ඉස්ලාම්-Cosmology1

ඉස්ලාම්-Cosmology1

මුළු විශ්වයම මවන ලද්දේ දෙවියන් විසින් බව යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමිකයින් විශ්වාස කරති. එහෙත් සමහරු එය දිගටම පැවති එකක් බවත්, එහි ප්‍රමාණය අනන්තයක් බවත් සිතති. මතුපිටින් බලන විට විශ්වය ස්ථාවර එකක් බව පෙනේ.

20 වෙනි ශතවර්ෂය අජටාකාශ විද්‍යාවේ වැදගත් කාල පරිච්චේදයකි. 1920 ගණන් වලදි වෙනත් මන්දාකිණි වල තරු අධ්‍යයනයේදී සාමාන්‍ය නොවූ දෙයක් දක්නට ලැබුණි. එනම්, දුරින් ඇති තරු වලින් එන ආලෝක වර්ණාවලියේ "red-shift" එකක් (එනම්, රතු පැත්තකට යාමක්) දිස්වුනි. මෙය සිදුවන්නේ Doppler-effect නිසාය. එනම් මෙම red-shift මගින් පෙන්නුම් කරන්නේ එම මන්දාකිණි ගමන් කරන බවයි. හරියටම කිව්වොත් ඒවා අපෙන් ඈතට ගමන් කරන බවයි. එඩ්වින් හබ්ල් (Edwin Hubble) විසින් මෙවැනි වර්ණාවලි අධ්‍යයනය කරන ලදී. ඔහුගේ සොයා ගැනීම වුනේ, සෑම මන්දාකිනියකින්ම නිකුත් වන ආලෝකය මෙසේ red-shift වීමයි. එනම්, සෑම මන්දාකිනියක්ම අපෙන් ඈත් වෙමින් පවතින බවයි. එමගින් විද්‍යාඥයින් විසින් ආ නිගමනය වන්නේ විශ්වය විස්තාරණය වෙමින් පවතින බවයි.

මෙයට උපහැරණයක් වන්නේ පුම්බන බැලුමක් මත තිබෙන තිත් (මන්දාකිනි), එම බැලුම විශාල වෙනවිට එකිනෙක ඈත් වීමයි. මන්දාකිනි එනිනෙකින් ඈත් වීම පමණක් නොව, ආකාශය පවා විස්තාරණයක් සිදුවේ.

මෙම වැදගත් සොයාගැනීම න්‍යායික භෞතික විද්‍යාවේ දිශාව වෙනස් වීමට හේතුවිය. නිව්ටන් සහ අයින්ස්ටයින්ගේ න්‍යායයන් වල මෙම සොයාගැනීම මතු වී තිබුණි. කලින් අයින්ස්ටයින් මෙම තත්වය මග හැරීමට "cosmological constant" යැයි ඔහු විසින් හැඳින්වූ නියතයක් යොදන ලදී. එහෙත් මෙම විශ්වයේ විස්තාරණය සොයාගැනීම් මගින් තහවුරු වූ විට ඔහු කිව්වේ ඔහුගේ සමීකරණ වලට මෙම නියතය යෙදීම ඔහු විසින් කළ ලොකුම වැරැද්දක් බවයි. මෙසේ එකල වැදගත් විද්‍යාඥයින්ට පවා ස්ථාවර විශ්වයක් (static universe) දෙසට ඇල්මක් තිබුණි.

එහෙත් පුදුමය වන්නේ, මෙම දෙය අවුරුදු 1400කට කලින්ම කුරානයේ කුඩා වාක්‍යයක් තුළ පවසා තිබීමයි..

"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)

එහි අදහස "අපගේ ශක්තිය මගින්ම ආකාශය නිර්මාණය කළෙමු, අපිම එය විශාල/විස්තීර්ණ කරන්නෙමු." යන්නයි.

මෙහි "expanding" වලට එන අරාබි වචනය "moosi'oon" යන්නයි. එය "expand / make wider" (විශාල කිරීම) යන්නෙහි plural present participle එක වේ. එමගින්, එය වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් විග්‍රහ කිරීම බව පැහැදිලි වේ.

කුරානය යනු විද්‍යාව උගන්වන පොතක් නොවේ. එහෙත් එහි තිබෙන දේ විශ්වාස කිරීම පහසු කිරීමට මිනිසාට සලකුණු (signs) ලබාදීම කුරානයේ ලක්ෂණයක්.

