ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

27911_170952503050431_1401936520_n.jpg


ජොතිදාසා තෙරුන්ගේ ගාථා.....

ඔළුවට පහර දීලා, නොයෙක් විදියට වදදීල , මහා දරණු විදියට වද දීලා මිනිසුන් ව මරණ උදවිය ඉන්නවා.හැබැයි ඒ ගොල්ලන්වමයි,ඒ දුක්වලට ආයෙත් ඇද වැටෙන්නේ.කර්මය නම් විපාක නොදී නැති වෙන්නෙ නෑ.

ඉතින් මනුස්සයෙක් හොඳ කර්මයක් හෝ පාප කර්මයක් හෝ කරන කොට ඒ ඒ කර්ම තමයි එයාට දැවැද්ද වශයෙන් තියෙන්නෙ.

මෙය වනාහී ආයුෂ්මත් ජෝතිදාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය...
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
23866_171004726378542_2126944818_n.jpg


පක්ඛ තෙරුන් ගේ ගාථා....

උකුස්සා ඩැහැගෙන ගිය මස් වැදැල්ල බිම වැටුණා.ඒ බිම වැටුණ මස් වැදැල්ලට ගිජු වුණ අනෙක් උකුස්සන් පොරකන්න පටන් ගත්තා.

නිවන පිණිස කළ යුතු සියල්ලම කර ගන්ට මට පුළුවන් වුණා.නිවනට ම යි මං ඇලුණේ.ඒ නිසා ඒ උතුම් සැපය සැපසේම ලබා ගත්තා.

මෙය වනාහී ආයුෂ්මත් පක්ඛ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාව යි.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
270172_170943296384685_200906801_n.jpg


උත්තරපාල තෙරුන් ගේ ගාථා.........

හොඳ නරක තෝරා ගැනීමට මෙතරම් නුවණ තියෙන තියෙන මාවත් ලෝකයා මෝහනයට පත් කළ පංචකාම ගුණයන් පහළට අදලා දැම්මා.

මේ පංචකාමය කියන්නේ, මාරයා විසින් සත්වයා ගොදුරු කරගන්න තැන.ඉතින් මමත් මේ පංචකාමයට ගොදුරු වුණා.රාගය නැමැති හුලෙන් පහර කෑවා.නමුත් අන්තිමේ දී මට පුළුවන් වුණා මාරයාගේ උගුලෙන් නිදහස් වෙන්නට.

හැම කාම ආශාවක්ම මං නැති කරලා දැම්ම.හැම භවයක්ම නසා දැම්ම.උපත සලසන සංසාරය මෙතනින් ඉවරයි.දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් නෑ.

මේ වනාහී ආයුෂ්මත් උත්තරපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය
.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
319650_172789092866772_224841055_n.jpg


සාමා තෙරණිය ගේ ගාථා...........

ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණේ ම නෑ.සිත කොහෙත්ම දමනය කරන්නට බැරි වුණා.මම දවසට හතර පස් වතාවක් ආරාමෙන් නික්මිලා ගියා.

ඒත් මම මේ වතාවේදි අටවෙනි රාත්‍රිය ගෙවෙන කොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා.මං මේ දුක් සහිත ජිවිතය නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කළේ.තණ්හාව කෂය වුණා.නිවන අවබෝධ කළා.බුද්ධ ශාසනය සම්පුර්ණ කර ගත්තා.

මේ වනාහී සාමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
484212_171006979711650_1790606160_n.jpg


වසභ තෙරුන් ගේ ගාථා........

කුහක තැනැත්තා ඉස්සල්ලම නසා ගන්නෙ තමාව.ඊට පස්සෙ තමයි අනිත් අයව නසන්නෙ.ළිහිණි වැද්ද ළඟ ඉන්නවා “වීතංස“ නම් වු කුරුල්ලෙක්.ඒ කුරුල්ල ලවා තමයි අනිත් කුරුල්ලව දඩයම් කරවන්නෙ.තමන්ව වනසාගෙනමයි අනුන්වත් නසන්නෙ.

බාහිර පෙනුමෙන් බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ.බ්‍රාහ්මණයෙක් විය යුත්තේ අභ්‍යන්තර ගුණධර්මවලින්ම යි. ‘‘ පින්වත් ශක්‍රදෙවිය “ යම් කෙනෙකු තුළ දකින්ට ලැබෙනන්නෙ පාප කර්ම නම්,ඇත්තෙන් ම එයා පාපියෙක්.

මෙය වනාහී ආයුෂ්මත් වසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
522201_10151090677327522_263318869_n.jpg


සිරිමිත්ත මහරහතන් වහන්සේගේ ථේර ගාථා…


සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි, බාහිරින් දකින දේ හරය විදිහට සැලකීම. ඒ සාමාන්‍ය ස්වභාවය ඉක්මවල කටයුතු කරන්ට අපි දක්ෂවෙන්ට ඕනැ. ඇතැම් අය ථේර ගාථා කියවල, ඒ කියන දේ හරිහැටි තේරුම්නොගන්න අවස්ථා තියෙනවා. අන්න ඒ විදිහට වරදවා තේරුම්ගැනීම වළක්වාගෙන, ථේර ගාථා තුළින් අපට ලබාගන්ට පුළුවන් ගැඹුරු ධර්මයන් තෝරා බේරාගැනීමට අපි දක්ෂවෙන්ට ඕනැ.
ථේර ගාථාවල කියවෙන්නේ, ඒ අපරාජිත මුණිවරුන්ගේ හිතේ හටගත් පී‍්‍රති ප‍්‍රමෝදය, නිදහස් බව, විමුක්ති සුවය, ඒ නිර්භීතබව, එහෙම නැත්නම් ඒ හිත්වල ඇතිවන පහන්බව, සුවපහසුව ආදී ස්වභාවයන් ගැන ප‍්‍රකටකරන අදහස්. එතකොට නිවන් සුව කැමති කෙනෙකුට මඟපෙන්වීමක්, දිරිගැන්වීමක්, නිවන් මඟ එක එල්ලේ ම පෙන්වාදීමක් එතන තියෙනවා. ඒ වගේම වීරිය උපදවා දීමක් එතන තියනව. ඊළඟට යම් යම් ගැටලූවලට විසඳුම් හොයාගන්ට පුළුවන් ආකාරයන් ඒවා තුළ ගැබ් වෙලා තියෙනවා. ඒ දේවල් තමයි අපි ලබාගත යුත්තේ. අපි බාහිරින් යමක් දැකල ඒක හරය විදිහට ගන්න ස්වභාවය දුරුකරන්ට ඕනැ. බාහිරින් කිසිදෙයක් මනින්න යන්ට එපා. එහෙම වුනොත් අපට මේ ගම්භීර ධර්මය කරා යන්ට බැරුව යනව.
සිරිමිත්ත මහරහතන් වහන්සේගේ ථේර ගාථාවල උන්වහන්සේ අපට කියා දෙනව මේ විදිහට,
“ක්‍රෝධ කරන්නේ නැතිනම්, වෛර බඳින්නේ නැතිනම්, මායා නැතිනම්, කේලාම් කියන්නෙ නැතිනම්, එයා ඇත්තෙන්ම පරලොව ශෝකකරන්නේ නෑ” කියල.
එතකොට යම් කෙනෙක් පරලොව ශෝක කරන්නෙ නැත්නම් එයා මෙලොව ශෝක කරයිද? පරලොව ශෝක කරන්නෙ නැති කෙනා, මෙලොව ශෝක කරන්නෙත් නෑ. මෙලොව ශෝක කර කර නම් ඉන්නේ, එයාට පරලොවේදී ශෝක නොකිරීමක් ගැන කතාකරන්ට අමාරුයි. එතකොට පරලොවදී ශෝක නොකරන කෙනාගේ ස්වභාවය මොකක්ද? එයා ක්‍රෝධ කරන්නේ නෑ, වෛර බඳින්නේ නෑ, එයා තුළ මායා නෑ, එයා කේලාම් කියන්නෙ නෑ. අන්න එහෙම කෙනා තමයි ඇත්තෙන්ම පරලොව ශෝක නොකරන්නෙ. ‍ එතකොට මෙතන නිවන් මඟ, සුගතියට මඟ, එහෙම නැත්නම් ශෝක නොකර ඉන්න ජීවිතයකට මඟ කියාදෙනවා. ඒවා තමයි අපි තේරුම්ගත යුත්තේ, ඒවාට තමයි අපි පැහැදිය යුත්තේ, අන්න ඒ ධර්මයන් පුහුණු කරන්ට තමයි අපි හිත පිහිටුවාගත යුත්තෙ. එතකොට මෙබඳු ධර්මයන් කෙරෙහි යම් කෙනෙක් පැහැදුණොත්, එයා පී‍්‍රති ප‍්‍රමෝදයෙන් වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ අපට කියා දෙන්නේ, මේ ජීවිතයේ සැප, මතු ජීවිතයේ සැප, ඒ වගේම පරිපූර්ණ සදාකාලික සැප උපදවාගන්නා ආකාරයයි.
ඊළඟට උන්වහන්සේ කියාදෙනව,
“ක්‍රෝධ නැතිව, වෛර නැතිව, මායා නැතිව, කේලාම් කියන්නේ නැතිව, හැමතිස්සේම තමන්ගේ ඉඳුරන් පාලනය කරගෙනනම් එයා ඉන්නේ, ඇත්තෙන්ම එයාට පරලොව ශෝකකරන්ට දෙයක් නෑ” කියල.
පැහැදිලියි නේද? අපිට කියාදෙන දේවල්. එහෙනම් පරලොවදි ශෝකකරන්ට වෙනවානම්, ඒ මොනව තිබ්බොද්ද? ක්‍රෝධ කළොත්, වෛර කළොත්, මායා තිබුණොත්, කේලාම් කිව්වොත්, ඒ වගේම හැමතිස්සේම ඉන්ද්‍රියන් අසංවර කරගෙන වාසයකළොත්, අන්න එයාට පරලොවදී ශෝකකරන්ට සිද්ධවෙනව. මෙලොවදී ශෝක රහිතව වාසයකිරීමකුත් නෑ. ඊළඟට අපට කියාදෙනවා,
“ක්‍රෝධ නැතිව, වෛර නැතිව, මායා නැතිව කේලාම් කියන්නෙ නැතිව, ඉතා යහපත් සිල් ඇතිව නම් එයා ඉන්නේ ඇත්තෙන්ම එයාට පරලොවදී ශෝකකරන්ට දෙයක් නෑ” කියල.
එතකොට අපි ගොඩාක් උනන්දුවෙන් සීලය පුරුදුකරන්ට ඕනැ. කොහොමද අපි ගොඩාක් උනන්දුවෙන් සීලය පුරුදුකරන්නෙ? ක්‍රෝධය නැතුව, වෛර නැතුව, මායා නැතුව, කේලාම් කියන්නෙ නැතුව. අන්න එහෙම තමයි සීලය යහපත් කරගන්ට තියෙන්නෙ. කෙනෙකුට මායා සහිතව, කේලාම් කියමින්, වෛර කරමින්, ක්‍රෝධය පවත්ව පවත්වා යහපත් විදිහට සීලය පුරුදු කරන්ට පුළුවන්ද? පුරුදු කරන්ට බෑ. එහෙනම් ක්‍රෝධය නැතිකරගෙන, වෛරය නැතිකරගෙන, මායා නැතිකරගෙන, කේලාම් කියන ස්වභාවය දුරුකරගෙන තමයි යහපත්ව සීලය පුරුදු කරගන්ට තියෙන්නෙ. අන්න එයාට පරලොව ශෝක කරන්ට දෙයක් නෑ. ඊටපස්සෙ උන්වහන්සේ කියාදෙනව,
“ක්‍රෝධ නැති, වෛර නැති, කේලාම් නැති ඒ කෙනා, කළ්‍යාණ මිත‍්‍රයන් සමඟ නම් ඉන්නෙ, ඇත්තෙන්ම එයාට පරලොව ශෝක කරන්ට දෙයක් නෑ.” කියල.
ඒ කාරණා හොඳට මතකතියාගෙන, ඒවා පුරුදු කරන්න අපි දක්‍ෂ වෙන්ට ඕනැ. අපට කියාදෙන්නේ, ක්‍රෝධය නැතිව, වෛර කරන්නේ නැතිව, කේලාම් කියන්නේ නැතිව, කළ්‍යාණ මිත‍්‍රයින් සමග ඉන්ට කියලයි. කළ්‍යාණ මිත‍්‍රයින් සමග වාසය කළොත්, අන්න ඒ අයට පරලොවදී ශෝක කරන්ට දෙයක් නෑ කියල අපිට කියාදෙනව. ඊළඟට කියාදෙනව,
“ක්‍රෝධ නැති, වෛර නැති, මායා නැති, කේලාම් නැති ඒ භික්‍ෂුව යහපත් ප‍්‍රඥාවකින් නම් ඉන්නෙ ඇත්තෙන්ම එයාට පරලොව ශෝකකරන්ට දෙයක් නෑ” කියල.
එතකොට යහපත් ප‍්‍රඥාව කියල කියන්නෙ මොකක්ද? ආර්ය සත්‍යය ගැන තියෙන වැටහීමටයි යහපත් ප‍්‍රඥාව කියල කියන්නේ. ඒ යහපත් ප‍්‍රඥාව උපදින්නෙ කල්‍යාණ මිත‍්‍ර ඇසුරෙන්. කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ හිටියොත්, ආර්ය සත්‍යය ගැන නුවණ උපදවාගන්ට පුළුවන්. ඊළඟට අපට කියාදෙනව,
“එයා තුළ තියෙනවා නම් තථාගත බුදු සමිඳාණන් ගැන කාටවත් සොලවාලිය නොහැකි පැහැදීමක්, ආර්යයන් වහන්සේලා ප‍්‍රශංසා කළ යහපත් ආර්යකාන්ත සීලයක්, ආර්ය සංඝයා කෙරෙහි බලවත් පැහැදීමක්, ඒ වගේම ඍජුවම පවතින අවබෝධ ඥාණයක්, එයා දිළින්දෙක් නම් නොවේ. එයාට තියෙන්නේ හිස් ජීවිතයක් නොවේ. එමනිසා බුද්ධිමත් කෙනා ශ‍්‍රද්ධාවයි, සීලයයි, අචල ප‍්‍රසාදයයි ඇතිකරගෙන, පැහැදිලි ධර්මාවබෝධයක් ඇතිකරගෙනයි ධර්මයේ හැසිරිය යුත්තේ” කියල.
බලන්න එතකොට අපට සිරිමිත්ත මහරහතන් වහන්සේ කියාදෙන්නේ බුද්ධිමත් කෙනා ධර්මයේ හැසිරිය යුත්තේ, ශ‍්‍රද්ධාව, සීලය, අචල ප‍්‍රසාදය සහ පැහැදිලි ධර්මාවබෝධයක් ඇතිකරගෙන කියලයි.
අපට මේ කියාදෙන කාරණා නිවන් මඟට එක එල්ලේම උපකාරයක් වෙනවද නැද්ද? නිවන් මඟට එක එල්ලේම උපකාරයක් වෙනවා. අපේ අවබෝධය, වැටහීම පිරිසිදුකරල දෙනවද නැද්ද? පිරිසිදුකරල දෙනවා. අපට මේවයින් නිරවුල්බවක් ඇතිකරල දෙනව නේද? ඒ වගේම නොදන්නා දේවල් ගොඩක් අපට කියාදෙනව. ඒ නිසා ථේර ගාථා කියවන කොට, ඒවා සරල දේවල් විදිහට සළකල අතහරින්ට එපා. එහෙම නැත්නම් ඒවයේ මතුපිටින් පෙනෙන දෙයක් හරය විදියට ගන්ටත් එපා. ඒවයේ එක එල්ලේම නිවන අවබෝධ කරගැනීමට උපකාරවන ධර්මයන් පෙන්වාදෙනව. ඒනිසා අපි ඒ ධර්මයන් කියවල, ඒවා අපේ ජීවිත දියුණුකරගන්ට ලැබෙන උතුම් අවවාද විදියට, ආදර්ශ විදිහට පිළිගෙන, ඒවා පිළිපදින්ට අපි තුළ බලවත් කැමැත්තක් උපදවගන්ට ඕනැ. එහෙම වුනොත් අපිට මේ ලැබුණ ලාභය බලවත් කරගන්ට පුළුවන්කමක් තියෙනවා.
අපි ඒ රහතන් වහන්සේලා විඳින අප‍්‍රමාණ සුවපත්බව ගැන කියාදෙන කරුණු ඉගෙන ගෙන, එබඳු සුවපත්භාවයක් අත්විඳින්ට කැමතිවෙන්ට ඕනැ. ඒ සුවපත්භාවය ඇතිකරගැනීම පිණිස උන්වහනසේලා කරපු අප‍්‍රමාණ කැපකිරීම කරන්ටත් අපි කැමතිවෙන්ට ඕනැ. ඒ කැපකිරීම කළොත් අපටත් පුළුවන්කම ලැබෙනව ඒ සුවපත්භාවය විඳින්ට. දැන් බලන්න ඒ කැපකිරීම මොකක් ද? කියල. ඒ තමා ක්‍රෝධ කරන්නෙ නැතුව, වෛර කරන්නෙ නැතුව, මායා පෙන්වන්නෙ නැතුව, කේලාම් කියන්නෙ නැතුව, ඒ වගේ යහපත් ගුණධර්ම සහිතව සීලය හොඳින් පුරුදුකර ගැනීම. කළ්‍යාණ මිත‍්‍රයන් ඇසුරේ වාසයකිරීම. ප‍්‍රඥාව දියුණු කරගැනීම. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය ඇතුව, බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදීම ඇති කරගෙන, ආර්ය කාන්ත සීලයෙන් යුක්තව, ඒ සඟ රුවන කෙරෙහි බලවත් පැහැදීමකින් යුක්තව වාසය කිරීම. එතකොට යම් කෙනෙක් ඒ විදියට තෙරුවන් කෙරෙහි අචල ප‍්‍රසාදය ඇතිකරගෙන, හොඳින් ධර්මය ඉගෙනගෙන තමයි ධර්මයේ හැසිරිය යුත්තේ. එයාට ඒ අසහාය මුණිවරු යම් සුවපහසු සිතකින් වාසය කළා නම් අන්න ඒ වගේම සුවපහසු සිතකින් වාසය කිරීමේ භාග්‍යය උදාවෙනව.
