Nimal ගේ වැඩසිටිකන්ද

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Nimal ගේ වැඩසිටිකන්ද

    බෞද්ධ අබෞද්ධ ආගම් බේදයකින් තොරව කාගේත් පුජනීයත්වයට පාත්‍ර වන ඓතිහාසික ප්‍රදේශයක් තමයි කතරගම කියන්නෙ.කතරගම දෙවියන් ගැන කතා කතා කරද්දී කතරගම දේවාලය සහ ඒ ආශ්‍රිත අනෙකුත් සිද්ධස්ථාන ගැන කතා නොකරම බෑ.කිරි වෙහෙර,සෙල්ලකතරගම වගේම වැඩහිටි කන්ද ඒ අතරින් වැදගත්.එත් අද මම මේ ලිපිය ලියන්නේ Nimal ගේ වැඩහිටිකන්ද ගැන.මේ ලිපිය ලියන්න මම පෙලබුනේ Neth Fm බැලුම්ගල හි "Protect Wedasitikanda" වැඩසටහන නිසාය.

    130211110252balumgala.jpg


    මිට මාසා කිහිපයකට පෙර මමත් ඇතුළුව අපේ පවුලේ අය එක්ව අපේ ගෙදර වැඩ සාර්ථකව අවසන් කිරීම ඒ වෙනුවෙන් බාර හාර එහෙම ඔප්පු කරන්න කියලා කතරගම ගිය අවස්ථාවේ වැඩහිටි කන්දටත් යන්න අමතක කරේ නෑ ඒ අවස්ථාවේ අපිට දකින්න අහන්න ලැබුණු දේවල් තමයි මේ මම එළකිරි එකට ලියන්න තීරණය කලේ.මම හිතනවා මේ ප්‍රශ්නයට කාගේ හෝ අවධානයක් යොමු වෙයි කියලා.

    මොකද්ද මේ Nimal ගේ වැඩසිටිකන්ද ?

    IMG-2330.jpg


    මේ තියෙන්නෙ සෙල්ලකතරගම පැත්තෙන් එනකොට හම්බෙන වැඩිහිටිකන්ද පුජාභුමියට යන මාර්ගය.මේ දවස් වල හම්බන්තොට කතරගම ප්‍රදේශවල සිදුවම සංවර්ධනයත් එක්ක මේ පාරවලුත් හොද තත්වයේ තිබෙනවා ප්‍රශ්නයක් නෑ.මේ හරියේ ඉදලා පැය භාගයකින් වගේ වැඩහිටි කන්ද පිවිසුම් ස්ථානයට ලගා වෙන්න පුළුවන්.අපි ගියේ පායන කාලෙක නිසා වට පිටාවේ ගහ කොළ වේලිලා ගිහින් ශුෂ්ක ස්භාවයක් තමයි දකින්න තියෙන්නෙ.කතරගම අනෙත් පැති වලත් මෙහෙම තමයි.

    IMG-2331.jpg


    ඔන්න අපි වාහනවලින් එන්න පුළුවන් වැඩිහිටි කන්ද පාමුලට අවා මෙතනින් එහාට වාහන වලින් යන්න බෑ.පයින් තමයි යන්න වෙන්නෙ.මතක තියාගන්න ඕනේ මෙතන වාහන නවත්තල යනකොට වාහනවල ආරක්ෂාවට අඩුගානේ දෙන්නෙක්වත් නැවතුනොත් හොදයි.මොකද මේ ප්‍රදේශය ආශ්‍රිතව ගොඩක් වාහන වල කොටස් ගලවන සිදුවීම් තියෙනවා කියලා වටේ අය කියනවා.වැඩහිටි කන්ද වදිනවා නම් ඔන්න පුජා වට්ටි එහෙම ඕන වෙන්නෙ නෑ.පුළුවන් නම් පුජ කරන්න මල් ටිකක් පහනක් එහෙම පත්තු කරන්න තෙල් ටිකක් අරගෙන යන්න අමතක කරන්න එපා.සේරම බඩු ටික අරගෙන යන්න තියෙන්නෙ දැන් කන්ද නගින්න පටන් ගන්න තැනට.මම නම් පොඩි කාලේ එකපාරක් ගියාට පස්සේ මේ ගියාමයි.ඒ දවස් වල නම් පයින් තමයි උඩටම ගියේ.

    IMG-2328.jpg


    ප්‍රවේශ දොරටුවට එනකොට මෙන්න මේ වගේ දැන්වීමක් ඔයාලට දකින්න තියෙනවා.මේකෙන් කියවෙන්නේ නම් අබාධිත හා මහලු අයට විතරක්නම් ඔන්න උඩට යන්න ප්‍රවාහන පහසුකම් තියෙනවා කියලා.ඇත්තෙන්ම මහලු අයට නම් මේකේ.

    rev_wedihiti_kande_siddhartha.jpg


    2011 වසරේදී වැඩහිටි කන්ද විහාරාධිපති රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවෝ හදිස්සියේ අපවත් වෙලා තියෙනවා.උන් වහන්සේ තමයි මේ ප්‍රවාහන සේවය ආරම්භ කරලා තියෙන්නෙ.එත් උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ මෙහි ක්‍රියාත්මක වෙන්නෙ නිමල්ගේ නිතිය වීමත් ඊලග කරනාවයි. අපි ඉස්සරහට ගිහින් බලමුකෝ මොකද්ද තත්වය කියලා.

    IMG-2324.jpg


    අර දැන්වීම් පුවරුව පසු කිරීමෙන් පසු පොඩි පඩිපෙලක් පසු කිරීමෙන් මේ බෝ මළුවට එන්න පුළුවන්.මෙතන දැක්කම මට මතක් උනේ අපේ ගමේ පන්සල.මොකද අපේ ගමේ පන්සල වැඩහිටි කන්ද වගේ සුප්‍රසිද්ධ ස්ථානයක් නොවුනත් මේ බෝ මළුවට වඩා දහස් වාරයක් හොදයි.පොඩ්ඩක් බලන්න කෝ මේ වට පිටාව දිහා මෙතන නිකන් යුද්ධෙට අහුවෙච්ච පන්සලක් වගේ.ඒවත් මේ වෙනකොට මිට වඩා ලස්සනට තියෙනවා.එත් මේකේ අර බුදු පිළිමේ තියෙන තැන බලන්න කුණු ගොඩක් වගේ.අවුරුදු ගානකින් කිසිම පිරිසිදු කිරීමක් අලුත් වැඩියාවක් වෙලා නෑ දැක්කම කෙනෙක්ට පහලදීම එපා වෙනවා.ඒ අස්සේ කෝවිලක් කරලා මෙතන.මෙතනම පිටිපස්සෙන් කඩ කිහිපයක් ගහන්න මේ වෙනකොට ඉදිකිරීම් කරගෙන යනවා එත්
    කඩේට කලින් බොඩිය ගන ගැන බලන්න කවුරුත් නෑ.සල්ලි නැති කමද
    නැත්නම් පාලකයින්ගේ දුර්වලතාවයක්ද.
    (එහා පැත්තෙන් ඉන්නේ කවුද කියල එහෙම අහන්න එපා)

    IMG-2327.jpg


    මේ තියෙන්නෙ මම කලින් කිව්ව අර කඩ කිහිපයේ ඉදිකිරීම්.එකත් බෝ ගහත් අල්ලලා.මේ කඩ නිසා බෝ ගහත් කපන්න වෙනවා කියලයි කියන්නෙ.කලින් මෙතන ආවාසයක් හදන්නයි අදහස් කරගෙන තිබිල තියෙන්නෙ එත් නිමල් එක බලෙන් කඩයක් කරගෙන නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ මේ වගේ සිද්ධස්තානයක බෝ ගහ ලග කඩ පේලියක් ගහන එකේ කොච්චර නිවැරදිද කියන එක ප්‍රශ්නයක් නෙ.

    මෙතනින් පස්සේ අපිට හම්බෙන්නෙ පියගැටපෙළ සහ අබාධිත අයට තියෙන ප්‍රවාහන සේවය තමයි.ගිහින් බලමු එතනට.එතනත් හොද හොද සෙල්ලම් තියෙනවා කියන්න.

    IMG-2325.jpg


    මේ තියෙන්නෙ ඔය කියන ප්‍රවාහන සේවය තමයි.හැබැයි පඩි පෙළක් නම් දකින්න නෑ.මේ වගේ වාහන කිහිපයක් තමයි දකින්න තියෙන්නෙ.දැන් ඉතින් කොහොමද අපි යන්නේ.අපේ සෙට් එකේ අය ඉතින් පොඩ්ඩක් වැඩේ විපරම් කරලා බැලුවා කොහෙද පඩි පෙළක් එහෙම තියෙන්නෙ කියලා.එතකොට තමයි වැඩේ තේරුනේ.

    මෙතැනදී එක්කෙනෙකුට රුපියල් 400ක් ගෙවලා ටිකට් එකක් අරගෙන පුළුවන් වාහන වල උඩට යන්න.අබාධිත අයට මහලු අයට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට 400ක් දීලා යන්න පුළුවන්.රුපියල් 400ක් ගෙවාගන්න බැරි කෙනෙක් එහෙම අවොත් ඉතින් මෙතැනින්ම හැරෙන්න තමයි වෙන්නෙ.ඇයි ඉතින් පඩිපෙලක්වත් නෑනේ පෙන්න.රුපියල් 400 වැඩේ නිමල්ගේ වැඩ තමයි.හැබැයි උඩට ගියාම නම් පඩිපෙලක් තියෙනවා කියලා පේනවා එත් එක පහලින් නෑ අපි ඉතින් හොයල බැලුවා මොකද කියලා මොකද එකට හේතුව කියලා බැලින්නම් පහලින් එක වෙන පැත්තකට හරවලා වහල දාලා.එතකොට එන හැමෝමට සල්ලි දීලා යන්න වෙනවනෙ වාහනවල.කොහොමද බිස්නස් ට්‍රික් එක.වාහන යන පාරේ නම් මෙලෝ කෙනෙක්ට යන්න බෑ

    වැඩිහිටි කන්ද ගැන නෙට් එකේ බලද්දී මෙන්න මෙහෙම පින්තුරෙකුත් දකින්න හම්බුනා.