මෙලෙස, මන්දාකිනි එකිනෙකින් ඈත්වෙමින් දැන් පවතින්නේ නම්, එක් කලක මේවා එකිනෙකට ලඟින් තිබී ඇත. එනම් අවකාශය පවා කුඩාවට තිබෙන්නට ඇත. ගණිතමය ලෙස බැලුවොත් එය කුඩා තනි "ලක්ෂ්‍යයක්" දක්වා පසුපසට යැවේ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව අවකාශය සහ කාලය සම්බන්ධයි. එමගින් මෙම ආරම්භක අවස්ථාව මගින් කාලයේ ආරම්භයද නිරුපනය වේ. මෙම සිතිවිල්ල ගොඩක් විද්‍යාඥයින්ට බියසුළු එකක් විය. එයට හේතුව එමගින් විශ්වය ආරම්භයට හේතුවූ සදාකාලික මවන්නෙක් ගැන සංකල්පයට අදහසක් දීමයි.

බිග් බෑන් (Big Bang) යන මතවාදය ප්‍රකට එකකි. එමගින් කියන්නේ යම් කලෙක විශ්වයේ සියලු පදාර්ථ සහ ශක්තිය තනි ලක්ෂ්‍යයක (singularity එකක) සාන්ද්‍රණය/සංක්ෂිප්ත වී තිබු බවයි. එවිට විශ්වයේ ඝනත්වය අනන්තය වී තිබිය යුතුයි. මෙවැනි දෙයක් ගැන අවුරුදු 1400කට කලින් කාන්තාරයක විසූ මිනිසෙකු විසින් පැවසීම සැලකිල්ලට ගතයුතු දෙයකි.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

මෙම සරල වචන වලින් පවසන්නේ එක් කලෙක ආකාශයන් සහ පොලව ඇතුළු විශ්වයම එකට බැඳී තිබූ බවත් පසුව එය clove asunder, එනම් එකිනෙක වෙන් වූ බවත්ය. මෙය big bang වල විස්තරයට සමරුපි යැයි ගත හැකිය. කුරානයේ මෙහි අමතරව පවසන දෙය වන්නේ මෙය සිදුවූයේ දෙවියන්ගේ අණ අනුව බවයි. ප්‍රතික්ෂේප කරන්නවුන්ට big bang පිළිගත හැකි වුවද, දිරවාගත නොහැක්කේ මෙලෙස මෙයට දෙවියන්ගේ සම්බන්ධයක් තිබීමය.

සමහර මැවුම්වාද වල ඇති පරිදි මෙම විශ්වයේ මැවීම අවරුදු 6000කට කලින් සිදුවූ එකක් යයි කුරානය නොපවසයි. එය සිදුවූයේ කොපමණ කාලයකට කලින්ද යන්න කුරානය නිශ්ශබ්දයි. එනමුත් ඉහත වාක්‍ය දෙකෙන් දෙන විස්තරය විද්‍යාවේ සොයාගැනීම් සමග ගැලපෙන බව ප්‍රතික්ෂේප කල නොහැකිය.

මෙම big bang එක හරියටම සිදුවූයේ කෙසේද යන්න තවමත් මත සහ විවාද ඇති නමුත්, විශ්වය පටන් ගත්තේ තනි point එකකින් (ලක්ෂ්‍යයකින්) යන්න පිළිගැනීමට බොහෝ සාධක ඇත. කුරානයත් කතා කර ඇත්තේ එම දේවල් ගැනය.