ඒ නිසා ථේර ගාථා කියවනකොට, හොඳට තේරුම්ගන්න, හොඳට හිතට ගන්න, ඒ රහතන් වහන්සේලා කළ කැපකිරීම, ඒ ගත් වෑයම. ඒ ගත් මහන්සිය. යම් ආකාරයක වීර්යයක් පැවැත්වූවා නම්, ඒ වීර්යය. යම් ගුණධර්ම පුරුදු කළානම්, ඒ පුරුදුකළ ගුණධර්මයන් ආදී දේවල් ඉගෙනගෙන, උන්වහන්සේලා යහපත් ආකාරයෙන් යමක් පුරුදු කළානම් අන්න ඒ පුරුදු කළ දේ, අපිත් පුරුදුකරගන්ට ඕනෑ කියල. එහෙම නැතිව ඒ අතිශය දුෂ්කර වූ, බලවත් කැපකිරීමකින්, මහා වීරියයකින් කළයුතු කාර්යය කළාට පස්සෙ, ලබපු සැපට ලෝභවෙලා වැඩක් නෑ. බොහෝ අය ඒ සැපයට ලෝභ වෙනව, ලෝභ වෙලා “අනේ මටත් ඇත්නම්” කියල සිහින මවනව. අන්තිමට මොකවත් නෑ.
අනතුරේ නොවැටීම පිණිස තමයි, අපි මේ කාරණා සිහිකර දෙන්නෙ. ඒක මේ වගේ, දැන් සමහර අය ඉන්නවා, අතිශයින් ධනවත් අය. ඉතින් සමහර දිළිඳු අය, ඒ ධනවත් අය විඳින සැප පහසුව දකිනව. දැකල, එයා හිතනව, “අනේ මටත් මෙහෙම සැප විඳින්ට ඇත්නම්” කියල. ඒත් එයා ඒ ධනවත් අය ධනය උපයගත්ත ක‍්‍රමවේදය ඉගෙනගන්නෙ නෑ. ඒ ක‍්‍රමයට ධනය උපදවගන්ට කැමති වෙන්නෙ නෑ. අර ධනවත් කෙනාගෙ සුව පහසුව ගන්ට කල්පනා කරනවා. එයා ඒ පහසුව ලබාගනී ද..? සිටියටත් වඩා අමාරුවෙ වැටෙයිද..? සිටියටත් වඩා අමාරුවෙ වැටෙනවා. හැබැයි යම් කෙනෙක් කල්පනා කළොත්, “ඇත්තෙන්ම මේ කෙනා මහා ධනවතෙක් වෙලා ඉන්නව. අතිශය සැප පහසුවෙන් ඉන්නව. මමත් ඒ ධනය උපයගත්ත විදිය ඉගෙනගන්ට ඕන. අන්න ඒ ක‍්‍රමයට මමත් පුරුදු වෙන්ට ඕනෑ” කියල, අන්න එයා සුවපහසුවට පත්වෙයිද? සිටියටත් වඩා පහතට වැටෙයිද? එයා සුවපහසුවට පත්වෙනව.
අන්න ඒ වගේමයි, ඒ අසහාය මුණිවරු, ඒ අතිශයින් සුවපහසුව විඳිමින්, ඒ නිදහස් සිතින් කරන ප‍්‍රකාශයන් දැකල, ඒවට ලෝභ වෙලා, සිහින ලෝකවලට යන්ට හොඳ නෑ. උන්වහන්සේලා කෙබඳු කැපකිරීමක්ද කළේ කියල, ඒ කැපකිරීම මොකක්ද කියල අපි බලන්ට ඕනැ. උන්වහන්සේලා කළ බලවත් කැපකිරීම තමයි, කළ්‍යාණ මිත‍්‍ර ඇසුරේ, ගුණධර්ම පුරුදු කරමින් වාසයකිරීම. ඒ සඳහා සත්පුරුෂ ගති ඒ අය පුරුදුකර ගත්ත. සත්පුරුෂයින් විදිහට ජීවත් වෙන්ට පුරුදුවුණා. අවවාද අනුශාසනා ඇසුරේම වාසය කරන්ට ඒ අය පුරුදුවුණා. අතිශයින් උසස්, උතුම් වූ ගුණධර්ම ඒ අය පුරුදුකරගත්ත. ඒ අය බාහිර ආටෝපයට රැවටුණේ නෑ. හරය තෝර බේරගන්ට ඒ අය දක්‍ෂවුණා. ඒ විදිහට නුවණින් කටයුතුකළා. ප‍්‍රඥාවන්ත විදියට කල්පනාකරල, කටයුතුකරල තමයි කෙලෙස් දුරුකරල, අතිශයින් සුන්දර වූ ජීවිත උපදවාගෙන, අතිශය සුවපහසුවෙන් වාසයකරන ජීවිත උදාකරගත්තේ. ඒ නිසා අපිත් කැමතිවෙන්ට ඕනැ, මහන්සිවෙන්ට ඕනැ, එවැනි උතුම් ජීවිත ඇතිකරගත්ත විදිහ, ඒ සඳහා කළ කැපකිරීම, ඒ සඳහා ගත් වෙහෙස, වීර්යය ගැන ඉගෙනගෙන අන්න ඒවා පුරුදු කරන්ට. අන්න ඒ සඳහා ථේර ගාථා උපකාර කරගන්න.
එතකොට මොකක්ද ඒ කැපකිරීම? කළ්‍යාණ මිත‍්‍ර ඇසුරේ කීකරුව වාසයකිරීම. ඒක තමයි මේ ලෝකයේ අමාරුම කැපකිරීම. ඒ අමාරුම අභියොගය බාරගන්න නම් අනිත් ඔක්කොම කැපකරන්ට වෙනව. ලේසියිද ඒක? යම් කෙනෙක් ඒ අභියොගය බාරගන්ට කැමති වුණොත්, එයා ඒ අභියෝගය බාරගත්තොත්, ඒ අමාරුම අභියෝගය යම් කෙනෙක් දිණුවොත්, එයා නිදහස් වෙනව. ඒකයි ඒක මේ ලෝකයේ තියෙන අමාරුම දේ කියල කිව්වෙ. කළ්‍යාණ මිත‍්‍ර ඇසුරට එන එක අමාරුයි. කළ්‍යාණ මිත‍්‍ර ඇසුරේ කීකරුව ඉඳීමත් අමාරුයි. ඇයි ඒ අමාරු? මේ හිත සැබෑ නිදහස හොයනව නෙමෙයි, මේ හිත නිදහස වගේ එකක් හොයන එකක්. සැබෑම නිදහස සොයන හිත, කළ්‍යාණ මිත‍්‍ර ඇසුරට කැමතියි. සැබෑම නිදහස බලවත් කැප කිරීමකින්, බලවත් වීරියකින් උපදවගන්න එකක්. ලාමක දේකින් උපදවාගන්න දෙයක් නෙමෙයි. “මට මෙහෙම හරි යන්නෙ නෑ, මම යනව තනියෙම ඉන්ට” ඒකද නිදහස? ඒක නෙවෙයි නිදහස. නමුත් හිත කැමතියි, නිදහස වගේ අන්න ඒක ගන්න. ඒ නිසා ඔබත් ඒ නිදහස වගේ දේ හොයන කෙනෙක් බවට පත්වෙන්න එපා. නිදහස වගේ දේවල් ඕනැතරම් ලෝකේ තියෙනව, බහුලයි, අප‍්‍රමාණව තියෙනව. සැබෑ නිදහස ලෝකයේ හැමතැනම නෑ. කලාතුරකින් කෙනෙක් දෙන්නෙකුට අත්වෙන දෙයක් තමයි ‘සැබෑ නිදහස!’ ඒක අත්කර ගැනීමේ භාග්‍යය ඔබලාට තියෙන්ට පුළුවන් කියල අපට යම් අදහසක් තියෙනව. ඒ සැබෑ නිදහස අත්කරගන්නට කල්පනා කරන්න.
අපි සියලූ දෙනාටම ආශිර්වාද කරන්ට කැමතියි, ඒ අසහාය මුණිවරු තමන්ගේ ජීවිතයේ අප‍්‍රමාණවූ කැපකිරීම් කරල, බලවත් වූ වීරිය උපදවගෙන, අත්නොහරින වීර්යෙන් කටයුතු කරල, කළ්‍යාණ මිත‍්‍ර ඇසුරේ ම, සත්පුරුෂයින් බවට පත්වෙලා, සත්පුරුෂ ගුණධර්ම පුරුදු කරමින්, යම් මාර යුද්ධයක් ද ජයගත්තෙ, ජයගෙන යම් නිදහසක් ද භුක්ති වින්දේ, අන්න ඒ විදිහට, සියළු දෙනාටම ඒ අසහාය මුණිවරුන් කළා වූ ඒ අපරිමිත කැපකිරීම, කිරීමට දුර්ලභ වූ භාග්‍යය උදාවේවා! කියල අපි ආශිර්වාද කරනවා.
සියලූ දෙනාටම තෙරුවන් සරණයි..
නාවලපිටියේ අරියවංශ හිමි


http://dharmasandeshaya.blogspot.com/2013/02/blog-post_16.html
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
527983_311768818925805_314577935_n.jpg


පිළින්දිවච්ඡ තෙරැන් ගේ ගාථාව.

බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදු වුයේ යහපතක් ම යි. මේ පැමිණීම අයහපත් දෙයක් නම් නොවේ. මං මේ පවසන්නේ වැරදි මතයක් නොවේ. ඉතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මය තුළ යම් උතුම් නිවනක් වේ නම් මං පත් වුණේ ඵ් උතුම් නිවනට යි.

මේ වනාහී ආයුෂ්මත් පිළින්දිවච්ඡ නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
557934_10200532169296341_988776490_n.jpg


විමල තෙරුන් ගේ ගාථා.

අමා නිවන අවබෝධ කරන්ට සිතන කෙනා පාප මිත්‍රයන්ව අත් හරින්ට ඕනෑ. උත්තම පුද්ගලයන්ව සේවනය කරන්ටත් ඕනෑ. ඒ උතුමන් ගේ අවවාදයේ පිහිටා සිටින්ටත් ඕනෑ.

මුහුදට වැටිච්ච කෙනා කුඩා දර කැබැල්ලකට නැග ගත්තොත් ගිලෙන්නේ මුහුදෙමයි. අන්න ඒ වගේ කුසීතයා ඇසුරු කරන යහපත් පුද්ගලයාත් පිරිහෙනවා. එනිසා හීන වීරිය ඇති කුසීත පුද්ගලයන්ව ආශ්‍රයෙන් ඈත් කළ යිතුයි.

තනියම ජීවත්වන, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, ධ්‍යාන වඩන, පටන් ගත් වීරිය නිතර පවත්වන උතුමන් ව යි ඇසුරු කළ යුත්තේ.

(මේ වනාහී ආයුෂ්මත් විමල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
556335_181009348711413_525379121_n.jpg


ජරා මරණ දුකෙන් මිදෙමු..........

මේ ලෝක සත්වයාට පහර දෙන්නේ මරණය විසිනු යි.පිරිවරා ගෙන ඉන්නේ ජරාවෙනු යි.ඇතුළට බැහැල තියෙන්නේ තණ්හාව නැමැති හුල යි.කැමැති දේවල්වලින් තමයි හැම තිස්සේ ම දුම් දාන්නේ.


