ජාතික කොඩිය

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපූරු ඉතිහාසයකට හිමිකම් කියන ජාතික කොඩිය



    ශ්‍රී ලාංකික ජාතික කොඩිය වන සිංහ රූපය‍‍ට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව ඒ ගැන විමර්ශනය කිරීමේ දී පෙනී යන තවත් එක් කරුණකි.
    මීට වසර 500කට ‍පෙර ලියවුණු රාමායනයේ ලංකාපුර නිවෙස්වල ධජ පතාක ළෙල දුන් බව ද සඳහන්‍ වේ.


    ක්‍රි.පූ. 3 වන සියවසේ ඉන්දියාවේ සිටි අශෝක අධිරාජ්‍යයාගේ සමයේ දී සාංචියේ දක්නට ලැබෙන ගල් කැටයමක විජයාවතරණය යැයි සැලකෙන සිතුවමක් දක්නට ලැබේ. එය හඳුන්වන්නේ සිංහලේ ලංකා ගමනය ලෙසිනි. එහි සේනාවේ ඇතකු පිට සිටි අයකු අත සිංහරූපය සහිත කොඩියක් දක්නට ලැබේ. මුල් ම වරට සිංහ කොඩිය දැක්වෙන්නේ මෙහි දී ය.

    ක්‍රි.පූ. 2 වන සියවසේ දී එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන දඹුළු විහාරයේ බිතු සිතුවමක දුටුගැමුණු රජුගේ සේනාවේ එක් අයෙකු අත සිංහ කොඩියක් තිබෙනු දැකිය හැකිය. ක්‍රි.ව. 1415 දී පමණ 6වන පැරකුම් රජුගේ අභිෂේක උත්සවයේ දී ජයවර්ධනපුර කෝට්ටේ ඔසවන ලද්දේත් සිංහයෙකුගේ රූපය සහිත කොඩියක් ය. 2 වන රාජසිංහ රජතුමා සිහිපත් කිරීම සඳහා ක්‍රි.ව. 1657 ලන්දේසි විසින් පවත්වන ලද උත්සවයේ දී ඔසවන ලද්දේත් සිංහ කොඩියකි.


    අතීතය දෙස බලන කළ සිංහල රජවරු මෙලෙස සිංහයා තම රාජකීය කොඩිය සඳහා නොකඩවා යොදාගත් බව පැහැදිලි වේ. සිංහල රාජවංශයෙහි අවසානය වූ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජවරු ජාතියේ සංකේතයක් වශයෙන් මෙම සිංහ කොඩිය භාවිත කළ ආකාරයක් දක්නට ලැබේ.


    වර්තමානයේ දක්නට ලැබෙන ජාතික කොඩියට පෙර අපේ ජාතික කොඩිය වූයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි. එහි තද කහ පැහැ පසුබිමක දකුණතින් කඩුවක් ගත් සිංහයෙක් නිරූපණය විය. කොඩියේ කොන් සතරේ කහ පැහැයෙන් කෝන සතරක් ද කොඩිය වටා දිවෙන කහ පැහැති වාටියක් ද තිබුණි.
    1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධ ව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා යුද්ධ ප්‍රකාශ කළේය. ඒ අනුව 1815 පෙබරවාරි 25 වන දින වන විට සිංහාසනය, පාදස්ථලය, රාජමුද්‍රාව හා කොඩිය ද ඉංග්‍රීසීන් අතට පත් විය. මේ බව 1815 පෙබරවාරි 25දා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් යටත් විජිත මහ ලේකම් වෙත යවන ලද අංක 95 දරන නිල ලිපියේ සඳහන් වේ. ඉංග්‍රීසින් ඔවුන් සතු වූ සිංහ කොඩිය එංගලන්තයට යැවූ අතර එහිදී එය වෙල්සි යුද රෝහලේ තැන්පත් කෙරිණි.
    එදා 1815 දී වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් ඉංග්‍රීසි කොඩිය බිම දමා නංවන ලද්දේ මේ සිංහ කොඩියයි. පසුව ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් 1908 දී වෙල්සි රෝහලේ තිබී මෙම සිංහ කොඩිය සොයා ගන්නා ලදී. මේ කාලය වන විට ලංකාව තුළ අධිරාජ්‍ය විරෝධී සටන් පණ ගැන්වෙමින් තිබුණි. එ නිසා ජාතික කොඩියක අවශ්‍යතාව වඩාත් දැඩි විය.