1965දි විද්‍යාඥයින් දෙදෙනකු විසින් මෙම big bang එකේ ප්‍රතිපලයක් ලෙස ඉතිරි වූ cosmic echo (අන්තරීක්ෂ අනුනාදය) සොයා ගනු ලැබුවා. එය අහම්බෙන් සිදුවූ දෙයක්. ඔවුන් විසින් ඉතා සංවේදී microwave අනාවරක (detectors) පරික්ෂා කරමින් සිටින විට අසාමාන්‍ය පසුතල "ශබ්ද" (noise) දැනෙන්නට වුනි. මෙම noise එකට හේතු විය හැකි අනික් කරුණු ඉවත් කල පසු ඔවුන් තීරණය කලේ මෙම noise එකට හේතුවන විකිරණය පැමිණෙන්නේ පෘතුවියේ වායුගෝලයට පිටින් වන බවයි. ඇත්තටම එය අපේ සුරයග්‍රහ මණ්ඩලයෙනුත් පිටින්, අපේ චක්‍රවටයටත් එහායින් සිට පැමිණි විකිරණ වේ. ඒවා පැරණි විශ්වයේ "දිලියුම" ඉතාමත් ඈත සිට දැන් අප වෙත ලඟා වූ පසු දක්නට ලැබෙන ආකාරයයි. ඉතාමත් ඈත සිට එම ආලෝකය අප දක්වා පැමිණීමට මෙතරම් කල් ගත වී ඇත. දැන් ඔවුන් "දැක" ඇත්තේ එම පැරණි විශ්වයයි. එහෙත් එම ආලෝකය ඉතාමත්ම red-shift වී ඇති නිසා දැන් ඒවා ඇත්තේ microwave ලෙසයි. (microwave ඇත්තේ රතු වලටත් ඔබ්බෙනි).

කුරානය යනු විද්‍යාව උගන්වන පොතක් නොවුවද, මෙලෙස ඒ සම්බන්ධ දේවල් තැනින් තැන පවසන්නේ signs ලෙසය. එනම්, මිනිසාට සත්‍යය දැනගැනීමට රුකුලක් ලෙසය. එනිසා, විද්‍යාවේ දේවල් සවිස්තරව ඉගැන්වීම කුරානයේ අරමුණ නොවේ. කුරානය මගින් නිවැරදි ලෙස දෙවියන්ව විශ්වාස කිරීමට මග පෙන්වනු ලැබේ.

සාරාංශයක් ලෙස ගතහොත්, Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.

මෙය උපුටාගත් පොතේ පිටු පහත දක්වා ඇත. කැමති කෙනෙකුට කියවිය හැකිය.

CVEQLUQ.jpg

gBVqSzU.jpg

0QuXbcs.jpg

Ay5Mdyc.jpg

ht2jdlo.jpg

Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එසේනම් විද්‍යාවෙන් දැනට සොයාගැනීමට අපොහොසත් සියලු දේ දෙවියන් වහන්සේ මවා තිබේ......ලස්සන උත්තරයක්.....හැබැයි විද්‍යාව කියනේ වෙනස් වෙන දෙයක් ........අගම සමග සම්බන්ද කරන්නේ පරිස්සමින් ගොඉයෝ .....අනා ගන්න වෙයි....:P:P:P
     
    ඔබට වැරදිලා. විද්‍යාවෙන් හොයාගන්නෙ දෙවියන් මවපු දේ ගැන තමයි.. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)

    expanding කියන එකේ හරි තේරුම මොකක්ද? උඹලගේ අරාබි භාෂාවේ එක වචනයකට තෙරුන් හැට හුටා මාරක් තියෙනවනේ. කොහොමද මේකෙන් අදහස් වෙන්නේ විශාල/විස්තීර්ණ කරනව කියල හරියටම කියන්නේ?
     
    expanding කියන එකේ හරි තේරුම මොකක්ද? උඹලගේ අරාබි භාෂාවේ එක වචනයකට තෙරුන් හැට හුටා මාරක් තියෙනවනේ. කොහොමද මේකෙන් අදහස් වෙන්නේ විශාල/විස්තීර්ණ කරනව කියල හරියටම කියන්නේ?

    ඕකෙ තෙරුම ගැන original post එකේ ලියලා තියෙන්නෙ. අරාබියෙන් තියෙන්නෙ "මූසිඌන්" කියල. අරාබි වචන හැදෙන roots තියෙනවා. මේක හැදෙන්නෙ "වසිඅ" කියන root එකෙන්. ඒකෙ තේරුම "විශාල කිරීම" යන්නයි. "මූසිඌන්" ඒකෙන් derive වෙච්ච එකක්. එහි තේරුම පැහැදිලියි.