මේ ලෝක සත්වයාට පහර දෙන්නේ මරණය විසිනු යි.වට කරල තියෙන්නේ ජරාවෙනු යි.දඬුවම් ලබන හොරෙක් වගේ හැම තිස්සේ ම අසරණ වෙලා දුක් විඳිනවා.

මරණයත්,ලෙඩ දුක ත්,වයසට යාමත්,ජිවිතය කරා එන්නේ මහා ගිනි කඳු වගේ.ඒකට ප්‍රතිවිරුද්ධ ව සටන් කරන්ට බලයක් නෑ.පලායන්ට ජවයකුත් නෑ.

ටික ටික ‍හෝ බහුලව දවස හිස් විදියට ගත කරන්න හොඳ නෑ.ගෙවී යන හැම රාත්‍රියක් ම ජිවි‍තේ කෙටි වෙලා යනවා.

ඒ නිසා ඇවිදින කොට,හිටගෙන ඉන්නකොට,ඉඳගෙන ඉන්නකොට,නිදාගෙන ඉන්නකොට,මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්ට පුළුවන්.ඒ නිසා පමා නො වීමට මේ කාලය යි.

මේ වනාහී ආයුෂ්මත් සිරිමන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
229530_143713182441030_199532433_n.jpg


උන්වහන්සේ ඇත්තෙන්ම ලෝකයේ ඉන්න ලස්සනම හස්තියා වගෙයි.හැම පර්වතයක්ම පරදවපු ලස්සන හිමාල පර්වතය වගෙයි.සියළු දෙනා අතර හස්තියෙක් වගෙයි.අතිශයින්ම ශ්‍රේෂ්ඨයි.උන්වහන්සේට පැවසිය යුතු නම “සත්‍ය“ යනුයි.

෴උදායි තෙරුන්ගේ ගථා෴
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
527995_128394873972861_1660909430_n.jpg


අයුෂ්මත් ගෝදත්ත නම් රහත් මුනිදුන් වදාළ ගාථා
-----------------------------------------------------
සැප ලැබුණහම ඒ ගොල්ල හරි ආඩම්බරයි.දුක් ලැබුණහම ඒ දුකට යටත් වෙනවා.ජිව්තයේ යථාර්ථය අවබෝධ වෙලා නැති ඒ නුවණ මද ජනතාව සැප දුක දෙකෙන්ම පීඩා විදිනවා.

මේ සැප දුකට මැදි වෙලා තිබෙන භව පැවැත්ම මහල දෙන්නෙ තණ්හාවෙන්.මේ තණ්හාව නැති කළොත් ඒ ගොල්ලන්ට ඉන්න පුළුවන් ඉන්ද්‍ර ඛීලයක් වගේ.උස් පහත් නොවී ඉන්න පුළුවන්.

ඒබදු උදවියට යමක් ලැබුණත් එකයි.නොලැබුණත් එකයි.අපකිර්තිය ලැබුණත් එකයි.කීර්තිය ලැබුණත් එකයි.නින්දා ලැබුණත්
එකයි.ප්‍රශංසා ලැබුණත් එකයි.සැප ලැබුණත් එකයි.දුක ලැබුණත් එකයි.කම්පා වෙන්නෙ නෑ.

දැහැමි ජිවිතයෙන් අලාභයක් ලැබෙනවා නම් අදැහැමි ජිවිතයෙන් ලාභයක් ලැබෙනවා නම් මේ දෙකෙන් අදැහැමි ජිවිතයෙන් ලැබෙන ලාභයට වඩා ඇත්තෙන්ම දැහැමි අලාභය ශ්‍රේෂ්ඨයි.

මේ වනාහී අයුෂ්මත් ගෝදත්ත නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය.
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සියලු දානය අතරින් ධර්ම දානය අග්‍ර වේ.

    "සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සබ්බ රසං ධම්මරසො ජිනාති
    සබ්බ රතිං ධම්මරතිං ජිනාති
    තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති"

    ධර්මදානය සියලු දානයන් දිනන්නේ ය යන්න සිහියට ගෙන මෙය ඉදිරියටම ගෙනියනු මැන සැදැහැ සිතින් :)