    8796344.jpg


    ඔය කියන පඩි පෙළ ගැන තමයි මේ කියල තියෙන්නෙ.හැබැයි අපි යනකොට නම් මෙහෙම දැන්වීමක සලකුණක්වත් දකින්න හම්බුනේ නෑ.පඩි පෙළ වැටෙන්නේ කෑලෑව මැදින්ලු උඩට තිබ්බේ.පොඩිම කාලේ මටත් මතක විදියට ගොඩක් අය යන්නේ එහෙම තමයි.වල් අලියෝ එහෙම මේ පැත්තේ ඉන්නවලු ගොඩක්.උන් වතුර හොයාගෙන කැරකෙනවා කියලා.අනික පාලු පලාතක් නිසා හොරු මංකොල්ලකාරයෝ එහෙම අම්බානෙක ඉන්නවා.මම කලින් කිව්වේ වාහන කෑලි ගලවන අය එහෙම.හැබැයි ඉතින් අපි ශ්‍රද්ධාවෙන් යනවා නම් සැප බලාගෙන යන්න බෑ ගොඩක් අය එහෙමනේ කෙටි මාර්ගයෙන් නිවන් දකින්නනේ කල්පනාව.

    IMG-2326.jpg


    ඔන්න ඉතින් නිමල්ගේ ටිකට් එකක් අරගෙන අපිත් වාහනේ යන්න එකතු උනා.ඔය අපේ ඉස්සරහින් ගිය වාහනේ තමයි පෙන්නේ.දෙමල කට්ටියක් තමයි ඒ යන්නේ.බෞද්ධ අය විතරක් නෙවෙයි එන්නෙ කියලා එකයි කිව්වේ.හැබැයි ලංකාවේ අය විතරකුත් නෙවෙයි එන්නෙ මෙතනට විදේශ සංචාරකයොත් එනවා බලන්න.

    IMG-2329.jpg


    මේ පේනවනේ උඩට යන්න තියෙන පාරේ හැටි වටේම වේලිච්ච කටු කෑලෑව
    තව ඉස්සරහට යනකොට තවත් වැඩේ බරපතලයි කියන්න ඕනේ මොනවා නමුත් වාහනවලින් යනකොට මරු අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් පාරක් තමයි.නරකකට කිව්වා නෙවෙයි.

    IMG-2298.jpg


    කොහොමද පර යුද්ධෙට අහුවෙච්ච පැත්තක් වගේ නේද.මාසගානකින් වැහි පොදක්වත් නැති කාලෙක මෙහෙම තමයි.ඒ වගේම තමයි හුලග.ඒ වගේම තමයි වැස්ස කාලෙට ඉතින් මඩේ එරී එරී තමයි යන්න වෙන්නෙ.ඒ කාලෙට එන්නෙත් නැහැල්ලු ගොඩක් වෙලාවට.මේ හරියේ යනකොට නම් පින්තුර ගහන්න ගෙනම මහන්සියක් වෙන්න වෙනවා මොකද පාරේ හොද කමට කැමරාවත් එක්කම එලියට විසි වෙලා තමයි නවතින්නේ.අල්ලාගෙන හිටියේ නැත්නම් ඉතින් සමාවෙන්න කියන්න තමයි වෙන්නෙ.

    IMG-2297.jpg


    පේනවනේ දුවිල්ල.පිස්සු හැදෙනවා නේද මේ පාරේ පයින් ආවනම්.රුපියල් 400ක් දීල ආව එක හොදද මන්ද කියලත් හිතෙනවා.මොනවා උනත් මුදලේ සාධාරණයක් අවශ්‍යයි.මේ හරියේ තමයි අලි එහෙම ගැවසෙනවා කියන්නෙ අපි නම් දැක්කේ නෑ
    ගොම්මන් වේගෙන එනකොට සමහර දවස් වලට පාර කිට්ටුව හරියට එනවලු උන්.ඇයි ඉතින් මේ පෑවිල්ලට කොහොම ඉන්නද වතුර නැතුව.ගහ කොළ හිටන් වේලිලා ගිහින් නෙ.වාහන යන එන නිසා දවල්ට උන් පෙන්නේ එන්නෙ නෑලු බයට.මේ පාරේ වාහන වල එහෙම ළමයි හම්බෙන්න ඉන්න කෙනෙක් එහෙම යන එක නම් එච්චර හොද නෑ.මොකද බම්ප් වේවි තමයි යන්නෙ මේ හරියේ.
    උඩට කිට්ටු වෙනකම්ම මෙහෙමම තමයි වට පිටාව දකින්න ලැබෙන්නේ.

    උඩට ගිහින්ම බලමු එහෙනම්.ඊට කලින් පරිසරයට විනාඩියක් ගිහින් බලමුද

    IMG-2332.jpg


    අපි පහු කරගෙන අපු ප්‍රදේශ තමයි ඔය දකින්නේ.
    _____________________________________________________________

    ඉතිරි කොටස පහලින්

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Nimal ගේ වැඩසිටිකන්ද

    __________________________________________________ ___________

    ඉතිරි කොටස පහලින්

    උඩටම ආවම අපිට මුලින්ම හම්බෙන්නෙ කළුවර පඩි පෙළක් අඩුමගානේ ලයිට් එකක්වත් නෑ පේන මානෙක එතනින් පස්සේ දකින්න ලැබෙන්න පහල දේවාලය

    IMG-2306.jpg


    මෙතන තමයි මුලින්ම දකින්න ලැබෙන තැන වැඩිහිටිකන්දේ උඩටම ආවම කතරගම දෙවියන් ඊශ්වර දෙවියන් වෙනුවෙන් පුද පුජා පැවැත්වෙන දේවාලයක් තමයි මේ.වැඩහිටිකන්දේ අපි දැනට දැකපු හොද තත්වයේ තියෙනවා කියන්න පුළුවන් තැනක් තමයි මේක.

    IMG-2299.jpg


    මෙන්න එතනම තියෙන කතරගම දෙවියන් වෙනුවෙන්ම වෙන් වූ දේවාල කුටිය.මිනිස්සු මෙතනට ඇවිල්ලා කතරගම දෙවියන් වෙනුවෙන් පුජාපවත්වනවා එක එක කාරනා සදහා පඩුරු ආදිය ගටගාහලා ප්‍රර්තනාවන් කරනවා.මොකද මෙතන කතරගම දෙවියන්ගේ නෙත් යොමු වෙන ස්ථානයක් කියලා පුරාවෘත වලින් සාධක සපයනවා.කතරගම දේවාලය ඉදිකිරීමට කලින් ස්කන්ද කුමාර හෙවත් කතරගම දෙවියෝ මෙම ස්ථානයේ වැඩ සිටි බවත්.කතරගම දේවාලය ස්ථාපනය කිරීමේදී මෙම ස්ථානයේ සිට වර්තමානයේ කතරගම දේවාලය තිබෙන ස්ථානයට ඊයකින් විද ස්ථානය තහවුරු කරගත් බව සදහන් වෙනවා.කතර ගම දෙවියන් වැඩ සිටි කන්ද නිසා පසුකාලීනව වැඩසිටි කන්ද කියලා හදුන්වලු ලැබුවලු.ඔන්න ඔහොමයි ඉතිහාසයේ සදහන් වෙන්නෙ

    IMG-2305.jpg


    මෙන්න මෙතනලු අර කතරගම දේවාලයේ පිහිටීම සනාත කරගන්න ඊය විදපු තන මෙතන සෙල්ලිපියක් තිබිබ කියල තමයි කියන්නෙ ඒ අනුව දැන් මේ රතු සුදු තීන්ත බිත්තියෙන් කොටු කරලා තියෙන ස්ථානය හදල තියෙන්නේ.අර ඊතුඩක් ලොකුවට තියෙන්නෙ එක සංකේතවත් කරන්න තමයි.හැබැයි දැන් මේවා බලන්න කොච්චර සෙනග ආවත් කිසිම අලුත් වැඩියාවක් පිරිසිදු කිරීමක් කරන්නේ නැහැලු.නිකන් අත අතැරලා දාපු ස්ථානයක් වගේ එන ඕනෑම කෙනෙක්ට පෙන්නේ.මොකද ඉතින් නිමල් වැඩහිටි කන්දෙන් එන අදායම තනියම භුක්ති විදින්න අරගෙන නිසා කවුරුත් මේවා හොයල බලන්නේ නෑ නෑ. හීල්ලේ ඥනානන්ද දැන් නායක හාමුදුරුවොත් ජිවිතේ ගැන බයෙන් ඉන්නේ.

    IMG-2301.jpg


    මේ උඩමළුවේදී දකින්න හම්බෙන බෝධීන් වහන්සේ තමයි අර කලින් අපිට පහලදී හම්බෙච්ච බෝධීන් වහන්සේ දිහා බලද්දී මෙතන නම් දාහින් හොදයි කියන්න පුළුවන් මොකද්ද සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉන්න කාලේ මෙහෙමවත් දෙයක් වෙච්ච එක ගැන.එත් ඉතින් මේවා ගැන නිතර නිතර හොයල බැලිය යුතුයි අනිවාර්යෙන්ම.ගිහියෙක් තනියම මේවා අයිති කරගන්න යනවා කියන්නෙ ඉතින් මේවා මුදල් වෙලා නාස්ති වෙනවා කියන එක තමයි.බලමු තවත් වට පිටාවේ ගැන.

    IMG-2307.jpg


    බෝධිය ගාවින් වටේ විපරම් කරහම අපිට දකින්නට ලැබෙන්නේ මෙන්න මේ ලස්සන දර්ශනය තමයි.කොහොමද ඈත ලස්සනයි නේද .මේකේ ඔය කහපාට ඉර පෙන්නේ අපි අපු පාර තමයි.හැබැයි ඔන්න බොහොම පරිස්සමෙන් තමයි මේවයේ ඇවිදින්න ඕනේ පේනවනේ කිසිම තාප්පයක්වත් නෑ පච්ච හෙළ පොඩි කෙනෙක් එහෙම වටුනුත් හරිම කනගාටුවක් තමයි වෙන්නෙ.එහායින් පේනවනේ තාප්පේ බාගෙට ගහලා නවත්තල දාලා තියෙන්නෙ.ඔන්න ඕකයි වැඩහිටි කන්දේ අද තත්වේ.

    පරිසරයට විනාඩියක් අවධානය යොමු කොරොත්

    IMG-2308.jpg


    දැක්කද ඇතින් තියෙන වැව හිදිලා තියෙන විදිය.වහින කාලෙට වැවත් පිරිලා මේ ප්‍රදේශයම කොලම කොළ පාටයිලු.ඒ තරම් ලස්සනයි ලු බලන්න.මේ පායන කාලේ නිසා ඉතින් එක හරියන්නේ නෑ.ඒ හරියේ මිනිස්සුගේ ගෙවල් එහෙමත් තියෙනවලු

    IMG-2312.jpg


    මේ කලින් දැකපු බෝධීන් වහන්සේ තමයි.වැඩිහිටි කන්දට එන බැතිමතුන් එක එක කාරනා සදහා කොඩි වැල් එහෙම එල්ල යන්න අමතක කරලා නෑ.මොනවා උනත් මේ හරිය නම් හොද පිරිසිදුවට තියෙනවා.

    ඊළගට අපි යමුකෝ බුදු ගෙට
    ඊට කලින් ආයෙත් පරිසරයට විනාඩියක් ගිහින් බලමු

    IMG-2302.jpg


    මේ පේන්නෙත් අපි මෙතනට එනකොට පහුකරගෙන ආපු ප්‍රදේශයක් තමයි.ඔය ඇතින් දකින්න තියෙන කන්ද උඩ සෙල්ලිපි වගේම තිබ්බ බුදු පිලිමෙකුත් නිදන් හොරුන් උස්සන් ගිහින්ලු දැන් එතන ලයිට් එක විතරයි ඉතුරු වෙලා තියෙනවා කියන්නෙ.එතනත් නිමල්ගේ හිතවතෙක් හෝටලයක් හදන්නලු හදන්නෙ.එවලින් වෙන්නෙ ඉතින් පරිසරයට හානි වෙලා තියෙන ගස් ටිකත් කැපිලා අනාගත පරපුරට තවත් බිල්ඩින් ගොඩක් දකින්න තියෙන එක තමයි.

    IMG-2309.jpg


    මෙන්න තවත් ලස්සන දර්ශනයක් දකින්න හම්බෙන.වැවු ජලයෙන් කරන කුබුරු වල ලස්සන කොහොමද.එතකොට අර පේන චයිත්‍ය දැක්කද හරිම මනස්කාන්තයි නේද දකිනකොට ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන්නෙ එකනේ ගම්වල.ඒ පෙන්නේ.ඒ පෙන්නේ සෙල්ලකතරගම කියලයි කියන්නෙ.

    පරිසරයෙන් අපි ආයෙත් එමු පුජාභුමිය දිහාවට

    IMG-2303.jpg


    මේ මචන් බුදුන් වැඩ ඉන්න බුදු කුටිය එහෙම නැත්නම් බුදු ගේ.මොකද හිතන්නේ මේක දැක්කම.මට නම් හරිම දුකයි දැක්කම මේක.අපේ ගියපු හැමෝම වගේ ගොඩක් දුක හිතුනා මෙතන හැටි දැක්කම.මේක හදන්න අරගෙන අත ඇරලා දාල මොකද මේක හදන්න ගෙනාපු පාඩු නිමල් කියන හාදයා එයාගේ පෞද්ගලික නිවාස ඉදිකරන්න අරගෙන ගිහින් ලොවෙත් නැහැලු.මේ පේන යකඩ ෆ්‍රේම් එක කොන්ක්‍රීට් උඩට අදින මැෂින් එක හයි කරන එකලු.නිමල් සේරම ටික හොරෙන්ම ඇදගෙන බුදු ගේ බල්ලට ගිහින්.පොඩ්ඩක් මතක් කරලා හිතල බලන්න ඔයාලගේ නිතර යන එන පන්සලේ බුදු ගේ මේ වගේද නෑ නෙ මීට වඩා හොදින් නියමෙටම තියෙනවා නේද දැක්කම කාටත් හිත ඇදිල යන්න පුළුවන් විදියට.අපේ අයට දේවාල සේරම සුපිරි විදියටම තියෙනවා එත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තියෙන බුදු ගේ ගැන ගාණක්වත් නෑ

    IMG-2304.jpg


    මේ තියෙන දොරවල් කිසිම දෙයක් වහන්න කරන්න තියා හොල්ලනවත් බෑ ජරා වෙලා ගිහින්.තක්කෙටම කියන්න පුළුවන් ඔය බුදු පිලිමේත් කවුරුහරි රෑට උස්සන් ගියත් දන්නෙ නෑ.මොකද කිසිම හාමුදුරු කෙනෙක් වැඩහිටි කන්දේ රෑට වැඩ ඉන්නේ නෑ ජිවිතේ ගැන තියෙන බයට ඒ වෙන කාටවත් නෙවෙයි නිමල්ගෙන් හාමුදුරුවන්ට තියෙන තර්ජනවලට ඔය දෙපැත්තේ සිතුවම් කරලා තියෙන්නෙ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ සහ ඉන්දියාවේ ඉදල ඇවිල්ලා මේක හදන්න උදව් කරපු වී සංගාර පිල්ලේ කියන පුජකයාගේ සිතුවම් දෙකක්.මේ සිතුවම් ඇදල තියෙන්නෙ දැන් පන්සලේ නායක හාමුදුරුවෝ ඒ දවස් වල කියල තමයි මෙතන ඉන්න අය අපිට කිව්වේ.හාමුදුරුවෝ අපවත් වෙච්ච නිසා සේරම සංවර්ධන ක්‍රියාවලිය නැවතිලා වෙන වෙන අය පැහැරගෙන ගිහින් සේරම.