    වෙන උදාහරනයක්, "අලිම"-දැනගත්තා, "ඉල්ම්"-දැනුම, "ආලිම්"-දැනුම ඇත්තා, "උලමා"-දැනුම ඇත්තෝ (බහු වචනය).. ආදී ලෙස තමයි root එකකින් අරාබියේ වචන හැදෙන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

    මෙම සරල වචන වලින් පවසන්නේ එක් කලෙක ආකාශයන් සහ පොලව ඇතුළු විශ්වයම එකට බැඳී තිබූ බවත් පසුව එය clove asunder, එනම් එකිනෙක වෙන් වූ බවත්ය. මෙය big bang වල විස්තරයට සමරුපි යැයි ගත හැකිය. කුරානයේ මෙහි අමතරව පවසන දෙය වන්නේ මෙය සිදුවූයේ දෙවියන්ගේ අණ අනුව බවයි. ප්‍රතික්ෂේප කරන්නවුන්ට big bang පිළිගත හැකි වුවද, දිරවාගත නොහැක්කේ මෙලෙස මෙයට දෙවියන්ගේ සම්බන්ධයක් තිබීමය.
    විශ්වය, අහස සහ පෘථිවිය එකට තිබිල වෙන උනා කියන්නේ කොහොමද? පෘථිවිය තියෙන්නෙත් විශ්වය ඇතුලෙනේ බන්. එහෙම උනාම පෘථිවිය සහ විශ්වය වෙන් වෙන්නේ කොහොමද? අනික big bang එකේ කොහෙද පෘථිවිය සහ විශ්වය වෙන් උන කියල තියෙන්නේ?
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    මගේ කියමන තහවුරු කලාට ස්තුතියි. :lol::lol:

    මුලින්ම ඔබේ නම හදාගන්න.. been නෙමෙයි බං bean.. මෝඩකම නමෙන්ම පේනව... :lol:

    මේ Bean නෙමෙයි හුන්න පොකන්නෝ!!
    dejjfault.jpeg

    උඹේ අල්ලා හුකන්නා ඇරපු පු* පාර උඹේ මොලේ හරහා විනිවිද ගිහින් වගේ!:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔබට වැරදිලා. විද්‍යාවෙන් හොයාගන්නෙ දෙවියන් මවපු දේ ගැන තමයි.. :lol:

    එතකොට දේව වාදය විස්වාස නොකරන අපිව මැවුවේ මොකද?.....මවනකොට මොකක් හරි අවුලක් වෙලා වෙන්න ඔනි නේද කොල්ලෝ .........මොකෝ බන් මෙච්චර පටු විදිහට හිතන්නේ.....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA

    ඕකෙ තෙරුම ගැන original post එකේ ලියලා තියෙන්නෙ. අරාබියෙන් තියෙන්නෙ "මූසිඌන්" කියල. අරාබි වචන හැදෙන roots තියෙනවා. මේක හැදෙන්නෙ "වසිඅ" කියන root එකෙන්. ඒකෙ තේරුම "විශාල කිරීම" යන්නයි. "මූසිඌන්" ඒකෙන් derive වෙච්ච එකක්. එහි තේරුම පැහැදිලියි.

    වෙන උදාහරනයක්, "අලිම"-දැනගත්තා, "ඉල්ම්"-දැනුම, "ආලිම්"-දැනුම ඇත්තා, "උලමා"-දැනුම ඇත්තෝ (බහු වචනය).. ආදී ලෙස තමයි root එකකින් අරාබියේ වචන හැදෙන්නෙ.

    සූකර මද්දවයන්ට නහ්වු,සර්ෆ් මුල ඉඳලාම ඉගෙන ගන්න වෙයි මයිහිතේ... ෆඅල ෆඅලා කියල උගන්නන්න වෙයි...මීzසාන් එක විතරක්ම ඇති මුන්ට අරාබි භාෂාවේ තියෙන සංකීර්ණභාවය තේරුම් ගන්නට.... (අල්ෆීයාහ් එක එහෙම දැක්කොත් කක්කි යයි මුන්ට)
    :yes::D;)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)

    එහි අදහස "අපගේ ශක්තිය මගින්ම ආකාශය නිර්මාණය කළෙමු, අපිම එය විශාල/විස්තීර්ණ කරන්නෙමු." යන්නයි.

    දැන් එතකොට heaven කියන්නේ universe කියන එකටද?
    එතකොට අපාය universe එකට අයිති වෙන්නේ නැද්ද? එතකොට earth කොහෙටද අයිති වෙන්නේ?
    expanding කිව්වම ඔක්කොම හරිද?
    ඔව්ව brain wash වෙච්ච එවුන් පිළිගනියි....හික් හි
    ක්

    7508123.jpg