ඔරලෝසුවකට ගිය කලක්

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔරලෝසුවකට ගිය කලක්

    images

    අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදී නැතුවම බැරි දෙයක් තමයි කාලය. ඉතින් ඔය කාලය මනින්න අපිට නැතුවම බැරි දෙයක් තමයි ඔරලෝසු. බෝහෝ දෙනෙක් අතේ අඩුතරමේ විලාසිතාවක් ලෙසවත් ඔරලෝසු තියනවා දැකගන්න පුලුවන්.

    save-time.jpg


    ඔබගේ වේලාව නිවැරදිද?

    ඔබ කවදාවත් හිතුවාද ඔබ ලඟ තිබෙන ඔරලෝසුවේ වේලාව කොතරම් නිවැරදිද කියලා. එක එක ඔරලෝසු වල එක එක වෙලාවල් තමා තියෙන්නෙ. ඒත් මම කියන්නේ ඔබේ ඔරලෝසුවේ තප්පරයක් හරියටම තප්පරයක්ද? :confused:

    සරලම උත්තරය තමයි. ලෝකයේ කිසිම ඔරලෝසුවක් හරියටම තප්පරයක් මනින්න සමත් නෑ. අපිට කරන්න පුලුවන් එකම දේ තමයි පුලුවන් තරම් දෝෂය අඩු ඔරලෝසු නිර්මාණය කිරීම.

    දැනට වෙළඳපොලේ තිබෙන මිල අධිකම හා වඩාත් නිවැරදි සාමාන්‍ය ඔරලෝසුවක කාලය පැය 24 ක් තුලදී අඩුම තරමින් තත්පර 1.5 ක්වත් අඩු හෝ වැඩි වන බව ඔබ දන්නවාද?

    එතකොට ඔබ කල්පනා කරනවා ඇති ජ්‍යාත්‍යන්තර වේලාව මනින්නේ කොහොමද කියලා? මොකද ඒක වෙනස් උනොත් ලෝකය ලොකු අවුලක් බවට පත්වෙනවා. උඩ තියන චන්ද්‍රිකා, අන්තර්ජාලය, GPS, කොටස් වෙළඳපොල වගේ ලෝකයට අත්‍යවශ්‍ය දේවල් ගොඩක් රඳා පවතින්නේ ඉතා නිවැරදි වෙලාව මත.

    මේ වැඩේ සඳහා ලෝකයේ කිහිපතැනක පරමාණු ඔරලොසු කිහිපයක් තියනවා. මේවා තමයි මිනිසුන්ට මේ වෙනකොට හදන්න පුලුවන් උන නිවැරදිම ඔරලෝසු. එන්ගලන්තයේ තියන පරමාණු ඔරලෝසුවේ වේලාව තත්පරයකින් වෙනස් වීමට අඩුම තරමින් අවුරුදු මිලියන 138 ක් වත් ගතවෙනවා.:shocked:


    පරමාණු ඔරලොසු


    060908_atomicClock_hmed_6p.grid-6x2.jpg

    පරමාණු ඔරලෝසුවක් වැඩ කරන විදිහ සරලවම කියනවානම් නමේ තියන විදිහට මේකට පාවිච්චි කරන්නේ සීසියම්(caesium(Cs)) පරමාණුවක්.සීසියම් පරමාණුවකට පිටින් ශක්තිය ලබා දුන්නම නිශ්චිත කාල පරාසයකදී නිශ්චිත වාර ගනනක් ස්පන්දනය වෙමින් ශක්තිය පිටකරනවා. ඒ ස්පන්ද ගණන හරියටම තත්පරයක්දී ස්පන්ද 9,192,631,770 ක්.

    6C9AD74E-0F05-481D-A4787FC6AF526EBF.jpg

    ඉතින් කට්ටිය ඉතා සංවේදී හා දියුණු උපකරණ භාවිත කරලා මේ ස්පන්ද ගැනලා හරියටම තත්පරය මනිනවා. මැනලා ජ්‍යාත්‍යන්තර වේලාව තප්පරයකින් වැඩි කරනවා.

    මිනිස්සු එච්චර දන්නේ නැති උනත් වර්තමාන ලෝකය හා අනාගතය දුවන්නේ මේ පරමාණු ඔරලෝසු කිහිපය මත. මේ අය තප්පරයක් මනින්න මෙච්චර මහන්සි වෙන්නෙ තප්පරයක වටිනාකම ඒ අය දන්න නිසා වෙන්න ඇති. :yes:


    මේ මම ලඟදි පරමාණු බෝම්බ ගැන දාපු ත්‍රෙඩ් එක. කැමති අයට ගිහින් බලන්න පුලුවන්. ;)

    අපි නොදන්න න්‍යශ්ටික අවි