    IMG-2321.jpg


    මේ තියෙන්නෙත් වැඩිහිටිකන්ද වදින්න මිනිස්සු ආවම විඩාව නිවාගෙන යන්න කියල හදන්න ආරම්භ කරපු ධර්ම ශාලාව සහ විශ්‍රාම ශාලාව.ඒවා සේරම නැවතිලා වැඩ ඔතනට යන්නත් බැහැල්ලු දැන් එක කඩන් වැටෙන්න අරගෙන කියලා පහල ඉදල තමයි බලන්න වෙන්නෙ.

    IMG-2318.jpg


    මේ තියෙන්නෙ මම මුලදීම කිව්වා පඩිපෙළ තමයි තාම නම් හදල ඉවර නෑ එත් මෙතනින් එහාට හැදෙන එකකුත් නෑ කියල තමයි කිව්වේ.අපි මෙතනට යනකොට වෙලාව දවල් 12 වගේ ඇති එතකොට තමයි හාමුදුරුවෝ එන්නෙ උඩට.ඔය එන හාමුදුරුවෝ තමයි අපිට ගොඩක් විස්තර කිව්වේ වැඩිහිටි කන්ද ගැන පොඩි හාමුදුරු නමක්.ඒ හාමුදුරුවෝ කොලබ ඉගෙන ගන්න හාමුදුරු කෙනෙක්.හාමුදුරුවන්ට වඩින්න වාහනයක්වත් දෙන්නේ නැහැලු වාහන ටික බලෙන් තියාගෙන ඉන්න නිමල් කියන හාදයා.ඇයි මිනිස්සු මෙච්චර කුහක.මේ පඩි පෙළත් රෑට රෑට ඔහුගේ හෙන්චයිදෝ දම්මලා විනාශ කරනවලු ප්‍රවාහන බිස්නස් එක වැඩිකරගන්න.කවුරුත් නැත්නම් කිසිම හාමුදුරු කෙනෙක් ඉන්නේ නෑලු දවල් උනත්.බය නිසා.

    IMG-2322.jpg


    මේ පෙන්නේ අර බුදු ගෙට උඩින් තියෙන චයිත්‍ය තමයි බලන්න කෝ එකේ හැටි
    අඩුගානේ සුදු හුණු ටිකක්වත් ගාලා නෑනේ.ඊට එහා මේකේ කොත් කැරැල්ල ප්‍රවාහනේ එකෙක් රැක ගලවාගෙන ගිහින් පොලිසියෙන් තමයි ගලවාගෙන ගියපු කෙනාව අල්ලාගෙන අයේ චයිත්‍යේ තැන්පත් කරලා තියෙන්නෙ.ඔන්න ඔය වගේ තත්වයක් තමයි අද තියෙන්නෙ

    IMG-2323.jpg


    මේ තියෙන්නෙ ඒ කොත් කැරැල්ල.ඊලග පාර යනකොට මේක ආයේ තියෙවා කියලා ප්‍රර්ථනා කරනවා ඔන්න.මේ වගේ ඓතිහාසික වටිනාකමක් තියෙන දෙස් විදේශ සංචාරකයින්ගේ බැතිමතුන්ගේ ආදරයට නතුවෙන වැඩිහිටි කන්දට වින කටින නිමල් ගැන කියන්න කලින් අයෙත් පරිසරයට විනාඩියක් අවධානය යොමු කරමු.

    IMG-2311.jpg


    මේක ගොඩක් සුම් කරලා ගත්ත පින්තුරයක්.අපිත් එක්ක කතා බහ කරපු හාමුදුරුවෝ කිව්වා විදියට ඔය අතින්ම පෙන්නේ කවුරුත් දන්නා මැණික් ගග කතරගමට ගලන මාවතළු මෙතනට පේන.මැණික් ගග උතුරනකොට එහෙම ඒ පලාතම යටවෙනවලු ගොඩක් වෙලාවට

    IMG-2314.jpg


    මෙත් කන්ද උඩ ඉදලා බැලුවම පහල පේන විදිය තමයි.ලස්සනයි නේද වැස්ස නැතුව වේලිලා ගිහින් තියෙන අපුරුව බලන්න කෝ.අලි එහෙම කරක් ගහනකොට උඩ ඉදලා ලස්සනට බලන්න පුළුවන් ලූ.අපිට නම් දකින්න හම්බුනේ නෑ හැබැයි අලියෝ.හවස 3 වෙනකොට උන් එකා දෙන්න ගම්වදින්න ගන්නවලු මේ ගස් අස්සෙන්.

    එතකොට කවුද මේ නිමල් කියන්නෙ

    මේ දිවයින වෙබ් අඩවියේ වැඩිහිටි කන්දේ සෙල්ලම් ගැන පල වුනු ලිපියක්

    Untitled.png


    සම්පුර්ණ ලිපිය කියවන්න මෙන්න

    ඔන්න ඔය කියන නිමල් හෙවත් නිමල් චන්ද්‍රසිරි ගැන තමයි මම මෙච්චර වෙලා කතා කලේ.මේ කියන නිමල් රත්මනාලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ඉන්න කාලේ තමයි වැඩහිටි කන්දේ ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඇවිල්ල තියෙන්නෙ.ඒ හිමියන් අපවත් වෙනකම් හිමියන්ට උවැටන් කරගෙන ඔතන නිදාලා ලොකු හාමුදුරුවෝ අපවත් උනහම උන් වහන්සේ තමන්ට වැඩහිටි කන්දේ සියලු පාලන බලතල පැවරුවා කියලා ව්‍යාජ ඔප්පුවක් එහෙම හදාගෙන බලෙන්ම විහාරයේ දේපල කොල්ල කන්න පටන් අරගෙන තියෙන්නෙ.මේ මනුස්සයා බැදලා තියෙන්නෙත් මේ ප්‍රදේශයේම කාන්තාවක්ලු.ඒ බැදලා පවුල් පිටින්ම පන්සලේ තමයි ඉදල තියෙන්නෙ ළමයි හම්බෙලා ඉදල තියෙන්නෙත් පන්සලේ තමයි.ඔන්න අසරණ වෙලා කරදරයක් වෙලා දරුවෝ එක්ක හිටියට කමක් නෑ පන්සලේ එත් ළමයි එක්කම පදිංචි වෙලා ඉන්න සිරිතක් තියෙනවද පන්සලක.මොන තරම් හිරිතිත පහත වැඩක්ද පන්සල කියන්නෙ පුජනිය තැනක් මිසක් කම්සැප විදින්න ගිහියන්ට තියෙන තැනක් නෙවෙයි නෙ.එකත් ලොකු හාමුදුරුවෝ අවෑමෙන් වැඩිහිටි කන්දේ නායකත්වයට ඉන්න හීල්ලේ ඥනානන්දහාමුදුරුවෝ සංගාවාසයෙන් එළවලා
    ගොඩ නේන අපායේ පවක් නෙ කරගෙන තියෙන්නෙ දැන් නම් පන්සලෙන් හොරාගත්ත දේපල වලට පිහිට වෙන්න පන්සලටම අයිති ඉඩමක ගෙයක් හදාගේනලු හැබැයි ඉතින් ප්‍රවාහනේ ඉදලා පන්සලට එන හැම මුදලක්ම යන්නේ මේ කියන නිමල් සහ ඔහුගේ පවුලේ අයට තමයි.අනික මේ මනුස්සයා බෞධදයෙක් මිසක් වෙන ආගමක කෙනෙක් නෙවෙයි.කිසිම බෞද්ධයෙක් ශාසනයට දේවල් පරිත්‍යාග කරනවා මිසක් ශාසනයේ දේවල් ගන්නේ නෑ නෙ
    අනික කොයි හාමුදුරුවෝද පන්සලක් පාලනයට අයිතිය පවරන්නේ ගිහියෙකුට එකෙන්ම පේනවනේ මේ මිනිහා බොරු ඔප්පු පෙන්නලා මේ කරන නස්පැත්තිය.

    මෙන්න මේ ගැන කෙරුණු බැලුම්ගල වැඩසටහන




    අහලම බලන්න කෝ නායක හාමුදුරුවෝ කියන කතාව.එතකොට නිමල්ගේ කතාව
    හාමුදුරුවරු ඉන්නේ කොච්චර බැන්ද බලන්න කෝ.මෙහෙම ගියොත් වැඩිහිටි කන්ද නැත්තටම නැති වෙලා කිසිම කෙනෙක් එන්නෙ නැතිව යනවා.අඩුගානේ කන්ද උඩ බොන්න වතුර ටිකක්වත් හොයාගන්න නෑ.අන්න ඒ තත්වයට පත් වෙලා
    ______________________________________________________

    අබෞද්ධයන්ගෙන් බුද්ධ ශාසනයට සිදුවන හානි ගැන බොහෝ සෙයින් කතාවෙන මේ කාලේ නිමල්ලා වගේ බෞද්ධයන්ගෙන් ශාසනයට බුද්ධ පුත්‍රයින්ට සිදුවන හානිය ගැන කතා කරන්න කවුරුත් නෑ.අපි වෙනත් රටකට ගියොත් ඒ රටවල ආගමික ස්ථාන ඉතිහාසගත ස්ථාන ගැන නිතර නිතර හොයල බලන්න ඒ රටවල පාලකයින් විසින් නිතරම පියවර ගන්නවා කවුරු හරි වෙනත් කෙනෙක් අනවශ්‍ය විදියට ඒ දේපොළ කොල්ල කන්න හෝ ඒ ඉන ආගමික නායකයින්ට කරදර කරන්න ගියොත් ඔවුන්ට තරා තිරම නොබලා පියවර ගන්නවා.එත් ලංකාව ගැන හිතනකොට එහෙම නෑ.දුකක් එක්ක කලකිරීමක් විතරයි ඇති වෙන්නෙ මේ වගේ දේවල් අහන්න ලැබෙද්දී.වර්තමානයේ බෞද්ධයින් වෙනුවෙන් කතා කරන්න නොයෙකුත් සංවිධාන බිහිවෙලා තියෙනවා මිට වඩා බරපතල දේවල් ඔවුන්ගේ එක්වීමෙන් විසදිලා තියෙනවා (උදා: - කුරගල). ඒවගේ වැඩිහිටි කන්ද ආදිය ගැනත් අවධානය යොමු වෙලා අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ දේවල් රැකගන්න එකතුවෙයි කියලා අපි ප්‍රර්ථනා කරමු ඒ වෙනුවෙන් ක්‍රියා කරමු.
    ලංකාවේ මිසක් ලෝකෙ වෙන කොහෙවත් වැඩිහිටි කන්ද හම්බෙන්නෙ නෑනේ

    නැත්නම් කෝට්ටේ,මොරටුවේ වගේ භික්ෂු ඝාතන ලැයිස්තුවට තව නම් කිහිපයක් ඉදිරියේදී ඇතුලත් වෙලා තියේවි.


    ____________________________________________________________

    මේ ලිපිය SHARE කරලා හැමෝම දැනුවත් කරන්න
    ©2013MB/EK.COM
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බුද්ධාගම විනාස කරන භාහිර බලවේග පන්නන්න කලින් අඟේ ඉඳන් කන් කන මුන්ව පාර දිගේ ගගහ පන්නන්න ඕනෙ. :angry:

    එල post එක:yes:


    rep +6
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හුඟක් ස්තුතියි සහෝදරයා මේ ගැන දැනුවත් කරාට. මේ ත්‍රෙඩ් එක දකිනකම් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. පුලුවන්නම් බැලුම්ගල යුටියුබ් ලින්ක් එක හදල දාන්න එක වැඩකරන්නේ නැහැ. අපේ පුජනිය ස්ථාන විනාස කරන්නේ අපේ එවුන්ම තමයි. බැලුම්ගල මේ ගැන අවධාරණය කරානම් අද හෙටම මේ ගැන මොනවහරි ක්‍රියාත්මක වීමක් වේවි. එත් මෙතන තියන ප්‍රස්නේ වැඩසිටි කන්ද පුජා භූමියත් කතරගමටම අයිති දෙයක් නිසා කතරගම දේවාලේ දියවඩන නිලමේවරු මේ ගැන නොදැක්ක සේ ඉන්නේ ඇයි කියන එකයි. මේවා දැක්කම අපේ රටේ පාලන අධිකාරිය ගැනත් අපේ බෞද්ධ ශාසනයේ පාලනාධිකාරියේ උදවිය ගැනත් දැනෙන කලකිරීම කියල වැඩක් නැහැ. මමත් මහින්දව ජනාධිපති කරන්න චන්දෙ දීපු දකුණේ එකෙක්. එත් කව්රු මොනවා කිව්වත් මේවට වගකිවයුත්තේ ජනාධිපති තුමා ප්‍රමුක ආණ්ඩුවයි. පාතාලයෝ ගම නියම්ගම් වල ප්‍රාදේශීය පාලකයෝ වෙලා ගමේ පන්සල දක්වාම හුරගෙන කන එකට වගකිවයුත්තේ පවතින ආණ්ඩුවයි. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මහින්ද එලවල වෙන පක්ෂයක් රජ කරවන එක මේකට විසඳුම වෙයි කියල. ඕකුන් ඔක්කොම එකයි. අපේ මුළු රටටම මේ වේගෙන යන්නේ මේ වැඩිහිටි කන්දට වෙලා තියන දේම තමයි. බලය තියන එකා බැරි එකාව බය කරගෙන යට කරගෙන අයුක්තියෙන් සල්ලි හොයාගෙන සැපෙන් ජිවත් වෙන්න උත්සහ කරනවා. කවද මේවට විසඳුම් ලැබේවිද කියන්න හිතන්නවත් බැහැ . අපිට තියෙන්නේ මේ අවනඩු දෙවියන්ට කියන්න විතරයි.
    අනික් කාරනාව තමයි බොදු බල සේනාවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ වැරදි තැනින් කියලයි මට හිතෙන්නේ .බොදු බල සේනාවල් ඉස්සෙල්ල කරන්න ඕන තමුන්ගේ ඇහේ තියන රොඩ්ඩ අයින් කරගන්න එකයි. අද වැඩිහිටි කන්ද එකෙක් අයිති කරගත්ත වගේ තව කෙනෙක් හෙට කිරිවෙහෙරටත් කතරගම මහා දෙවාලෙටත් ඔප්පුවක් හදාවි. එදාට අපිට කිරිවෙහෙරට කතරගම මහා දේවාලෙට යන්නත් උගෙන් ටිකට් එකක් ගන්න වෙයි. ඒ වෙනකම් බොදු බල සේනාවල් හම්බයෝ එක්ක යුද්ද කර කර ඉඳියි. මේවට තමයි කියන්නේ අලි යන කපොලු තියෙද්දී කුහුඹි යන හිල් වහනව කියල

    ස්තුතියි සහෝදරයා මේ ගැන දැනුවත් කරාට. හිතේ අමාරුවටයි මෙච්චර ලිව්වේ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩක් වටින් විස්තර‍යක්......
    ඔ‍ය නිමල් වගේ බුද්ධ ශාසන‍යට වින කරන මිනිස්සුනට එරෙහිව නීති‍ය ක්‍රි‍යාත්මක නොවෙන්නේ ඇ‍යි කි‍යන එක නම් තවමත් ඉතිරි වෙලා ති‍යන ප්‍රශන‍යක්........
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    machan,mama wadihiti kande ape campus eke practical program ekakata sathi 2k nawathila hitiya.oya nimal wa mama hodata dannawa.minihata wenama room ekak tiyenawa wadihiti kande uda.e wagema oke inna pusarila kande inna saththu maranawa,bonawa.un amu boru karayo..