හැදෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ කියාදෙන ආකාරයෙන් කල්පනා කරන්ට කරන්න මේ හිත ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් යහමගට එනව. යහපත් දේ කරන්ට පුළුවන් විදිහට හිත දමනය වෙනව.

මේ හිතේ ස්වභාවය තමයි යහපත් දේ කරන්ට ලේසියෙන් හිත නැමෙන්නෙ නෑ. අයහපත් දේ කරන්ට මේ හිත පහසුවෙන් නැමිල යනව. ඒ නිසා තමයි සසර බොහෝ කලක් යන්ට සිද්ධවුනේ. දැන් අපි මේ සසර දුකෙන් නිදහස්වෙලා සසර ගමන නතර කරගන්ට නම් මේ හිත යහපතට යොමුකරගන්ට ඕනැ. අයහපතෙන් වලක්වගන්ට ඕනැ. එතකොට මේක තමයි දුෂ්කර, අමාරු දේ. ඒ විදිහට අයහපතෙන් වළක්වගෙන යහපතේ පිහිටුවා ගන්ට නම් උපක්‍රමයෙන් තමයි කරන්ට තියෙන්නෙ.


෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
47781_214350408710640_1756303021_n.jpg


ශ්‍රද්ධාවම යි ලොකුම දේ......

භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහගෙන ශ්‍රද්ධාව උපදවා ගන්න.ඒ සදහා තමයි අපි මේ හැම දෙයක්ම කල යුත්තේ.ධර්මයේ හැසිරෙනවා කියලා හැම දෙයක් ම කල යුත්තේ ශ්‍රද්ධාව ඇති කරගන්න.ශ්‍රද්ධාව ඇති නොවේනව නම්,එයා මොනවා කළත් වැඩක් කෑ.ඒයා අහසින් ගියත් වැඩක් නෑ.අහසින් යනවා යම් කෙනෙක් ඊධියක් හදාගෙන ශ්‍රද්ධාවට ඇවිල්ල නෑ,වැඩක් නෑ.ඒ නිසා ලොකු දේවල් කල්පනා කරන්න එපා.ශ්‍රද්ධාවම යි ලොකුම දේ.අනෙක් සියළුදේ අභිබවා යන්නෙ ශ්‍රද්ධාව.

ශ්‍රද්ධාව උපදවා ගන්න.එයා අහසින් නොගියට කමක් නෑ.ලෝකයේ ජනප්‍රිය නොවුනට කමක් නෑ.ලෝකයේන් බැනුම් ඇහුවත් කමක් නෑ.බඩ ගින්නේ හිටියත් කමක් නෑ.ගුටි කෑවත් කමක් නෑ.සීතලේ ගැහි ගැහි හිටියත් කමක් නෑ.ගිනි අව්වේ හිටියත් කමක් නෑ,ලෙඩ හැදිල අමාරැවෙන් හිටියත් කමක් නෑ,යාළු මිත්‍රෙයෝ කව්රැත් නෑ,තනියෙන් කොන් වෙලා හිටියත් කමක් නෑ,ඒයාට ශ්‍රද්ධාව තිබුණෝත් එයා රැකිලා.

ඒ නිසා,භාහිර දෙවල් කිසිදෙයක් ගැන කල්පනා කරන්න ඒපා.මට මෙක නෑ,අරක නෑ කියලා හිතන්න ඒපා.බලන්න මට ශ්‍රද්ධාව තියෙනව ද?කියලා.ශ්‍රද්ධාව නැත්නම් අනෙක් මොනවා තිබ්බත් ඒකෙන් වැඩක් නෑ එයාට.එක මහත්ථල වෙන්නෙ නෑ.ඒ නිසා ගොඩක් අය කණගාටු වෙනවා මට මේවා නෑ,අරවා නෑ,මට මෙක බෑ,අරක බෑ කියලා කණගාටු වෙනවා.ඒහෙම වැඩක් නැති දෙට කණගාටු වෙන්න ඒපා.ශ්‍රද්ධාව උපදවා ගැනිම පිණිස කටයුතු කළ යුතු යි.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසින්
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
26646_161437854001896_567126594_n.jpg


නොගැටී සිටින්නට නම්......

මේ සිතේ ප්‍රණීතබව නසලදාන, අපිව මහත් සේ දුක් පීඩා වලට ඇද දමන බිහිසුණු අකුසලයක් තමයි තරහ, වෛරය, ක්‍රෝධය, හැප්පෙන ගතිය. මේ ස්වභාවය හිතක තිබෙනව නම්, ඒ හිත තුළ ප්‍රණීත බවක් තියෙනවද? එබඳූ සිතකින් දුක් පීඩාම යි ඉපදෙන්නේ.

ඔබ කැමතිද එබඳූ සිතක් සහිතව වාසය කරන්න? ඔබ එයට අකමැති විය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් කැමති වුනේ නෑ. අපි ඒ වගේ දුක් පීඩා විඳින සිතකින් වාසය කරනවට.

එනිසයි භාග්‍යවතුන් වහන්සේ අපට තරහ, වෛරී ස්වභාවය, ක්‍රෝධ කරන ස්වභාවය, ගැටෙන ස්වභාවය බැහැරකරගෙන හිත සංසිඳවගන්න කියල අවවාද කලේ, අනුශාසනා කලේ. යම් පුද්ගලයෙක් ගැන තරහක් ඇතිවුණොත්, තරහක් ඉපදුණොත් ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත උපදවගන්න, මෛතී‍්‍ර සිත උපදවගන්න ඕනැ.

ඒ කෙනා ගැන හිතල, ඒ කෙනා වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා, ඊරිසියා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වේවා කියල කල්පනා කරන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ යම් කෙනෙක් ගැන තරහ හිතක් ඇතිවෙලා තියෙනව නම්, වෛරයක් තියෙනව නම් ඒ කෙනා ගැන කරුණාව උපදවගත්තොත් අන්න ඒ කරුණාව උපදවගැනීම මගින් ඒ තරහ, වෛරය දුරුවෙලා යනව.

කොහොමද කරුණාව උපදවගන්නෙ? ඒ කෙනාගේ දුක දුරුවේවා! කියල හිතන්න. යම් කෙනෙක් ගැන නම් අපේ හිතේ තරහ තියෙන්නේ, ඒ කෙනාගේ කායික දුක් දුරුවේවා, මානසික දුක් දුරුවේවා, සියලු දුක් දුරුවේවා, සංසාර දුකෙන් නිදහස්වේවා කියල හිතන්න. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට අපිට කියල දෙන්නේ, යම් කෙනෙක් ගැන තරහක්, ක්‍රෝධයක්, වෛරයක් ඉපදිලා තියෙනව නම්, එයා කෙරෙහි උපේක්ෂාවට පත්වෙන්ට ඕනැ.

අපි එයා කෙරෙහි හිතවත් බවත්, අහිතවත් බවත් ඒ දෙකම අතහැරල එයා කෙරෙහි උපේක්ෂාවට පත්වෙන්ට ඕනැ. කොහොමද උපේක්ෂාවට පත්වෙන්නෙ? එයා කෙරෙහි අනුකම්පාවක් උපදවගත්තොත්, එයා කෙරෙහි උපේක්ෂාවට එන්න පුළුවන්.

ඊළඟට අපි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැන කල්පනා කලොත් ටික කලක් ඉන්න අපිට මේ අමනාප කම් අහිතවත් කම් මොකටද? මේ රණ්ඩු සරුවල් අපිට වැඩක් නෑ ඒවා අපිට විපතක් කියල කල්පනා කරල උපේක්ෂාවට එනව.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ, ඒ තරහව, අමනාපය, ක්‍රෝධය යම් කෙනෙක් කෙරෙහි ඇතිවෙලා තියෙනව නම්, ඒ ගැන සිහිකරන්න එපා. ඒ ගැන හිත හිතා ඉන්න එපා. ඒ ගැන හිත හිතා හිටියොත් මොකද වෙන්නෙ? අර තරහ, අමනාපය වැඩිවෙනව. ඒ කෙනා හෝ ඒ කෙනා කළ ක්‍රියාව හෝ අමතක කරන්න ඕනෑ.

දැන් සාමාන්‍ය කෙනා තුළ වෙන්නෙ මොකක්ද? ඒක ම මතක්වෙනව. බලන්ටත් යනව. එනිසා යම් කෙනෙක් තරහ, වෛරය, ක්‍රෝධය අපේ හිතේ තියෙනව නම්, අපි ඒ කෙනා, ඒ සිද්ධිය අමතක කරන්න ඕනැ, සිහි නොකර ඉන්ට පුරුදුවෙන්ට ඕනැ. අන්න ඒකෙනුත් ඒ තරහ, වෛරය සම්පූර්ණයෙන් දුරුකකරගන්ට පුළුවන්කම තියෙනව.

භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, යම් කෙනෙක් කෙරෙහි තරහ, ක්‍රෝධය ඉපදිලා තියෙනව නම් ඒක කලින් විදිහට මෛත්‍රී වඩල කරුණාව පුරුදුකරල බැහැරකරන්න උත්සාහ කරනව. තවදුරටත් මේක තියෙනව නම් අපිට කියා දෙනව කර්මයේ ස්වභාවය ගැන සිහිකරන්න කියල. කොහොමද සිහිකරන්න කියල කියන්නෙ.

ඒ කෙනා කර්මය තමන්ගේ දේ කරගෙනයි ඉන්නේ, එයා කර්මය උපන් ස්ථානය කරගෙනයි ඉන්නේ. එයා කර්මය ඥාතියා කරගෙනයි ඉන්නේ, එයා කර්මය පිළිසරණ කරගෙනයි ඉන්නේ.

යහපත් වූ, අයහපත් වූ යමක් කළොත් ඒකෙ විපාකය විඳින්ට වෙන්නේ එයාටම යි කියල සිහිකරන්ට කියල කියනව. අන්න ඒ විදිහට අපි කල්පනා කළොත්, අපේ සිතේ යමෙක් කෙරෙහි තරහක් තිබුණොත්, ඒ තරහ බැහැරකරගන්ට පුළුවන්කම තියෙනව. එනිසා මේ ධර්මය තේරුම් ගන්න.

තේරුම් අරගෙන ඔබ ඔබේ නිවස සාමයෙන් පිරුණු, සෙනෙහසින් පිරුණු, ආදර කරුණාවෙන් පිරුණු, අනුකම්පාවෙන් පිරුණු, නිවුණු හිත් වලින් යුත් ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන සාමාජිකයින්ගෙන් යුතු නිවසක් බවට පත්කරගන්න.එතකොට ඔබ සියලු දෙනා ම නිවන කියන දිණුම් කණුව දෙසට හැරී වාසය කරන අය බවට පත්වෙයි.



පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
247788_153336008145414_468661980_n.jpg


සත්‍යාවබෝධයට කැමති වෙමු............

බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම ආර්ය සත්‍යය පිළිබද අවබෝධයක් නොතිබීම, ඒ කියන්නෙ අවිද්‍යාව මුල්වෙලා තමයි සියලු අකුසල් හටගන්නෙ කියල. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය සත්‍යය පිළිබද අවබෝධය මුල්වෙලා, එහෙම නැත්නම් විද්‍යාව මුල්වෙලා තමයි සියලු කුසල් හටගන්නෙ කියල. ඒ වගේම පවට ලැජ්ජාවත්, පවට බයත් කියන ඒ කුසල් අපේ සිතේ හටගන්නේ විද්‍යාය මුල්වෙලා. ආර්ය සත්‍යය පිළිබද අවබෝධය මුල්වෙලා.

එතකොට බලන්න ආර්ය සත්‍යය ගැන අවබෝධයක් නැත්නම්, සිතක කුසල් දහම් හටගන්නවා කියන එක වෙන්නෙ නෑ. ආර්ය සත්‍යය පිළිබද අවබෝධයක් නැත්නම් සිතක පවට ලැජ්ජාව පවට බය කියන කුසල් දහම් හටගන්නවා කියන එක සිද්ධවෙන්නෙ නෑ. යම් කෙනෙකුගේ සිතේ පවට ලැජ්ජාව පවට බය කියන කුසල් හටගන්නෙ නැත්නම්, ඒ ධර්මයන් සිතක හටනොගන්නවා නම් එයා තමාට හිත පිණිස, අනුන්නට හිත පිණිස කටයුතු කරන කෙනෙක් බවට පත්වෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා පවට ලැජ්ජාව, පවට භය නැත්නම් ඒ සමාජය සත්තු වගේ කුකුල්ලු කුකුල්ලු වගේ හැසිරෙන තැන් බවට පත්වෙනවා. එළුවෙ එළුවො හැසිරෙන්න වගේ හීන ස්වභාවට ඇදගෙන වැටෙනව කියල. පවට ලැජ්ජාවත් පවට බයත් නැත්නම් ඒ සමාජය තුළ මිනිසත් බව ආරක්ශා වෙන්නෙ නෑ.

එතොකට බලන්න කොයි තරම් අනාරක්ෂිත ස්වභාවයකද මනුෂ්‍යයින් වාසය කරන්නෙ. පවට ලැජ්ජාවත්, බයත් නැත්නම් කුසල් දහම් වඩන්ට කෙනෙකුට බෑ. කුසල් දහම් පිහිටන්නෙ නෑ. සිත නිතරම කෙලෙස් ස්වභායෙන් යුක්තයි. පවට ලැජ්ජාවත්, පවට බයත් සිතක හටගන්නවා නම්, ඒ ධර්මයන් සිතක හටගන්ට උපකාර වන්නේ ආර්ය සත්‍යය පිළිබද අවබෝධයක් තිබීම. එහෙම නැත්නම් විද්‍යාව උපදව ගැනීම. එපමණකින්ම තමන්ට තමාගේ ආරක්ශාව උපදවා ගත්තා බවට පත්වෙනව.

ඒනිසා අපි කවුරුත් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වැදගත්කම තෝරා බේරා ගත යුතුයි. යමෙකුට සිතේ ආරක්ශාව උපදව ගැනීම පිණිස උපකාරවෙන, සිතේ කුසල් දහම් උපදවගන්ට උපකාරවෙන චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම් බේරුම් කරගන්ට බැරි නම්, නොහැකි නම් එයාට තමාගේ ආරක්ශාව සලසාගන්ට පුළුවන් කමක් නෑ. ඒ නිසා තමාට හිත පිණිස, අනුන්ට හිත පිණිස කටයුතු කරන කෙනෙක් කළ යුත්තේම චතුරාර්ය සත්‍යය ධර්මය ගැන අවබෝධයක් ඇතිකර ගැනීම මයි. ඒ ධර්මය අවබෝධ කරගන්ට කැමැත්ත උපදව ගැනීමයි. අන් සියලු කටයුතු දෙවෙනි කරගෙන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම කියන කටයුත්ත ප්‍රමුඛ ඉලක්කය බවට පත්කරගත යුතුයි.

භාග්‍යවතුන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාගෙන් අසා සිටිනවා ''පින්වත් මහණෙනි, යම් කෙනෙකුගේ හිසට ගිනි ගන්නව. එහෙම නැත්නම් වස්ත්‍ර වලට ගිනි ගන්නවා. අන්න ඒ වගේ අනතුරක් සිද්ධ වුනොත් එයා මොකද කරන්ට ඕනැ."" කියල අසා සිටිනව. ඒ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනව ''ඒ වගේ වෙලාවක කළ යුත්තේ එයා විසින් ඒ හිසම නිවා ගන්ට ඒ වස්ත්‍රම නිවා ගැනීම පිණිස තියුනු කැමැත්ක් උපදව ගන්ට ඕනැ. ඒ වගේම බලවත් වීරියක් උපදවගන්ට ඕනැ. දැන් ඇතී කියල හිතෙන්නෙ නැති අත් නොහරින වීරියක් උපදවගන්ට ඕනෑ සිහිනුවණ උපදවගන්ට ඕනෑ"" කියල ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව ''පින්වත් මහණෙනි, යමෙකුගේ හිසට ගිනිගත්තොත්, යමෙකුගේ වස්ත්‍ර වලට ගිනි ගත්තොත් ඒ වෙලාවේදී එයා හිසේ ගින්නත් වස්ත්‍රවල ගින්නත් අමතක කරල, ඒක සැලකිල්ලට නොගෙන අධිමාත්‍ර කැමැත්තක්, බලවත් කැමැත්තක් උපදවගත යුතුයි. බලවත් වීරියක් උපදව ගත යුතුයි, දැන් ඇතී කියල අත් නොහරින වීරියක් සිහි නුවණක් උපදව ගත යුතුයි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස"" කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව.

එතකොට බලන්න මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස අපි කොතරම් කැමැත්තක් කොතරම් ප්‍රමුකත්වයක් ලබා දිය යුතුද කියන දේ අපිට පෙන්වා දෙන්ටයි. හිසට හෝ වස්ත්‍රවලට ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගැනීම පිණිස කැමැත්ත අතහැරල බලවත් කැමැත්ක් උපදවගත යුත්තේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්ටයි. අත්නොහරින වීරිය සිහිනුවණ උපදවගත යුත්තේ අවබෝධ නොකළ ආර්ය සත්‍යය අවබෝධ කරන්ටයි. මොකද එතරම්ම අනතුරක් ආර්ය සත්‍යය අවබෝධ නොකළ මනුෂ්‍යාට තිබෙනව. අන්න ඒ අනතුරින් නිදහස් වෙලා ආරක්ශාව උපදවගන්ට භාග්‍යවතුන් වහන්සේ මෙබදු ධර්මයන් අපිට සිහිකරල දෙන්නෙ. එබදු ධර්මයන් අහන අපි ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස ප්‍රමුක එහෙම නැත්නම් අධිමාත්‍ර කැමැත්ක් බලවත් කැමැත්ක් ඡන්දයක් ඇතිකර ගත යුතුයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
540938_147672555378426_2096829538_n.jpg

කුසල් වැඩීමේ අවශ්‍යතාවය ඇති අයට පමණයි......

බුදුරජාණන් වහන්සේ ආදීනව ‍පෙන්වා දුන්න සැණින් නිවැරදි වෙන භික්ෂූන් වහන්සේලා හිටියා.ගිහි අයත් හිටියා.‘මේකේ ආදීනව මේකයි.මේක භයානක එකක්‘ කියලා පෙන්වා දුන්න ගමන්ම ඒ අය නිවැරදි වුණා.නමුත් තව සමහරු පෙන්වා දුන්නට පළිගත්තේ නෑ.ආදීනව පෙන්වා දුන්නත් පිළිගත්තේ නෑ.එහෙම කෙනෙකුට නම් විසඳුමක් නෑ.ඒ කියන්නේ එයාට කුසල් වැඩීමේ අවශ්‍යතාවයක් නෑනේ.කුසල් වැඩීමේ අවශ්‍යතාවයක් නැති කෙනෙකුට ඒක අදාළ නෑ.

කෝකාලික වු‍ණේ ඒ වගේ දෙයක්නේ.කෝකාලික කියන භික්ෂුව සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා කෙරෙහි වෛර බැඳන් හිටියා.එහෙම කළේ ලෝභකම නිසයි.එතකොට බුදුරජාණන් වහන්සේ එයාට ඒ අනතුර පෙන්වා දුන්නනේ.“හා...හා... කෝකාලික එහෙම කියන්න එපා.මේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සුපේශලයි,ශික්ෂාකාමීයි.“කියලා කියලා දුන්නා.ඒ විදිහට කියලා දේදිත් අර කෝකාලික භික්ෂුව අරකම සිතේ පිහිටුවා ගෙන හිටියා.අන්තිමට ඒ කාලයේ කොච්චර අනුග්‍රහ කළාද කියන්නේ,ඒ කෝකාලික භික්ෂුව අකුසලයෙන් මුදවන්න තමන්ගේ පෙර මිත්‍රයෙක් වන ‘තුදු‘ කියලා බ්‍රහ්මරාජයෙක් ඇවිල්ලත් කරුණු කියා හිටියනේ.මෙයා ඒ බ්‍රහ්මරාජයටත් බැනලා එලව ගත්තා.

පරිස්සමෙන්,අසත්පුරුෂ භූමිය අත ළඟම...

බලන්න දේවදත්තට අනිත් අය ලවා අකුසල් කරවන්න පුළුවන් වුණේ,අකුසල්වලට ඒ පුද්ගලයා බඳුන්වෙනවා කියලා අනිත් අය නොදැන සිටිය නිසානේ.මේ සසර ගමනෙදී අපට කල්‍යාණ මිත්‍ර වේශයෙන් පාප මිත්‍රයෝ මුණ ගැහෙන්න බැරිද? සත්පුරුෂ වේශයෙන් අසත්පුරුෂයෝ මුණ ගැහෙන්න බැරිද? අසත්පුරුෂයෙක් අපට උදව්වක් කරලා ඒ උදව්ව ඉස්මතු කරලා පෙන්නලා ‘මම ඔහේට මේ උදව්ව කළා.දැන් ඒකට කෙළෙහි ගුණ සලකාපන්‘ කියලා අපව අනතුරකට යොදවන්න පුළුවන්. ‘‘ දැන් අසවල් හානිය කරපන්‘‘ කියලා කිව්වොත් ඥානය නොතිබෙන කෙනා අහුවෙනවානේ.

එතකොට ඒ වගේ දේකට අහුනොවී සිටින්න නම් අනිවාර්යයෙන්ම තමන් තමාව පිළිසරණ කරගෙන සිටින්න ඕන.ඒ විදියට තමාව පිළිසරණ කර නොගත්තොත් අහක යන කුණු ගොඩවල්වලට පැටලෙන්න ඉඩ තියෙනවා.අන්තිමට සිහිය උපදින කොට තමන්ට පසුතැවෙන්න කරුණු ගොඩක් රැස්වෙලා.මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඕනතරම් ඉඩ තියෙනවා.විශේෂයෙන්ම මේ යුගයේ.

(සුසුමක විමසුම නිවනක ඇරඹුම)