    ඒ හේතුවෙන් එංගලන්තයට පවා නියෝජිතයන් යවා ලබාගත් තොරතුරු මත 1941 අගෝස්තු 06දා ලංකා ජාතික සංගමයේ කමිටු රැස්වීමක දී ජාතික කොඩිය සකස් කරන ලදී. එංගලන්තයට ගෙන ගිය සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගත යුතු යැයි 1948 පෙබරවාරි 16 දින මඩකලපු මන්ත්‍රී ඒ සිද්ධි ලෙබ්බේ මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනා කරනු ලැබුවේ‍ ය. ඉන්පසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ජාතික කොඩිය පිළිබඳ ව උපදෙස් දීමට මණ්ඩලයක් පත් කළේ ය. 1951 මාර්තු 02 ජාතික ධජ කමිටුවේ නිර්දේශ අනුව පිළිගත් ජාතික ධජය ඩී.එස්. සේනානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ ය. මේ අනුව 1952 පෙබරවාරි 04දා ඔසවන ලද්දේ මෙසේ සම්මත කරගත් ජාතික කොඩියයි.


    මේ පිළිගත් සිංහ කොඩියට කොළ පාට සහ තැඹිලි පාට තීරු 2ක් එක්කර තිබුණි. මෙය නිර්මාණය කළේ රජයේ කලායතනයේ එවකට අධිපති වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ය. කලා උපදේශක එස්.පී. චාර්ලිස් මහතාගේ සහය ද ඒ සඳහා ලැබුණි.
    1972 දී ජාතික කොඩියේ සතර කොන බෝකොළ ලෙස පැහැදිලිව හැඩකෙරුණි. රතු පසුබිමේ පිට වටය සහ සිංහයා කහ පැහැ ගැන්විණි. 1972 මැයි 22 ලංකාව ජනරජයක් වූ දා ඔසවන ලද්දේ එසේ සකස් කළ ජාතික කොඩියයි. අපගේ වර්තමාන ජාතික කොඩිය 1978 සැප්තැම්බර් 07වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේකොටසක් ලෙස ඇතුළත් කරනු ලැබූ බව එහි දෙවෙනි උපලේඛනයේ සඳහන් වේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙන එස්.එල්.එස්. 693/1985 අංක දරන ජාතික කොඩිය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයෙහි අපගේ වර්තමාන ජාතික කොඩිය පිළිබඳ වූ විස්තරාත්මක කරුණු සඳහන් වේ.


    සිංහ කොඩියේ ඇති සියුම් රූප විමර්ශනාත්මක ව විමසූ විට එහි සෑම ඉරක් ම යොදාගෙන ඇත්තේ අර්ථාන්විත ව බව පෙනේ.


    අපේ ‘ජාතික‍ කොඩිය‘ අපේ රට සංකේතවත් කරන හුදු සැරසිල්ලක් පමණක් නොව ගැඹුරු අරුතක් දෙන කලා නිර්මාණයක් ලෙස හඳුන්වන්නට පුළුවන. සෑම රටක ම ජාතික කොඩිය සංකේතවත් කරන්නේ එම රටේ ජනතාවගේ ඉතිහාස කතාන්දරය බව වටහාගත හැකි ය.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar432516_1.gif
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :lol: අයියෝ සල්ලි.....

    මෙන්න මේ ටික අමතක වෙලා.......

    Code:
    ඉරේෂා දිල්මිණි කුමාරි  දිසානායක

    :oo: නැ ඉරේෂා ට අමතක වෙලා මුගේ නම දාන්න...:yes:
     
    • Like
    Reactions: Survivor.