නයි_මස්කඩේ...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සර්පයින්ව ආහාරයට ගන්නවා කියන කතාව හැමෝම දන්නවනේ. ඒත් ඔයාල මිට කලින් දැකල තිබුනද සර්ප මස් කඩයක්(මස් කඩයක් කිව්වට මේකේ ප්‍රධාන අරමුණ මස් ලබා ගැනීම නෙමෙයි සර්ප හම ලබාගැනීමයි). මස් කිව්වට මස් විතරක් නෙමෙයි මෙයාල සපයන්නේ. විසිතුරු භාණ්ඩ නිපදවීම සඳහා සර්ප හම් පවා සපයනවා.
    ඉන්දුනීසියාවේ තමයි මේ කඩේ තියෙන්නේ. අයිතිකරුවාගේ නම WAKIRA. කඩේ නම “Boss Cobra”. සමහරු විශ්වාස කරනවා සර්ප මස් චර්ම රෝග සහ ඇදුම කියන රෝග වලට ගුණයි කියල. මේ කඩේ වැඩට සේවකයෝ 10ක් ඉන්නව.
    මේ කඩේ මාසික ආදායම $ 1,562ක් පමණ වෙනවලු. සර්ප හමෙන් නිපදවපු බෑග් එකක මිල $15-$31 අතර වෙනවා බෑග් එකේ ප්‍රමාණය අනුව. ඒ මිලගණන් ඉන්දුනීසියාව ඇතුලේ. මේ බෑග් යුරෝපයේ කඩවලට දැම්මම විකිනෙන්නේ කියට කියලද හිතෙන්නේ:confused::confused:.
    $4,000කට වැඩියි... එක බෑග් එකක මිල හොඳේ.... :shocked::shocked:
    දැනට වසර 3-4 ක පමණ කාලයක් තිස්සේ ගැමියන් සර්පයන් අල්ලනවා. ඔවුන් අල්ලන එක සර්පයෙක් ගානේ හොඳට ගෙවීමක් ලබනවා. සමහර විට කණ්ඩායම් වශයෙන් කැලේට වෙලා උගුල් අටවලා දැල් දාල සර්පයින්ව අල්ලනවා. ඊට පස්සේ උන්ව කැන්වස් බෑග් වල රදවල තබාගෙන පසුව WAKIRAගේ කඩේ වගේ කඩවලට විකුනනවා.

    මෙන්න මේ වගේ මස්කඩේකට සර්පයෙක් ගෙනාවහම දිග මැනලා සර්පයාගේ දිග අනුව ගෙවන මුදල් ප්‍රමාණය අඩු වැඩි වෙනවා.

    උඩ වීඩියෝ එක වැඩ නැත්තම් මෙන්න ලින්ක් එක.
    ඊටපස්සේ සර්පයන් ලක්වෙන්නේ මේ වගේ ඉරණමකට.....

    ඉස්සල්ලම මන්නේ මිටෙන් ඔලුවට ගහල සර්පයාව සිහිසුන් තත්වයට පත්කරනවා.
    ඊටපස්සේ වතුර බටයක් කටට ඔබල වතුර වලින් සර්පයාව පුම්බනවා හරියට හොඳට පිම්බිලා ලොකුවට තියන පතෝල කරලක් වගේ වෙන්න.
    ඊටපස්සේ වතුර එලියට කාන්දු නොවෙන්න ලෙදර් පටියකින් කට තදින් ගැටගහනවා.


    ඒ පියවර ටික ඔයාල පහල තියන වීඩියෝ එකෙන් බලාගන්නකෝ..


    උඩ වීඩියෝ එක වැඩ නැත්තන් මෙන්න ලින්ක් එක.
    ඊටපස්සේ මේ සර්ප හම් අවන් එකේ දාල වේලනවා. ඉන්පසුව හිරු එළියේ තබලත් වේලනවා. මේ වැඩේට දවස් දෙකතුනක් යනවා.
    ඉතින් ඔන්න ඕකයි කතාව.....

    වකිරගේ නයි මස් කඩේ කියන්නේ නිතිවිරෝධිව පවත්වාගෙන යන එක කඩයක් විතරයි. මේවත් හරියට ලංකාවේ කසිප්පු පෙරන තැන් වගේ වෙන්න ඇති. නීතිවිරෝධී උනාට මේ කඩ කවදාවත් වැහෙන්නේ නැහැ. ඒ ඇයි කියල හැමෝම දන්නවනේ...:P:P
    මේ වගේ කඩ චීනයේ, කාම්බෝජයේ, තායිලන්තයේ වගේම වියට්නාමයේත් තිබෙනවා. මේ සබ්ජෙක්ට් එකට අදාලව ලොවපුරා සේවකයින් 175,000ක් පමණත්, සර්පයන් අල්ලන්නන් 150,000ක් පමණත් සිටිනවා.
    මේවා නීතිවිරෝධී උනාට එයාපෝර්ට් එකෙන් යුරෝපයට මේ සම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන යවනවා.
    ඔය සත්ව අයිතිවාසිකම් ගැන කතාකරන යුරෝපයේ අක්කල අයියල ගාවත් මේ සර්ප හම් වලින් නිපදවපු හෑන්ඩ් බෑග්, බෙල්ට් එහෙම ඇති:angry::angry:.

    2000-2005 වසර වල යුරෝපයට ගෙන්වූ සර්ප හම් ප්‍රමාණය මිලියන 3.4ක්. ඉතාලිය තමයි අංක එකේ කස්ටමර්, දෙක ජර්මනිය, තුන ප්‍රංශය.
    scrub python කියන සර්පයාව පමණක් $10,000කට වඩා වැඩි මිලකට විකුනන්න පුළුවන්. ඇමරිකාව පමණක් වසරකට මිලියන $257 ක් වටිනා සර්ප සම් වලින් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය කරනවලු.

    මේ ත්‍රෙඩ් එකෙන් ඔයාල නොදන්නා දෙයක් දැනගත්තනම් ඒ දේ අනිත් යටත් දැනගන්න බම්ප් එකක් ගෙන යන්. පහල තියන ෆොටෝ ටිකත් බලාගෙන යන්න.:cool::cool::cool:

    snake-slaughterhouse-11%25255B6%25255D.jpg


    snake-slaughterhouse-2%25255B6%25255D.jpg


    snake-slaughterhouse-5%25255B6%25255D.jpg


    snake-slaughterhouse-8%25255B6%25255D.jpg


    snake-slaughterhouse-12%25255B6%25255D.jpg


    snake-slaughterhouse-13%25255B6%25255D.jpg


    snake-slaughterhouse-9%25255B6%25255D.jpg


    snake-slaughterhouse-1%25255B2%25255D.jpg


    snake-slaughterhouse-7%25255B6%25255D.jpg


    snake-slaughterhouse-10%25255B5%25255D.jpg


    snake-slaughterhouse-14%25255B5%25255D.jpg


    snake-slaughterhouse-15%25255B5%25255D.jpg


    snake-slaughterhouse-4%25255B2%25255D.jpg


    සර්ප මස් ව්‍යංජනයක්....:baffled::baffled::baffled:
    1.1250583027.snake-meat-on-the-bone.jpg


     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අහිංසක සත්තු නැත්තට නැති වෙලා ගිය දවසට මොක්ක්ව හමගහලා යුරෝපයට විකුණයිද දන්නේ නෑ
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ...